Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සුනාමියක් එන්නේ මෙහෙමයි

වර්තමානයේ ලෝකයේ ස්වභාවික ආපදාවන් ඇතිවීමේ අවදානම දිනෙන් දින ඉහළ නගිමින් පවතිනවා. එයට ප්‍රධානතම හේතුවක් ලෙස මිනිසා සොබාදහමට අකාරුණික වීම ඉදිරිපත් කරන්නට පුළුවන්. ලංකාවට ද පසුගිය කාලය ස්වභාවික ආපදාවන් බහුල කාලයක් වුණා. ඒ අතර සුනාමි අනතුර පිළිබඳව විමසිලිමත් වීමක් ද දකින්නට ලැබුණා. ගංවතුර, නායයෑම් වගේම සුනාමියත් ලෝකය මුහුණදෙන භයානක ස්වභාවික ආපදාවක්. ශ්‍රී ලාංකිකයින්ට ද සුනාමි ව්‍යසනය පිළිබඳව ඇත්තේ ඉතාමත් බිහිසුණු අත්දැකීමක්. 2004 වසරේ දී අප රටේ බොහෝ දෙනෙකු සුනාමි රළ පහරට ගොදුරු වූයේ ඒ පිළිබඳව ප්‍රමාණවත් දැනුවත්වීමක් නොතිබූ නිසාවෙනුයි.

Image Credit: surfersvillage.com (මුහුදු පතුලේ භූමිකම්පා තත්ත්වයක් ඇති වන ආකාරය දැක්වෙන රූපයක්)

සුනාමිය හා බැදුණු ඉතිහාසය.

සුනාමිය පිළිබඳව සාකච්ඡා කරන විට එහි ඓතිහාසික පසුබිම කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්.

මෙයට වසර 8000කට පමණ පෙර ගිනි කන්දක් පිපිරීම හේතුවෙන් මධ්‍යධරණී මුහුද ආශ්‍රිතව සුනාමි තත්ත්වයක් ඇති වී තිබෙන බවට තොරතුරු පවතිනවා. ලාංකිකයන් කවුරුත් පාහේ අසා ඇති කැළණිතිස්ස රජු සමයේ සිදු වූ මුහුද ගොඩ ගැලීම ද සුනාමියකට උදාහරණයක් ලෙස පෙන්වා දෙන්නට හැකියි. ඒ, මෙයට වසර 2000කට පමණ පෙරයි. ඊට අමතරව ලොව නන්දෙසින්, විශේෂයෙන්ම ජපානය ආශ්‍රිතව නිරන්තර සුනාමි තත්ත්වයන් වාර්තා වී තිබෙනවා. මෑත යුගයේ දී ඇති වූ 2004 සුනාමි තත්ත්වය අප කාටත් පාහේ මුහුණ දෙන්නට සිදුවුණු අඳුරු අත්දැකීමක් ලෙස හඳුන්වන්නට හැකියි. (https://www.livescience.com/3731-tsunamis-history.html)

සුනාමියක් යනු කුමක් ද?

Image Credit: pinterest.com (සුනාමි රළ ගොඩබිමට පැමිණෙන අයුරු.)

සුනාමි යන වචනය සිංහල බසින් නම් අපට එතරම් හුරුපුරුදු වචනයක් නොවෙයි. එයට හේතුව මෙය ජපන් භාෂාවේ එන වචනයක් වීමයි. ජපන් භාෂාවට අනුව ‘සුනාමි’ යනු ‘විශාල වරාය රළ’ යන්නයි. ඈත මුහුදේ සිට පැමිණෙන උසින් අඩු රළ වරායට පැමිණෙන විට වරායේ පවතින පටු ස්වරූපය නිසා වැඩියෙන් උස් වීම සිදුවෙයි. මෙය ජපන් ජාතිකයන් විසින් සුනාමි යනුවෙන් හඳුන්වනු ලබනවා.

සුනාමි තරංගයක් යනුවෙන් හඳුන්වනු ලබන්නේ සාගර ජල කඳ ක්ෂණිකව කැළඹීමකට ලක් වී, සිරස්ව ඇති වන ජල තීරුවක් නිසා සෑදෙන දිය රැල්ලක් හෝ දිය රළ කිහිපයක් එකතු වීමෙන් හටගන්නා තරංගයනුයි.

සුනාමියක් ඇති වන ආකාරය.

සාමාන්‍යයෙන් සුනාමි තත්ත්වයක් ඇති වෙන්නේ සාගරාශ්‍රිතව ඇතිවන හදිසි ස්වභාවික වෙනස්වීම් නිසායි. එහිදී  භූකම්පනයේ වැඩි ප්‍රබලත්වය, නොගැඹුරු දියෙහි හටගැනීම, හා රළ ඇතිකිරීමට ප්‍රමාණවත් ජලස්කන්ධය යනාදී කරුණු සම්පූර්ණ වූ විට සුනාමියක් ඇති වීමට පුළුවන්. සුනාමි තත්ත්වයක් ඇති වීමේ දී පළමුව සාගර වෙරළේ ඇති ජලය පසුපසට ගමන් කිරීම සිදු වෙනවා. වෙරළාශ්‍රිත මුහුදු පතුල නොගැඹුරු නම් මෙම පසුපසට යාම මීටර සිය ගණනක් වුව ද විය හැකිය. මුහුදු ජලය ගොඩබිමට පැමිණීම සිදු වන්නේ එයට පසුවයි.

සුනාමියක් ඇති වීම කෙරෙහි බලපාන සාධක පිළිබඳව අවධානය යොමු කරන විට ප්‍රධානතම සාධකයක් ලෙස හඳුන්වන්නට හැකිවන්නේ සාගර පත්ලේ හටගන්නා භූමිකම්පා තත්ත්වයනුයි. එයට අමතරව නායයාම් ඇති වීම, ගිනිකඳු විදාරණය වීමෙන් පිටවන ද්‍රව්‍ය මගින් සාගර තරංග සුනාමි තරංග බවට පත් වීම හා උල්කාපාත හෝ විශාල හිමකඳු සාගරයට කඩා වැටීම ආදිය ද හේතු විය හැකියි.

සුනාමියේ බලපෑම.

Image Credit: pinterest.com (සුනාමි රල පහරින් සිදු වූ හානිය දැක්වෙන පින්තුරයක්)

සුනාමිය හේතුවෙන් ඇති වන බලපෑම ද සුළුපටු නොවෙයි. එය බොහෝ පාරසරික සංසිද්ධි කෙරෙහි බලපෑමක් සිදු ඇතිකරයි. එම බලපෑම මිනිසුන්ට පමණක් සීමා නොවෙන අතර අනෙකුත් සතුන් සහ ශාක ලෝකය ද දැඩි සේ හානියට ලක්විය හැකියි. සතුන්ගේ වාසස්ථාන අහිමි වීම, ශාක ප්‍රජාවන් විනාශ වී යෑම, පරිසර පද්ධතීන් හානි වීම, මිනිස් ජීවිත මෙන්ම ගොඩනැගිලි ආදියට ද ඉන් වන හානිය සුළුපටු නැහැ. සුනාමියකට මුහුණ පාන රටක ධීවර කර්මාන්තය බිඳවැටීම, සංචාරක කර්මාන්තයේ හා ඒ ආශ්‍රිත කර්මාන්තයන්ගේ බිඳවැටීම රටක ආර්ථිකය කෙරෙහි බලපෑමක් කරනවා. විනාශ වූ සම්පත් නැවත ගොඩනැගීම සඳහා ද විශාල වියදමක් දැරීමට රජයට සිදුවනවා සේම, සුනාමිය එයට මුහුණ දුන් රට වැසියන්ගේ මානසික තත්ත්වය කෙරෙහි ද බලපෑම් කරන නිසා, ඔවුන් නැවත නගා සිටුවීමට ද අවශ්‍ය වෙනවා.

සුනාමියකින් බේරෙන්නට නම්,

Image Credit: abc.net.au (සුනාමියක් ඇති වන ආකාරය දැක්වෙන රුප සටහනක්)

සුනාමියක් වැළැක්වීමට හෝ ඒ සම්බන්ධව නිරවද්‍ය අනාවැකි පලකිරීමට හෝ නොහැකියි. එනමුත් සුනාමියක් ඇතිවීමට ආසන්න වන විට අනතුරු ඇඟවීම් රැසක් ක්‍රියාත්මක වෙනවා. මෙයින් වඩාත්ම වැදගත් හා නිරතුරුව නිරීක්ෂණයට ලක් වන පද්ධතිය වන්නේ සාගර පතුලේ පීඩන සංවේදකය යි. මේවා මුහුදේ පිහිටුවා ඇති අතර ඉහළ මට්ටමේ පීඩනය පිළිබඳව නිරතුරුවම නිරීක්ෂණය කරයි. අවට පරිසරයේ සිදුවන වෙනස්වීම් පිළිබඳව අවධානයෙන් සිටීමෙන් ද සුනාමියෙන් ආරක්ෂා වීමට හැකියි. හදිසියේ මුහුද පසුපසට යාම එහි දී නිරීක්ෂණය කළ හැකි පැහැදිලි වෙනස්වීමකි. එහිදී කළ යුතු එකම දෙය වන්නේ හැකි ඉක්මනින් මුහුදෙන් ඈත උස ස්ථානයකට ගමන් කිරීම යි. එසේම කාලගුණික අනාවැකි පිළිබඳව අවධානයෙන් සිටීමද වැදගත් වෙනවා.

nationalgeographic.com (කවරයේ පින්තුරය)

මුලාශ්‍ර:

metro.co.uk

livescience.com

sms-tsunami-warning.com

windows2universe.org

thesun.co.uk

Related Articles