Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බුද්ධිමත් චර්යා රටාවන්ගෙන් පොහොසත් සතුන්

ලොව ඉහළ ම බුද්ධියක් ඇති සත්ත්වයා වන්නේ මිනිසා යි. මිනිසාගෙන් පසු ව ඒ ආසන්නයට ම බුද්ධියක් සහිත සත්ත්ව විශේෂ ලොව ජීවත් වන්නේ අතළොස්සක් පමණ යි. ඒ අතර වානර කුලයට අයත් චිම්පන්සින් වැනි සතුන් ඉදිරියෙන් ම සිටිනවා. කෙසේ නමුත් එම කුලකයට අයත් නොවන සමහර සතුන් ද බුද්ධිමත් චර්යා රටා පෙන්වනවා. ඔවුන් සමහරක් දෙනා ශ්‍රී ලංකාව හා ඒ තදාසන්නව ද දකින්නට පිළිවන්. මේ ලොව එවැනි චර්යා රටා පෙන්වන සත්ත්ව විශේෂ කිහිපයක් ගැන සටහනක්.

කුහුඹුවන්

clixmarketing.com

ලොව වෙසෙන කුඩා ම සත්ත්වයෙකු වන කුහුඹුවන් බුද්ධිමත් චර්යා රටා කිහිපයක් ම පෙන්වනවා. ප්‍රමාණයෙන් කුඩා මොළයක් දැරුවත් ඔවුන් අතර පවතින සංකීර්ණ ජනාවාස පද්ධතිය හා සන්නිවේදන ක්‍රම අපූර්ව වෙනවා.

කුහුඹුවන් ලොව සම්භවය වූයේ මිනිසාට වඩා වසර මිලියන 50කට පළමුවෙනුයි. මොවුන් ශාකපත්‍ර මත දිලීර තවරා, ඒවා පැතිරෙන්නට සලස්වා ඉන්පසු ඒවා ආහාරයට ගන්නවා. මීට අමතර ව කුහුඹුවන් සිය ඝණාවාසවල කාර්යය විභේදනය කරගැනීම පවා සිදු කරනවා. මේවායේ ආහාර රැස්කිරීම, දිලීර ‘වැවීම’, හා ඒකරාශී වී හිඳීම සඳහා වෙනම ම වෙන් වූ  කොටස් පවත්වාගෙන යනවා.

කුහුඹුවන්ගේ සන්නිවේදන විධික්‍රමත් ඉතා විශේෂ යි. මෙය සිදු කරන්නේ විශේෂ ෆෙරමෝන වර්ගයක් නිෂ්පාදනය කිරීමෙනුයි. මෙය ඝණාවාසයෙන් ඝණාවාසයට සුළු වශයෙන් වෙනස් වෙන අතර මේ ඔස්සේ ආගන්තුකයින් හඳුනාගැනීමටත් තමන්ගේ සඟයින් ගිය මඟ සොයාගැනීමටත් හැකියි.

කුහුඹුවන් සතු තවත් සුවිශේෂී චර්යා රටාවක් වන්නේ මොවුන් සමහර විශේෂ තවත් කුහුඹු විශේෂ ‘වහල් සේවයෙහි’ යෙදවීම යි. ඔවුන් තමන්ගේ ජනාවාස මේ ආකාරයෙන් ඉදිකරවා ගන්නා අතර සාමාන්‍ය කුහුඹුවෙකුට තමන්ගේ බර මෙන් 50 ගුණයක පමණ බරක් ඔසවාගෙන ගමන් කළ හැකි වීමත් විශේෂත්වයක්. (1)

මීයන්

Globalp/Istockphoto

ලොව පුරා මීයන් විශේෂ රාශියක් හමුවෙනවා. විශේෂයෙන් ම මීයන් ලොව වැඩියෙන් ම පර්යේෂණවලට භාජනය වූ සත්ත්ව විශේෂයක් වෙනවා. මීයන්ට යම්තාක් දුරකට මිනිසුන්ට සමාන හැඟීම් දැනීම් පිහිටා තිබෙන බව සොයාගෙන තිබෙනවා. මීයන්ට ඉතා පහසුවෙන් සමහර චර්යා රටා පුරුදු පුහුණු කරවිය හැකියි. මෑතක දී සිදුකර ඇති පර්යේෂණයකින් ඔප්පු වී ඇත්තේ මීයන්ට තමන්ගේ හැඟීම් සිතාමතා පාලනය කිරීමේ හැකියාවක් ඇති බව යි. මෙය ඉන් පෙර මිනිසුන්ට පමණක් පිහිටන එකක් බවට සැලකුණා. මීයන් පුපුරන ද්‍රව්‍ය හඳුනාගැනීමට පවා පුහුණු කර තිබෙනවා. මීයන්ට සමහර රෝගාබාධ සහිත ඛේට සාම්පල පවා හඳුනාගත හැකියි. එමෙන්ම බාධක අතරින් මඟ සොයාගැනීමට ද, හැඟීම් ප්‍රකාශනයට ද මීයන් දක්වන්නේ හොඳ හැකියාවක්. (2)

කපුටන්

Geoff Whalan / Flickr

කපුටන් ලොව පුරා ම විසිරී පවතින පක්ෂී විශේෂයක් වෙනවා. මිනිසුන්ට බියක් නොදැක්වීමත්, සහජ බුද්ධියත් නිසා සමහර විටෙක ඔවුන් කරදරකාරී වෙනවා. ආහාර සෙවීම හා කැදලි තැනීම යන කර්තව්‍යයන්හි දී ඔවුන් පෙන්වන සමහර ශක්‍යතාවන් අපූර්ව යි.

කපුටන්, සමහර ගිරවුන් විශේෂ කිහිපයක් හැරුණු විට ලොව විශාලතම මොළයක් සහිත පක්ෂීන් විශේෂය වෙනවා. කපුටන්ට මිනිස් මුහුණු වෙන්කොට හඳුනාගැනීමේ හා අනික් පක්ෂීන්ගෙන් තමන්ගේ ආහාර කොටස සඟවාගැනීමේ හැකියාව පවතිනවා. එමෙන්ම සිය කටයුතු කිරීමෙහි ලා සමහර උපකරණ භාවිතා කරන්නට ද ඔවුනට හැකියි.

කපුටන් මිනිස් ලොව සිදුවන සමහර සිදුවීම් හොඳින් නිරීක්ෂණය කරනවා. ඔවුන් තද පොත්තක් සහිත ආහාර වර්ගවල පොත්ත බිඳදැමීමට ඒවා මහාමාර්ග හා රළු මතුපිටවල අතැර දමන අවස්ථා තිබෙනවා. මීට අමතර ව කපුටන් සිය සතුරන්ට පහර දීමට ගල් කැබලි වැනි දේ පවා යොදාගන්නවා. (1)

උතුරු පැසිෆික් යෝධ බූවල්ලන්

Ray Panapinto

මේ වර්ගයේ බූවල්ලන් ගැඹුරු සාගරවල පත්ලේ ජීවත් වෙනවා. මොවුන් අයත් වන්නේ මොලුස්කා වංශයේ සෙපලපෝඩා වර්ගයට යි. මේ වර්ගයේ සතුන් සාමාන්‍යයෙන් හොඳ බුද්ධිමය හැකියාවක් සහිත සතුන් වන අතර එයිනුත් බූවල්ලන් අපෘෂ්ඨවංශීන් අතර බුද්ධියෙන් වැඩි ම සත්ත්වයෙක් ලෙස හැඳින්වෙනවා.

උතුරු පැසිෆික් බූවල්ලන් හට යමක් නිරීක්ෂණය කිරීමෙහි හා ගැටලු විසඳීමෙහි ඉතා හොඳ හැකියාවක් පිහිටනවා. මොවුන් හට ඉතා විශාල ස්නායු පද්ධතියක් ඇති අතර එය ඔවුන්ගේ ගාත්‍රාවලටත් හොඳින් විහිදී තිබෙනවා.

බූවල්ලන් හට යමක් අනුකරණය කිරීමෙහි හා සැඟවීමෙහි විශේෂ හැකියාවක් තිබෙනවා. එමෙන්ම සැඟවී සිට පරදීමටත් ඔවුනට ඇත්තේ විශේෂ හැකියාවක්. මොවුන් සතුව ඇති විශේෂතම ලක්ෂණයක් වන්නේ ඉතා තියුණු දෘෂ්ටිකත්වයක් තිබීම යි. මීට අමතර ව හොඳ ස්පර්ශ සංවේදීතාවක් ද මොවුන් සතු වෙනවා.

උතුරු පැසිෆික් බූවල්ලන් ඉතා විශාල වන අතර බරින් රාත්තල් 600ක් පමණ වෙනවා. ගාත්‍රා සම්පූර්ණයෙන් විහිදූ විට මොවුන්ගේ සම්පූර්ණ පළල අඩි 30ක් දක්වා විය හැකියි. (2)

අලි

Chris Royle/defenders.org

ගොඩබිම වෙසෙන සතුන් අතරින් විශාලතම මොළය අලින්ට පිහිටනවා. අලින් ඉතා සමාජශීලී හා බුද්ධිමත් සතුන් විශේෂයක් වෙනවා. එමෙන්ම ඔවුන් එකිනෙකා අතරත් හොඳ අන්තර් සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා.

අලි ඇතුන් ඉතා පහසුවෙන් තමන් සිටින වටපිටාව ගැන හදාරා ඊට අනුගත වෙනවා. එමෙන්ම විවිධ ශබ්ද රාශියක් එකිනෙක වෙන්කොට හඳුනාගන්නටත් ඔවුනට හැකියාව තිබෙනවා. ඉතා හැඟීම්බර සත්ත්වයෙකු වන අලින් ඉතා පහසුවෙන් දුක, සතුට, හා ක්‍රීඩාශීලී බව පෙන්වනවා. එමෙන්ම ඔවුන්ට විවිධ ශබ්ද ද අනුකරණය කළ හැකියි. අලි ඇතුන් ආහාර සොයාගැනීමේ දී සමහර ආම්පන්න භාවිතයට ද ශක්‍යතාවක් දක්වනවා. (1)

ඌරන්

livekindly.co

ඌරන් ඉතා සමාජශීලී හා ක්‍රීඩාශීලී සත්ත්ව විශේෂයක් වෙනවා. පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ වැඩිහිටි ඌරන්ට කුඩා අතදරුවෙකුට හා සුනඛයෙකුට වඩා සිතීමේ හැකියාව ඇති බව යි.

ඌරන් රංචු වශයෙන් ජීවත වන අතර ඇවිදීම, ආහාර ගැනීම, හා නින්දට යාම ද සහයෝගයෙන් සිදු කරනවා. ඌරන්ට විවිධ හඬ 20ක් පමණ නැංවිය හැකි අතර ඒවා වෙන් වෙන්ව වටහා ගැනීමේ හැකියාව ද ඔවුනට පවතිනවා.

ඌරන් ඉතාමත් පිරිසිදු සත්ත්ව විශේෂයක් වෙනවා. විශේෂයෙන් ම සනීපාරක්ෂක කටයුතු තමන් ජීවත්වන ස්ථානයෙන් හැකිතාක් බැහැර ව සිදු කිරීමට ඔවුන් වගබලා ගන්නවා. එමෙන්ම බොහෝ දුරක සිට වුවත් සිය නිවස්නය සොයා ඒමේ හැකියාවක් ඔවුන් සතු වෙනවා. (1)

කවරයේ පින්තූරය: kids.nationalgeographic.com

මූලාශ්‍රයයන්:

  1. Themysteriousworld.com
  2. toptenz.net

Related Articles