Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙදරට වෙලා එපා වෙලා ද? එහෙනම්, මේ දේවල් කරන්න

කොවිඩ් 19 වසංගත තත්ත්වය මේ වන විට ලෝකයේ රටවල් 200කට වඩා වැඩි ප්‍රමාණයකට පැතිරගොස් තිබෙනවා. රටවල් අතරින් බොහෝ රටවල් ප්‍රමාණයක්‌ එම රජයයන් විසින්  සම්පූර්ණයෙන්ම හෝ ප්‍රදේශ වශයෙන් හෝ වසා තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා පමණයි පවත්වාගෙන යන්නේ. වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවයේ ඇති වැදගත්කම ඉතා ඉහළ යි. ඒ හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ ඇතුළු රටවල් විශාල ප්‍රමාණයක මිනිසුන් සිය සාමාන්‍ය දින චර්යාවෙන් ඉවත්ව සිය නිවෙස්වලට පමණක් සීමා වී සිටීම දැකිය හැකි යි.

රැකියා කටයුතු, ව්‍යාපාර කටයුතු, අධ්‍යාපන මෙන්ම, එදිනෙදා විවිධ ආකාරයේ සමාජය හා ගැටුණු ක්‍රියාකාරකම්වල නියැලුණු බොහෝ දෙනාට නිවසට වී හුදෙකලාව සිටීම බොහෝ විට ගැටලුකාරී තත්ත්වයක්. යම් අයෙකුට එය ප්‍රබල මානසික හිරිහැරයක් විය හැකි යි.

ඉතින් මේ සමයේ නිවසේ සිට නිකරුනේ කාලය ගත කිරීම විවිධ මානසික ආතතින් ඉහළ නැංවීමට සමත්වෙන බැවින් එම කාල සිමාවේ දී නිවසේ සිට ඔබට කළ හැකි දේ මොනවා ද කියලා පොඩ්ඩක් හොයලා බලමු. 

විවිධ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව ස්වයං අධ්‍යයනය 

විෂයයන් තනිමව ම ගවේෂණය (hastac.org)

ඔබ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු හෝ එසේත් නැත්නම් යම් යම් වෘත්තිමය පාඨමාලාවන් හදාරන අයෙකු නම් ඒ ක්ෂේත්‍රය සඳහා අදාල විෂයන් තනිමව ගවේශනය සඳහා හොඳම කාලය දැන් එළඹී තිබෙනවා. ඔබේ සටහන් නැවත කියවන්න. තමන්ම නිර්මාණය කරගත් ක්‍රමවේදයකට අනුකුලව පුනරීක්ෂණ කරන්න. ඒ ක්ෂේත්‍රයන් ගැන තවදුරටත් අධ්‍යනය කරන්න සිතනවා නම් අන්තර්ජාලය හරහා විවිධ පතපොත කියවන්න ඔබට පුළුවන්. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බොහෝ ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන ඔවුන්ගේ ග්‍රන්ථ නොමිලයේම ඔබට බාගත කර ගැනීමේ පහසුකම් මේ වෙද්දී දීලා තියෙනවා. යූටියුබ් ටියුටෝරියල් හරහා මේ විෂය ක්ෂේත්‍රයන් සම්බන්ධ දේවල් වැඩි දුරටත් අධ්‍යනය කරන්න පුළුවන්. මේ ටියුටෝරියල් ආශ්‍රිතව තමන් සෛධාන්තිකව ඉගෙන ගත් විෂයානුබද්ධ න්‍යායන්ගේ ප්‍රයෝගිකත්වය පිළිබඳව අධ්‍යනය කරන්නත් ඔබට පුළුවන්. එහෙම උනොත් මේ වසංගත සමය නිම වෙද්දී ඒ ඒ විෂය ක්ෂේත්‍ර සඳහා දක්ෂ පුද්ගලයෙක් නිර්මාණය වී තිබෙනවා නොඅනුමාන යි.

ඒ වගේම තමන් ඉගෙන ගන්න ආස එත් ඒ පිළිබඳව තවමත් කිසිවක් නොදන්නා දේවල් ඔබට ඇති. (මෝටර් රථ කාර්මික දැනුම, ඉලෙක්රොනික භාණ්ඩ අලුත්වැඩියාව වගේ දේවල්) ඒවා ඉගෙන ගන්න පොඩි උත්සහයක් දරන්න. ඒ සඳහා ඔබට අන්තර්ජාලය හා යූටියුබ් ටියුටෝරියල් පාවිච්චි කරන්න පුළුවන්.

ගෙවතු වගාව 

සීමිත ඉඩ කාර්යක්ෂම භාවිතා කරමින් සිදුකෙරෙන ගෙවතු වගාව (cherryblossomlife)

ගෙවතු වගාවෙන් කායික නිරෝගිකම මෙන්ම මානසික සන්තුෂ්ටිය ද ලබා ගත හැකියි. ඒ වගේම තමන්ගේ පරිභෝජනය සඳහා එළවලු පලතුරු මෙන්ම පළා වර්ග ද පරිභෝජනය ඉක්මවා අස්වැන්න ලැබේ නම්  එය අලෙවි කිරීමෙන් අතිරික්ත ආදායමක් ද උපයා ගත හැකි යි. වසංගත සමයේ ගෙවතු වගාවට යොමු වන සේ බොහෝ රටවල රාජ්‍ය නායකයන් සිය පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වයත් එසේම යි. එයට හේතුවක් තියෙනවා. කෝවීඩ් වසංගතයෙන් පසු ඊටත් වඩා දරුණු ආහාර අර්බුදයකට ලෝකයට මුහුණ පෑමට සිදුවන බවත් කුසගින්නේ පසුවන ජනතා කොට්ටාශය දැන් මෙන් දෙගුණයක් විය හැකි බවත් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා ප්‍රකාශ කරලා තියෙනවා. එන්න ඒක තමයි හේතුව.

වසංගතය හේතුවෙන් තමන්ට අවශ්‍ය දේ, තමන්ගේ පරිභෝජනයට අවශ්‍ය දේ ගෙවත්තෙන් ම ලබා ගැනීම ස්වයන්පෝෂිත ආර්ථික ක්‍රමයකට රට ගමන් කිරීමට හේතු වෙනවා. නමුත් මෙහිදී බොහෝ දෙනෙකුට ගැටළුවක් වන්නේ තම ගෙවත්තේ ඉඩකඩ සීමා සහිත වීම යි. ඔබට ඇති ඉඩ කාර්යක්ෂම භාවිතා කරමින් මේ සමයේ ගෙවතු වගාවට යොමුවන ආකාරය පිළිබඳව මීට පෙර අප විසින් ගෙන ආ ලිපිය මෙතනින් ඔබට බලන්න පුළුවන්.

මඟහැරී ගිය විනෝදාංශයන් සඳහා යොමු වෙන්න 

පොත් කියවන්න (arstechnica.)

මීට කාලයකට ඉහත ඔබ චිත්‍ර ඇන්දා ද? විවිධ වාද්‍ය භාණ්ඩ වාදනය කළා ද? පුරුද්දක් විදිහට පොත් කියෙව්වා ද? ෆිල්ම් බැලුවා ද? එක එක වර්ගයේ කෑම හැදුවා ද? මල්පැල හිටවලා වත්ත ලස්සන කළා ද? හැබැයි තරගකාරී ජිවන විලාසය සමග අර කියපු දේවල් ක්‍රමක්‍රමයෙන් මඟහැරිලා ගියා ද? අන්න ඒ දේවල්වලට යොමු වෙන්න නියම කාලය තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන් තමන්ගේ පසුගිය විනෝදාංශවලට නැවත යොමු වෙන්න.

මීට කාලයකට ඉහත ඔබ ආසාවෙන් එකතු කරපු මුද්දර එකතුව, කාසි එකතුව කොහෙද තියෙන්නේ කියලත් පොඩ්ඩක් හොයලා බලන්න.

බඩ අඩු කරගන්න, ෆිට්න්ස් හදා ගන්න හොඳම කාලේ 

ගෙදර ඉදන් ව්‍යායාම කරන්න (economictimes)

තරගකාරී ජීවන විලාසිතාවත් එක්ක තමන්ගේ ශරීරය ගැන හරි අවධානයක් යොමු කරන්න බැරි වුනු අයට මේ කාල සීමාව තුළ දී නිවසේ සිට ම ව්‍යායාම කරන්න පුළුවන්. යූටියුබ් එකෙන් බලලා තමන් විසින්ම නිර්මාණය කරගත් පිළිවෙලකට ඒ ව්‍යායාම කරන්න. ඒ වගේම යෝගී ව්‍යායාමවල යෙදෙන්නත් ඔබට පුළුවන්. ඉතින් වසංගත සමය අවසන් වන විට ඔබට නිරෝගිමත් ක්‍රියාශීලි පුද්ගලයෙක් ලෙස එළියට යන්න පුළුවන් වේවි.

ආදරනීයයන් සමග අදහස් හුවමාරු කරගන්න 

පවුලේ සාමාජිකයන් සමග සතුටින් කාලය ගත කිරීම (i2.wp.)

එකම නිවසක හිටියත්  එදිනෙදා කාර්යබහුලත්වය නිසා පවුලේ සාමාජිකයන් සමග එකට ගැටීමට අදහස් හුවමාරු කරගන්න ඔබට එතරම් වෙලාවක් නොලැබෙන්නේ ඇති. ඔවුන් සමග එකට ඉන්න වේලාවක් නොලැබෙන්න ඇති. දෙමාපියන් සමග ඒ තම දරුවන් සමඟ මේ කාලය සතුටෙන් ගත කරන්න. ඔවුන් සමග අතීත රසබර සිදුවීම් මතක් කරන්න. තමන්ට මගහැරී ගිය මිත්‍රයන්ට ඥාතීන්ට දුරකථන ඇමතුම් දෙන්න. ඔවුන් සමග අදහස් හුවමාරු කරගන්න මේ කාලය භාවිතයට ගන්න 

උගත් පාඩම් ඇසුරෙන් ඉදිරි කාලය සඳහා සුදානම් වෙන්න 

කොවිඩ් 19 වසංගතය අවසන් වූ පසුව එදිනෙදා ජිවිතය පිළිබඳව අලුතෙන් සිතීමට යමක් තියෙනවා ද? ඔබ උපයන සියල්ලම ඉදිරියටත්  වියදම් කරනවා ද? නැතිනම් මෙවැනි ව්‍යවසනකාරි අවස්ථාවක් සඳහා යම් මුදල් ප්‍රමාණයක් මාසික වැටුපෙන් ඉවත් කර තැබිය තබනවා ද යන්න සිතිය යුතු වෙනවා.

කවරයේ පින්තූරය -ontheriver09

මූලාශ්‍රයයන් - 

Thriveglobal.com

Amnesty.org

Related Articles