Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ ජනාකීර්ණම දූපත – ජාවා

විශාලත්වය අතින් ලොව 15 වන ස්ථානයද ජනගහනය අතින් ලොව 4 වන ස්ථානයද හිමි කරගෙන ඇති ඉන්දුනීසියාවේ දූපත් 18,000 ක් පමණ පිහිටා තිබෙනවා. ඉන්දුනීසියාව සතුව විශාලත්වයෙන් ඉහළ දූපත් රාශියක්ම පිහිටා තිබෙන අතර, ඒ අතරින් සුමාත්‍රා, සුලවෙසි හා ජාවා ප්‍රධාන වනවා. මෙම දූපත් අතිවිශිෂ්ඨ මුහුදු වෙරළවල්, ගිනිකඳු ආදියෙන් සමන්විත වනවා.

ජාවා යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දුනීසියාවට අයත් විශාලත්වය අතින් සිව්වන ස්ථානය හිමි කර ගන්නා දූපතයි. මෙම ලිපිය මඟින් ඉන්දුනීසියාවට අයත් ජාවා දූපත සම්බන්ධයෙන් විස්තර ඉදිරිපත් කිරීම අරමුණ වනවා.

භූ ගෝලීය පිහිටීම

saylordotorg.github.io (භූ ගෝලීය පිහිටීම)

ඉංග්‍රීසි භාෂාවෙන් ‘Java’ පොදුවේ හැඳින්වෙන අතරම ඇතැම් ලිපි වල දැක්වෙන්නේ ‘Djawa’ හා ‘Jawa’ යනුවෙන්ද ලිවීම් කටයුතු වලදී සිදු කරන බවයි. භූ ගෝලීය පිහිටීම සැලකීමේදී ජවා දූපතට ආසන්න ප්‍රදේශ ලෙස​ ගිණිකොන දිශාවෙන් මැලේසියාව හා සුමාත්‍රා ද, දකුණු දිශාවෙන් බෝර්නියෝ වලින් හා බටහිර දෙසින් බාලි දූපත්ද දැක්විය හැකි වනවා.

දූපත සතු වන භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 49,976 ක පමණ භූමි ප්‍රමාණයක් බව සඳහන් වනවා.

ජාවා හි පරිපාලන කටයුතු

ජාවා දූපත සතුව පළාත් 4ක් හා දිස්ත්‍රික්ක 2ක් පිහිටා තිබෙනවා. සෑම පළාතක්ම සතුව ඔවුන්ගේම ආණ්ඩුවක් තිබෙන අතර ඉන්දුනීසියානු ආණ්ඩුව වගකියනු ලබන්නේ සන්ධීය ගැටළු සම්බන්ධයෙන් පමණි. ජාවා සතුව තිබෙන පළාත් හා නගර පහත ආකාරයට වර්ග කරනු ලබනවා.

  • බැන්ටන් – නගර 3 කි.
  • බටහිර ජාවා – නගර 9 කි.
  • මධ්‍යම ජාවා- නගර 6 කි.
  • නැගෙනහිර ජාවා – නගර 9 කි.
  • යෝගියකර්තා- නගර 1 කි.
  • ජකර්තා – නගර 5 කි.

ආර්ථිකය  හා ස්වාභාවික සම්පත්

wikimedia.org ( වී වගාව සිදු කරන දසුනක්)

අතීතයේ පටන් වී වගාව ජවා දූපතේ ප්‍රධාන කටයුත්තක් වුණා. ඉන්දුනීසියාවේ උක් හා kapok සඳහා ජාවා මඟින් සුවිශාල දායකත්වයක් ලබා දෙනු ලබනවා. මෙම නිෂ්පාදන දෙකට අමතරව රබර්, තේ, කෝපි, කොකෝවා, බටහිර උස්බිම් වල වගා කරනු ලබන අතරම අපනයනය කරනු ලබනවා. බතල, සෝයා බෝංචි, ඉරිඟු, රටකජු ආදිය පහත බිම් වල වගා කරනු ලබනවා.

රබර්, සපත්තු, කඩදාසි, සබන්, සිමෙන්ති හා සිගරට් ආදී විශාල කර්මාන්තද සිදු කරනු ලබනවා. රත්තරන්, රිදී, තඹ, මැන්ගනීස්, පොස්පේට් හා සල්ෆර් අඩිය සීමිත ආකාරයෙන් පිහිටා තිබෙනවා.

ජාවා හි ආගම්, ජාතීන්, සංස්කෘතිය හා මිනිසුන්

bates.edu(ගැම්ලන් ඔකෙස්ට්‍රා)

ඉන්දුනීසියාවේ ජාවා යනුවෙන් හඳුන්වන්නේ ලොව ඉතාමත් ප්‍රසිද්ධ දූපතකි. මිලියන 136 කට අධික ජනගහනයක් මෙහි වාසය කරනු ලබනවා. ආසන්න වශයෙන් ඉන්දුනීසියානු ජනතාවගෙන් 60% පමණ ජීවත් වෙනු ලබන්නේ මෙම දූපත තුළයි. මෙය ඉන්දුනීසියාවේ පමණක් නොව ලෝකයේ ම ජනාකීර්ණම දූපතයි.

Javanese , හා Sundanese යනුවෙන් හඳුන්වනු ලබන්නේ ජාවාහි වෙසෙන බහුතර ජාතීන් ය. නමුත් අද වන විට විවිධ ජාතීන්ගෙන් යුක්ත පිරිස් ජීවත් වෙනු ලබනවා. ජකර්තා හා සුරබයා වැනි විශාල නගරවල​ Batak, බාලි හා පැපුවා ආදී ජාතීන් දැක ගත හැකි වනවා. විදේශීය ජාතිකයන් වශයෙන් චීන ජාතිකයන් ඉතාමත් පහසුවෙන් ජාවා හි දැක ගත හැකි වනවා. මොවුන් රාජ්‍ය ආයතන වල සේවය නොකරන අතරම, ජාවා දූපතේ ව්‍යාපාර හා වෙළෙදාම් කටයුතු බොහෝමයක් සිදු කරනු ලබන්නේ චීන ජාතිකයන් විසිනි.

ජාවා ජාතිකයන්ගේ කලාව හා භාෂාවන් දූපතේ වඩාත් දක්නට ලැබෙන ආදර්ශවත්  ලක්ෂණ වනවා. ගැම්ලන් ඔකෙස්ට්‍රා හා ජාවාහි රූකඩ සම්භාව්‍ය කලාවට අයත් වනවා.

දූපතේ ජනගහනයෙන් 85% වැඩි පිරිසක් මුස්ලිම් භක්තිකයන් වනවා. එමෙන්ම හින්දු භක්තිකයන් ද විශාල වශයෙන් සිටිනවා. එමෙන්ම ජාවා හි සැලකිය යුතු ක්‍රිස්තියානි ලබ්ධිකයන් පිරිසක් ද සිටින අතර ඔවුන් බහුතරයක් සිටිනු ලබන්නේ විශාලත්වයෙන් යුත් නගර වලයි. රෝමානු කතෝලිකයන් ග්‍රාමීය ප්‍රදේශයන් හි සිටින අතර, බෞද්ධාගමිකයන් ද විශාල නගර වල ජීවත් වනු ලබනවා.

Javanese , Madurese හා Sundanese ජාවා දූපතේ ප්‍රධාන භාෂාවන් වන නමුත් නිල භාෂාව වශයෙන් ඉන්දුනීසියානු බහසා ද කතා කරනු ලබනවා. ඉංග්‍රීසි කතා කිරීමට හැකි වන්නේ ජනගහනයෙන් සුළු කොටසකට​ පමණි.

ආහාර රටා

foodeatology.blogspot.com (ඉන්දුනීසියානු ආහාර සමහරක්)

ජාවා දූපත සතුව ඉතාමත් රසවත් සම්ප්‍රදායික ආහාර බොහොමයක් තිබෙනවා. මෙම සෑම ආහාරයක් සතුවම ඔවුන් සතු සුවිශේෂී රසයක් තිබෙනවා. Lengko rice යනුවෙන් හඳුන්වන්නේ උතුරු වෙරළාසන්න සමාජයේ සම්ප්‍රදායික ආහාරයක් වනවා.  ඉතාමත් සරල ආහාර වුවත් මෙම වට්ටෝරු ප්‍රෝටීන්, කැලරි ආදියෙන් සමන්විත වනවා.

Karedok යනු බටහිර ජාවා වල තිබෙන විශේෂ ආහාරයකි. මෙම බටහිර ජාවා වල ආහාර සැකසීමේදී අමු බවින් යුක්ත එළවළු භාවිතා කරනු ලබනවා. Solo හා Surakarta ආදී නගර සම්ප්‍රදායික ආහාර සඳහා බොහොමයක් ප්‍රසිද්ධ වනවා.

ජාවා දූපතේ සංචාරය කල හැකි ස්ථාන

topindonesiaholidays.com

ඉන්දුනීසියාවේ පරිපාලන මධ්‍යස්ථානය වන්නේ ජාවා දූපතයි. වාර්ෂිකව සංචාරකයින් විශාල පිරිසක් මෙහි පැමිණෙන අතර, සිත් ඇද ගන්නා ස්ථාන බොහෝමයක්ම මෙහි පිහිටා තිබීම මෙලෙස සංචාරක ගහණය වර්ධනය වීම කෙරෙහි බලපානු ලබනවා. ඒ අතර, පැරණි කොටස් වලින් හා ලන්දේසි පාලන කාලයට අයත් වන සාම්ප්‍රදායික ගොඩනැගිලි වලින් යුක්ත Surabaya නගරයත්, ලෝක උරුමයක් ලෙස සඳහන් කර තිබෙන බොරෝබුදුර් පන්සලත්, Anyer වෙරළ තීරයත්, හින්දු පන්සලක් වන Candi Prambanan ත්, Batu Karas  නමැති සුන්දර වෙරළ තීරයත්, Baturaden නමැති සුන්දර දිය ඇල්ලත්, Ijen නමැති කන්දත්, Sewu නමැති පන්සලෙනුත් සමන්විත වීම සංචාරක ආකර්ෂණය කෙරෙහි මූලිකවම බලපානු ලබනවා.

කවරයේ පින්තූරය: w-dog.net

Related Articles