රෝමය අසලින් ගලන ටයිබර් ගංගාව

ලෝකයේ සෑම ගංගාවකටම සුවිශේෂී වූ ලක්ෂණ දක්නට ලැබේ. ආර්ථික වාසි ලබා දීමට අමතරව ටයිබර් ගංගාවේ දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ ඉතාලියේ අගනුවර වන රෝමය අසලින් ගලා යාමයි. මේ නිසා රෝම නගරයේ සුන්දරත්වය බොහෝ සේ වර්ධනය වේ. මෙය ඉතාලියේ දෙවනුවට විශාලතම ගංගාව වේ.  මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ විශේෂතා බොහොමයක් ඇති ටයිබර් ගංගාව පිලිබඳ තොරතුරු ඔබට ගෙන ඒමටයි.

ගංගාවේ ආරම්භය

settit.wordpress.com

ටයිබර් ගංගාව සැකසෙන්නේ උල්පත් දෙකකිනි. මේවා එකිනෙකින් අඩි 30 ක් දුරින් පිහිටයි. මෙම උල්පත් දෙකම පිහිටා ඇත්තේ මධ්‍යම ඉතාලියේ Mount Fumaiolo හිය. මෙම උල්පත් දෙකින් ආරම්භ වන ගංගාව පෙරුගියා (Perugia) හා රෝමය පසු කරමින් දකුණු දෙසට ගලා බසී. ටයිබර් ගංගාව රෝමය මැද දූපතක් සාදයි. මෙය Isola Tiberina ලෙස හැඳින්වේ.

පිහිටීම හා භෞතික ලක්ෂණ

ඉතාලියේ පිහිටා ඇති මෙම ගංගාවේ දිග සැතපුම් 252කි. එනම් කිලෝමීටර 405කි.  මෙහි ගැඹුර අඩි 7 සිට 20 දක්වා ප්‍රමාණයන්ගෙන් පවතී. විවිධ භූ රූප හා නිම්න රාශියක් නිර්මාණය කරන මෙම ගංගාව ප්‍රදේශ කීපයක් පසු කර රෝම නගරය හරහා ගමන් කර Tyrrhenian මුහුදට එකතු වේ. මෙහි ප්‍රධාන අතු ගංගා ලෙස Chiascio, Nestore, Paglia, Nera සහ Anine දැක්විය හැක. රෝමයට පහළින් ටයිබර් ගංගාව ඩෙල්ටාවක් සකසයි.

touringitaly.org

මෙහි ප්‍රධාන ඇල Fiumara වන අතර මෙය උතුරු ප්‍රදේශයේ ජලය බෙදා හැරීම සිදු කරයි. මුලදී රෝමානුවන් මෙම ගඟේ පහළ කොටස පාලනය කිරීමේ උත්සාහයක යෙදෙන ලදී. නමුත් නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකර එය කර ඇති නිසා නිරන්තර ගංවතුර තත්වයන් ඇති වීම සිදුවේ.

ගංගාවට නම ලැබුණු ආකාරය

ඇතැම් පැරණි රචකයින්ට අනුව මෙය මුලින්ම හඳුන්වා ඇත්තේ Albula ලෙසයි. Albula ලෙස හැඳින්වීමට හේතුව වී ඇත්තේ එහි ජලයේ ඇති සුදු ගතියයි. නමුත් පසුව මෙය Tiberis ලෙස නම් කර ඇත්තේ Tiberinus නමැති රජු මෙහි ගිලී මරණයට පත් වීම නිසයි.

රෝමය හා ටයිබර් ගංගාවේ සම්බන්ධය

liquidadventuring.com

ටයිබර් ගංගාවේ ඉතිහාසය රෝමයේ ඉතිහාසය සමඟ බැඳී පවතී. රෝම පුරා වෘත්තවලට අනුව රෝමය බිහිවී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 753 දි ටයිබර් ගංගාවේ ඉවුරෙහි ය. පැරණි කතා වලට අනුව රෙමුස් (රෙමුස්) හා රොමොලුස් (Romulus) යන කුඩා අත දරුවන් දෙදෙනා පුරාතනය රෝම මධ්‍ය හා Isola Tiberina දුපත යන ප්‍රදේශ අතර දමා ගොස් ඇත. ඔවුන් බේරාගෙන ආරක්ෂා කරන ලද්දේ වෘකයෙක් විසිනි. කෙලෙස හෝ ඔවුන් අතර ඇති වූ ගැටුමක් නිසා රොමොලුස් විසින් රෙමුස් මරා දමන ලදී. මෙයින් පසුව රෝම නගරයේ නම නිල වශයෙන් ස්ථාපිත විය. මෙම පුරාවෘත්ත වලට අනුව පෙනී යන්නේ රෝමයේ ආරම්භය ටයිබර් ගංගාව නිසා සිදු වුවක් බවයි.

ගංගාව නිසා ඇති වන ගංවතුර තත්වයන්

මෙම ගංගාව නිරන්තරයෙන් ගංවතුර තත්වයන්ට ලක් වේ. මේ නිසා රෝම නගරයට විශාල හානි හා අවදානම් තත්ත්වයන් පැමිණේ. ක්‍රිස්තු පුර්ව 1895 සිට විවිධ අවස්ථාවලදී ටයිබර් ගංගාවේ ජල ගැලීම් රාශියකට මුහුණපෑමට රෝම නගරයට සිදු වී ඇත. මෙම ගංවතුර තත්වයන් තරමක් හෝ පාලනය කිරීම සඳහා ගංගාවේ මායිම උස් ගල් වැටි වලින් ආවරණය කර ඇත. මෙම ගල් වැටි ඉදි කිරීම ආරම්භ වී ඇත්තේ 1876 වසරේදි ය.

ගංගාවේ ප්‍රයෝජන

trekearth.com

අතීතයේ සිටම ටයිබර් ගංගාව රෝම ආර්ථිකයේ වැදගත් ස්ථානයක් හිමි කරගෙන සිටි. මෙය වාණිජ කටයුතු හා වෙළඳාම් කටයුතු වලට බහුලව යොදා ගැනුණි. එක් අවස්ථාවකදී ටයිබර් ගංගාවේ දිගේ යෙදී තිබූ වෙළඳ මාවත දිගේ සැතපුම් 60ක් පමණ ඉහළට යන තෙක් වෙළඳාම් කටයුතු සිදු කර ඇත. රෝම රාජ්‍යයේ වර්ධනය හා පැවැත්මට ටයිබර් ගංගාව අතවශ්‍ය සාධකයක් විය. මීට අමතරව රෝමය සඳහා ජලය බෙදා හැරීමේ ප්‍රධාන මූලය ලෙසද මෙය ක්‍රියා කරන ලදී.

ගංගාව දෙපස තිබු උද්‍යාන නිසා රෝම ජනයාට නැවුම් පළතුරු හා එළවළු ලැබුණි. මිට අමතරව තෙල්, වයින්, හා තිරිඟු වැනි ධාන්‍ය ප්‍රවාහනය සඳහාද ටයිබර් ගංගාව යොදා ගන්නා ලදි. ටයිබර් ගංගාව ප්‍රධාන යුධ කේන්ද්‍රයක් ලෙසද ක්‍රියා කරන ලදි. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී ටයිබර් ගංගාව අසල පිහිටි නගරයක් වන Ostia නගරය, Punic යුද්ධය සඳහා නාවික මුලස්ථානයක් ලෙස යොදා ගන්නා ලදී. . ගංගාවේ පහළ කොටසේ වරායවල් නිර්මාණයට හා ගමනාගමනය සංවර්ධනය කිරීමට පාප් වහන්සේලා බොහෝ දෙනෙක්ද උත්සහ ගන්නා ලදී. පසුව ටයිබර් ගංගාව පදනම් කර ගනිමින් 1692, 1703, හා 1744 යන වර්ෂ වලදී විවිධ වරායන් නිර්මාණය විය

ටයිබර් හා සම්බන්ධ රෝමයේ අපද්‍රව්‍ය මුදා හැරීමේ පද්ධතිය

atholic-resources.org

මීට අමතරව ටයිබර් ගංගාව රෝමයේ අපද්‍රවය මුදා හැරීමේ පද්ධතිය සමඟ සම්බන්ධ වී තිබුණි. මෙම පද්ධතිය හැදින්වුයේ Cloaca Maxima ලෙසයි. මෙය ඉදි කර ඇත්තේ ක්‍රිස්තු පුර්ව 6 වන සියවසේදීය. ඒ, නගරය හරහා දිවෙන ඇල මාර්ගයක් ලෙසිනි. මෙය නිර්මාණය කර ඇත්තේ පැවති දිය පාරක් පුළුල් කර දෙපස ගල් වලින් සැකසිමෙනි. ක්‍රිස්තු පුර්ව 3 වන සියවසේදී මේ සඳහා කවාකාර ගල් වහලක් සකසන ලදී.

Cloaca Maxima ඉදි කිරීමේ මුල් පරමාර්ථය වූයේ අපද්‍රව්‍ය ගෙනයාම නොවේ. එය ඉදි කරන ලද්දේ හදිසි කුණාටු වැනි තත්ත්ව වලදී එම ජලය කළමනාකරණය කර ගංවතුර තත්වයන් අවම කිරීමයි. පසුව මෙයට අපවිත්‍ර ජලය හා වැසිකිළි අපද්‍රව්‍ය එක් කරන ලදි. මෙම පද්ධතියේ ඇති අපද්‍රව්‍ය එකතු වන්නේ ටයිබර් ගංගාවටයි.

කවරයේ පින්තුරය – thedailybeast.com

Related Articles