ගංගා හයකින් සමන්විත වන්නා වූ කෲගර් ජාතික වනෝද්‍යානය

අප්‍රිකාවේ තිබෙන පැරණිතම මෙන්ම ලෝකයේ ඇති විශාලතම වනෝද්‍යාන දහයෙන් එකක් විදිහට කෲගර් ජාතික වනෝද්‍යානය හඳුන්වන්නට පුළුවන්. ඒ අනුව මෙම ලිපියෙන් මෙම වනෝද්‍යානයේ ස්ථාපිත කිරීමත්, වනෝද්‍යානයේ පිහිටා තිබීමත්, මෙහි තිබෙන විශේෂත්වයත් දැක ගත හැකි සත්ව විශේෂ මෙන්ම සංචාරකයින්ගේ පැමිණීම ගැනත් දැන ගැනීමේ හැකියාවක් තිබෙනවා.

වනෝද්‍යානය ස්ථාපිත කිරීම

upload.wikimedia.org(පොල් කෘගර්)

දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපතිවරයෙකු වගේම 1899-1902 අතර වකවාණුවල ඉංග්‍රීසින්ට එරෙහිව සිදු කළ බෝයර් නමැති යුද්ධයේ සෙන්පතියකු ලෙස පෝල් කෲගර් හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම දඩයම් කිරීම, කෘෂි බිම් ව්‍යාප්ත වීම මෙන්ම පතල් කර්මාන්තය හේතුවෙන් ජීවින් හට ඇති වුණේ විශාල තර්ජනයක්. මෙම තර්ජන වලින් ජීවින් ආරක්ෂා කිරීම සඳහා කෲගර් ඉටු කරන ලද සේවය ඉතාමත් ඉහළ යි. 1898 වසරේදී පමණ ඔහුගේ රජය විසින් සාබි නම් වූ අප්‍රිකාවේ ප්‍රථම රක්ෂිතය ස්ථාපිත කිරීමට කටයුතු කරනු ලැබුවා. ඒ වගේම 1904 වර්ෂයේ දී පමණ ෂින්විඩ්සි සහ යාබදව පිහිට අනෙකුත් භූමි ප්‍රදේශ ද ඊට එකතු කිරීමට කටයුතු කරනු ලැබුවා. එමෙන්ම ඉඩම් හිමියන් සහ පතල් සමාගම් අතර වාද විවාද පවා ඇති වූවා. ඒ වනජීවී රක්ෂිත පිහිටුවීම සංවර්ධනයට බාධාවක් යැයි පවසමින්. නමුත් මේ සියල්ල නොසලකා හරිමින් 1926 වර්ෂයේ දී පමණ ජාතික වනෝද්‍යාන පනත සම්මත කිරීමට හැකියාව ලැබුණා. ඒ වගේම මෙම පනත සාබි නමැති රක්‍ෂිතයේ කොටසක් විදිහට කෲගර් ජාතික වනෝද්‍යානය පිහිටුවීමට මූලික වුණා.

අතීතයේ මෙම ප්‍රදේශය Tsonga නමැති මිනිසුන්ගේ වාසස්ථානය බවට සඳහන් වනවා. ඒ වගේම වර්තමානය වන විට වනෝද්‍යානයේ ආගන්තුක සත්කාර සිදු වන්නේ මෙම ජන කොටස මඟින් බවත් දැක්වෙනවා.

පිහිටීම හා ස්වභාවය

worldeasyguides.com(වනෝද්‍යානයේ පිහිටීම)

කිඹුලන්ගෙන් ගහණ වූ ලිම්පොපෝ නදිය(Limpopo) පිහිටා තිබෙන්නේ අප්‍රිකානු ජනරජය හා මොසැම්බික් අතර දේශ සිමාවේ එක් කොටසකයි. මෙම මායිමට වන්නට  කෲගර් ජාතික වනෝද්‍යානය ද පිහිටා තිබෙන බව සඳහන් වනවා.

වනෝද්‍යානය ස්ථාපිත කරනු ලැබුවේ වර්ෂ 1926 දී පමණය. එය වර්ග කිලෝමීටර් 19,485 කින් පමණ සමන්විත වනවා. කිලෝමීටර් 60ක පමණ පළලකින් යුක්ත වන මෙය ලිම්පොපො නදියේ සිට කිලෝමීටර් 332 ක් පමණ දකුණු දෙසට විහිදී තිබෙන බවත් සඳහන් වනවා.

වනෝද්‍යානයේ ස්වභාවය ගැන අවධානය යොමු කිරීමේ දී කුඩා කඳු ගැට සහිත තැනිතලා භූමියක් එයට හිමි වෙනවා. එමෙන්ම සැවනා බිම් ප්‍රදේශයේ ගස් මෙන්ම තෘණ ද මිශ්‍ර වශයෙන් පවතිනවා.

විශේෂතා හා කාලගුණ තත්වය

upload.wikimedia.org (ලිම්පොපෝ ගංගාව)

කෲගර් ජාතික වනෝද්‍යානය වසර පුරාම ජලය ගලා යන්නා වූ ගංගා හයකින් සමන්විත වීම විශේෂත්වයකි. එසේ ගලා යනු ලබන ගංගාවන් වන්නේ Sabie, Olifants, Crocodile, Letaba, Luvuvhu Limpopo වශයෙන්ය.ය.

එමෙන්ම කෲගර් ජාතික වනෝද්‍යානයට ඇද හැලෙන වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 300- 600 අතර ගනු ලබන බව සඳහන් වනවා. උෂ්ණත්වය ගැන අවධානය යොමු කිරීමේ දී එය සිසිර සෘතුවේදී සෙ.අ .15 ක් පමණ වනවා. සෙ.අ 28 දක්වා ගී‍්‍රස්ම සෘතුවේ දී උෂ්ණත්වය ඉහළ යනු ලබනවා. නමුත් කෲගර් ජාතික වනෝද්‍යානය ගංගා ආදියෙන් සමන්විතව ජලය බහුලව තිබෙන ස්ථානයක් වීම හේතුවෙන් දිගු නියං කාලවලදීත් මෙහි වාසය කරන සත්ව විශේෂ වලට කරදරයකින් ප්‍රමාණවත් පරිදි ජලය ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා.

දැක ගත හැකි සත්ව විශේෂ

http://images.deccanchronicle.com (දැක ගත හැකි සත්ව විශේෂ)

මෙම වනෝද්‍යානය සත්ව විශේෂ බොහෝමයකට නවාතැන් සපයනු ලබනවා. ඒ අනුව ක්ෂීරපායි සත්ව විශේෂ 140 කුත්, පක්ෂි විශේෂ 450 කුත්, මත්ස්‍ය විශේෂ 40 කුත්, උභය ජීවී විශේෂ 33 කුත්, උරග විශේෂ 114 කුත් ජිවත් වත් වන බව සඳහන් වනවා. ඒ වගේම අලින්, මි හරකුන්, සීබ‍්‍රාවුන්, ජිරාෆයින්, සිංහයින්, වයිල්ඩ්බීස්ට්, ඉම්පාලා, කුඩු සහ වෝටර්බක් ආදී සතුන් විශාලම ක්ෂීරපායින් ලෙස ප්‍රධාන ස්ථානයක් ගනු ලබනවා. ඒ වගේම ලිම්පෝපෝ නදියේ වාසය කරනු ලබන්නා වූ කිඹුලන්ට ද විශේෂ ස්ථානයක් හිමි වනවා. අන්තර්ජාලය සඳහන් කරන්නේ ඔවුන් අලින්ට පවා පහර දීමේ හැකියාවකින් යුක්ත වන බවයි.

www.mangoafricansafaris.com  (සංචාරකයින්ගේ කැමරාවට හසු වන වන සතුන්)

ඒ වගේම කෲගර් ජාතික වනෝද්‍යානයේ වැටක් ඉදිකළ බවත්, ඒ හේතුවෙන් නීති විරෝධී සත්ව දඩයම් අවම කර ගැනීමටත් හැකි වී තිබෙන බව සඳහන් වනවා. නමුත් 2002 වසරේදී පමණ ලිම්පෝපෝ අන්තර් දේශසීමා වනෝද්‍යානය නිර්මාණය කිරීම සිදු කර තිබෙනවා. මේ හේතුවෙන් කෲගර් ජාතික වනෝද්‍යානය සහ, සිම්බාබ්වේ හා මොසැම්බික් හරහා තිබුණා වූ වනෝද්‍යාන අතර වැටවල් ඉවත් කිරීමට කටයුතු සිදු කෙරුණා. මෙමඟින් ඇති වූ අහිතකර ප්‍රතිඵලයක් වූයේ සතුන්ගේ ජිවිත වලට නැවත තර්ජනයක් ඇති වීමයි.

සංචාරකයින්ගේ පැමිණීම

commons.wikimedia.org(කෲගර් ජාතික වනෝද්‍යානයට ඇතුළු වීමට තිබෙන Numbi Gate)

කෲගර් ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා වාර්ෂිකව පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය මිලියන 6 කට අධික බව දැක්වෙනවා. ඒ වගේම වසර පුරාම වනෝද්‍යානයේ සංචාරය කිරීමේ හැකියාවක් තිබෙන බව වාර්තා වනවා.

ඒ මාර්ග ඔස්සේ මෙන්ම කැලෑ වලින් තොර වූ අඩි පාරවල් ඔස්සේ පා ගමනින් යා යුතු බව දැක්වෙනවා. ඒ වගේම උයන පුරාම සංචාරකයින්ට නවාතැන් ගැනීම සඳහා පහසුකම් සලසා තිබෙන බවත් දැක්වෙනවා. ඒ වගේම කෲගර් ජාතික වනෝද්‍යානයට ඇතුළු වීම සඳහා ගේට්ටු නවයක් පමණ නම් කර තිබෙනවා. ඒවා Crocodile Bridge Gate, Malelane Gate, Numbi Gate, Phabeni Gate, Paul Kruger Gate, Orpen Gate, Phalaborwa Gate, Punda Maria Gate ආදී වශයෙන්ය.

cindyknoke.files.wordpress.com

කවරයේ පින්තූරය: brandsouthafrica.com

Related Articles