Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අගනුවරවල් හතරක් පසුකරන ඩැනියුබ් ගංගාව

ගංගා යනු ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයකි. පසට අවශ්‍ය ජලය ලබා දෙමින් ගංගාව දෙපස ඇති ගස් වැල් වලට පෝෂණය සපයන නිසා ගංගාවන් දෙපස සාරවත් වනාන්තර ප්‍රදේශ නිර්මාණය වේ. දහස් ගණන් සතුන්ට මිනිසුන්ට පානීය ජලය, වගාවන් සඳහා අවශ්‍ය ජලය ලබා දීම, කරදිය මත්ස්‍ය කර්මාන්තයට දායක වීම ඇතුළු බොහෝ ප්‍රයෝජන ගංගාවක් ලබා දේ. ඩැනියුබ් ගංගාව යනු මිනිසාට එවන් සේවයක් සපයන ගංගාවකි.

රටවල් 10ක් හරහා ගලන ඩැනියුබ් ගංගාව මධ්‍යම යුරෝපයේ හදවත බඳු වේ. මෙය යුරෝපා එකමුතුවට අයත් ප්‍රදේශවල ඇති දිගම ගංගාවයි. ඩැනියුබ් ගංගාව ආරම්භ වන්නේ ජර්මනියේ Black Forest වලිනි. මෙය අවසානයේ ගලා බසින්නේ කළු මුහුදටයි. ඩැනියුබ් නදිය සිය ගමනේ දී අගනුවරවල් හතරක් පසු කරයි. එනම් වියානා, බ්‍රැටිස්ලාවා, බුඩාපෙස්ට් සහ බෙල්ග්‍රේඩ් ය​. බොහෝ නායකයින් තම ගමනාගමනය මේ හරහා සිදු කිරීමට කැමැත්තක් දැක් වූ නිසා මෙය “ රජවරුන්ගේ ගංගාව” ලෙස ද විරුදාවලියක් ලබා ඇත.

romaniatourism.com

ගණන් කළ නොහැකි ප්‍රමාණයේ ශිශ්ටාචාර වලට අයත් මිනිසුන් ප්‍රමාණයක් මෙම ගංගාව වෙළඳ මාර්ගයක් වශයෙන් භාවිතා කර ඇත. යුධ හමුදාවන් ගණනාවක් මේ ගං ඉවුරේ ගිමන් හැරීම සිදු කර ඇත. මේ ගංගාව හරහා ගොඩනංවා ඇති පාලම් නිසා ජාතින් එක් කිරීම සිදු වී ඇත. ගංගාවෙන් පෝෂණය වන ප්‍රදේශ අවට සාරවත් වනාන්තර නිර්මාණය වීම ඩැනියුබ් ගංගාවෙන් සිදු වන තවත් සේවයකි. මෙවන් සේවයක් සපයන ඩැනියුබ් ගංගාව පිළිබඳ සාකච්ඡා කිරීමට මේ ලිපිය තුළින් අප බලාපොරොත්තු වේ.

භූගෝලීය පිහිටීම

ඩැනියුබ් ගංගාව සාමාන්‍යයෙන් සැතපුම් 1785ක පමණ දිගින් යුතු වේ. එනම් කිලෝමීටර් 2872ක් පමණ වේ. මෙම ගංගාව හංගේරියාව, සර්බියාව, ඔස්ට්‍රියාව, ජර්මනිය, බල්ගේරියාව, ස්ලෝවැකියාව, යුක්රේනය, මොල්දෝවා, රුමේනියාව හා Croatiaව යන රටවල් හරහා ගමන් කරයි.

ඉතිහාසය

gepida.eu

ලෝකයේ ඇති වඩාත් පැරණි ශිෂ්ටාචාර කීපයක් ඩැනියුබ් ගංගාව වටා ගොඩනැගී ඇත. ක්‍රිස්තු පූර්ව පළමු සහශ්‍රයේ දී ග්‍රීකයින් ඩැනියුබ් ගංගාව පදනම් කර ගනිමින් වෙළඳාමේ යෙදෙන ලදී. මිට අමතරව ජුලියස් සීසර් යටතේ රෝම අධිරාජ්‍ය පුළුල් කරන ලද්දේ ද ඩැනියුබ් ගංගාව පදනම් කර ගනිමිනි. 14 වන හා 19 වන සියවස් අතර කාලයේදී Ottoman Turks නමැති ජන කොට්ටාශය ඩැනියුබ් ගංගාවේ පාලනය අතට ගැනීම සඳහා සටන් වදින ලදී. ඒ  හංගේරියානු හා ඔස්ට්‍රියානු රජයන් සමඟයි. පළමු ලෝක යුද්ධයෙන් පසු ඔටෝමන්, ඔස්ට්‍රියානු හා හන්ගේරියානු රාජ්‍ය වල බිඳ වැටීම සිදු විය. මේ සමඟ ඩැනියුබ් ගංගා කලාපය වෙනස්කම් රාශියකට භාජනය විය. දෙවන ලෝක යුද්ධය, සීතල යුද්ධය හා යුරෝපානු සමුහාණ්ඩුව ගොඩනැගීමද ඩැනියුබ් ගංගාවේ වෙනස්කම් වලට හේතු විය.

ගලාබැස්මේ රටා හා නිර්මාණය වන භූ රූප

macsadventure.com

ඩැනියුබ් ගංගාවේ ගංගා ද්‍රෝණිය(River Basin) වර්ග කිලෝමීටර් 47 000ක පමණ ප්‍රදේශයක පැතිරී ඇත. ගංගාව ඔස්ට්‍රියානු මායිමට ලඟා වීමට පෙර තරමක් පටු වේ. ඩැනියුබ් ගංගාව අතු ගංගා 300කින් පමණ සමන්විත වන අතර ගංගාව මඟින් ගෙන යන ජල ප්‍රමාණය හා ජලයේ උෂ්ණත්වය ඒ ඒ අවධි වල කාලගුණ තත්වයන් සමඟ වෙනස් වේ.

ඩැනියුබ් ගංගාවෙන් නිර්මාණය වන අපූර්වතම භූ රූපය වන්නේ ඩැනියුබ් ඩෙල්ටාවයි. යුරෝපයේ දෙවනුවට විශාලම ඩෙල්ටාව වන මෙය නරඹන සංචාරකයින් හට රසවත් අත්දැකීමක් ලබා ගැනීමට හැකි වන්නේ එහි සිටින කුරුළු වර්ග නිසාවෙනි. කුරුළු වර්ග 300කට වැඩි ප්‍රමාණයක් ඩැනියුබ් ගංගාවේ ඩෙල්ටාව තම නිවහන කරගනිමින් ජීවත් වේ. ඒ අතර චීන හා අප්‍රිකානු කුරුල්ලන්ද දැකිය හැක. විශාල මුහුදු ලිහිණියා, දියකාවා, උකුස්සන් ඉන් කීපයක් වේ. මිට අමතරව මෙහි විවිධ සතුන් හා මත්ස්‍ය වර්ගද දැකියහැකි වේ. කැලෑ පූසා, නරියා, ඌරා මුවා වැනි සතුන් ඒ අතර වේ. පොදුවේ ගත් විට සත්ව වර්ග 3450 පමණ හා ශාක වර්ග 1700ක් පමණ මෙහි දක්නට ලැබේ.

romania-insider.com

ඩැනියුබ් ඩෙල්ටාව වාර්ෂිකව මීටර් 40කින් වර්ධනය වේ. මිට හේතුව ගංගාවේ තැන්පත් වන රොන් මඩ වැනි දෑ දිනෙන් දින වැඩි වීමයි. මෙය තාමත් වර්ධනය වෙමින් පවතින්නා වූ ඩෙල්ටාවක් ලෙස හැඳින්වීමද වරදක් නොවේ. මෙහි ඇති ගං කන්ඩි, කුඩා දුපත්, ඇළවල්, මඩගොහොරු ආදිය ඩැනියුබ් ඩෙල්ටාවේ අලංකාරය වැඩි කිරීමට උපකාරී වේ. ලෝකයේ ඇති ස්වභාවික සංරක්ෂිත ප්‍රදේශ 300ක් පමණ අතරින් ඩැනියුබ් ඩෙල්ටාව තුන් වන ස්ථානය හිමිකර ගනී. මේ ඩෙල්ටාව තුළ පැරණි කැලෑ වලින් යුතු කුඩා දුපත් දැකගත හැක. ම්නිසුන් 15000 කට ආසන්න ප්‍රමාණයක් මෙහි ජීවත් වේ. මොවුන් ඩෙල්ටාවේ ප්‍රධාන ස්ථාන 25ක් පදනම් කරගනිමින් ජීවත් වන අතර විශාල නගර දෙකක් මේ අතර වේ. Tulcea සහ Sulina යනු එම නගර දෙකයි.

ගංගාවේ ආර්ථික වැදගත්කම

quirkycruise.com

ඩැනියුබ් ගංගාව ගලා බසිනා රටවල් 10 ටම එයින් බොහෝ ආර්ථික වැසි දක්නට ලැබේ. එම රටවල් සියල්ලම ඩැනියුබ් ගංගාව භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගනී. මිට අමතරව එම රටවල් වල ජල විදුලි උත්පාදනය සඳහා ද ඩැනියුබ් ගංගාවේ ජලය යොදා ගනී. තවදුරටත් කාර්මික හා ගෘහස්ත ජල සැපයුම් සඳහාද, මාලු ඇල්ලීමට හා වගා කටයුතු සඳහාද ඩැනියුබ් ගංගාව භාවිතා කරයි. ඩැනියුබ් ගංගාව නිසා ඇල මාර්ග පද්ධතියක් ගොඩ නගන ලදී. කාලයක් යන විට ඩැනියුබ් ගංගාව හරහා සිදුවූ භාණ්ඩ ප්‍රවාහනය වර්ධනය වීම නිසා ප්‍රවාහන තදබදයක් පවා ඇති විය. ඩැනියුබ් ගංගාවේ ප්‍රධාන ඇළවල් ලෙස Danube – black sea ඇල හා Main danube canal දැක්විය හැක. danube – black sea ඇළ ගලන්නේ කලු මහුදටයි. 1992දි වැඩ අවසන් කරන ලද main Danube ඇල ඩැනියුබ් ගංගාව රයින් ගංගාව හා සම්බන්ධ කරයි. මෙය ගලා බසින්නේ උතුරු මුහුදටයි.

කවරයේ පින්තුරය – adventuresbydisney.com

Related Articles