Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සත්ත්ව ලෝකයේ හොඳම බර උසුලන්නන් 5 දෙනෙක්

ලෝකයේ සමහර සත්ත්ව විශේෂයන්ට තමන්ගේ ශරීරයේ ප්‍රමාණයට සාපේක්ෂව ඉතා වැඩි බරක් ඔසවන්නට පුළුවන්. මින් සමහර සත්ත්වයින්ට තමන්ගේ ශරීරයේ බර මෙන් කිහිප ගුණයක බරක් වුවත් පහසුවෙන් ඔසවාගෙන යන්නට පුළුවන්. තමන්ගේ ශරීරයේ බර සලකන කල්හී, ඊට සාපේක්ෂව වැඩිම බරක් ඔසවාගෙන යා හැකි සත්ත්ව විශේෂ 5ක් පහත පරිදි වෙනවා.

රාජාලියා

Mathew Shwartz

මාංශ භක්ෂකයෙකු වන රාජාලියා සැලකෙන්නේ කුරුළු ලෝකයේ ශක්තිමත්ම අයෙකු ලෙස යි. ඉතා තියුණු ඇස් පෙනීමක් ඇති මොවුන් ඈත ආකාශයේ සිට ගොදුරු නිරීක්ෂණය කොට, ඒවා නියෙන් ඩැහැගෙන යනවා. රාජාලියෙකුගේ පාද සේම හොටයත් ශක්තිමත්ව, ගොදුරු ඔසවාගෙන යාම සඳහා සැකසී ඇති අතර, ඔවුන්ට සිය ශරීර බර මෙන් සිවු ගුණයක පමණ බරක් ඔසවාගෙන යා හැකියි.

ගෝරිල්ලා

wwf.org.uk

මිනිසාට සමීප බන්ධුතාවක් ඇති ගෝරිල්ලන් හට සිය ශරීරය මෙන් කිහිප ගුණයක බර එසවීමේ හැකියාව තිබෙනවා. ගෝරිල්ලන්ගේ ඩී.එන්.ඒ 95%ක් හෝ ඊටත් වඩා මිනිසාට සමාන යි. සමස්ථයක් වශයෙන් ගත් කල්හී ගෝරිල්ලෙකු කිලෝග්‍රෑම් 200ක පමණ බරකින් යුක්ත වන අතර එම සත්ත්වයෙකුට තමන්ගේ ශරීර බර මෙන් දස ගුණයක, එනම් කිලෝග්‍රෑම් 2000ක හෙවත් ටොන් 2ක පමණ බරක් ඔසවන්නට පුළුවන්. මෙය සාමාන්‍ය ප්‍රමාණයේ මිනිසුන් 30කගේ බරට සමාන යි.

දිමියා

kids.sandiegozoo.org

කුහුඹු විශේෂයක් වන දිමියන් ද බර එසවීමෙහි රුසියන්. මොවුන්ගේ හකු පාඩා වැඩි බරක් සෑහෙන දුරකට ඔසවාගෙන යාම සඳහා නිමැවී ඇති අතර, ඔවුනට සිය ශරීර බර මෙන් 50 ගුණයක හෙවත් මිලිග්‍රෑම් 500ක පමණ බරක් ඔසවාගෙන යා හැකියි. එය සාමාන්‍ය මිනිසෙක් සිය දත්වලින් ට්‍රක් රථයක් ඔසවාගෙන ගමන් කිරීමට සමාන යි.

රයිනෝසිරස් කුරුමිණියන්

shutterstock.com

රයිනෝසිරස් කුරුමිණියන් ලොව තැනින් තැන ව්‍යාප්තව සිටින් අතර ඔවුන් ද විශේෂ කිහිපයක් වෙසෙනවා. ශ්‍රී ලංකාවේ ද හමුවන, පොල් වගාවට වින කටින කළු කුරුමිණියා ද මේ විශේෂයක්.

රයිනෝසිරස් කුරුමිණියන්ට සිය ශරීර බර මෙන් 850 ගුණයක බරක් දරා සිටිය හැකියි. මෙය සාමාන්‍ය මිනිසෙකු ටොන් 65ක බරක් දරා සිටියාට සමාන වෙනවා. රයිනෝසිරස් කුරුමිණියෙකුගේ බර එසවීමේ හැකියාව අලියෙකුට පිහිටා තිබුණි නම් එම සත්ත්වයාට අලීන් 850ක් එසවිය හැකි වනු ඇති.

ගොම කුරුමිණියා

hluhluwegamereserve.com

මේ වර්ගයේ කුරුමිණියන් සැලකෙන්නේ කෘමි ලෝකයේ ශක්තිමත්ම සතුන් ලෙස යි. එපමණක් නොව මොවුන් ශරීර ප්‍රමාණය සැලකීමේ දී ලොව ශක්තිමත්ම සත්ත්ව විශේෂය ද වෙනවා. මොවුනට සිය ශරීරයේ බර මෙන් 1,141 ගුණයක බරක් ඇදගෙන යන්නට පුළුවන්. මෙය සාමාන්‍ය මිනිසෙකු මිනිසුන්ගෙන් පිරීගිය තට්ටු දෙකේ බස් රථ 6ක් එක විට ඇදගෙන යාමට සමාන යි!

කවරයේ පින්තූරය- billclarkbugsperts.com

Related Articles