Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

90වෙනි Oscar සම්මාන උළෙලේ දී මොකද වුණේ?

90වන ඇකඩමි සම්මාන උළෙල හෙවත් ඔස්කාර් සම්මාන උළෙල පසුගිය මාර්තු 4වෙනි දා පැවැත්වුණා. මෙම සම්මාන උළෙලේ දී සම්මාන 24ක් ලබා දෙන ලද අතර මෙය ඇමරිකානු සිනමාවේ විශාලතම සම්මාන උළෙල ද වෙනවා. මෙම සම්මාන උළෙල 1930 වසරේ දී පළමු වරට ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණා. එය රූපවාහිනියෙන් ප්‍රදර්ශනය වුණේ 1953 වසරේ සිට යි. අද වන විට ලොවපුරා රටවල් 200ක පමණ එය සජීවීව අන්තර්ජාලය ඔස්සේ ප්‍රදර්ශනය වෙනවා. මෙය ලොව පැරණිතම සම්මාන උළෙලක් ලෙස සැලකෙනවා. එමෙන්ම ලොව ප්‍රධානම සම්මාන උළෙලවල් වන Emmy Awards,Tony Awards, හා සංගීතය වෙනුවෙන් පවත්වනු ලබන Grammy Awards පවා ආරම්භ වී තිබෙන්නේ ඇකඩමි සම්මාන උළෙලට පසුව යි. 2017 වසරේ තිරගත වූ සිනමාපට ඇගයීම වෙනුවෙන් 90වන ඔස්කාර් සම්මාන රාත්‍රිය පැවැත්වුණේ කැලිෆෝනියාවේ, ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි නාට්‍ය ශාලාවේ යි. එය ඉදිරිපත් කරනු ලැබුවේ ප්‍රවීණ ඇමරිකානු නිවේදකයෙකු වන ජිමි කිමෙල් හා ඇමරිකානු නිළියක වන මායා රුඩොල්ෆ් විසිනුයි. මේ වනවිට උළෙල 90ක දී ලබා දී ඇති මුළු ඔස්කාර් සම්මාන ගණන 3072ක් වෙනවා.

(independent.co.uk) – ජිමි කිමෙල්

The Shape Of Water සිනමා පටයට සම්මාන 4 ක්

හොලිවුඩයේ නිපදවුණු අතිශය කතා බහට ලක්වුණු සිනමා පටයක් ලෙස The Shape Of Water විද්‍යා ප්‍රබන්ධ සිනමා පටය හඳුන්වන්න පුළුවන්. විද්‍යාගාරයක සේවය කරන කාන්තාවක් හා උභයජීවී මත්ස්‍යාකාර සත්ත්වයෙකු අතර ඇතිවන ආදර සම්බන්ධයක් මෙම සිනමාපටයට කතා තේමාව වී තිබුණා. මෙම සිනමාපටය 90වන ඔස්කාර් සම්මාන උළෙලේ දී ලබාගත් මුළු සම්මාන ගණන 4ක්. ඒවා අතර, හොඳම සිනමා අධ්‍යක්ෂණය වෙනුවෙන් ගිලර්මෝ ඩෙල් ටොරෝ විසින් ද, හොඳම සංගීතය වෙනුවෙන් ඇලෙක්සැන්ඩර් ඩේස්ප්ලැට් ද සම්මාන ලැබුවා. හොඳම කලා අධ්‍යක්ෂණයට හිමි සම්මානය ද ලබා ගත්තේ මෙම සිනමාපටය යි. මෙය එතෙක් මෙතෙක් නිර්මාණය වූ හොඳම විද්‍යා ප්‍රබන්ධ සිනමාපටය ලෙස ද හඳුන්වා දීමේ වරදක් නෑ.

Dunkirk ට එක සම්මානයයි

මෙවර ඔස්කාර් සිනමා උළෙලේ දී බොහෝ දෙනෙකු Dunkirk සිනමාපටය දෙස ඉතා ඕනෑකමින් බලා සිටියා. මෙය දෙවන ලෝක යුධ සමයේ සිදු වූ ඩන්කර්ක් ගලවා ගැනීමේ මෙහෙයුම ඇසුරෙන් නිර්මාණය වූවක්. නමුත් ක්‍රිස්ටෝපර් නොලන්ගේ සංස්කරණ සගයා වූ ඕස්ට්‍රේලියාවේ ලී ස්මිත්ට හිමිවුණු “හොඳම සංස්කරණයට” හිමි සම්මානයෙන් පමණක් Dunkirk සිනමාපටයට සෑහීමට පත් වීමට සිදුවුණා.

ලී ස්මිත් – ( www.theaustralian.com.au)

පළමු කළු ජාතික හොඳම තිර රචකයා  

මෙවර සිනමා උළෙලේ හොඳම තිර පටපතට හිමි සම්මානය Get Out සංත්‍රාසජනක සිනමාපටය දිනා ගනු ලැබුවා. ඇමරිකානු ඩොලර් මිලියන 4.5ක වියදමින් තැනුණු එහි ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 254.7ක් ලෙස වාර්තා වුණා. එතෙක් මෙතෙක් ඔස්කාර් සිනමා උළෙලක ප්‍රථම කළු ජාතික හොඳම පිටපත් රචකයාට හිමි සම්මානය ද මෙම සිනමාපටයේ රචනය හා අධ්‍යක්ෂණය කළ ජෝර්ඩන් පේලේ විසින් දිනාගනු ලැබුවා. ඔහු මෙම සම්මානය ලබාගත් මොහොතේ ප්‍රකාශ කර තිබුණේ මෙම සිනමාපටය සැබෑවක් නොවණු ඇතැයි සිතා විසි වතාවක් පමණ එය ලිවීම නතර කළ බවයි.

ජෝර්ඩන් පීලේ  – (wordpress.com)

හොඳම නිළියගේ සම්මානය සොරකම් කරයි

තමන්ගේ දුවණියගේ මරණයේ අභිරහස සෙවීමට අවධානය ලබා ගැනීම වෙනුවෙන් බිල් බෝඩ් තුනක් කුලියට ගත් මවක් වටා ගෙතුන “Three Billbords Outside Ebbing, Missouri” සිනමාපටයේ මවගේ චරිතයට පණ පෙවූ ෆ්‍රැන්සිස් මැක්ඩොර්මන්ඩ් විසින් මෙවර හොඳම නිලියට හිමි සම්මානය දිනාගනු ලැබුවා. මේ ඇය විසින් දිනාගත් දෙවන ඔස්කාර් සම්මානය යි. ඈ මීට පෙර 1996 වසරේ දී Frago සිනමා නිර්මාණය වෙනුවෙන් ඔස්කාර් සම්මානයක් දිනාගනු ලැබුවා.

කෙසේ නමුත් ඇයට මෙවර හරි අපූරු සිදුවීමකට මුහුණ පාන්න සිදුවුණා. ඒ, ඇය විසින් ජයග්‍රාහණය කළ සම්මානය සොරකමකට ලක් වීමයි. පසුව සම්මානය සොරාගත් 47 හැවිරිදි පුද්ගලයාව ලොස් ඇන්ජලීස් පොලිස් අත්අඩංගුවට පත්වුණා.

හොඳම නළුවාට හිමි සම්මානය ගැරී ඕල්ඩ්මන් විසින් දිනාගනු ලැබුවේ “Darkest Hour” සිනමාපටය වෙනුවෙනුයි. හොඳම සහය නළුවාට හිමි සම්මානය “Three Billboards outside Ebbing, Missouri” හී රඟපෑ සෑම් රොක්වෙල් දිනාගනු ලැබූ අතර එහි නිළියගේ සම්මානය I,Tonya හී රඟපෑ ඇලිසන් ජනේ විසින් දිනාගනු ලැබුවා.

වමේ සිට – සෑම් රොක්වෙල් , ෆ්‍රැන්සිස් මැක්ඩොමාන්ඩ් , ඇලිසන් ජනේ, ගැරී ඕල්ඩ්මෑන් (digitalspyuk.cdnds.net)

හොලිවුඩය විසින් බොලිවුඩය සිහිපත් කිරීම

මෙවර ඔස්කාර් සම්මාන රාත්‍රියේ දී වෙනදා මෙන්ම තමන්ගේ දක්ෂතාවයෙන් ලොව කුල්මත් කල කලාකරුවන් සිහිපත් කිරීම සිදුවුණා. ඉන්දියානු සිනමාවට මහත් සේවාවක් කර මෙලොවින් සමුගත් බොලිවුඩයේ ශෂී කපූර් හා ශ්‍රී දේවිව ද මෙවර සිනමා උළෙලේ දී සිහිපත් කිරීම බොහෝ දෙනාගේ කතාබහට ලක්වී තිබුණා.

wp.com

නමුත් ඒ අතරම බෝහො දෙනාගේ අප්‍රසාදයට ලක් වූ සිදු වීමක් වුණේ, හොලිවුඩය තුල ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රථම හොදම සජීවිකරණ සිනමාපටය ලෙස 1991 වසරේ යෝජනා වූ  “Beauty and the Beast” හී කොග්ස්වර්ත් ගේ චරිතයට හඬ පෙවූ, 2018 මාර්තු 3 වෙනිදා දිවියෙන් සමුගත් ඩේවිඩ් ඔග්ඩන්ව එහි දී සිහිපත් නොකිරීමයි.

හොඳම සජීවිකරණ සිනමාපටය ලෙස සම්මාන දිනාගනු ලැබුවේ coco සිනමාපටය යි. එය නිර්මාණය කරනු ලැබුවේ ලොව ප්‍රසිද්ධම සජීවිකරණ සිනමාපට නිපදවූ Pixar සමාගම යි.

thebetterindia.com

forbes.com

hollywoodreporter.com

oscar.go.com

කවරයේ කතාව: desimartini.com

Related Articles