Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මුහුදු පතුලේ ශබ්ද දූෂණය

මිනිසාගේ දියුණුව සමග මිනිසාගේ කනට නිවනක් නැති විය. නගරයකට පැමිණියහොත් බස් නැවතුම්පොළ, ලොතරැයි කූඩු, දුම්රිය ස්ථාන, වෙළඳපොළ, කර්මාන්තශාලා ආදී තැන්වල ඇති වන මහා ශබ්දයන්ට නිරාවරණය වීමට සිදු වේ. එම ශබ්දයන්ට නිතර නිරාවරණය වීම කනට හොඳ නැත. නිතර මේ තරංගයන්ට නිරාවරණය වීම අපේ සාමාන්‍ය ජීවිතයට බාධාවකි. විශාල ශබ්දයන්ට පැය ගණනාවක් නිරාවරණය වූ විට ඉක්මනට එම ස්ථාන මිනිසුන්ට නීරස වේ.

සාගර පතුලේ ජල මාධ්‍යය තුළ වායුමය මාධ්‍යයක් හරහාට වඩා වේගයෙන් සහ ශක්ති හානිය අවමව තරංග සම්ප්‍රේෂණය වේ. මේ නිසා එකම ශබ්ද කම්පනයක් වායුගෝලයේ දී ඇතිවනවාට වඩා සිව් ගුණයක් ප්‍රබලව සිවු ගුණයක පමණ දුරක් මුහුදු පතුලේ දී පැතිරේ (මෙය අත්හදා බලන්නට කැමති නම්, වතුර යට දී ගල් දෙකක් එකට හප්පා, එම හඬට සවන් දෙන්න).

විශාල වරායක් – hakaimagazine.com

යාත්‍රාවලින් ඇතිවන නොයිස් එක

මුහුද යනු මිනිසාට ලාබදායිම ප්‍රවාහන මාධ්‍යයකි. මුහුදේ යන සෑම යාත්‍රාවකින්ම සාගරයට අමතර හඩක් නිකුත් වේ. මහා නැව්වලින් නැගෙන හඩ මුහුදේ තල්මසුන් වැනි ජීවින්ට බලපෑම් කිරීමට තරම්ම ප්‍රබල ය. මහද්වීප තරණය කරමින් බඩු බාහිරාදිය ප්‍රවාහනය කරන සුවිසාල නැව් තිබේ. මඟීන් දහස් ගණනක් එකවර රැගෙන යන මඟී නෞකා ද තිබේ. මේ නැව්වලින් 20-300Hz අතර සංඛ්‍යාතයකින් නිකුත් කරනු ලැබේ.

මෙම සංඛ්‍යාතවලින් ඇතිවන බලපෑම වැඩි ය. මන්ද තල්මසුන්, ඩොල්ෆින් මසුන් ඇතුළු බොහෝ මුහුදු ජීවින් එකිනෙකා සන්නිවේදනය කිරීමට යොදාගන්නේ මෙම සංඛ්‍යාතයන් ය. නැව් වැඩිපුරම යාත්‍රා කරන කාර්යයබහුල නාවුක මාර්ග ආසන්නයේ තල්මසුන්ගේ සහ මුහුදු ජීවින්ගේ ජීවන රටාවන්වලට මෙම යාත්‍රා මඟින් මුහුදු ජලයේ ඇතිවන ශබ්දය අහිතකර ලෙස බලපා තිබේ. මෙය කාර්යයබහුල වරාය සහ නාවුක මාර්ග ආසන්නයේ ජීවින්ට ඇතිකරන ප්‍රබල තර්ජනයකි.

මුහුද කැණීම් නිසා ඇතිවන ශබ්දයන්

මුහුද යටින් කැනීම් කරන අවස්ථා රැසකි. තෙල් නල එලීමට, සන්නිවේදන කේබල් එලීමට, මුහුද යටින් උමං සෑදීමට, තෙල් නිධි ගවේශනයට සහ තෙල් ලබා ගැනීමට, ඉදිකිරීම් සදහා ආදී වශයෙන් මුහුදු පතුලේ කැණීම් සිදුකරන අවස්ථා රැසකි. අප රටේ ද වරාය නගරය වැනි යෝධ ව්‍යාපෘතිවල දී සාගර පතුලේ කැණීම් සිදුවේ. මෙම ශබ්දයන් මිනිසා විසින් මුහුදු පතුලේ ඇතිකරන ප්‍රබලම ශබ්දයන් වේ.

මුහුදු පතුල යටින් සිදුරුකිරීමේ දී ඇතිවන ශබ්දයෙන් බොහෝ ප්‍රමාණයක් මුහුදු ජලය යටදීම මුහුදු ජල තලයට එකතු වේ. මෙම ජලය තුළ සිදුවක කැනීම්වල ශබ්දය ඒ අවට මුහුදු ජීවීන්ට ප්‍රබලවම බලපානු ලැබේ.

තෙල් ගවේශනය සඳහා යොදාගන්නා තරංග මඟින් මුහුදේ ශබ්ද දූෂණය වන අයුරු. – kontrast.at

මිලිටරි සෝනාර්

යුදමය කටයුතුවල දී විවිධ ආකාරයේ නාවුක මෙහෙයුම් මඟින් මුහුද යට විශාල ශබ්ද ඇතිකරනු ලබයි. ඊට අමතරව මිලිටරි සෝනාර් මඟින් ද විශාල බලපෑමක් ඇති වේ. මූලික වශයෙන් සෝනාර් යාත්‍රා සහ මුහුද යට අවි ආයුධ ආදිය හඳුනාගැනීම සඳහා භාවිතා වේ. මෙම හඳුනාගැනීමේ සෝනාවල දී කිලෝහර්ට්ස් 10කට වැඩි තරමේ සංඛයාතයක් මුහුදු පතුලට මුදා හරිනු ලැබේ.

මෙම බලගතු සංඛ්‍යාතයන් ඩොල්ෆින්, තල්මසුන් වැනි සතුන්ට මෙන්ම අනෙක් මුහුදු ජීවින්ට ද ඔවුන්ගේ ජීවන රටාවලට බලපෑම් එල්ල කරනු ලැබේ. මේවා හරහා මුහුද යට සිටින විශාල ක්ශීරපායීන් වන තල්මසුන්ගේ ඇසීමේ දුබලතා සහ පේශි දුර්වලතාවයන් පවා ඇතිවන බව සොයාගෙන ඇත.

සද්දේ මොකට ද සත්තුන්ට?

තල්මසුන්, ඩොල්ෆින් මෙන්ම තවත් මුහුදු ජීවින් රැසක් ද එකිනෙකා අතර සන්නිවේදනය කරගනී. ඔවුන්ගේ ජීවිතයේ දී ආහාර සොයාගැනීම, පැටවුන් හා සන්නිවේදනය කිරීම, ප්‍රජනන අවශ්‍යතාවන්හි දී සන්නිවේදනය කිරීම මෙන්ම ඔවුන්ගේ ජීවිතයේ බොහෝ වැදගත් කාර්යයන්ට මුහුදු ජලය හරහා කරන සන්නිවේදනය වැදගත් වේ. මිනිසා විසින් ඇතිකරන ශබ්ද මඟින් මුහුදු පතුලේ දී තල්මසුන්ගේ සහ අනෙකුත් ජීවින්ගේ සන්නිවේදන පද්ධති බිද වැටෙන බව මුහුදු පතුලේ කරන ලද පර්යේෂණවලින් සොයාගෙන තිබේ.

අවම කරගත හැකි ක්‍රම

මුහුදු පතුලේ ජනනය වන ශබ්දය හා එයින් වන බලපෑම විද්‍යාඥයින් විසින් හසුකරගත්තේ ඉතා මෑතක දී ය. ලොව ප්‍රමුඛ පෙලේ නාවුක මාර්ග ආසන්නයේ නැව් මඟින් ඇතිකරන ශබ්දය හේතුවෙන් ජීවින්ට බලපෑම් සිදුවන බව සොයාගෙන තිබේ. එසේම මෙම ශබ්ද දූෂණය නිසා සතුන්ට සාමාන්‍ය මට්ටමට වඩා තීව්රතාවයෙන් වැඩි සංඥාවන් සිය සන්නිවේදන අවශ්‍යතාවයන්ට පාවිච්චි කිරිමට සිදුවී තිබේ.

මිනිසා විසින් මුහුද තුළ කරන කාර්යයන් මඟින් ඇතිවෙන සමුද්‍ර දූෂණය ගැන කතා කළත්, මුහුදු පතුලේ ශබ්ද දූෂණය ගැන කතාවන්නේ අඩුවෙනි. ඒ ගැන අවධානය යොමු කොට සාගර ජීවින්ගේ සන්නිවේදන කටයුතුවලට බාධා නොවන පරිදි කාර්යයන් කිරීම මිනිසාගේ වගකීමකි.

කවර පොටෝව - onegreenplanet.org

Related Articles