Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගැහැණුන්ට තහනම් ලොව ප්‍රසිද්ධ සංචාරක ස්ථාන

ලෝකයේ විවිධ ස්ථානවල සංචාරය කිරීමට පිරිමින් මෙන්ම කාන්තාවන් ද ඇල්මක් දක්වනවා. එහෙත් මේ කියන්නට යන්නේ ලොව සංචාරයේ නිරත වන කාන්තාවන්ට සිදු කරන්නා වූ විශාල අසාධාරණයක් ගැනයි. ගැහැණු අයට සංචාරය කිරීමට නොහැකි ලෝකයේ ප්‍රසිද්ධ ස්ථාන තිබෙන බව ඔබ දන්නවා ද? සැබෑවටම මෙම ස්ථානවලට ඇතුළු වන්නට ගැහැණු අයට තහනම්. මේක තරමක් කුතුහලය දනවන කාරණයක් වුණත් එවැනි තහනමක් පැනවීමට හේතු වෙලා තියෙන්නෙ මොනවාද යන්න පිළිබඳව සොයා බැලීමත්, ගැහැනුන්ට ඇතුළු වීමට අවසර නැති තැන් ගැනත් වැඩිදුර විස්තර දැන ගැනීමත් වින්දනයක් ගෙන දෙන කාරණයක් වෙන්න පුළුවන්. ඒ නිසා ගැහැණු අයට තහනම් ස්ථාන කිහිපයක සංචාරය කර බලමු.

greekboston.com

ග්‍රීසියේ මවුන්ට් ඒතොස්

මෙම පුරාණ කන්දට ඇතුළු වීම සම්බන්ධයෙන් ලිංගභේදය මුල්කර ගනිමින් දිගුකාලීනව පැනවී ඇති තහනම කාන්තාවන්ට පමණක් අදාළ නොවෙයි. මිනිසුන් හැරුණු විට ඊට මනුෂ්‍ය නොවන ඕනෑම ගැහැණු සත්ත්වයෙකු ද ඇතුළත්. ග්‍රීක්වරුන් අතර ‘ශුද්ධ වූ කන්ද’ යනුවෙන් පොදුවේ හැඳින්වෙන, මැසිඩෝනියා අර්ධද්වීපයක පිහිටි මෙම කන්දට හිමිව ඇත්තේ ස්වයං පාලනයක්. මෙම කඳුවලට පිවිසිය හැක්කේ විශේෂ අවසරපත් සහිත පිරිමින්ට පමණක් වන අතර, පුද්ගලයින් ගමන් ගන්නා විශේෂ ආධාරකයක් මඟින් කඳුවල සුන්දරත්වය නැරඹීමේ අවස්ථාව ලැබෙනවා.

වර්ග කිලෝමීටර 335කින් යුත් මේ අර්ධද්වීපය ලෝකයේ ගැහැණුන්ට සහ ගැහැණු සතුන්ට තහනම් විශාලතම භූමිය ලෙස සැලකිය හැකියි. මෙම තහනම වසර 1000කට වඩා පැරණියි. වෙරළ ප්‍රදේශයේ මීටර් 500කින් පසු ප්‍රදේශය තුළට පැමිණීමට කාන්තාවන්ට අවසර නැත.

සියවස් ගණනාවක සිට පැවත එන ඉපැරණි විශ්වාසයකට අනුව කාන්තාවන්ගේ පැමිණීමට මෙසේ බාධා පැනවී තිබෙන්නේ ආගමික හේතුවක් නිසා යි. ඒ අවට තිබූ නැගෙනහිර ඕතඩොක්ස් දේවස්ථාන 20ක පමණ දේවගැතිවරුන් සිය ආධ්‍යාත්මික අවබෝධය සාක්ෂාත් කරගැනීම සඳහා මෙම ස්ථානයේ වැඩ වාසය කළ අතර, කාන්තාවන්ගේ පැමිණීම එම අරමුණට බාධාවක් ලෙස සලකණු ලැබුවා. වසර ගණනාවක් පුරා ස්ත්‍රීන් කිහිපදෙනෙකු සාර්ථකව කන්ද තරණය කරනු ලැබ ඇති අතර ප්‍රංශ ලේඛකයෙකු ද 1920 ගණන්වල දී වන්දනාකරුවෙකු ලෙස වෙස් වලාගත් කාන්තාවක් සඟවා තබාගෙන තිබෙනවා. මෑත දී නීති විරෝධී ලෙස ග්‍රීසියට ඇතුළු වූ මෝල්ඩෝවා කාන්තාවන් පිරිසක් හදිසියේ අනවසරයෙන් ඒතොස් කඳු මුදුනට පැමිණ තිබුණා.

vision2020news.com   

මුම්බායිහි හජි අලි දර්ගා දේවස්ථානය

මුම්බායිහි ප්‍රසිද්ධ දේස්ථානයක් වන, 15 වන ශතවර්ෂයේ හජි අලි බුකාරි නම් ඉස්ලාම් ශාන්තුවරයා විසින් අරඹන ලද මෙම පූජනීය ස්ථානයේ ශාන්තුවරයාගේ සොහොන් කොත දක්නට පුළුවන්. දිනපතාම පාහේ සියලු කුලවලට, ආගම්වලට, ජාතීන්වලට අයත් බැතිමතුන් 15000ක පමණ පිරිසක් මෙම සිද්ධස්ථානය වෙත ඇදී එන්නේ එහි ඇති පූජනීයත්වය නිසාමයි. මෙම දේවස්ථානය ද කාන්තාවන්ට ඇතුළුවීමට කිසිසේත්ම අවසර නොමැති ප්‍රදේශයක් බවටයි සැලකෙන්නෙ.

බලධාරීන් පවසන්නේ කලින් ඉස්ලාමීය නොවන නීති යටතේ කාන්තාවන්ට සොහොන් වලට පැමිණීමට කලින් අවසර ලබා දෙමින් කළ වැරැද්ද ෂරියා නීතිය යටතේ නිවැරදි කරන බවයි. මෙම නියෝගයත් සමග කාන්තා අයිතීන් සඳහා ක්‍රියාකාරීන් මෙය පැහැදිලිවම කාන්තාවන්ට වෙනස්කොට සැලකීමක් බවත්, එය ඉන්දියාවේ ඉස්ලාම් ආගමේ කීර්ති නාමයට ද කැළලක් බවත් පවසනවා. කෙසේ වුවත් මෙය ආගමික ප්‍රශ්නයක් යැයි කියමින් ආණ්ඩුව ඊට මැදිහත් වීම ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වෙන්නේ. මේ අනුව ‘ශුද්ධත්වයේත් ශුද්ධත්වයට පත් වූ ස්ථානය’ නමින් හැඳින්වෙන මෙම පූජනිය දේවස්ථානයට යාම තවමත් කාන්තාවන්ට තහනම්.

i.pinimg.com

ඉන්දියාවේ සහ බාලිහි ආගමික ස්ථාන

පොදුවේ පවතින තත්ත්වය අනුව නම් ඇතැම් රටවල් වල සමහර ආගමික ස්ථානවලට ඇතුළු වන්නට කාන්තාවන්ට තහනම්. බොහෝවිට යම් කාල සීමාවකට, එහෙමත් නැතිනම් යම් විශේෂිත කරුණු මුල් කරගෙන මෙවැනි තහනම් පැනවී තිබෙනවා. මෙම තහනම ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව පැහැදිලි නැතත් හින්දු ආගමිකයින් මෙන්ම නැගෙනහිර ඕතඩොක්ස් පල්ලියේ මතය වී තිබෙන්නේ මාස් ශුද්ධිය ඇතිවූ කාන්තාවන් “අපිරිසිදු” බවයි. මෙහි ප්‍රතිඵලය නම් සිද්ධස්ථාන වලට ඇතුළුවීම, වැඳුම් පිදුම් කිරීම, හෝ කිසිවකු හෝ සමග සන්නිවේදනය කිරීම තහනම් වීම යි. දැඩි තහනම් පනවනු ලැබ නොතිබුණත් ලංකාවේත් මෙවැනි පටු සම්ප්‍රදායික මතවල එල්බගෙන සිටින ආකාරයක් දැකගත හැකියි.

ලෝකයේ බොහෝ තැන්වල මේ තත්ත්වය අභියෝගයට ලක්වුණත්, ඉන්දියාවේ සහ ඉන්දුනීසියාවට අයත් බාලි දූපතේ ආගමික ස්ථාන බොහොමයක මෙම තත්ත්වය එලෙසම පවතිනවා. සමහර අවස්ථාවල දී මෙම සිද්ධස්ථාන නරඹන්නට එන කාන්තාවන් අතින් නීතිය උල්ලංඝනය කරන අතර එහි දී ප්‍රචණ්ඩත්වයට පවා මුහුණ දෙන්නට ඔවුනට සිදු වෙනවා.

wikimedia.org

ජපානයේ ඕමින් කන්ද

ජපානයේ දකුණට වන්නට පිහිටි මෙම කන්ද 2004 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කෙරුණා. එහෙත් ශතවර්ෂ ගණනාවක් පැරණි, ලිංගභේදය මත පැනවූ තහනම හේතුවෙන් ගැහැණු අයට තවමත් මෙම කන්ද බැලීමට යන්නට බැහැ. අවුරුදු 1500කට වැඩි කාලයක් පුරා අඩි 5, 640ක පිහිටි බෞද්ධ විහාරස්ථාන සඳහා පා ගමනින් ගමන් කිරීමට අවස්ථාව ලැබී තිබෙන්නේ පිරිමින්ට පමණයි.

වර්තමානය වන විටත් ලිංගභේදය මත වූ තහනම අඛණ්ඩව පවත්වා ගෙන යමින් තිබෙනවා. ඒ, 1872 දී ජපන් පාලකයන් වෙසින් ජපානයේ ෆූජි කන්ද ඇතුළු ජපානයේ බොහෝ කඳුකර ප්‍රදේශවලට කාන්තාවන්ට පැමිණීම තහනම් කරමින් දිගින් දිගට පවත්වාගෙන යන දිගුකාලීන සම්ප්‍රදායයන් ඉදිරියට ගෙන යාමේ ප්‍රතිපලයක් වශයෙනුයි.

ජර්මනියේ ගැලැක්සි ජල උද්‍යානය

ගිම්හාන කාලයේ යුරෝපයේ විශාලතම හා වඩාත් ජනප්‍රිය ජල උද්‍යානයක් වශයෙන්  ජර්මනියේ මියුනිච් ගැලැක්සි ජල උද්‍යානය හඳුන්වන්න පුළුවන්. එහි අති ධාවනකාරී  වේගයකින් ක්‍රියාත්මක වන X-treme Faser ස්ලයිඩය පැයට සැතපුම් 45ක වේගයෙන් දිවෙන බව වාර්තා වෙනවා. එහි වේගවත්භාවය කාන්තාවන්ට අනතුරුදායක විය හැකි බැවිනුයි ඊට ඇතුළු වන්නට කාන්තාවන්ට අවසර නැත්තේ. ජල උද්‍යානයේ නිලධාරියෙකු පවසන අන්දමට, තහනම පනවන්නට කලින් මෙම ස්ලයිඩයේ ගමන් කළ කාන්තාවන් හය දෙනෙකුගේ පමණ ලිංගික ප්‍රදේශයට හානි සිදු වී තිබෙනවා.

Cover – ichef.bbci.co.uk

මූලාශ්‍ර

www.bbc.com

www.foxnews.com

Related Articles