Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණයේ අපේක්ෂකයෝ

ශ්‍රී ලංකාවේ අටවන ජනාධිපතිවරණය නොවැම්බර් 16 වනදා පැවැත්වෙනවා. මෙවර විශේෂත්වයක් වන්නේ අපේක්ෂකයන් 35 දෙනකු ඉදිරිපත්ව සිටීම යි. ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් ඉදිරිපත් වූ ජනාධිපතිවරණය බවට මෙවර ජනාධිපතිවරණය පත්ව තිබෙනවා. මීට පෙර 2010 දී අපේක්ෂකයන් 22 ක් ඉදිරිපත් වුණා.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලනය පසුගිය දශක හයක පමණ කාලය තුළ තීරණය වූයේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් පක්ෂ ව්‍යුහයකින්. ඇතැම් අවස්ථාවල එම පක්ෂ සමග වෙනත් පක්ෂ ද සන්ධානගතවීම් සිදු වුව ද​, ප්‍රධාන පාර්ශව දෙක වූයේ එම පක්ෂ යි. මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරට පැමිණීම විශේෂ අවස්ථාවක්.

එමෙන්ම විකල්පයක් පිළිබඳ කලක පටන් පැවති කතිකාවත් ඔස්සේ විකල්ප දේශපාලන ව්‍යාපාර කිහිපයක් මෙවර තරග බිමට පැමිණ තිබෙනවා. එමෙන්ම රටේ ප්‍රධාන තෙවන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ ද 1999 න් පසු පළමු වරට තම ප්‍රධානත්වයෙන් ගොඩනැගූ සන්ධානයක් ලෙස තරග බිමට පැමිණ තිබෙනවා.

2005 දී සහ 2010 දී ඔවුන් වෙනත් අපේක්ෂකයන්ට සහය දැක්වූවා. 2015 දී ඔවුන් නිල වශයෙන් කිසිදු අපේක්ෂකයකුට සහය නොදැක්වූව ද ඔවුන් තරග නොකිරීමේ වාසිය ලැබුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට යි.

මේ අතර ජනාධිපති සිරිසේන මෙවර තරග බිමට පිවිසීමෙන් වැළකී සිටීමත් සමග​, දෙවන වර ජනාධිපති ධුරයට තරග නොකළ පළමු ජනාධිපති ලෙස ද ඔහු ඉතිහාසගත වනවා.

මෙවර ඉදිරිපත් වන අපේක්ෂකයින් ඇතමෙක් නිතර පුවත් මවන නමුත් තවත් ඇතැමුන් පිළිබඳ කතාබහක් ඇත්තේම නැති තරම්. ඇතැම් විට ඔවුන් කවුරුන්දැ යි සොයාගැනීමටත් පහසු නැහැ. ඒ නිසා අප ඔවුන් 35 දෙනාම පිළිබඳ සාරාංශගත කරුණු කිහිපයක් මෙසේ පෙළගැස්වීමට තීරණය කළා.

Related Articles