ලංකාවේ බොහෝ තැන්වල විදේශීය සංචාරකයන් ගමන්කළේ තම සංචාරයේ උපරිම සතුට භුක්ති විඳිමින්. මේ දිනවල සංචාරක කර්මාන්තය ඇදවැටීම හේතුවෙන් සංචාරක ක්ෂේත්රයේ නිරත ශ්රම බලකායෙන් 450 000ට පමණ රැකියා අහිමිවෙලා. මින් 180 000ක් පමණ කර්මාන්තය තුළ ඍජු රැකියාවන්හි නිරතවූ අතර, අනෙකුත් අය එම කර්මාන්තයට සම්බන්ධිත රැකියාවන්හි යෙදී සිටි පිරිස යි.