Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉතාලියේ ඇපිනයින් කඳු පන්තිය

ලෝකයේ විවිධ කඳු පන්ති තිබේ. ඒවා සියල්ලටම ඊට ආවේනික වූ විශේෂත්වයන් පවතී. ඇතැම් කඳු පන්ති ප්‍රසිද්ධ වී ඇත්තේ ඒවාගේ ස්වභාව සෞන්දර්ය නිසාවෙනි. ඇතැම් කඳුවලට ඓතිහාසික වටිනාකමක් ඇත. ඉතාලියේ ඇපිනයින් යනු එලෙස ස්වභාව සෞන්දර්යයෙන් පිරි අලංකාර කඳු පන්තියකි. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ ඇපිනයින් කඳු පන්තිය පිලිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒමටයි.

පිහිටීම

earth-chronicles.com

ඉතාලියේ පිහිටා ඇති මෙම කඳු පන්තිය ආරම්භ වන්නේ වයඹ දෙස ඇති Cadibona Pass වලින් වන අතර Egadi දූපත් දක්වා දිව යයි. ඇපිනයින් කන්ද  හැඳින්වෙන වෙනත් නම් ලෙස Appennine Range, Appennino දැක්විය හැක. පටු වෙරළ තීරයකින් මායිම් වූ මෙම කඳු පන්තිය සැතපුම් 870ක් පමණ දුරකට විහිදී ගොස් තිබේ. මෙහි පළල සැතපුම් 25 සිට 125 දක්වා වෙනස් වේ. මෙම කඳු පන්තියේ උසම ස්ථානය වන්නේ Mount Corno ය. එහි උස මීටර් 2912කි.  මෙම කඳු මුදුන වර්ෂයේ වැඩි කාලයක් හිමෙන් වැසි පවතින අතර ඇතැම් කොටස් ග්ලැසියර ලෙස පවතී.

කඳු පන්තියේ සංයුතිය

ඇපිනයින් කඳු පන්තියේ බොහෝ භූ විද්‍යාත්මක ඒකක සැකසී ඇත්තේ මුහුදු අවසාධිත ද්‍රව්‍ය වලින් සැදුණු ගල් වලිනි. උදාහරණයක් ලෙස සිප්පි කටු, වැලිගල්, හිරිගල් ආදිය එක් වී නිර්මාණය වූ කඳු හා විශාල ගල් දැක්විය හැක. මෙහි ඇති මිලියන 250ක් 300ක් පමණ පැරණි ගල් පර්වතවල අවසාධිත ද්‍රව්‍ය වල ශාක කොටස් දැකිය හැකි වේ.

ඇපිනයින් බෙදා දැක්වීම

pinterest.co.uk

වර්තමානයේ ඇපිනයින් කඳු පන්තිය ප්‍රධාන ලෙස කොටස් තුනකට බෙදා දක්වයි. ඒවා නම්

  • උතුරු ඇපිනයින්
  • දකුණු ඇපිනයින්
  • මධ්‍යම ඇපිනයින් ලෙසයි.

උතුරු ඇපිනයින් ප්‍රදේශය පැතිර ඇත්තේ මුහුදුබඩ Alps සිට Savona දක්වා වේ. බටහිර ප්‍රදේශයට කිලෝමීටර් 5ක් පමණ ප්‍රමානයක් පුරාය. උතුරු ඇපිනයින් නැවත කොටස් තුනකට වෙන් කර දක්වයි. ඒවා නම් Ligurian ඇපිනයින්, Tuscan ඇපිනයින්, Umbrian ඇපිනයින් ලෙසයි.

Ligurian ඇපිනයින්හී ඇති බෑවුම් ප්‍රදේශ සෙවන සහිත වන අතර සාරවත් බවින් යුතු වේ. මේ නිසා එම ප්‍රදේශ වල බොහෝ සේ වගා කටයුතු සිදු කෙරේ. මෙම ප්‍රදේශයේ රේල් පාරවල් බහුලව දැකගත හැකි වේ. Tuscan ඇපිනයින් ප්‍රදේශයේ ඛනිජ වර්ග හා රසායනික මූලද්‍රව්‍ය පවතී. මේ හේතුවෙන් මෙහි අමුද්‍රව්‍ය ආශ්‍රිත කර්මාන්ත දැකිය හැක. Umbrian ඇපිනයින්වල ප්‍රධාන ගංගාව වන්නේ ටයිබර් ගංගාවයි.  ක්‍රිස්තු පූර්ව 2 වන හා 3 වන සියවස්වලදී මෙම ගංගාව ඉතාලියේ දේශ සීමාව ලෙස ක්‍රියා කරන ලදී.

මධ්‍යම ඇපිනයින් යනු වඩාත්ම පුළුල් ප්‍රදේශයයි. මෙය Sangro නිම්නය දක්වා විහිදේ. මෙය හරහා ගමන් කරන රේල් පාරවල් ලෙස රෝමයේ සිට Castelammare දක්වා ඇති රේල් පාර, Orte සිට Terni දක්වා ගමන් කරන රේල් පාර දැක්විය හැක. දකුණු ඇපිනයින් ප්‍රදේශය අතීතයේ වාන්තර වලින් වැසි තිබුණු අතර ග්‍රිකයින් හා Sicilians වරුන්ට නැව් තැනීමට අවශ්‍ය ලී සපයන ලද්දේ මෙම ප්‍රදේශ වලින් ලබා ගත් දැව වලිනි.

කාලගුණය

assassinscreed.wikia.com

ඇපිනයින් කඳු වල මහද්වීපික කාලගුණයක් දක්නට ලැබුනත් මධ්‍යධරණී බලපෑම නිසා එය තරමක් හොඳ තත්වයෙන් පවතී. නිරන්තර හිම පතනයන් දක්නට ලැබේ. ශිශිර සෘතුව වඩාත් සීතල වන අතර ගිම්හාන කාලය තරමක් උෂ්ණ බවින් යුතු වේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1000 ත් 2000 ත් අතර වේ. වර්ෂාපතනය ලැබීමේදී කන්දේ Tyrrhenian බෑවුමට අනෙකුත් ප්‍රදේශ වලට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබේ.

ශාක හා සත්ව ප්‍රජාව

මෙම කඳු පන්තියේ දක්නට ලැබෙන ශාක හා සත්ව ප්‍රජාව බොහෝ විට මධ්‍යධරණී ප්‍රදේශ වල දක්නට ලැබෙන ශාක හා සත්ව ප්‍රජාවට සමාන වේ. නමුත් මෙය ඇපිනයින් කඳු පිහිටා ඇති අක්ෂාංශ හා දේශාංශ අනුව වෙනස් වේ. උතුරු ඇපිනයින් ප්‍රදේශ වල ඕක්, බීච්, චෙස්ට්නට් හා පයින් යන ශාක බහුලව දැකිය හැක. දකුණු ඇපිනයින් ප්‍රදේශ වල දැකිය හැක්කේ ilexes, bays, lentisks, myrtles, oleander වැනි ශාක වේ. බොහෝ විට සෑම ප්‍රදේශයකම පාහේ දැකිය හැක්කේ ඔලිව් ශාකයි. උස් බිම් සහිත තැනිතලා ප්‍රදේශ වල තණබිම් ආදිය බහුලය. මිට අමතරව ඇපිනයින් කඳු පන්තියේ එයටම ආවේනික වූ සත්ව ප්‍රජාවක්ද වෙසෙයි. මිට ඇතැම් කෘමින් වර්ග, දුඹුරු වළසා, වෘකයා, ඌරා වැනි සත්ත්වයින්ද අයත් වේ.

මිනිස් වාසස්ථාන හා ආර්ථික කටයුතු

independent.co.uk

ඇපිනයින් කඳු පන්තියේ අතීතයේ සිටම මිනිස් වාසස්ථාන දැකිය හැක. බොහෝ ජනාවාස පිහිටුවා ඇත්තේ නිම්න හා සරුසාර භූමි වලයි. පැතිරී ඇති තැනිතලා තණබිම් එළුවන් හා බැටළුවන් ගාල් කර ඔවුන්ට නිදහසේ සිටීමට ඉඩ සලස්වයි.

වර්තමානය වන විට වැඩිම මිනිසුන් ප්‍රමාණයක් වාසය කරන ස්ථාන මුහුදු මට්ටමේ සිට අඩි 4500 – 5000 කට වඩා උස් ප්‍රදේශ වල සොයාගත හැක. මිනිස් වාසස්ථාන ඇති බොහෝ ස්ථාන වල වගා කිරීමේ කටයුතුද සිදු කරයි. මිනිස් වාසස්ථාන හා වගා බිම් ඇති නිම්න ප්‍රදේශ වලට උදාහරණ ලෙස Lunigiana, Liguria, Garfagnana ආදී ප්‍රදේශ දැක්විය හැක. ඇපිනයින් කඳු වැටිය ආසන්නයේ ඇති කුඩා කඳුවල නිෂ්පාදන කර්මාන්ත බොහොමයක් දැකිය හැක. මෙම කර්මාන්ත වලින් බොහොමයක් ස්වභාවික වායු නිෂ්පාදනය හා ඛනිජ වර්ග ආශ්‍රිත නිෂ්පාදන හා බැඳී පවතී. මීට අමතරව ඇපිනයින් කඳු පන්තිය කෝච්චි පාරවල්,මහා මාර්ග, අධිවේගී මාර්ග ආදියෙන්ද සමන්විත වේ.

කවරයේ පින්තුරය  – farm6.staticflickr.com

Related Articles