Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රටේ හොඳම ආයෝජන වෘත්තිකයන් සම්මානයට පාත්‍ර කළ

ශ්‍රී ලංකාවේ දේශීය මූල්‍ය වෘත්තිකයන්ගේ වෘත්තීය නිවැරදි බව අපේ රටේ අනාගත මූල්‍ය වෙළඳපොළට අත්‍යාවශ්‍ය සාධකයක්. 6 වන වරටත් සංවිධානය කෙරුණු CFA CFA Capital Market Awards උළෙල පසුගිය ජූනි 26 වැනිදා පැවැත්වුණේ ආයෝජන ක්ෂේත්‍රයේ වෘත්තිකයන්ගේ පහත අංශවල දක්ෂයන් දිරිමත් කිරීමේ අරමුණෙන්.

  • ආයෝජකයන් සමග සම්බන්ධතාව
  • පර්යේෂණ කණ්ඩායම්
  • ඒකක භාරකාර අරමුදල්
  • අංශ වාර්තා
  • ව්‍යාපාර වස්තු පර්යේෂණ වාර්තා

මෙය මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් උසස් අවංකභාවයකින් හා වෘත්තීමය ලක්ෂණයන්ගෙන් යුතු වීම දිරිමත් කිරීමේ සිය අරමුණේ කොටසක් වශයෙන් ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමය (CFA Society of Sri Lanka) මඟින් වාර්ෂිකව සංවිධානය කෙරෙන ප්‍රධානතම උත්සවය යි.

CFA ශ්‍රී ලංකා හි කාර්ය භාරය

Chartered Financial Analyst (CFA) වැඩසටහනේ ශ්‍රී ලාංකීය නියෝජිත ආයතනය වන CFA ශ්‍රී ලංකා ආයෝජන කළමනාකරණ ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීමක් සහිත ආයතනය යි. ශ්‍රී ලංකාවේ මේ වන විට වරලත් වෘත්තිකයන් 200කට අධික පිරිසක් සිටිනවා.

CFA හි වරලත් වෘත්තිකයෙක් වීම පහසු දෙයක් නෙවෙයි. සුදුසුකම් සහිත අයගෙන් පහෙන් එකකටත් වඩා අඩු පිරිසකට තමයි එයට අවස්ථාව හිමි වන්නේ. ශ්‍රී ලංකා වරලත් මූල්‍ය විශ්ලේෂකයන්ගේ සංගමයේ සභාපතිනි රචිනි රාජපක්ෂ මහත්මියට අනුව සාමාන්‍යයෙන් පැය 1000ක් ඉක්මවූ මනා අධ්‍යයන කාලයක් සහ වසර හතරක වෘත්තීය අත්දැකීම් වරලත් මූල්‍ය විශ්ලේෂකයෙක් වීම සඳහා අත්‍යාවශ්‍ය වෙනවා. ඒ වගේම වරලත් වෘත්තිකයන් සියලු දෙනාම වාර්ෂිකව CFA ආයතනික චර්යාධර්ම සංග්‍රහය පිළිපදින බවටත්, වෘත්තීයමය සම්මුතීන්ට අනුව කටයුතු කිරීමටත් ප්‍රතිඥා දිය යුතු යි.

ලෝකය පුරා වෘත්තිකයන් 150,000 කට වැඩි පිරිසක් CFA වරලත්භාවය ලබාගෙන තිබෙනවා”, රාජපක්ෂ මහත්මිය කියා සිටියා. “ආයෝජන කළමනාකරණ ක්ෂේත්‍රයේ හොඳම වෘත්තිකයන් පිරිස වන්නේ CFAහි වරලත් වෘත්තිකයන්”.

ආයෝජනයේ අනාගතය

NDB බැංකුව CFA Capital Market Awards හි රන් සම්මානයෙන් මෙවර පිට පිටම තුන් වන වතාවටත් පිදුම් ලැබුවා. (sundayleader.lk)

මෙවරත් ආයෝජන සම්බන්ධතා අංශයේ රන් සම්මානය දිනූ NDB බැංකුව Roar Media වෙත අදහස් දක්වමින් ආයෝජන ක්ෂේත්‍රයේ අනාගතය බොහෝ දුරට රටේ ආර්ථිකයේ පවතින සක්‍රීයත්වය මත තීරණය වන බව පෙන්වා දුන්නා.

NDB බැංකුවේ මූල්‍ය කටයුතු සහ සැලසුම්කරණ අංශයේ නියෝජ්‍ය උප සභාපති සුවෙන්ද්‍රිනී මුතුකුමාරණ මහත්මිය සමග, ආයෝජකයන් සමග මනා සම්බන්ධතාවන් පවත්වා ගැනීම වෙනුවෙන් කැප වුණු වෘත්තිකයන් කණ්ඩායමක් සිටිනවා. ඔවුන් ආවර්තිකව කොළඹ කොටස් වෙළඳපොළ වෙත මූල්‍ය වාර්තා නිකුත් කිරීම, මූල්‍ය ප්‍රතිඵල සාකච්ඡා කිරීමට ආයෝජක ප්‍රජාව සමග අන්තර්ජාලය ඔස්සේ සමුළු හා සාකච්ඡා සැසිවාර සංවිධානය කිරීම මෙන්ම, බැංකුවේ නිල වෙබ් අඩවිය තුළ ආයෝජක සම්බන්ධතා මනාව පවත්වා ගැනීම උදෙසා නිරන්තරයෙන් නව තොරතුරු ඇතුළත් වෙබ් පිටුවක් පවත්වාගෙන යාමත් සිදු කරනවා.

රටේ සංවර්ධනයට ආයෝජන අත්‍යාවශ්‍ය යි”, මුතුකුමාරණ මහත්මිය කියා සිටියා. “විවිධාකාර සංවර්ධන ව්‍යාපෘති සඳහා රට තුළට විදේශීය රටවල සිට ආයෝජන ගලා ඒමක් දකින්න ලැබෙන එක සතුටට කරුණක්. රටේ ආර්ථිකයේ විවිධ අංශ තුළින් දේශීය ආයෝජකයනුත් ඉදිරියට ඒම ඉතාම වැදගත්”.

CFA ආයතනය සාම වර්ෂයකටම වරක් තමන්ගේ ඇගයීම් වපසරිය පුළුල් කර ගැනීම සහ අළුත් අංශවලින් සම්මාන පිරිනැමීමත් සතුටට කරුණක් බව මුතුකුමාරණ මහත්මිය කියා සිටියා.

විවිධ අංශවලින් පිරිනැමෙන සම්මාන ප්‍රාග්ධන වෙළඳපොලේ කොටස්කරුවන් අතර යහපත් වෘත්තීය චර්යා රටාව ධෛර්යමත් කිරීමට උත්තේජකයක් විදිහට ක්‍රියා කරමින් ඔවුන් ඇගයීමට ලක් කරන වපසරීන්වල සමස්ත වැඩිදියුණුවට දායකත්වය ලබා දෙන බව මගේ විශ්වාසය”යි ඇය වැඩිදුරටත් කියා සිටියා.

හොඳම ව්‍යාපාර වස්තු පර්යේෂණ වාර්තාව වෙනුවෙන් රන් සම්මානය දිනා ගත්, Capital Alliance Securities (CAL) හි වෘත්තිකයෙක් වන උදීශාන් ජොනාස් කියා සිටියේ ඒ ජයග්‍රහණය තමන්ගේ සමාගමට විශාල පිළිගැනීමක් හිමි කර දුන් බව යි. තම කණ්ඩායමේ සහ ආයතනයේ දක්ෂතාවන්ට නිසි පිළිගැනීම ලබා ගැනීමට හැකි වීම ගැන ආඩම්බර වන බවත් ඔහු කියා සිටියා.

ජයග්‍රාහී CAL කණ්ඩායම (ft.lk)

අපි ව්‍යාපාර වස්තු එක්ක ගනුදෙනු කරන කොටස් තැරව්කාර කණ්ඩායමකින් කොටසක්. අපි ආවර්තිකව පර්යේෂණ වාර්තා නිකුත් කරනවා”, ඔහු පැහැදිලි කළා. විවිධ ක්ෂේත්‍රයන් ගැන විස්තරාත්මක විශ්ලේෂණ ලබා දෙන මේ වාර්තාවන් ආයෝජකයන් බොහෝ පිරිසක් යම් සමාගමක ආයෝජනය කිරීම ඵලදායී ද නැද්ද යන්න තීරණය කරන්න උදව් කර ගන්නවා.

මේවා ගැන සමස්ත වශයෙන් අධීක්ෂණය කරන්න CFA හැර වෙනත් මණ්ඩලයක් නැහැ. ඔවුන් අපගේ විශ්ලේෂණය මොන තරම් හොඳද කියා සලකා බලලා එයට අනුව අපේ ආයතනයට ඇගයීමක් ලබා දෙනවා. මෙය ඇත්තටම පූර්ණ සමාලෝචනය කිරීමක්”, ජොනාස් වැඩිදුරටත් කියා සිටියා.

ලෝකය පුරාම දිනෙන් දින ඉහළ යන ගෝලීය මට්ටමේ මූල්‍ය වෘත්තික ඉල්ලුමට සමගාමීව මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමිතිය පවත්වා ගෙන යාමේ වගකීම CFA ශ්‍රී ලංකා ආයතනය සතු යි. CFA ශ්‍රී ලංකා ආයතනය තම වරලත් වෘත්තිකයන් වෙනුවෙන් වගේම පොදු මහජනයා වෙනුවෙනුත් සතත ඉගෙනුම් (Continuing Education) වැඩසටහන් වර්ෂය පුරාම සංවිධානය කරන්නේ ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ අනාගතයේ ඇති වන අලුත්ම ප්‍රවණතා ගැන හොඳ අවබෝධයක් ලබා දීම වෙනුවෙන්මයි. ඔබට CFA සමග ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වන www.cfasociety.org/sri lanka/ තුළින් හෝ ඔවුන්ගේ Facebook පිටුව හරහා සම්බන්ධ වීමට හැකියි.  

CFA වැඩසටහන ගෝලීය මූල්‍ය සුදුසුකම් ක්ෂේත්‍රයේ ඉහළම පිළිගැනීමක් ලද වැඩසටහන යි. CFA ශ්‍රී ලංකා සමග  Facebook තුළින් සම්බන්ධ වීමෙන් හෝ +94 77 366 1931 අංකයට ඇමතීමෙන් වැඩි විස්තර ලබා ගත හැකියි.

Related Articles