Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුන්දර නයගරා දියඇල්ලේ තොරතුරු දැනගනිමු.

අපගේ පරිසරයේ සුන්දරත්වය පිණිස සොබා දහම විසින් අපට උරුම කර දී ඇති තිළිණයන් බොහොමයකි. ගංගා, දිය ඇලි, කඳු ශිකර, හා වනාන්තර ඒ අතරින් විශේෂිත වෙනවා. මෙලෙස හඳුනාගත හැකි සොබා දහමේ විශ්මිත දායාදයක් ලෙස දියඇලි හඳුනා ගැනීමට පුළුවන්. දියඇල්ලක් යනු සොබාදහම විසින් මිහිමතට පැලඳ වූ මල්දමක් ලෙස හඳුන්වන්නට හැකි වෙනවා. ඉතින් එලෙස ලොව තිබෙන සුන්දරම දිය ඇල්ලක් මෙන්ම විශාලතම දිය ඇල්ල ලෙසද හඳුන්වනු ලබන නයගරා දිය ඇල්ල පිලිබඳව මෙම ලිපියෙන් විස්තර ගෙන එනවා.

fedytravel.com (දිය ඇල්ලේ සොඳුරු දසුනක්)

නයගරාවේ පිහිටීම

නයගරාව උතුරු ඇමරිකාවේදී දැක ගැනීමට ලැබෙන සොඳුරු දසුනක් වනවා. එසේම නයගරා දිය ඇල්ල පිහිටා තිබෙන්නේ කැනඩාවත් ඇමරිකා එක්සත් ජනපදයත් වෙන් කරමින් එම රටවල් දෙක මධ්‍යයේ යි. කැනඩාවේ ඔන්ටේරියෝ නගරයද ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයද නයගරා ඇල්ලෙන් එම රටවල් දෙක වෙන් වෙන මායිමේ පිහිටි නගර ලෙස හඳුනාගත හැකියි.

එසේම මෙම දිය ඇල්ල ප්‍රධාන කොටස් දෙකක් වශයෙන් හඳුනාගත හැකියි. එහෙත් මෙය Horseshoe Falls, Bridal Veil Falls සහ American Falls යන දියඇලි තුනකින් සමන්විතය. එයින් විශාලම ප්‍රදේශය ලෙස එහි වම්පසට වන්නට පිහිටා තිබෙන කොටස හඳුනා ගත හැකි අතර එය කැනඩාවට අයිති වෙනවා. එය අශ්ව ලාඩමක හැඩය ඇති යයි සැලකෙන අතර එනිසා එය Horseshoe යන නමින් හඳුන්වනු ලබනවා. එය ආසන්න වශයෙන් උසින් අඩි 170වකුත් දිගින් අඩි 2500ක් පමණ වෙනවා. නයගරාවේ අනෙක් කොටස ඇමරිකාවේ නැගෙනහිරට වන්නට පිහිටා ඇති අතර එය ආසන්න වශයෙන් උසින් අඩි 180ක් පමණද දිගින් අඩි 1100ක් පමණද වෙනවා. මත්ස්‍ය වර්ග දිය ඇල්ල හරහා ගමන් කරන අතර ඉන් 90% ක් පමණ ජීවත් වේ. දියඇල්ලෙන් කඩා හැලෙන ජලයෙන් සුදු පැහැති පෙන බුබුළු නිසා ඔවුන්ගේ වැටීම අවහිර වන බව විශේෂඥයෝ පවසති.

නයගරා ඇල්ලට මෙම නම යෙදුන අන්දම සම්බන්ධයෙන් විවිධ අදහස් පවතිනවා. එහිදී 17 වන ශතවර්ෂයේදී මෙම ප්‍රදේශය niagagaregs යන නමින් හඳුන්වා ඇති අතර එනිසා නයගරා යනුවෙන් නම ලැබුණු බව එක් මතයක් වෙනවා. සමහර ගෝත්‍රිකයන් විසින් මෙම ප්‍රදේශය ongniaahra යන නමින් හැඳින්වූ නිසා එම නම ලැබුන බවද, එසේම ඊරි සහ ඔන්ටාරියේ යන විල් අතර වූ මෙම ප්‍රදේශය මිනිස් ගෙලකට සමාන වීම නිසා එයට එම නම ලැබුණු බවද කියවෙනවා.

මෙම දියඇල්ලෙන් ඇද හැලෙන ජලස්කන්ධය වර්තමානයේදී ජල විදුලිය නිපදවීම සඳහාද ප්‍රයෝජනයට ගනු ලබන අතර එමඟින් අත්වනුයේ ඉමහත් ප්‍රයෝජනයකි. සෑම පැයකදිම ජල ගැලුම් බිලියන 5.5 ක් මෙම දිය ඇල්ලෙන් ඇදහැලෙන අතර ඉන් 50%ක් ඇමෙරිකාවේ සහ කැනඩාවේ විදුලිය නිෂ්පාදනය සඳහා යොදාගනු ලබනවා. මිනිත්තුවකට ජල ගැලුම් 6000ක් නයගරා ඇල්ලෙන් කඩා හැලේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජල අවශ්‍යතාවයෙන් 20%ක් සපුරාලනු ලබන්නේ නයගරා දියඇල්ලයි. ක්‍රි.ව.1812න් පසුව මෙම ඇල්ල බොහෝ සෙයින් සංචාරකයන්ගේ ආකර්ෂණයට බඳුන් වී තිබෙනවා.

නයගරා ඇල්ල හා බැදුණු අතීත තොරතුරු.

නයගරා ඇල්ල හා බැදුණු අතීතය පිලිබඳව සලකා බලන විට එය වසර 12500 වඩා පැරණි අතීතයකට උරුමකම් කියයි. මුල්ම කාලයේ දී එනම් වසර 18 000කට පමණ පෙර මෙම ප්‍රදේශය කිලෝමීටර 2-3ක් පමණ ඝන අයිස් තට්ටුවකින් වැසී පැවත ඇති අතර කාලයත් සමග ග්ලැසියර දිය වී යාමෙන් මෙම දිය ඇල්ල නිර්මාණය වී තිබෙනවා. 1897 වසරේදී මෙම නයගරා ගංගාව හරහා ආරුක්කු පාලමක් නිර්මාණය කර ඇති අතර එය “whirlpool rapids bridge යන නමින් හඳුන්වනවා.

අද වනවිට මේ පාලම කැනඩාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර මෝටර් රථ, දුම්රිය සහ මගීන්ගේ ගමනාගමනයට විවෘත වෙනවා. එසේම ඇමරිකානු සිවිල් යුද්ධයෙන් පසුව නිව්යෝර්ක් දුම්රිය මාර්ගය සංචාරකයන් හා විවාපත් යුවතිපතින්ට විවෘත වුවා. එසේම මෙම නයගරා ඇල්ල අසල 1950දි ඉදිකරන ලද ඔරලෝසුවක්ද දැක ගැනීමට පිළිවන් වෙනවා.

niagarafallslive.com (ඉහළ සිට බලන විට දිය ඇල්ල දිස් වන අයුරු)

නයගරා දියඇල්ලේ විශේෂතා.

මෙම දිය ඇල්ලෙහි විශේෂත්වය පිලිබඳව සලකා බලන විට එය රටවල් දෙකක් මෙන්ම ඊරි හා ඔන්ටාරියෝ යන විල්ද සම්බන්ධ කරනවා. නයගරා දියඇල්ල ප්‍රධාන ගංගා පහෙන් හතරක් හරහා ගලා එනු ලබයි. නයගරා දියඇල්ලෙන් නයගරා ගංගාව වෙතද පසුව ඔන්ටේරියෝ, ශාන්ත ලෝරන්ස්, හරහා අවසානයේදී අත්ලාන්තික් සාගරයට ජලය එකතු වෙයි. නයගරා දියඇල්ල ග්රසියරවල ප්‍රතිපලයක් වශයෙන් බිහි වන ලද්දක් වශයෙන්ද සැලකෙනවා. එසේම මෙය උසට වඩා දිගින් වැඩි දිය ඇල්ලක් වන අතර එනිසාම එහි සුන්දරත්වයද වැඩි කරනවා. සවස ඉර බැස යාමත් සමගම එය අලංකාර දසුනක් සංචාරකයන්ගේ නෙත් මානයට ගෙන එනවා. අධික මිදුම සුළඟ මෙන්ම අවට සිසාරා යන ජලබින්දු සහිත මේ පරිසරය චිත්තාකර්ෂණීය සිතුවිලි, පහල කරන ස්ථානයක් බව එය නරඹන ලද බොහෝ දෙනෙකුගේ අදහසයි.

එසේම මෙම ඇල්ල බොහෝ සෙයින් මධුසමය ගත කරන්නට යන යුවලවල් අතර ජනප්‍රියත්වයක් පෙන්වනවා. එසේම බොහෝ චිත්‍රපට ආදිය නිර්මාණය කිරීම සඳහාද මෙය යොදා ගනු දකින්නට ලැබෙනවා. ‘Super Man’, මැරලින් මොන්රෝ රඟපෑ ‘Niagara’ චිත්‍රපට නයගරා දියඇල්ල අසලදී රූපගත කර තිබෙනවා.

youtube.com (සවස් කාලයට දිය ඇල්ල දිස් වන ආකාරය)

මෙම දිය ඇල්ල තරණය කිරීම සදහා බොහෝ දෙනෙක් උත්සාහ දරා ඇති අතර එයින් බොහෝ දෙනෙක් මියගොස් තිබෙනවා. පසුගිය වසර 10 තුල දෙදෙනෙකු මියගොස් තිබෙනවා. එහෙත් මෙය තරණය කළ පළමු පුද්ගලයා ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 63ක් වූ කාන්තාවක් වන අතර ඒ 1901 වසරේදී යි. මෙම ඇල්ලේ යටි පාශානය වසරකට අඩි 4ක් පමණ බැගින් ඛාදනය වීමට ලක් වෙන අතර ඒ කඩා හැලෙන අධික ජලස්කන්ධය නිසාවෙනි. මේ ආකාරයට සොබාදහමේ සොඳුරු නිර්මාණයක් ලෙස මෙම නයගරා දිය ඇල්ල හදුනා ගැනීමට හැකි වන අතර එය ලෝක සම්පතක්ද වෙනවා.

youtube.com (කවරයේ පින්තුරය)

මූලාශ්‍ර:

https://www.niagarafallslive.com/facts_about_niagara_falls.htm

http://ishaninarahenpita.blogspot.com/2010/10/15.html

http://www.history.com/topics/niagara-falls#

https://www.niagarafallslive.com/where_is_niagara_falls.htm

Related Articles