Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුවිශේෂී හැකියාවන් සහිත සතුන් 5 දෙනෙක්

සත්ත්ව ලෝකය සලකන කල්හි විවිධාකාරයේ සුවිශේෂී හැකියාවන් සහිත සතුන් අපට හමුවනවා. ආහාර සොයාගන්නට, වර්ගයා බෝ කරන්නට මෙන්ම, ආරක්ෂාව සඳහාත් ඔවුනට මෙම හැකියාවන් පිහිටා තිබෙනවා. මේ එවැනි හැකියාවන් දරන සතුන් 5 දෙනෙක් පිළිබඳ තොරතුරු යි.

වසන් වී පහර දෙන බූවල්ලන්

Olga Visavi/Shutterstock

බූවල්ලන් සැලකෙන්නේ ලොව බුද්ධි මට්ටමෙන් ඉහළම අපෘෂ්ඨවංශීන් ලෙස යි. මොවුන්ට ගොදුරු අල්ලාගැනීම හා ආරක්ෂාව සඳහා වූ සුවිශේෂී හැකියාවන් කිහිපයක්ම පිහිටා තිබෙනවා. බූවල්ලන්ට අවට පරිසරයට අනුවර්තනය වන ලෙස ශරීරයේ වර්ණය පමණක් නොව හැඩය ද වෙනස් කරගන්නට පිළිවන්. මේ නිසා මුහුදු පත්ලේ ඇති ඕනෑම පරිසරයක සතුරාගේ හෝ ගොදුරෙහි ඇස නොගැටී සිටින්නට ඔවුනට පිළිවන්.

පානීය ජලය අවශ්‍ය නොවන කැන්ගරු මීයා

Anthony Mercieca/Getty Images

කැන්ගරු මීයන් ලොව හමුවන්නේ උතුරු ඇමෙරිකාවෙනුයි. උතුරු ඇමෙරිකාවේ ශුෂ්ක හෙවත් කාන්තාර දේශගුණය සහිත පෙදෙසවල ජීවත් වන මොවුන්ට එම පරිසරවල ජීවත් වීම සඳහා වූ සුවිශේෂී හැකියාවක් පිහිටා තිබෙනවා. කාන්තාරික දේශගුණය සහිත පෙදෙස් හි ජලය ඉතා සීමිත සම්පතක් බැවින් අඩු ජල ප්‍රමාණයකින් රැකිය හැකි ජීවී විශේෂවලට පමණක් එහි පහසුවෙන් වෙසෙන්නට පිළිවන්. කැන්ගරු මීයන්ට තම ශරීරයට අවශ්‍ය ජලය තමන් ආහාරයට ගන්නා ශාක පත්‍ර හා ඇට වර්ගවලින් වුවත් උකහාගන්නට පිළිවන්. මේ අනුවර්තනය නිසා බොහෝ විට අමතර ජලය සොයාගැනීමේ අවශ්‍යතාවක් ඔවුනට ඇති වන්නේ නැහැ.

අඳුරේත් ලොව දකින උණහපුළුවන්

thehindu.com

ශරීර ප්‍රමාණය හා සැසඳීමේ දී උණහපුළුවන්ට ලොව අනෙකුත් පෘෂ්ඨවංශීන්ට වඩා විශාල වූ අක්ෂි යුගලක් පිහිටා තිබෙනවා. මේවා ඉතා කාර්යයක්ෂ්ම වන අතර, ඔවුනට රාත්‍රියේ දී ද දිවා කාලයේ මෙන්ම ලොව දකින්නට පිළිවන්. කෙසේ නමුත්, මේ අක්ෂි ඔවුන්ගේ හිස්කබලට සවිව පිහිටන අතර ඒවාට ස්වාධීනව චලනය වීමේ හැකියාව නැහැ. ඒ වෙනුවට ඔවුනට ආසන්න වශයෙන් අංශක 180ක් දක්වා ම සිය හිස දෙපසට හරවන්නට පිළිවන්.

අස්ථි බිඳ සතුරාට පහර දෙන ලොම් සහිත අප්‍රිකානු මැඩියා

Emoke Dénes

ලොම් සහිත අප්‍රිකානු මැඩියාට ආරක්ෂාව සඳහා වූ සුවිශේෂී හැකියාවක් පිහිටා තිබෙනවා. සතුරෙක් නිසා භීතියට පත් වූ විට ඔවුනට සිය පා ඇඟිලිවල අස්ථි බිඳ ඒවා කටු ලෙස ශරීරයෙන් ඉවතට ගන්නට හැකියාව තිබෙනවා. මේවා සතුරාට පහර දීම සඳහා ඔවුන් විසින් භාවිතා කරනවා.

මිනිත්තු 90කට වරක් හුස්ම ගන්නා ස්පර්ම් තල්මසුන්

Amanda Cotton/ geographical.co.uk

ස්පර්ම් තල්මසුන්ට ලොව ක්ෂීරපායී විශේෂයක් සතු වඩාත් කාර්යයක්ෂම රුධිර සංසරණ පද්ධතිය පිහිටා තිබෙනවා. මේ නිසා එක් වරක් වාතය ආශ්වාස කළ විට නැවත මිනිත්තු 90ක් දක්වා වූ කාලයකට වාතය ආශ්වාස කිරීමේ අවශ්‍යතාවක් ඔවුනට ඇති වන්නේ නැහැ. මේ පිහිටීම නිසා ගොදුරු සොයා ගැඹුරු මුහුදේ කිමිදෙන්නට ඔවුනට පිළිවන්.

කවරයේ පින්තූරය- Youtube

Related Articles