Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නැවතත් ගුවනේ කරක්ගැසූ නොර්මැන්ඩි සටන් විරුවා – ටොම් රයිස්

දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශවයේ ජයග්‍රහණය තහවුරු කළ වැදගත්ම අවස්ථාවක් ලෙස සුප්‍රසිද්ධ නෝර්මැන්ඩි ආක්‍රමණය හඳුන්වා දිය හැකියි. 1944 ජුනි 6 වන දා ප්‍රංශයේ නෝර්මැන්ඩි වෙරළ තීරයේ තෝරාගත් ස්ථාන පහකට අමෙරිකානු, බ්‍රිතාන්‍ය, හා කැනේඩියානු බලකා ඇතුළු මිත්‍ර පාර්ශවයේ භට පිරිස් සාගරයෙන් හා ගුවනනින් ගොඩ බසිනවා.

වැඩිදුර කියවීම් – සුප්‍රසිද්ධ ඩී-ඩේ සටනේ යුද ටැංකි

එහි 75 වන සංවත්සරය සමරන ලද්දේ මෙම වසරේ ජූනි මාසයේ 6 වන දා යි. එහි ප්‍රධාන සැමරුම් උළෙල පවත්වන්නේ ප්‍රංශයේ ඕමහ වෙරළ ආසන්නයේ යි. එම වෙරළ , මිත්‍ර සෙබලුන් ගොඩ බැසීම සඳහා යොදාගත් ස්ථාන පහෙන් එකක් විය. ඕමහ වෙරළ ගොඩ බැසීමේ සටන වඩා අපහසු වූ අතර එහිදී ඇමෙරිකානු සෙබලුන් බොහෝ ප්‍රමාණයක් මරණයට පත්වෙනවා. තවත් විශාල ප්‍රමාණයක් තුවාල ලබනවා.

75 වන සමරුවේ විශේෂ අවස්ථා මෙතනින් බලන්න

නොර්මැන්ඩි ගොඩබැසිමේ 75වන සංවත්සරය

ගුවන් පිම්මට සුදානම් වන ටොම් රයිස් (CBS News)

නොර්මැන්ඩි ආක්‍රමණය සඳහා සහභාගී වූ යුද විරුවන්ගෙන් දැනට ජීවතුන් අතර සිටින සිය ගණනක් ගොඩගැසීමේ 75 වන සංවත්සරය සැමරීම සඳහා ඕමහ වෙරළට රැස්වෙනවා. උත්සවය සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා හා  ප්‍රංශ රජනාධිපතිවරයා සහභාගී වෙනවා. ඔවුන් උත්සවය අමතා කතා කළ අතර දෙවන ලෝක යුද්ධයේ දී යුරෝපය නට්සින්ගෙන් බේරා ගැනීමේ ආරම්භක මෙහෙයුම සඳහා සහභාගී වී දැනට ජිවතුන් අතර සිටින සියලු යුද විරුවන්ට තම උත්තමාචාරය පුද කරනවා. ඔවුන්ට ජාතියේ ප්‍රණාමය හිමිවෙන බවත් මුළු මහත් යුරෝපයම ඔවුන්ට ණයගති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.

උත්සවයේ හමුදා ආචාර වෙඩි මුර පැවැත්වූ අතර මියගිය සියලු යුද භටයන් සිහි කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් ද පවත්වනවා. අනතුරුව රාජ්‍ය නායකයන් විසින් මියගිය යුද විරුවන් සිහිකිරීමට නිර්මාණය කර තිබෙන ස්මාරකවලට සිය ගෞරවය පිරිනමනවා.

75 වන සංවත්සරය වෙනුවෙන් ගුවන් පිම්මකට සහභාගී වූ යුද විරුවා

ගුවන් පිම්මට සුදානම් වන ටොම් රයිස් (CBS News)

දෙවන ලෝක යුද්ධයේ ඇමෙරිකානු 82 වන හා 101 වන ගුවන් සංක්‍රමණික ඩිවිෂණ මෙම ගොඩ බැසීම සඳහා එකතු වෙනවා. එම සේනාංක දෙක අතරින් ටොම් රයිස් අයත් වන්නේ 101 වන ගුවන් සංක්‍රමණික ඩිවිෂණයේ 501වන රෙජිමේන්තුවට යි. ඔහු ගොඩ බසින්නේ නොර්මැන්ඩි ජර්මානු සතුරු භූමියට යි.

එවකට 22 වන වියේ පසු වූ මෙම ඇමෙරිකානු පැරෂුට් සෙබලාට වර්තමානය වන විට වයස අවුරුදු 97ක්. එදා C-47 ඩග්ලස් ගුවන් යානයකින් මෙහෙයුම සඳහා නොර්මැන්ඩි වෙරළේ නොදන්නා ස්ථානයක ගොඩ බැසි ඔහු 75 වන සංවත්සරය සමරන මොහොතේ ගුවන් පිම්මකින් එම වෙරළටම පහත්වීම බොහෝ දෙනාගේ අවධානයට යොමු වෙනවා.

ටොම් රයිස්

භූමියට පතිත වෙමින් (Army Times)

එම අවස්ථාව සිහිවීම පිණිස මෙවර ඔහු ඇමෙරිකානු හමුදාවේ පැරණි C-47 ඩග්ලස් ගුවන් යානයකින් තමන් වසර 75කට පෙර නිර්භීතව ගොඩ බැසි වෙරළ තීරය කරා ගුවන් පිම්මක් පැනීමට තීරණය කරනවා. මේ සඳහා ඔහුට ඇමෙරිකානු ගුවන් හමුදාවේ ඔහුගේ පැරණි ඒකකය වන 101 වන ගුවන් සංක්‍රමණික බලකායෙන් විශේෂ උපකාර හිමිවෙනවා.  එහි එක් පැරෂුට් භටයකුගේ ආධාර මත 97 හැවිරිදි ටොම් ජයග්‍රාහීව වෙරළ තීරය කරා ගොඩබැසීමට සමත් වෙනවා.

ගුවන් යානය ජර්මානු සතුරු වෙඩි ප්‍රහාරවලින් බේරා ගැනීම සඳහා නියමුවා පැයට සැතපුම් 165ක වේගයකින් ගුවන් යානය පැදවූ අතර ආරක්‍ෂිත පිම්මක් වෙනුවෙන් එය පැයට සැතපුම් 105 දක්වා අඩු කළ යුතුව තිබුනා. නමුත් ජර්මානුවන්ගෙන් එල්ල වන අධික ප්‍රහාර හමුවේ වේගය අඩු කිරීම ගුවන් නියමුවා විසින් ප්‍රතික්ෂේප කරනවා. එවැනි අවස්ථාවක යි ටොම්, මරුකට වෙත සාර්ථක පිම්මක් පනින්නේ.

මීට වසර 75 කට පෙර ඝන අදුරේ මෙම මරුකටට තමන් ගොඩ බැසි බවත්, යුධ නීති උල්ලංඝණය කරමින් ජර්මානුවන් පැරෂුට් භටයන්ට දිගට හරහට වෙඩි තැබූ බවත්, පොළවට ළඟා වූ පසුත් ජර්මානුවන්ගේ දරුණු වෙඩි පහරවල් එල්ල වූ බවත් ඔහු සඳහා කරනවා. දරුණු ජර්මන් ප්‍රහාරය හමුවේ තමන් සමග ගොඩ බැසි 101 හා 82 වන ගුවන් සංක්‍රමණික බලකාවල සහෝදර සෙබලුන් සිය ගණනක් තම දෑස ඉදිරියේ මරණය වැළඳගත් බව ඔහු පවසන්නේ කම්පාවකින් යුතුව යි.

සටන පුරාවටම ජර්මානුවන්ගෙන් කාලතුවක්කු ප්‍රහාර හා මැෂින් තුවක්කු ප්‍රහාර දරුණු ලෙස එල්ල වූ බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

සාර්ථක පිම්ම

සාර්ථකව පිම්ම අවසන් කරමින් (Tampa Bay Times)

ඇමෙරිකානු ධජය ද රැගෙන සාර්ථකව ගොඩ බැසීමෙන් අනතුරුව සිය සතුට ප්‍රකාශ කරන ටොම්, වසර 75කට ප්‍රථම ව මෙන්ම, මෙවර ද තමන් නිර්භීතව ගමන සඳහා පිටත් වූ බව සඳහන් කරනවා. නමුත් මෙවර පිම්මේ විශේෂත්වය වන්නේ තමන් පනින තුරු කිසිවෙක් වෙඩි තැබීමට සූදානම්ව නොසිටීම බව ඔහු සඳහන් කරන්නේ සිනාමුසු මුහුණෙන් යුතුව යි.

කවරයේ පින්තූරය - KTLA

මූලාශ්‍රයයන්  -

cbsnews.com

military.com

bbc.com

Related Articles