Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජපානයේ උසින් වැඩිම කන්ද “ෆූජි” ගැන දැන ගනිමු.

සොබා දහමේ අපූර්ව නිර්මාණයන් තුලින් අපගේ පරිසරයට ලබා දෙන සුන්දරත්වය ඉමහත් වෙනවා. එලෙස අපගේ පරිසරයේ සුන්දරත්වය විදහා දක්වන සොබාදහමේ නිර්මාණයක් ලෙස අලංකාර කඳු ශිකරයන් හඳුනා ගන්නට පුළුවන්. එයින් පරිසරයට විවිධත්වයක් ලබා දෙනවා මෙන්ම භූගෝලීය වශයෙන්ද වැදගත් වෙනවා. එලෙස ලොව සුන්දර කරන කඳු අතරින් ලෝකයේ බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනා ගැනීමට සමත් වී ඇති කඳු ශිකරයක් ලෙස ජපානයේ පිහිටි ෆූජි කන්ද හඳුනා ගන්නට පුළුවන් වෙනවා. මෙම ලිපියෙන් ගෙන එන්නේ එම  ෆූජි කන්ද පිලිබඳව විස්තරයයි.

godzilla.wikia.com ( ෆුජි කන්දේ අලංකාර පින්තුරයක්)

නිදිගත් ගිනි කන්ද

මෙම  ෆූජි කන්ද පිලිබඳව සලකා බලන විට එහි සුවිශේෂත්වය වන්නේ එය හුදෙක් කන්දක් පමණක් නොවීමයි. එනම් එය නිදිගත් ගිනි කන්දක් වෙනවා. ගිනි කන්දක් වුවත් ලොව පුරා බොහෝ දෙනාගේ නෙත් වසඟ කරන්නට මෙම කඳු රැජිණ සමත් වෙනවා මෙන්ම එය තරණය කිරීම බොහෝ දෙනෙකුගේ අපේක්ෂාවක්ද වෙනවා.

මේ පිලිබඳව සොයා බලන විට  ෆූජි යනු ජපානයේ පිහිටි කඳු අතරින් උසින් වැඩිම කන්ද වෙනවා. එහි කඳු ශිකර ඉහලම කේතුවක ආකාරයෙන් හිම තැන්පත් වී තිබෙනවා. එය තනිව පිහිටි කන්දක් වන අතර එහි ගිනිකඳු විවර තුනක් ද පිහිටා තිබෙනවා. නමුත් මේ වන විට ඒවා අක්‍රිය තත්ත්වයේ පවතිනවා. එහි කඳු මුදුනේ සිට හොඳින් පිහිටා ඇති බෑවුම එහි චමත්කාරය තවත්වාදී කරන අතර එය අනෙක් කඳු වලින් විශේෂ කර දක්වනවා.

භූගෝලීය පිහිටීම

එහි පිහිටීම පිලිබඳව සලකා බලන විට එය ජපානයේ හොන්සු දුපතේ පිහිටා ඇති අතර එය ශිසුඔකා හා යමනශී යන ප්‍රාන්ත වලට මායිම් වන්නට පිහිටා තිබෙනවා. එය ටෝකියෝ නගරයේ සිට කිලෝමීටර 100 දුරකිනුයි පිහිටා තිබෙන්නේ. එහි උස පිලිබඳව සලකා බලන විට එය මීටර 3776ක් උසට නැගී සිටින අතර එය විල් පහකින්ද සමන්විත වෙනවා. එසේම මෙය ගිනි කන්දක් වුවද එය අක්‍රිය තත්ත්වයේ පවතින අතර එය අවසාන වරට සක්‍රිය වී ඇත්තේ 1708 වසරේදී වෙනවා. එයට  ෆූජි යන නම දීම  පිලිබඳව සලකා බලන විට එය පැරණි ජපන් වැසියන් විසින් වන්දනය කළ  fuchi යන ගින්න සම්බන්ධ දෙවි කෙනෙකු සිහි කරමින් මේ නම ලබා දී තිබෙනවා. (https://www.ancient.eu/Mount_Fuji/)

පූජනීයත්වය

එම කන්ද විවිධ ආගම් වල බැතිමතුන්ගේ වන්දනයට හා ඇදහීමට භාජනය වී තිබෙනවා. එනම් බෞද්ධයන් විසින් එය පූජනීය ස්ථානයක් ලෙස සලකනවා. එසේම ශින්ටෝ ආගමේ එයට විශේෂ තැනක් හිමි වෙනවා. එනම් ශින්ටෝ ආගමේ ප්‍රධානතම සිද්ධස්ථාන අටක් මෙම කන්ද අවට පිහිටුවා ඇති අතර කුඩා ප්‍රමාණයේ සිද්ධස්ථාන සිය ගණනක් දැක ගැනීමට හැකි වෙනවා. ඒ අතරින් වඩාත් වැදගත් සිද්ධස්ථානයක් ලෙස ෆූජියන් හොන්ගු සෙන්ගෙන් ටයිෂා යන සිද්ධස්ථානය හඳුනා ගැනීමට හැකි වෙනවා. මෙම කඳු ශිකරය පවිත්‍ර පූජනිය ස්ථානයක් ලෙස සලකන අතර බොහෝ බැතිමතුන් වන්දනා ගමන් ලෙස එය තරණය කරන්නට යොමු වෙනවා. එහි දී ඔවුන් පැවිදි හිමි නමකගේ මගපෙන්වීම ලබා ගැනීමටද අමතක කරන්නේ නැහැ. එහෙත් ආදී කාලයේ දී කාන්තාවන්ට මෙය තරණය කිරීමට අවසර තිබී නැහැ.

මෙම කඳු ශිකරය තරණය කිරීම සඳහා ප්‍රධාන මාර්ග පහක් තිබෙන අතර ඒ අතර නැවතුම් දහයක් පමණ තිබෙනවා. මෙම කඳු ශිකරය තරණය කිරීම සාමාන්‍යයෙන් සිදු කරන්නේ ජූලි හා අගෝස්තු අතර කාලයේදී වන අතර ඒ කඳු මුදුනේ පිහිටි හිම දිය වී යාමෙන් පසුව වෙනවා. එය තරණය කිරීම සඳහා සාමාන්‍යයෙන් පැය 4-8 අතර කාලයක් ගත වෙනවා. එසේම බොහෝ දෙනා රාත්‍රී කාලයේ දී එය තරණය කිරීමට යොමු වන්නේ උදෑසන මංගල හිරු කිරණ දැක ගැනීමේ අරමුණිනුයි. වසරකට මෙම කන්ද 400,000 පමණ පිරිසක් තරණය කරන්නට ද උත්සාහ කරනවා.

wbanff.files.wordpress.com  (ෆූජි කන්ද සමීපයේ පිහිටි සිද්ධස්ථානයක පින්තුරයක්)

ජනකතා ඉතිහාසය

මෙම කඳු ශිකරය ඇසුරෙන් පුරාණ කතා සාහිත්‍යයක්ද නිර්මාණය වී ඇති අතර එය ඈත අතීතයේ සිට රචකයන්ගේ හා චිත්‍ර ශිල්පීන්ගේ ද අවධානයට ද යොමු වී තිබෙනවා. එනම් අටවන සියවසේදී පමණ ජිවත් වූ කවියෙකු වූ මනියෝෂු ගේ කාව්‍ය සංග්‍රහයක මෙම  ෆූජි පිලිබඳව කාව්‍ය කිහිපයක් නිර්මාණය කර තිබෙනවා. එසේම මට්සුඕ බෂෝ ගේ හයිකු කාව්‍ය තුල ද එය විදහා දැක්වෙනවා. එසේම මේ හා ගොඩනැගුණු ආගමික විශ්වාස රාශියක්ද පවතින අතර ජපන් වැසියන් මෙම කඳු ශිකරය මියගිය මුතුන්මිත්තන්ගේ ආත්මයන් රැස්වන ස්ථානය ලෙස සලකා වන්දනාමාන කර තිබෙනවා. එසේම එය වන්දනා කිරීම තුලින් ඔවුන් එය පුපුරා යාමෙන් ආරක්ෂා කර දෙන ලෙසද, ගින්දරෙන් ආරක්ෂාව ලබා ගැනීම සඳහාද දරු උපත් ද බලාපොරොත්තු වී තිබෙනවා. එසේම ඔවුන් මෙම කඳු ෂිකරය ඔවුන්ගේ සෞභාග්‍යයේ සංකේතය ලෙසද සලකනවා.

fireelf.com (කඳු මුදුනින් හිරු නැගී එන අයුරු දැක්වෙන පින්තුරයක්)

මේ ආකාරයට ලෝකයේ දකින්නට ලැබෙන ඉතාමත් සුන්දර කන්දක් ලෙස ෆූජි හඳුනා ගන්නට හැකි වනවා. එසේම එය ගිනි කන්දක් වුවද එම බිහිසුණු බව සැඟවුණු සුන්දරත්වයේ සංකේතයක් ලෙස ද හඳුනා ගැනීමට හැකි වෙනවා. එසේම මෙම කඳු ශිකරය අයිති ප්‍රදේශය 2013 වසරේ සිට ලෝක උරුමයක් ලෙස ද යුනෙස්කෝව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කවරයේ පින්තුරය: exoticvoyages.com

මුලාශ්‍ර:

Related Articles