Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ පැරණිතම යටත් විජිතයක් වන නිව් ෆවුන්ඩ්ලන්තය

බ්‍රිතාන්‍යයන් යනු ලෝකය පුරා තම අනසක පැතිරූ ජාතියකි. ඔවුන් ආසියාව, ඇමරිකාව, අප්‍රිකාව වැනි බොහෝ මහද්වීප වල යටත් විජිත නිර්මාණය කර ගන්නා ලද්දේ එම රටවල් වල ඇති සම්පත් තම රටට ගෙන යාමට හා තම ආගම ලොව පුරා පැතිරවීමටයි. නිව් ෆවුන්ඩ්ලන්තය යනු එලෙස බ්‍රිතාන්‍යයන් විසින් යටත් විජිතයක් බවට පත්කරගත් දිවයිනකි. තවද එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ දිර්ගතම කාලයක් පාලනය වුණු යටත් විජිතයයි. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ එලෙස මුල් කාලීන බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති නිව් ෆවුන්ඩ්ලන්තය පිලිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමටයි.

පිහිටීම

butterfield.com

වර්තමානය වන විට නිව් ෆවුන්ඩ්ලන්තය කැනඩාවේ ප්‍රාන්තයක් ලෙස නම් කර තිබේ. මෙහි වර්තමාන නාමය වන්නේ “Newfoundland and Labrador” යන්නයි. මෙහි නාමය Newfoundland and Labrador ලෙස වෙනස් කර ඇත්තේ 2001 වසරේදීය. මෙය පිහිටා ඇත්තේ Gulf of St Lawrence හිය. නිව් ෆවුන්ඩ්ලන්තයට නිරිත දිගින් ඇත්තේ Cabot සමුද්‍ර සන්ධිය යි. ගිනිකොන දිශාවේ සීමාව වන්නේ  Saint Pierre හා Mique යන ප්‍රංශ භුමින්ය.

ඉතිහාසය

ඉතිහාසඥයන්ගේ මතයට අනුව ප්‍රාග් ඓතිහාසික යුගයේ එනම් ක්‍රිස්තු පුර්ව 8000 සිට 3200 දක්වා  නිව් ෆවුන්ඩ්ලන්තයේ වාසය කර ඇත්තේ Maritime Archaic නමැති ජන කොට්ඨාශයයි.  මොවුන්ගෙන් පසු මෙම ප්‍රදේශයේ ජනාවාස නිර්මාණය කරගන්නා ලද්දේ “palaeo එස්කිමෝ” වරුන්ය. මොවුන් ක්‍රිස්තු පුර්ව 2800සිට 600 දක්වා මෙහි වාසය කර ඇත. පසුව ක්‍රිස්තු පූර්ව 2000 සිට මෑත ඉතිහාසය දක්වා මෙහි වාසය කර ඇත්තේ ඉන්දියන්වරු ය.

narcity.com

බ්‍රිතාන්‍යයන් විසින් මෙම දිවයින සඳහා තම අයිතිවාසිකම් කියා පෑමට පටන් ගත්තේ 1497 වසරේ සිටයි. ඒ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වෙනුවෙන් පෙනී සිටි John Cabot විසිනි. නැවත නිව් ෆවුන්ඩ්ලන්තය සඳහා නිල වශයන් අයිතිවාසිකම් කියා පාන ලද්දේ Humphery Gilbert විසිනි. ඒ වර්ෂ 1583 දීය. ඔහු බලාපොරොත්තුව වූයේ දඩයම් කරුවන්ගෙන් හා ධීවරයින්ගෙන් මෙම දූපතේ ජනගහණය සම්පූර්ණ කිරීමටයි. නමුත් ඔහු නැවත තම මවු රට බලා පැමිණෙන විට මුහුදේදී අතුරුදහන් වූ නිසා එම සැලසුම් විනාශ විය.

මෙය යටත් විජිතයක් බවට පත් කිරීමේ ඊළඟ උත්සාහය දරණ ලද්දේ වර්ෂ 1610 දී පමණ ය. ඒ John Guy නැමැත්තා විසිනි. ඔහු පැමිණියේ වෙනත් ජනපද වාසීන් 39ක් සමඟයි.  නමුත් මොවුන් සිතූ තරමට මෙම යටත් විජිතයෙන් වාසි ලබා ගැනීමට නොහැකි වුවත් මේ පිරිසෙන් කොටසක් මෙම දිවයින තුළ මුල්ම යුරෝපියානු වැසියන් ලෙස ජනාවාස පිහිටුවා ගන්නා ලදි. පසුව මෙම යටත් විජිතය සඳහා ඉංග්‍රීසින් හා ප්‍රංශ ජාතින් අතර විවිධ ගැටුම් ඇති වුවත් විසිවන සියවස දක්වාම බටහිර ජාතීන්ට බොහෝ පක්ෂපාතිව පැවති කොලනියක් ලෙස නිව් ෆවුන්ඩ්ලන්තය දැක්විය හැක.

ජන වර්ග හා ආගම්

hfholidays.co.uk

මෙහි ඇති ජනවර්ග වලට ඇත්තේ යුරෝපීය සම්භවයකි. ඊට හේතුව මෙය දීර්ඝ කාලයක් යටත් විජිතයක් ලෙස පැවතීමයි. මෙහි පුද්ගලයින් බොහොමයක් පැවත එන්නේ නිරිතදිග එංගලන්ත සංක්‍රමණිකයන්ගෙනි.  නිව් ෆවුන්ඩ්ලන්තයේ බස්නාහිර වෙරළ තිරයේ බොහෝ විට ජීවත් වන්නේ ප්‍රංශ ආරම්භයක් සහිත වැසියන්ය. මෙහි සිටින ආදි වාසි ජන කොට්ටාශ ලෙස Mi’kmaq, Innu,  Inuit දැක්විය හැක. නිව් ෆවුන්ඩ්ලන්ත වැසියන් වැඩි දෙනෙක් ක්‍රිස්තියානුවන් වේ.

භූ ලක්ෂණ හා කාලගුණය

landlopers.com

නිව් ෆවුන්ඩ්ලන්තයේ කඳු සහිත ප්‍රදේශ දැකිය හැකි අතර එයට ඇත්තේ ගැඹුරට කඩතොළු වූ වෙරළ තීරයකි. භූමියේ වැඩි ප්‍රමාණයක් සානුවක් ලෙස දැක්විය හැක. කුඩා විල් හා වගුරු රාශියක් මෙහි දක්නට ලැබෙන අතර වනාන්තර වැස්මක්ද පවතී. නිව් ෆවුන්ඩ්ලන්තයේ ඇත්තේ සාමාන්‍යයෙන් ශිත හා තෙත් බවෙන් යුතු කාලගුණයකි.

පිහිටා ඇති සම්පත්

එතරම් සාරවත් කෘෂිකාර්මික රටක් නොවුනත් නිව් ෆවුන්ඩ්ලන්තය තුළ විවිධ ඛනිජ සම්පත් දැකිය හැක. තඹ, සින්ක්, යකඩ, රත්ත්‍රන්, තෙල්, විවිධ ස්වභාවික ගෑස් වර්ග එම ඛනිජ සම්පත් ලෙස දැක්විය හැක. දිවයිනේ නිරිත ප්‍රදේශයේ ඇති යකඩ සංචිත සීමාවක් නොමැතිව භාවිතා කිරීම නිසා ඒවා ක්ෂය වෙමින් පවතී. නිව් ෆවුන්ඩ්ලන්තයේ වෙරළ තිරයේ ඇති තෙල් සොයා ගැනීමත් සමඟ 1977 වසරේදී ඛනිජ තෙල් නිෂ්පාදනය ආරම්භ විය. මීට අමතරව මුහුද ආශ්‍රිතව මත්ස්‍ය සම්පත් බහුලව පවතින නිසා ධීවර කටයුතු සිදු කරයි.

කෘෂිකර්මාන්තය හා ආර්ථිකය

hfholidays.co.uk

නිව් ෆවුන්ඩ්ලන්තයේ පවතින ශීතල කාලගුණයත්, ප්‍රවාහන පහසුකම් මදිකමත් හේතුවෙන් එහි ආර්ථික වර්ධනය තරමක් ප්‍රමාද වී ඇත. කෙසේ හෝ මෙම දිවයින සතු ස්වභාවික සම්පත් වලින් උපරිම ප්‍රොයෝජන ලබා ගැනීමට ඔවුන් කටයුතු කරයි. ධීවර කරමාන්තය, ඛනිජ තෙල් නිෂ්පාදනය හා ලී ආශ්‍රිත නිෂ්පාදනද ආර්ථිකයට සැළකිය යුතු මට්ටමේ දායකත්වයක් සපයයි. Grand falls හා Corner Brook යන ප්‍රදේශ වල විශාල කඩදාසි කරමාන්තශාලා දැකගත හැක. අයහපත් කාලගුණය හා නිසරු පස හේතුවෙන් කෘෂිකර්මාන්තය හා බෝග නිෂ්පාදනය කිරීම අපහසු කාරයක් බවට පත් වී ඇත. එම නිසා නිව් ෆවුන්ඩ්ලන්තයේ ජීවත් වන මිනිසුන්ගේ ආහාර අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමට බොහෝ විට අහාර ද්‍රව්‍ය ආනයනය කිරීම සිදු කරයි.

නිව් ෆවුන්ඩ්ලන්තය නැරඹීම

නිව් ෆවුන්ඩ්ලන්තය දූපතක් බැවින් එයට යාමට හැක්කේ ගුවනින් හෝ මුහුදින් පමණි. මෙහි UNESCO කලාප කීපයක් පිහිටා ඇත. ඒවා නම්

  • Gross Morne ජාතික උද්‍යානය
  • L’Anse aux Meadows ජාතික ඓතිහාසික ප්‍රදේශය.
  • Red Bay  ජාතික ඓතිහාසික ප්‍රදේශය ලෙස ඒවා දැක්විය හැක.

කවරයේ පින්තුරය – maxximvacations.com

Related Articles