Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මනස්කාන්ත ‘හුදෙකලා වූ කඳු’ 5ක්

උස් කඳු මුදුන් බොහෝ විට ඉතා චමත්කාරජනක චිත්‍රයක් මවනවා. ඒවායින් සමහරක් ලොව ප්රධචලිත වී තිබෙන්නේ විවිධ හේතු ගණනාවක් නිසා යි. මේවායින් බොහොමයක් සිත්තරුන්, ඡායාරූප ශිල්පීන් හා කඳු නගින්නන් වැනි අය අතර ජනප්‍රිය වන්නේ නිතැතින්.

අලංකාර බවින් අග තැන්පත් වුවත් ලොව සමහරක් කඳු දැක බලාගන්නට හෝ තරණය කරන්නට මිනිසුන් ඇදෙන්නේ ඉතා අවම වශයෙනුයි. ඒවා වෙත ළඟා වීමට අපහසුතා, නීතිමය ගැටළු වැනි විවිධ සාධක ඊට බලපානවා. මේ එම ඉරණමට ලක් වී ඇති අලංකාර කඳු මුදුන් 5ක් ගැන යි.

චිම්බොරාසෝ

auroraexpeditions.com.au

ලොව උස්ම කඳු මුදුන ලෙස සැලකෙන්නේ එවරස්ට් කඳු මුදුන යි. කෙසේ නමුත් පෘථිවි කේන්ද්‍රයේ සිට ඈතින්ම පිහිටි කඳු මුදුන ලෙස සැලකෙන්නේ එය නොවේ. එම ගෞරවය හිමිව ඇත්තේ ඉක්වදෝරයේ පිහිටා ඇති චිම්බොරාසෝ කන්දට යි. මෙය මුහුදු මට්ටමේ සිට මීටර 6,310ක් හෙවත් අඩි 20,703ක් උස් වෙනවා. මෙය පිහිටා ඇති පෙදෙසට ළඟා වීමේ දුෂ්කරත්වය නිසා එහි ළඟා වෙන සංචාරකයින් ප්‍රමාණය නම් ඉතා අවම යි.

K2

Shutterstock

මේ උස් කඳු මුදුන මුහුදු මට්ටමේ සිට පිහිටා ඇති උසින් දෙවැනි වන්නේ එවරස්ට්ට පමණ යි. මෙහි මුහුදු මට්ටමේ සිට උස අඩි 28,251ක් හෙවත් මීටර 8,611ක්. 

මේ කඳු මුදුනට ‘ම්ලේච්ඡ’ කඳු මුදුන යනුවෙන් නාමයක් පටබැඳී තිබෙනවා. ඒ එය තරණය කිරීම ඉතා අසීරු එකක් වීම නිසා යි. කොටින්ම මෙය ලොව තරණය කිරීමට අපහසුම කඳු මුදුන ලෙස වර්ග කර තිබෙනවා. K2 කඳු මුදුනට ළඟා වීමට ඇති මාර්ගත් ඉතා දුෂ්කර වන අතර මෙහි බෑවුමත් ඉතා තීව්‍ර වෙනවා. ඒ අවට කාලගුණයත් අභියෝගාත්මක යි. කිහිප දෙනක්ම උත්සහ දරා තිබුණත් මේ වන විටත් එය සම්පූර්ණයෙන් තරණය කරන්න්ට කිසිවෙකුත් සමත් වී නැහැ.

මවුන්ට් කෝබ්වික්

Chris Rush

මවුන්ට් කෝබ්වික් රොකී කඳු පන්තියෙන් පරිබාහිරව කැනඩාවේ ප්‍රධාන ගොඩබිම මත නැගෙනහිරින් පිහිටි උස්ම කඳු මුදුන වෙනවා. එමෙන්ම එය කනඩාවට අයත් වඩාත් හුදෙකලා මෙන්ම දුෂ්කර පරිසරයක පිහිටි කඳු මුදුනක් වෙනවා. මෙය පිහිටා ඇත්තේ ලැබ්‍රඩෝර් හා ක්විබෙක් පෙදෙස් වෙන් කරන සීමාවේ පිහිටි ටෝන්ගට් කඳු පන්තියේ යි. මෙහි උස අඩි 5,420ක් හෙවත් මීටර 1,652ක් වෙනවා. මනස්කාන්ත කඳු මුදුනක් වුව ද ළඟා වීමට ඇති දුෂ්කරතා නිසා මෙහි යැවෙන සංචාරකයින් ප්‍රමාණය නම් අවම යි.

නන්ගා පර්බත්

Gohar Abbas/AFP/Getty Images

උතුරුදිග පාකිස්තානයේ පිහිටි හිමෙන් ගැවසී ගත් උස් කඳු මුදුනක් වන නන්ගා පර්බත් ලොව තරණය කිරීමට වඩාත් අපහසු කඳු මුදුනක් ලෙස සැලකෙනවා. මෙහි තැනින් තැන පිහිටා ඇති රැළිති සහිත ස්වභාවය නිසා එය තරණය කරන්නට උත්සාහ කිරීම මාරාන්තික වෙනවා. මෙය තරණය කරන්නට ගොස් බොහෝ දෙනා මියගොස් ඇති අතර මේ වන විට එහි මුදුනට සාර්ථක ලෙස ළඟා වී ඇත්තේ එක් අයෙක් පමණ යි. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර 8,126ක් හෙවත් අඩි 26,660ක් වෙනවා.

ට්‍රිස්ටන් ඩෙ කුන්යා

Youtube

දකුණු අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති දූපත් සමූහයක් වන ට්‍රිස්ටන් ඩෙ කුන්යා ඇත්තෙන්ම සාගරයෙන් ඉහළට එසවුණු යමහල් පද්ධතියක කොටස් වෙනවා. මෙහි මතුපිට ඇති දැඩි පාෂාණමය ස්වභාවය නිසා එහි ගුවන් පථයක් ඉදිකිරීම අපහසු වී තිබෙන අතර, දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් සිට කිලෝමීටර 2,810ක ගමනකින් පසු එහි ළඟා විය යුතු යි. මේ නිසා එහි යන සංචාරකයින් ප්‍රමාණය අවම යි. කෙසේ නමුත් වර්තමානය වන විට මේ දූපත්වල 300ක් පමණ දෙනා පදිංචිව සිටිනවා.

කවරයේ පින්තූරය- Colin Monteath/ Minden pictures

Related Articles