Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහා පැසිෆික් කසළ කලාපය

මහා පැසිෆික් කසළ බිම (GPGP- The Great Pacific Garbage Patch) යනු ලෝක සාගරයේ ප්ලාස්ටික් සමුච්චිත කලාප පහෙන් විශාලතම එකයි.  එය හවායි සහ කැලිෆෝනියා අතර සාගරයේ පිහිටා ඇත. සෑම වසරකම ගංගාවලින් ප්ලාස්ටික් ටොන් මිලියන 1.15ත් 2.41ත් අතර ප්‍රමාණයක් සාගරයට ඇතුළු වන බව ගණන් බලා තිබේ.  මෙම ප්ලාස්ටික්වලින් අඩකට වඩා ජලයට වඩා අඩු ඝනත්වයකින් යුක්ත වන අතර එයින් අදහස් වන්නේ එය මුහුදට වැටීමෙන් පසු නොගිලී පාවෙන බව යි. වඩා ශක්තිමත් බවින් යුත් ප්ලාස්ටික් සාගර පරිසරයට ඔරොත්තු දීමේ හැකියාව පෙන්නුම් කරන අතර එමඟින් ඒවාට දිගු දුරක් ගමන් කිරීමට ඉඩ ලබා දේ.  මුහුදු වෙරළට යන විට ඒවා මුහුදු වෙරළේ රැඳී තිබෙන අතර සාගර ප්‍රවාහයන් නිසා මෙම කලාපයට එකතු වේ.

සාගරික කසළ කලාපය
සාගරික කසළ කලාපය

ප්ලාස්ටික් මෙම ස්ථානයට ඇතුළු වූ පසු, හිරුඑළිය, තරංග හා සාගර ජීවීන්ගේ බලපෑම් යටතේ කුඩා ක්ෂුද්‍ර ප්ලාස්ටික් බවට පත්වන තෙක් එම ප්‍රදේශයෙන් ඉවත්ව නොයන බව පැවසේ.  වැඩි වැඩියෙන් ප්ලාස්ටික් පරිසරයට බැහැර කරනු ලබන බැවින්, මහා පැසිෆික් කසළ කලාපයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් සාන්ද්‍රණය අඛණ්ඩව ඉහළ යනු ඇත. වර්ග කිලෝමීටර මිලියන 1.6ක ඇස්තමේන්තුගත පෘෂ්ඨික වර්ගඵලයක් දරන මහා පැසිෆික් කසල කලාප ප්‍රදේශය ටෙක්සාස් ප්‍රාන්තය මෙන් දෙගුණයක් හෝ ප්‍රංශයට වඩා තුන් ගුණයක් විශාල ය. සුළං හා මුහුදු ප්‍රවාහයන්වල සෘතුමය හා අන්තර්වාර්ෂික විචල්‍යතාවයන් හේතුවෙන්, මහා පැසිපික් කසළ කලාපයෙහි පිහිටීම සහ හැඩය නිරන්තරයෙන් වෙනස් වේ. බහුලවම සුළං මඟින් අඩුවෙන් පාවෙන වස්තූන් පමණක් මෙම කලාපය තුළ පවතිනු ඇත. නියැදීම් කරන විට, ටොන් 80,000ක් පමණ බරැති ප්ලාස්ටික් කැබලි ට්‍රිලියන 1.8කට වැඩි ප්‍රමාණයක් මෙහි තිබී ඇත. එය ලෝකයේ සෑම මිනිසෙකුටම සුන්බුන් කැබලි 250කට සමාන ප්ලාස්ටික් ගණනය කිරීමකි.

සාගරික කසළ
සාගරික කසළ

ප්ලාස්ටික්වලින් අති බහුතරයක් සෑදී ඇත්තේ දෘඩ හෝ පොලිඑතිලීන් (PE) හෝ පොලිප්‍රොපිලීන් (PP), හෝ අතහැර දැමූ ධීවර ආම්පන්න (විශේෂයෙන් දැල් සහ ලණු) වලින් ය.  කුඩා කොටස්වල සිට විශාල වස්තූන් දක්වා, සහ මීටර ප්‍රමාණයෙන් විශාල ධීවර දැල් දක්වා මේ කසළ වළාව අඩංගු වේ. මෙහි ඇති ප්ලාස්ටික් ප්‍රමාණයෙන් පන්ති හතරකට වර්ග කර ඇත.

1. මයික්‍රෝප්ලාස්ටික් (0.05 – 0.5 cm)
2. මිසොප්ලාස්ටික් (0.5 – 5 cm)
3. මැක්‍රෝප්ලාස්ටික් (5 – 50 cm)
4. මෙගාප්ලාස්ටික් (50 cm ට ඉහළ)

පැසිෆික් සාගරික කසළ
පැසිෆික් සාගරික කසළ

මේවායේ සම්පූර්ණ ස්කන්ධය ගණනය කිරීමේ දී, මෙම කලාපයේ ඇති සුන්බුන්වලින් 92%ක් සෙන්ටිමීටර 0.5ට වඩා විශාල වස්තූන්ගෙන් සමන්විත වන අතර, මුළු ස්කන්ධයෙන් හතරෙන් තුනක්ම මැක්‍රෝප්ලාස්ටික් හා මෙගාප්ලාස්ටික්වලින් සැදී ඇත. කෙසේ වෙතත් වස්තු ගණනය කිරීම් අනුව, මුළු ප්‍රමාණයෙන් 94%ක් මයික්‍රොප්ලාස්ටික් මඟින් නිරූපණය කෙරේ. මහා පැසිෆික් කසළ කලාපයේ ඇති ප්ලාස්ටික් සමුද්‍ර සතුන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍යය සඳහා අවදානමක් ඇති කරනවා පමණක් නොව, මිනිසුන්ට ද සෞඛ්‍ය හා ආර්ථික බලපෑම් ඇති කරයි. අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ සාගර ජීවී විශේෂ 700ක් පමණ සමුද්‍ර සුන්බුන්වලට මුහුණ දෙන අතර මෙම අන්තර්ක්‍රියාවලින් 92%ක්ම ප්ලාස්ටික් සමග ඇති බවයි. ප්ලාස්ටික්වලින් පීඩාවට පත් වූ විශේෂවලින් 17%ක් අයි.යූ.සී.එන් (සොබාදහම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය) තර්ජනයට ලක් වූ විශේෂවල රතු ලැයිස්තුවේ ඇත.

සතුන්ට වන බලපෑම
ධීවර දැලක පටලැවුණු කැස්බෑවෙක්

මෙම ප්‍රදේශය හරහා සංක්‍රමණය වන හෝ වාසය කරන සතුන් මෙම කලාපයේ ප්ලාස්ටික් පරිභෝජනය කරයි. සුන්බුන් පරිභෝජනය කරන සතුන් එම ප්ලාස්ටික්වලට සම්බන්ධ රසායනික ද්‍රව්‍ය ශරීරගත කර ගනී. තව ද ඉවතලන ධීවර ආම්පන්න, දැල් තුළ පැටලීමෙන් බොහෝ සමුද්‍ර ජීවීන්ගේ මරණය සිදු වේ. ප්ලාස්ටික්, සමුද්‍ර ආහාර ජාලයට ඇතුළු වූ පසු එය මිනිස් ආහාර දාමය ද දූෂණය කිරීමේ හැකියාවක් ඇත. සාගර ප්ලාස්ටික් පිරිසිදු කිරීමට හා මුලිනුපුටා දැමීමට දරන උත්සාහයන් ද සැලකිය යුතු මූල්‍යමය බරක් ඇති කර තිබේ. ජෛව ගණනය කිරීම් නම් ක්‍රියාවලියක් හරහා, ප්ලාස්ටික්වල ඇති රසායනික ද්‍රව්‍ය ප්ලාස්ටික් ආහාරයට ගන්නා සත්ත්වයාගේ ශරීරයට ඇතුළු වන අතර, එම සත්ත්වයා ගොදුරක් බවට පත්වද්දී එම ද්‍රව්‍ය විලෝපිකයා වෙතට – මිනිසුන් ඇතුළත් ආහාර ජාලය තුළට – ගමන් කරයි. සාගර පරිසර පද්ධතිවලට ප්ලාස්ටික් මඟින් සිදුවන ආසන්න හානිය ඇමරිකානු ඩොලර් බිලියන 13ක් බව එක්සත් ජාතීන් වාර්තා කරයි.

සතුන්ට වන බලපෑම
සතුන්ට වන බලපෑම

Cover image: Getty 

Other images: storymaps.arcgis.com

Sources: theoceancleanup.com

Related Articles