Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මානසික සාමය හා ආර්ථික සංවර්ධනය ගැන කියන YouthSpeak Forum

AIESEC (Association internationale des étudiants en sciences économiques et commerciales) සංවිධානය, මේ වන විට ලොව බිහිව ඇති විශාලතම තරුණ සංවිධානය යි. මෙය ජාත්‍යන්තර, රාජ්‍ය නොවන, සහ ලාභ අරමුණු කර නොගත් තරුණ සංවිධානයක් වන අතර UNESCO සංවිධානය විසින් ද හඳුනාගනු ලැබූ සංවිධානයක්. අද වන විට, රටවල් 126කට වැඩි ප්‍රමාණයක පැතිරුණු, 100,000කට වැඩි සාමාජික පදනමකින් හෙබි AIESEC සංවිධානය දෙවන ලෝක යුද්ධයෙන් පසු 1948 දී සථාපිත වන්නේ යුරෝපයේ රටවල් 7ක තරුණ තරුණියන්මේ මූලිකත්වයෙන්. තරුණ තරුණියන්ට ජාත්‍යන්තර මට්ටමේ ස්වෙච්ඡා කටයුතු හා ආධුනිකත්ව පුහුණු අවසථා ලබා දීම මඟින් ඔවුන්ගේ නායකත්ව හැකියාවන් වර්ධනය කිරීම මඟිනුයි AIESEC සංවිධානය තම දැක්ම කරා ළඟා වෙන්න උත්සාහ කරන්නේ. 

AIESEC සංවිධානයේ ශාඛා කිහිපයක්ම ලංකාවේ දීත් අපට හමුවෙනවා. ඒ අතරින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාඛාව හඳුන්වන්නේ Jayewardenepura Local Committee නැතහොත් JLC නමිනුයි. UNESCO සංවිධානය මඟින් හඳුන්වා දී ඇති තිරසර සංවර්ධන අභිමතාර්ථ 17 හා සමගාමීව විවිධ වයාපෘති JLC මඟින් සිදුකරනු ලබනවා. 

තිරසර සංවර්ධන අභිමතාර්ථ හා සමගාමීව පවත්වන YouthSpeak Forum නම් වැඩසටහනත් AIESEC සංවිධානය මඟින් පවත්වන තවත් එක් ජාත්‍යන්තර වැඩසටහනක්. විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුම ඇති තරුණ මෙන්ම ජ්‍යෙෂ්ඨ නායකයන් එකම වේදිකාවක හමු වී, වර්තමාන සමාජයේ ඇති ගැටළු සහ එම ගැටළුවලට පිළියම් ලෙස ගත හැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමේ අරමුණිනුයි මේ වැඩසටහන ලොව පුරා නොයෙක් සථානවල සංවිධානය වෙන්නේ. Let your voice be heard කියන තේමාව යටතේ පැවැත්වෙන මේ වැඩසටහන, වර්තමාන ලෝකයේ පවතින විවිධ වූ ගැටළු ගැන දැනුම ලබාගන්නත්, එම ගැටළු විසඳන්න තම දායකත්වය ලබාදෙන්න කැමති තරුණ තරුණියන්ට කදිම තෝතැන්නක් විදියට හඳුන්වන්න පුළුවන්. 

Empower, Engage, Commit කියන සුවිශේෂ ආකෘතියක් යටතේ බලගැන්වෙන YouthSpeak Forum වැඩසටහනේ එක් අභිප්‍රායයක් වන්නේ සමාජයේ ගැටළු පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම එම ගැටළු විසඳීමට සක්‍රීයව දායකත්වය ලබාදෙන තරුණ පරපුරක් ඇති කිරීම යි. මේ නිසා YSF වැඩසටහන ඉහත ආකෘතිය ඔස්සේ අදියර කිහිපයකින් ක්‍රියාත්මක වෙනවා. 

මෙවර AIESEC සංවිධානය මඟින් සංවිධානය වන YouthSpeak Forum වැඩසටහනට සත්කාරකත්වය ලබා දෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ AIESEC ශාඛාව. මේ සඳහා ඔවුන් තෝරාගෙන තිබෙන්නේ, තිරසර සංවර්ධන අභිමතාර්ථ අංක 3: වන හොඳ සෞඛ්‍ය, යහපැවැත්ම සහ ආර්ථික සංවර්ථධනය හා සබැඳි අභිමතාර්ථ අංක 8. ඒ ඔස්සේ මෙවර YSF වැඩසටහන පැවැත්වෙන්නේ ‘Peace of one’s mind directly leads to a culture of decent work’ යන තේමාව පාදක කොටගෙන යි. මානසික සෞඛ්‍ය, මානසික සාමය හා ආර්ථික සංවර්ධනය යන මාතෘකා ඔස්සේ ඒ හා සබැඳි ගැටළු පිළිබඳව කතා කිරීමත්, එම ගැටළුවලට පිළියම් සාකච්ඡා කිරීමටත් මෙවර YSF වැඩසටහනේ කටයුතු සූදානම් කර තිබෙනවා. 

මෙවර ශ්‍රී ජයවර්ධනපුර AIESEC ශාඛාව මඟින් සංවිධිත YSF වැඩසටහනේ මුඛ්‍ය කථිකයන් ලෙස සහභාගීත්වය ලබාදෙන්නේ සුප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක සහ ව්‍යවසායක මුත්තයියා මුරලිදරන් මහතා, කැපිටල් මහරාජා සමූහ අධයක්ෂක වන ෂෙවාන් ඩැනියල් මහතා, ජාතික මානසික සෞඛ්‍යයාතනයේ ජ්‍යෙෂ්ඨ මානසික උපදේශක; වෛද්‍ය කපිල රණසිංහ සහ කොකා කෝලා සමාගමේ සැපයුම් දාම කළමනාකරු; මනෝහරන් නඩරාජා මහතා. ඒ හා සමගාමීව පවත්වන වැඩමුළුව පවත්වනු ලබන්නේ ගුණ ජය සතුට පදනමේ නිර්මාතෲ සහ ප්‍රධාන භාරකරු වන කුෂිල් ගුණසේකර මහතා විසිනුයි. ගිහාන් සමරවික්‍රම මහතා විසින් මෙහෙයවනු ලබන YSF වැඩසටහන මෙවර පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ එළඹෙන සෙනසුරාදා දින යි. 

2020 ජනවාරි 25 වන සෙනසුරාදා පවත්වන්නට නියමිත YSF වැඩසටහන, මානසික සෞඛ්‍ය සහ ආර්ථික සංවර්ධනය ගැන දැනගැනීමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට විවෘත යි. 400ක් වූ විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයන්, පාසල් සිසුන් සහ ශ්‍රම බලකාය අරමුණු කරගෙන YSF වැඩසටහන ප.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා බණ්ඩාරනායක අනුසමරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, Jasmine ශාලාවේ පවත්වන්නට මේ වන විට සියලුම වැඩ කටයුතු සංවිධානය කර තිබෙනවා. කිසිම ඇතුල්වීමේ ගාස්තුවකින් තොරව විශාල දැනුමක් ලබාගන්න සහභාගී වන ඔබට අවසථාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, සහභාගීත්වය අගයන්න වටිනා සහතිකයකුත්, කෙටි ආහාර පාන ඇතුළු තවත් දේ එන සියලු දෙනාට පිරිනැමෙනවා.

YSF හි, ප්‍රධාන සහකරු වත්මන් Coca Cola ආයතනය යි. එමෙන්ම Ceylon Beverage Can ආයතනය සංවර්ධන සහකරු ලෙස කටයුතු කරනවා. ඊට අමතරව, නිල වෙබ් මාධ්‍ය සහකරු ලෙස Roar – සිංහල ආයතනයත්, නිල මුද්‍රිත මාධ්‍ය සහකරු ලෙස ලේක්හවුස් ආයතනයත්, නිල නිවේදන සහකරු ලෙස The Compère ආයතනයත් කටයුතු කරනවා. Tshirt සඳහා පූර්ණ අනුග්‍රහය HELA Clothing ආයතනය ලබා දෙන අතර, ඡායාරූපකරණ සහාය Hunters photography ආයතනයෙනුත්, නිල සහතිකපත් අනුග්‍රහය Softlogic ආයතනයෙනුත්, නිල ආහාර අනුග්‍රාහක සහාය Maliban ආයතනයත් විසින් ලබාදෙනු ලබනවා. 

YSF වැඩසටහන ගැන වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් පහත දුරකතන අංකවලට කතා කරලා, ඒ තොරතුරු ලබාගන්න පුළුවන්. 

071 215 0144 – සක්බෝ දිසානායක 

071 378 4620 – ඉරන්ත තිලකරත්න 

071 105 7981 – පබසරා අබේසූරිය

ඔබත් මානසික සාමය සා සබැඳි ආර්ථික සංවර්ධන මංපෙත් ගැන අදහසක් ලබාගන්න කැමති අයෙකු නම්, කලාතුරකින් ලැබෙන මේ අවසථාව මඟහැරෙන්න නොදී, YSF වැඩසටහන හා සම්බන්ධ වෙන්න එන්න! 

Related Articles