Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්සත් ජාතීන් පිළිබඳව ඔබ නොදත් කරුණු 9ක්

ලෝක සාමය, ආර්ථික හා සමාජයීය ප්‍රගමනය උදෙසා ක්‍රියා කිරීම පිණිස එක් රැස් වූ ස්වාධීන රාජ්‍යන් 193කින් සමන්විත අද්විතීය සංවිධානයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය අපි සියළු දෙනාම හොදින් හදුනනවා. රාජ්‍යන් 51ක සහභාගිත්වයෙන් 1945 ඔක්තෝම්බර් 24 වනදා ආරම්භ වූ, වර්තමානයේ වැඩිම රටවල් ප්‍රමාණයක් සාමාජිකත්වය දරණ ලොව ප්‍රමුඛතම සංවිධානය ගැන ඔබ නොදත් අපූරු කරුණු කිහිපයක් මෙම ලිපිය තුළින් ගෙන එන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ.

එක්සත් ජාතීන් පිළිබඳව ඔබ දන්නා මෙවැනි සැඟවුණු අපූරු සිදුවීම් තව තිබෙනවානම් ඒ බව අපට කියලා යන්නත් අමතක කරන්න එපා.

1 එක්සත් ජාතීන්ට නම ආවේ කොහොමද?

නම යෝජනා කළ ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් (Biography.com)

නම යෝජනා කළ ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් (Biography.com)

දෙවන ලෝක යුද්ධයේ කටුක අත්දැකීම් සමඟ තවත් එවැනි විනාශයන් වැළක්වීමට ලොව ප්‍රබල රටවල නායකයන් එක්ව නව සංවිධානයක් ගොඩනැගීම සඳහා අදහස් හුවමාරු කරගත්තා. එවැනි එක් අවස්ථාවක එක්සත් ජනපදයේ ජනාධිපති ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් විසින් යෝජනා කළ නම විශාල අවධානයකට ලක් වූයේ නැති නමුත් පළමු ප්‍රකාශය අත්සන් තැබීමට සතියකට පෙර ඔහු මිය ගිය බැවින් ජනාධිපතිවරයාට උපහාරයක් ලෙස ඔහු විසින් යෝජනා කරන ලද “එක්සත් ජාතීන්” යන නමට සියළුම සාමාජික රටවල් කැමැත්ත පළ කරනු ලැබුවා.

2 මස් මඩුවක ඉදි වූ මූලස්ථානය

එක්සත් ජාතීන්ගේ මූලස්ථානය (meta.mk)

එක්සත් ජාතීන්ගේ මූලස්ථානය (meta.mk)

එක්සත් ජාතීන්ගේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේයි. මුලින්ම 1946 වර්ෂයේ ලන්ඩනයේ රැස් වූ එක්සත් ජාතීන් තම මූලස්ථානය ලෙස පළමුවෙන්ම නම් කරන ලද්දේ බොස්ටන් හා සැන් ප්‍රැන්සිස්කෝ වැනි නගරයි. නමුත් අවසානයේදී එවකට ඇමරිකාවේ ජනාධිපති වූ ජෝන් D රොකෆෙලර් විසින් නිව්යෝර්ක් නුවර භූමිය මිලදී ගැනීම සඳහා කරන ලද ඩොලර් මිලියන 8.5 ක මුදල් ත්‍යාගය හේතු කරගෙන නිව්යෝර්ක් නුවර තෝරාගනු ලබනවා.

ඩොලර් මිලියන 65ක වියදමකින් තැනූ අහසට නැගුණු මහල් 45ක මන්දිරය පිහිටි භූමිය එදානම් ප්‍රසිද්ධව පැවතියේ මස් විකිණීම සඳහා සතුන් මරාදමන ස්ථානයක් ලෙසයි. නිව්යෝර්ක් නගරයේ මස් අවශ්‍යතාවය සම්පුර්ණ වූයේ මෙතනින් කියලා තමයි එවකට වාර්තා වල සදහන් වෙන්නේ.

3 එක්සත් ජාතීන්ගේ නීතිය ක්‍රියාත්මක වන මුලස්ථාන භූමි ප්‍රදේශය

මූලස්ථානය ඉදිරිපිට ඇති ස්මාරකය (www.un.org)

මූලස්ථානය ඉදිරිපිට ඇති ස්මාරකය (www.un.org)

එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ගොඩනැගිලි හතරකින් සමන්විත වෙනවා. ඒ පහත ශිඛර ගෝලය සහිත මහා මණ්ඩල ශාලාව, ලේකම් කාර්යාල කුළුණ, සම්මන්ත්‍රණ ශාලාව හා නිරිත දිගින් පිහිටි ඩැග් හැමර්ෂල්ඩ් පුස්තකාලය ලෙසයි.

මේ ගොඩනැගිලි හා භූමි ප්‍රදේශය තුළ ඇමරිකා එක්සත් ජනපද නීතිය ක්‍රියාත්මක වන්නේ නෑ. මෙම ප්‍රදේශය අන්තර්ජාතික කලාපයක් ලෙසයි වෙන් කර තිබෙන්නේ. එයින් අදහස් වෙන්නේ එක්සත් ජාතීන්ගේ ධජය යටතේ පොලිස් බලතල භාර වෙනම ආරක්ෂක නිලධාරීන් සිටින බවත් තමන්ගේම තැපැල් මුද්දර නිකුත් කරන බවත්ය.

4 හමුදාවක් නොමැති සාම සාධක මෙහෙයුම්

සාමය සඳහා නොබෙල් ත්‍යාගය ලබා ගන්නා එවකට මහ ලේකම් කොෆී අන්නන් ප්‍රමුඛ හමුදා නිලධාරීන් (CNN.com)

සාමය සඳහා නොබෙල් ත්‍යාගය ලබා ගන්නා එවකට මහ ලේකම් කොෆී අන්නන් ප්‍රමුඛ හමුදා නිලධාරීන් (CNN.com)

එක්සත් ජාතීන්ට නිත්‍ය හමුදාවක්නම් නෑ. සියළුම සාම සාධක මෙහෙයුම් සිදු කරන්නේ සාමාජික රටවල් මගින් ආරක්ෂක මණ්ඩලය වෙත සපයන සන්නද්ධ හමුදා බලකායන්  මගිනි.

නිල් පැහැති හිස් වැසුම පළදන භටයන් තම රටේ නිළ ඇදුම ඇද සිටිනවා. භාවිතා කරන්නේද සැහැල්ලු අවි පමණි. එය භාවිතා කරනු ලබන්නේත් හුදෙක් ආත්මාරක්ෂාව සඳහා පමණි. හදීසි අවස්ථාවන් වලදී බර අවි අවශ්‍ය වුවහොත් ඒවාද සැපයීමට සාමාජික රටවල් බැදී සිටිනවා. හමුදා සාමාජිකයන්ගේ මෙහෙයුම් පිළිබඳව අවසන් තීරණ ඔවුන් අයිති රටවල් මගින් ගනු ලබනවා. මෙසේ මෙහෙයුම් මගින් කොන්ගොවේ(1964), ඇෆ්ගනිස්ථානයේ (1989) හා නැම්බියාවේ සාමය ස්ථාපිත කිරීමට එක්සත් ජාතීන්ට හැකියාව ලැබෙනවා.

5 යුධ අවියෙන් අත් පා තැනූ එක්සත් ජාතීන්

1990 වර්ෂයේදී නිකරගුවා සිවිල් යුද්ධය හේතුවෙන් සිය දහස් ජනයා ඉතාමත් කටුක දිවියක් ගත කරමින් සිටින විට එය සමථයකට පත් කිරීම සඳහා යුධ කණ්ඩායම් අතර සාම ගිවිසුමක් ඇති කිරීමට එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නිරීක්ෂණ කණ්ඩායම සමත් වෙනවා.

කැරලිකාර කණ්ඩායම් නිරායුධ කිරීම උදෙසා කටයුතු කළ එක්සත් ජාතීන් ඉන් නොනැවතී තවත් ජන මෙහෙවරකට අත තබනවා. ඒ එකතු කළ අවි ආයුධ ටොන් ගණන ප්‍රතිචක්‍රීකරණයට ලක් කිරීමෙන් කෘතීම අත් පා නිපදවීමයි. යුද්ධය නිසා අත් පා අහිමි වූ සාමාන්‍ය ජනතාවට එය මහඟු පිටුවහලක් වූ බව සංවිධානය ප්‍රකාශ කරනවා.

6 අන්තර්ජාතික නීති නිර්මාණය කිරීම

සියළු රටවල් පිළිපැදිය යුතු අන්තර්ජාතික ගුවන් සේවා හා ආරක්ෂක නීති පද්ධතිය, මුහුදු පරිහරණය හා ගමනාගමනය, සියළුම අභ්‍යවකාශ නීති රීතීන් ඒ වගේම සියළුම පරිසර ආරක්ෂණ සම්මුතීන් හා විෂ මත්ද්‍රව්‍ය සංසරණය පාලනය කිරීම උදෙසා වන නීතින් සකස් කරනු ලබන්නේ එක්සත් ජාතීන් හා සම්බන්ධ ආයතන විසිනි.

සියළුම රටවල් සහයෝගයෙන් ක්‍රියා කිරීමේ අරමුණ උදෙසා එක්සත් ජාතීන් මේ වන විට අන්තර්ජාතික නීති සමුදායන් 350කට වැඩි ප්‍රමාණයක් සම්පාදනය කර ඇති අතර එම නීතින් මගින් අන්තර්ජාතික සහයෝගිතාවට මුලික පදනම නිර්මාණය වන බව එක්සත් ජාතීන්ගේ අදහස වෙනවා.

7 පාසල් සිසුවකුගෙන් එක්සත් ජාතීන්ට ලැබුණු අපූරු ලිපිය

සංවිධානයේ ධජය (Halo Nation)

සංවිධානයේ ධජය (Halo Nation)

සෑම දිනකම ලොව නන් දෙසින් එක්සත් ජාතීන්ගේ මූලස්ථානයට විශාල ප්‍රමාණයකින් ලිපි ලැබෙනවා. ලිපි එවන පුද්ගලයන් බොහෝමයක් පාසල් ශිෂ්‍යයන් හා තරුණයන් බවයි එක්සත් ජාතීන් පවසන්නේ. ඒ වගේම ලිපි වල අන්තර්ගතය බොහෝ විට එක්සත් ජාතීන්ට සුභ පැතීමයි. ඒ අතර ලේකම්වරයාට උපදෙස් ලිපිත් ලැබෙනවා.

1996 ඔක්තොම්බර් 24 වන දින මහා මණ්ඩල ශාලාවේදී මෙලෙස ලැබුණු අපූරු ලිපියක් කියවනු ලැබුවා. එක්සත් ජනපදයේ පාසල් සිසුවෙකුයි මෙය ඒවා තිබුනේ. ලිපිය ලියලා තිබුනේ මෙන්න මේ විදියට:

ආදරණිය එක්සත් ජාතීන්,

ලෝකයේ යුද්ධ පිළිබඳව මම ඔබට ලියමි. මිනිසුන් මැරීම වෙනුවට බොක්සිං තරඟයක් පැවැත්වීමට ලෝකයේ නායකයන්ට නොහැකි ඇයි?

හිතවත් කීත් කවුට්ස්,

තුන්වන ශ්‍රේණිය , කැපොසින් ප්‍රාථමික පාසල , වොෂින්ටන්.

8 නිල ගීයක් නොමැති ලොව විශාලම සංවිධානය

සම්මන්ත්‍රණ ශාලාව (IISD)

සම්මන්ත්‍රණ ශාලාව (IISD)

ඔබ දන්නවාද තවමත් එක්සත් ජාතීන්ට නිල ගීයක් නොමැති බව? නමුත් නිල ගීයක අවශ්‍යතාවය පිළිගන්නා එක්සත් ජාතීන් එය තෝරා අනුමත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට භාර කර තිබෙනවා. නමුත් මේ දක්වා නිල ගීයක් තෝරාගෙනනම් නෑ.

1970 දී එක්සත් ජාතීන්ට උපහාර පිණිස ඉංග්‍රීසි ජාතික W.H අවුඩන් කවියා නිර්මාණය කළ විශාරද පැබ්ලෝ කැසල්ස් විසින් තනු නිර්මාණය කරන ලද ගීයක් වරින් වර සමුළු වලදී ගායනා කළත් තවමත් එය නිල ගීය ලෙස පිළිගන්නේ නෑ.

9 නුබියා දෙවොල රැක ගැනීමේ විශ්ම ජනක මෙහෙයුම

නුබියා දෙවොල (Crystalinks)

නුබියා දෙවොල (Crystalinks)

නයිල් ගංගාව හරහා අස්වාන් වේල්ල ඉදිකිරිම තුළින් වසර 5000ක් පැරණි ඊජිප්තුවේ නුබියා ස්මාරක විනාශයට පත් වීමට ඉඩ නොදී දෙවොලේ සියළුම ස්මාරක කොටස් වලට වෙන් කර ජලයෙන් යට නොවන ප්‍රදේශයකට ගෙන ගොස් යලිත් එකළස් කරන ලදී. අන්තර් ජාතික විශේෂඥයන් ඒ සඳහා මෙහෙයවන්නේ එක්සත් ජාතීනුයි. මේ දැවැන්ත මෙහෙයුම සඳහා වර්ෂ 20ක පමණ කාලයක් ගත වෙනවා.

ඕනෑම රටක උරුමයන් ආරක්ෂා කරන එක්සත් ජාතීන් කාම්බෝජයේ අන්කොර්වත් විහාරය, ඊජිප්තුවේ ඇලෙක්සැන්ද්‍රියා පුස්තකාලය හා ඉන්දුනීසියාවේ බෝරෝ බුදූර් විහාරය ඇතුළු තවත් රටවල් 80ක පමණ ස්මාරකයන්හි කොටස් ගලවා නැවත එකළස් කිරීමෙන් ඒවා ආරක්ෂා කර තිබෙනවා.

ඉහත ආකාරයට ලිපිය තුළින් දක්වූයේ එදිනෙදා අප එක්සත් ජාතීන් පිළිබඳව කතා බහ නොකරන අපූරු රසබර සිදුවීම් කිහිපයක්. ඔබ මෙම ලිපිය කියවන මොහොතේත් එක්සත් ජාතීන් සියළු මනුෂ්‍යන්ගේ ප්‍රගමනය උදෙසා තම වගකීම ලොව සෑම රටකටම ඉටුකරමින් සිටිනවා ඇති.

Related Articles