Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සත්ත්ව රජදහනක් වූ උඩවලව ජාතික වනෝද්‍යානය

ස්වභාව සෞන්දර්ය අතින් ලෝකයේ ඉහළ ස්ථානයක් හිමිවී ඇති ශ්‍රී ලංකාව​ විවධ වර්ගයේ සතුන් රාශියකට ජීවත් වීමට ඉඩ සලසන සුන්දර දිවයිනකි. වනජීවින් රාශියක් ජීවත්වන ලංකාවේ විවධ ප්‍රදේශ ජාතික වනෝද්‍යාන ලෙස නම් කොට ඇත්තේ එම ජිවින්ගේ ආරක්ෂාව වර්ධනය කිරීමටයි. යාල, විල්පත්තුව, වස්ගමුව, මින්නේරිය, හෝර්ටන් තැන්න​ එම ජාතික වනෝද්‍යාන අතර ප්‍රධාන තැනක් උසුළයි. ලංකාවේ 6 වෙනුවට විශාලම සත්ව අභය භුමිය වන උඩවලව ජාතික වනෝද්‍යානය 1972දි ජාතික වනෝද්‍යානයක් බවට පත්කර ඇති අතර මේ වන විට දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කරගන්නා ප්‍රධාන ස්ථානයක් බවට පත්වී ඇත.

සබරගමු පළාතට අයත් රත්නපුර දිස්ත්‍රික්කය හා ඌව පළාතට අයත් මොනරාගල දිස්ත්‍රික්කයට අයත් වන උඩවලව  ජාතික වනෝද්‍යානය අලි නැරඹීම සඳහා ඇති හොඳම ස්ථානයයි. උඩවලව ජලාශය ඇතුළුව මෙම වනෝද්‍යානය හෙක්ටයාර 32315ක් පුරා පැතිර පවතී. තණ බිම්, පඳුරු කැලෑ, හා ගංගා ආශ්‍රිත ලඳු කැලෑ වලින් සපිරි උඩවලව ජාතික වනෝද්‍යානය විශාල සතුන් ප්‍රමාණයකගේ වාසභූමිය වේ.

වනෝද්‍යානයේ දේශගුණය

travel-tips.s3-website-eu-west-1.amazonaws.com

මෝසම් වර්ෂාවලින් පෝෂණය වන මෙම වනෝද්‍යානය වියළි කලාපයට අයත් ලෙස සැලකේ. පෙබරවාරි සිට මාර්තු දක්වා කෙටි වියළි කාලයක් දක්නට ලැබේ. ඇතැම් විට මෙය මාර්තු මැද සිට සැප්තැම්බර් අග දක්වා විහිදේ. නමුත් සැප්තැම්බර් මාසයේ ඇතිවන අන්තර් මෝසමෙන් මෙම වියළි තත්වය මගහැරේ. නොවැම්බර් මස සිට ජනවාරි මැද දක්වා ඊසාන දිග මෝසමින් මෙම වනෝද්‍යානය පෝෂණය වේ. මෙහි වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1524ක් පමණ වන අතර සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්ෂියස් අංශක 32ක් පමණ වේ.

ප්‍රවේශ විය හැකි මාර්ගයන්

magnifique-srilanka.com

උඩවලව ජාතික වනෝද්‍යානයට ප්‍රධාන මාර්ග 5කින් පැමිණිය හැක​.

  • එක් මාර්ගයක් ලෙස කොළඹ රත්නපුර, පැල්මඩුල්ල බලංගොඩ යන නගර හරහා කල්තොට හම්බෙගමුව පසුකර තණමල්විලට පැමිණ 07 කණුව අසලින්  පිවිසීම දැක්විය හැක.
  • තවත් මාර්ගයක් ලෙස කොළඹ, රත්නපුර, පැල්මඩුල්ල හරහා පැමිණ බැරියර් හන්දියෙන් වම්පසට පිහිටා ඇති තණමල්විල මාර්ගයේ 07 කණුව අසලින් වනෝද්‍යානයට පිවිසීම දැක්විය හැක.
  • නුවර, නුවරඑළිය යන කඳුකර ප්‍රදේශයෙන් පැමිණෙන්නේ නම් බදුල්ල වැල්ලවාය, බුත්තල හරහා පැමිණ තණමල්විල ඔස්සේ උඩවලව මාර්ගයේ 07 කණුවෙන් පිවිසීම.
  • ලංකාවේ දකුණු පළාතේ සිට එන්නේ නම් හම්බන්තොට ඇඹිලිපිටියට පැමිණ පසුව රත්නපුර මාර්ගයේ බැරියර් හන්දියෙන් දකුණට තිබෙන තණමල්විල මාර්ගයේ 07 කණුවෙන් උද්‍යානයට පිවිසීම.
  • තවත් මාර්ගයක් ලෙස බදුල්ල බලංගොඩ කල්තොට හම්බෙගමුව හරහා තණමල්විලට පැමිණ 07 කණුව ඔස්සේ පිවිසිය හැකිය.

දැකිය හැකි සත්වයන්

pearlceylon.com

ප්‍රධාන වශයෙන් දැකිය හැකි වන්නේ අලින් සහ මීහරක්ය. මිට අමතරව දැකිය හැකි සතුන් ලෙස වල් ඌරා, තිත් මුවා, ගෝන මුවා, නරියා, මුගටියා, ඌරු මීයා, හඳුන් දිවියා, ඉත්තෑවා, කැලෑ පුසන් වැනි සතුන් හැඳින්විය හැක. උඩවලව වනෝද්‍යානයේ දැනට අලින් 500ක් පමණ ජීවත් වේ. එම නිසා මෙම වනෝද්‍යානයට පිවිසෙන පුද්ගලයින්ට නිරන්තරයෙන්ම දැක ගත හැකි සත්වයා අලියා වේ. උදැසන සහ සවස් යාමයේ අලින් වැඩිපුර දැකගත හැක. මිට අමතරව කුරුල්ලන්ට කැමැත්තක් දක්වන ජායාරූප ශිල්පීන්ට උඩවලවට පැමිණීමෙන් කුරුල්ලන් රාශියකගේ පින්තූර තම කැමරා කාචයේ සටහන් කරගත හැක. ඔවුන්ගෙන් කීපයක් ලෙස

  • වළි කුකුළා
  • හබන් කුකුළා
  • බට ගොයා
  • දියකාවා
  • මහ නීල ගොයා
  • සුදු රෙදි හොරා
  • මුහුදු ලිහිණියා
  • රාජාලියන් වර්ග  දැක්විය හැක. සමනල විශේෂ ගණනාවක් ජීවත්වන මෙහි විවිධ උරග වර්ගද දැකිය හැක.

දැකිය හැකි ශාක

commons. wikimedia.org

මෙම කළාපය තුළ ශාක විවිධත්වයක් දැකිය හැකි වන්නේ වියළි ප්‍රදේශ මෙන්ම ජලාශය අවට තෙත් පරිසර පද්ධතියක් පවතින නිසාවෙනි. ජලාශ්‍රිතව වැවෙන කුඹුක් වැනි ශාක වලට අමතරව බුරුත, දිවුල්, කැටකෑල, කුණුමැල්ල කිරිකෝන් වැනි විශාල ශාක දක්නට ලැබේ. වනෝද්‍යානය තුළ තෘණ භුමි රාශියක් පිහිටා ඇති නිසා ගිණිතණ, දමිනිය වැනි තෘණ වර්ගද දැකිය හැක. මිට අමතරව ආක්‍රමණික ශාක ලෙස හැඳින්වෙන ගඳපාන හා පොඩිසිඤ්ඤෝ මරං වැනි ශාකද දැකිය හැක.

වනෝද්‍යානයේ කඳවුරු බැඳීම

atlasandboots.com

උඩවලව වනෝද්‍යානය සියළුම සංචාරකයින් සඳහා උදෑසන 7 සිට සවස 5 දක්වා විවෘතව පවතී. වනෝද්‍යානයට පිවිසීමට ලාංකිකයින්ට රුපියල් 250ක ටිකට් පතක් මිලදී ගැනීම අනිවාර්ය වේ. සතුන් නැරඹීමට සකසන ලද ජීප් රථ ප්‍රධාන දොරටුව අසලින් ලබාගත හැක. මිට අමතරව දින කීපයක සංචාරයක් සඳහා වනෝද්‍යානය තුළ පිහිටා ඇති සංචාරක නිවාසයක් හෝ කඳවුරු බැඳීම සඳහා වෙන් කරන ලද භූමියක් ලබාගත හැක. මේ සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ පෙර අවසරය ලබා ගත යුතුය.

පෙර සඳහන් කළ ආකාරයට සංචාරක නිවාසයක් ලබාගන්නේ නම් ඒ සඳහා වෙන් වූ බංගලා කීපයක් උඩවලව තුළ දැකිය හැක. ඒවා සිනූග්ගල, තිබිරිගස්මංකඩ, වෙහෙරගොල්ල හා ගෝණවිද්දගලයි. ප්‍රන්සදාර හා වෙහෙරමංකඩ  යනු කඳවුරු භුමි වේ. ප්‍රන්සදාර කඳවූරුබිම වලවේ ගඟ ආසන්නයේ පිහිටා ඇති නිසා එය දැඩි ආකර්ශනීය ස්ථානයක් බවට පත්වී ඇත.

Cover Image – Pierre Andre Leclercq (Wikimedia Commons)

Related Articles