Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව වටා ක්‍රියාත්මක අමුතු නීති 14ක්

සංස්කෘතිකමය නොගැලපීම් සහ ප්‍රශ්නකාරී තත්ත්වයන් සංචාරය කරන ඕනෑම අවස්ථාවක දී සිදුවිය හැකියි වගේම එවැනි අවස්ථාවන්ට මුහුණදීමට සිදුවන්නේත් අනපේක්ෂිත අන්දමින්. සංස්කෘතිකමය වශයෙන් සමාජය පිළිගත් දේවල් රටක නීති බවට පසුකාලීනව පත් වෙනවා. එය රටින් රටට වෙනස් වෙනවා වගේම ජනවර්ග අනුවත් වෙනස් වෙනවා.

අපේ රටේ නීතියක් බවට පත් නොවූ ඇතැම් දේවල් තවත් රටක නීතියක් බවට පත් වෙද්දී අපට එය තරමක් අමුතු දෙයක් විදිහට දැනෙන්න පුළුවන්. තමන්ගේ රට තුළ පමණක් නොවෙයි ලෝකයේ විවිධ තැන්වල සංචාරය කරද්දී ඔබත් මෙවැනි අත්දැකීම්වලට මුහුණ දෙන්නට ඇති. එම නිසා අපේ නොවන වෙනත් දේශයක සංචාරය කරනවා නම් එවැනි නීතිමය තහනම් පිළිබඳව දැන සිටීම ආරක්ෂාකාරී පියවරක් වෙනවා. ලෝකයේ විවිධ රටවල පැනවිලා තියන අමුතු නීති කිහිපයක් ගැනයි මේ කතා කරන්න යන්නේ.

01. Vicks ඉන්හේලර් ජපානයේ දැකගන්නට නැහැ

goodyfeed.com

ලංකාවේ අපි නිතර භාවිතා කරන්න හුරුව සිටි Vicks ඉන්හේලර්, සහ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව ලබාගත හැකි ඇතැම් ආසාදන සහ අසාත්මිකතාවන් සඳහා භාවිත කරන ඖෂධ භාවිත කිරීම ජපානයේ තහනම් ය. සියුඩෝඑෆිඩ්‍රින් සහ කෝඩින් වැනි ප්‍රති උත්තේජක සහ වේදනා නාශක ඖෂධවලට ජපන් රජය මෙම තහනම පනවා තිබෙනවා.

මෙම ඖෂධ එරටට රැගෙන ගිය පුද්ගලයින් සති ගණනාවක් රඳවා තබාගන්නට ජපානයේ රේගු නිලධාරීන් කටයුතු කර තිබෙනවා. තහනම් ඖෂධ හසු වූ විට ඔවුන් මානුෂීයව කටයුතු කරන්නේ නැහැ. එමනිසා ජපානයේ සංචාරයක යෙදෙනවා නම් එවැනි ඖෂධ වර්ග රැගෙන යාමෙන් වැළකී සිටීම වැදගත්.

02. මිලාන්වල සිනහව අනිවාර්යයි

i.ytimg.com

ඉතාලියේ මිලාන්හි සෑම අවස්ථාවකදීම රවාගෙන නොසිටීමට නීතිය මගින් නියෝග කොට තිබෙනවා. මිලාන් වෙත යන්නන් සැම විටම සිනාවක් මුව රඳවා සිටිය යුතු යැයි බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ නීතිය අවමංගල්‍ය උත්සව සහ රෝහල්වල දී අදාළ වෙන්නේ නැහැ. ඒ අනුව මුහුණ දිග් කරගෙන සිටීමට මිලාන්වල නීතියෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ කිව්වොත් හරි. ඕස්ට්‍රා-හංගේරියානු යුගයේ නාගරික නියෝගයක් ලෙස පනවා ඇති මෙය අහෝසි කර දැමීමට අද දක්වා පියවර ගෙන නැහැ.

03. ඉතාලියේ පල්ලිවල පියගැට පෙළවල් වල ආහාර ගැනීමෙන් වැළකීම නුවණට හුරුයි

rd.com

ඔබ ඉතාලියේ විවේකීව දිවා ආහාරයක් හෝ බීමක් පානය කරනවා නම් පරිස්සමින්. ඉතාලියේ ෆ්ලොරන්ස්හි දේවස්ථාන භූමියක් තුළ හෝ දේවස්ථානයක පියගැට පෙළක අසුන්ගෙන ආහාරපාන ගැනීම නීතිමය වරදක්. පොදු ගොඩනැඟිලි අසල ආහාර ගැනීමේදීත් එම නීතියම අදාළ වෙනවා. එවැනි ස්ථාන මඟහැර වෙනත් තැනකට ගොස් ආහාර ගැනීමෙන් විශාල දඩ මුදලකින් වළකින්න පුලුවන්.

04. ජැමෙයිකාවේ ගංජා නීති විරෝධීයි

production-s3-lqeyvkywfwudx.netdna-ssl.com

ජැමෙයිකාවේ ගංජා නීති විරෝධී බව පැවසීමෙන් සංචාරකයින් පුදුමයට පත් වෙන්න පුළුවන්. මොකද ගංජා සඳහා වඩාත්ම ප්‍රසිද්ධ රට ජැමෙයිකාව යි. නමුත් 1913 ඉඳලා ජැමෙයිකානු නීතියේ දක්වා ඇත්තේ ගංජා පැළෑටිය වගාකිරීම, භාවිත කිරීම, හෝ සන්තකයේ තබා ගැනීම නීති විරෝධී බවයි. පැළෑටියක කුඩා ප්‍රමාණයක් හෝ ළඟ තබා ගැනීම දිගු සිර දඬුවමකට මුහුණ දෙන්නට සිදුවන වරදක්.

05. ප්‍රංශයේ වාහන එළවද්දී ශ්වසන උපකරණයක් අනිවාර්ය වීම

nbcbayarea.com

ප්‍රංශයේ සෑම රියදුරකු සන්තකයේම පහසුවෙන් ගෙන යා හැකි රුධිර මධ්‍යසාර අන්තර්ගතය (BAC) ආශ්වාස නියැදියකින් නිර්ණය කෙරෙන ශ්වසන උපකරණයක් තිබීම අනිවාර්ය වෙනවා. එය නොමැතිව වාහන පැදවීමෙන් යුරෝ 11ක දඩයකට යටත් වෙන්න සිදු වෙනවා. ශ්වසන යන්ත්‍රය භාවිතයට නොගත් එකක් විය යුතු අතර NF සලකුණ සහිත සහතිකය වලංගුව තිබිය යුතුයි. සංචාරකයින්ට ද මෙම නීතිය වලංගුයි. එක්වරක් පමණක් භාවිත කරන ශ්වසන උපකරණ වලංගු වන්නේ මාස 12ක් දක්වා පමණි. වසරකට කලින් මිලදීගෙන භාවිතා නොකළ උපකරණය නැවත භාවිත කළ නොහැක.

06. ඉතාලියේ සුරතල් බල්ලන් දිනකට තුන් වතාවක් නිවසින් පිටතට

orangecountysportsclub.com

ඉතාලියේ ටියුරින් නගරයේ ක්‍රියාත්මක නීතියක් මගින් නිවසේ ඇති කරන සුරතල් බල්ලන් අවම වශයෙන් දිනකට තුන් වතාවක් හෝ නිවසින් පිටත ඇවිදවන්නට ගෙන නොගියහොත් යුරෝ 500ක දඩයක් ගෙවීමට සිදුවෙනවා. මෙය ටියුරින් නගර සභාව විසින් පනවන ලද නව නීතියක්. ඉතාලි ජාතිකයන් කියන්නේ සතුන්ට බෙහෙවින් ආදරය කරුණාව දක්වන ජාතියක්. ඉතාලියේ බොහොමයක් නගරවල දඩාවතේ යන බළලුන්ද නීතිය මඟින් ආරක්ෂා කෙරෙනවා.

07. සැමෝවාහි සැමියන්ට බිරිඳගේ උපන් දිනය අමතක කිරීම නීති විරෝධීය

scoopwhoop.com

සැමෝවාහි බිරිඳගේ උපන්දිනය අමතක කිරීම අපරාධ වරදකි. එහෙත් මෙම නීතියේ දඬුවම කොතරම් එකක් වේද යන්න අපැහැදිලි ය. බිරිඳ ගැන අවධානයක් නැති පිරිමින් සම්බන්ධයෙන් මෙම නීතිය වැදගත් වෙනවා.

08. වික්ටෝරියාවල විදුලි බල්බ මාරු කළ නොහැකියි

dnaindia.com

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාහි බලපැවැත්වෙන මෙම නීතිය මගින් බලපත්‍රලත් විදුලි කාර්මිකයෙක් නම් මිස, විදුලි බල්බයක් මාරු කිරීම නීතියෙන් තහනම්. විදුලිය විසන්ධි වීමේ අවදානම සහ නීතිය ක්‍රියාත්මක වීමේ අවදානම නිසා විදුලි බල්බ මාරු කිරීමේ දී පරෙස්සම් වීමට සිදුවෙනවා. විදුලි බල්බයක් මාරු කිරීමේ දී වෘත්තීය විදුලි කාර්මිකයෙකු හරහා හෝ තමන් විසින් බලපත්‍රයක් ලබාගෙන එය කළ යුතු වෙනවා.

09. අයෝවාවල රැවුලක් ඇති පිරිමින්ට කාන්තාවන් සිපගත නොහැකියි

bustle.com

ඇමෙරිකා එක්සත් ජනපදයේ අයෝවාහි උඩු රැවුලක් සහිත පුද්ගලයින්ට පොදු ස්ථානවල කාන්තාවක් සිඹීම නීති විරෝධී යි. මේ නිසා තමන්ගේ ආදරණීයයා සිපගන්නට කැමති නම්, උඩු රැවුල කපා හෝ නිවස තුළ දී එය කළ යුතු යි. එසේ නොවුනහොත්, නීතියක් උල්ලංඝනය කිරීම සහ අපරාධකරුවෙකු ලෙස අත්අඩංගුවට පත්වීමේ සූදානමින් සිටිය යුතු වෙනවා.

10. වේල්සයේ සැමන් තහනම

thespruceeats.com

එංගලන්තයේ සහ වේල්සයේ 1986 අංක 32 දරණ සැමන් නියාමන පනතේ අංක 32 දරන වගන්තියෙන් සැමන් මාළු ළඟ තබා ගැනීම වරදකි. අනවසරයෙන් සැමන් මසුන් ලබාගෙන හෝ අල්ලා ඇති බව විශ්වාස කරන හෝ සාධාරණ ලෙස විශ්වාස කළ හැකි තත්ත්වයන් යටතේ ඕනෑම අයෙකු අත්අඩංගුවට ගැනීමේ හැකියාව ඇත. සැමන් මාළු ඇල්ලීම එරට නීති විරෝධී වීම ඊට හේතුව යි. මේ සඳහා උපරිම දඬුවම වසර දෙකකි.

11. එංගලන්තයේ පාර්ලිමේන්තුව තුළ මිය යාම තහනම්

ebarchitects.eu

එංගලන්තයේ පාර්ලිමේන්තුව තුළ කිසිවෙකුට මැරෙන්න තහනම්. මෙම නීතියේ පදනම තවමත් තහවුරු කර නොමැති අතර, ලිඛිතව සොයාගත නොහැකි ය. ප්‍රශ්නය වන්නේ දඬුවම කුමක්ද සහ මිය ගිය පසුව දඬුවම් කිරීමට කටයුතු කරන්නේ කෙසේද යන්න යි.

12. චීනයේ දෙමාපියන් බලන්නට යාම චීනයේ නීතිගත කර ඇත  

cf.ltkcdn.net

2013 දී වැඩිහිටි අයිතිවාසිකම් නීතිය සම්මත කර ගැනීමත් සමග මසකට කිහිපවාරයක් දෙමාපියන් බලන්නට යා යුතුය. සෑම මසකම නිශ්චිත වාර ගණනක් දරුවන් වැඩිහිටියන් බලන්නට යා යුතු බවට චීනයේ අධිකරණයට නියෝග කළ හැකියි.   

13. උතුරු කොරියාවේ ඩෙනිම් ඇඳීම තහනම්

s3.scoopwhoop.com

බටහිර සම්ප්‍රදාය මත පදනම් වූ විලාසිතා උතුරු කොරියාවේ ව්‍යාප්ත වීම නිසා ඒ පිළිබඳ සීමා පැනවීමක් ලෙස මෙම ඩෙනිම් තහනම හැඳින්විය හැකියි. කෙසේ වෙතත් ඩෙනිම් මත තහනම මූලික වශයෙන් කේන්ද්‍රගත වී තිබෙන්නේ චීනයට සමීප ප්‍රදේශ වන උතුරු හැම්ජොන්ග් සහ යාන්ග්ගෑන්ග් ප්‍රාන්තවල ය. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් වෙත පක්ෂපාතී වූ නැගී එන තරුණයින් සමූහයක් විසින් සාමාන්‍ය වැසියන්ගේ ඇඳුම් පිළිබඳව සොයා බලනු ලබනවා.

2008 දී මේ රට අවුරුදු 40ත් 74ත් අතර වයස් කාණ්ඩයේ පිරිමින්ගේ ඉන සෙ.මී. 86ක් සහ එම වයස් කාණ්ඩයේම ගැහැණුන්ගේ ඉන සෙ.මී. 90කට වඩා වැඩි නොවිය යුතු බවට නීතියෙන් නියම කර තිබෙනවා. මෙවැනි නීතියක් පනවන්න හේතු වෙලා තියෙන්නෙ ජපානය තරබාරුකම හා ඒ ආශ්‍රිත රෝගවලට එරෙහිව සටන් කරන රටක් වීම නිසයි. 2015 දී මෙම නීතිරීති අනුගමනය නොකළ අය සඳහා දඩ නියම කරනු ලැබුවා.

Cover – s.yimg.com

Related Articles