Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ශ්‍රවණාධාර උපකරණ පිලිබඳව දැනුවත් වෙමු

ශ්‍රවණය යනු සමාජ ජීවීන් වශයෙන් අපට අත්‍යවශ්‍යම සංවේදන අතරින් එකක් වෙනවා. එනම් අපට අනෙකුත් පුද්ගලයන්ටද පරිසරයටද ඇහුකන් දීමෙන් ඒ අනුව හැඩගැසීමට හැකියාව ලැබෙන්නේ මෙම ශ්‍රවණය හරහායි. නමුත් හදිසියේ මෙම ශ්‍රවණය නැතිව ගියහොත් හෝ එහි දුර්වලතාවයක් ඇති උවහොත්? එය ඔබගේ දිවියට කෙතරම් බලපෑමක් විය හැකිද? මේ නිසාම මිනිසුන් මෙම ශ්‍රවණ ඌනතාවයන්ට ප්‍රතිකාර සෙවීම සඳහා යොමු වූ අතර එහි විශිෂ්ටතම ප්‍රතිපලයක් ලෙස මෙම ශ්‍රවණාධාර උපකරණය නිපදවීම සිදු වුණා. එනිසා ශ්‍රවණ දුර්වලතාවයන් සහිත පුද්ගලයන්ට නව බලාපොරොත්තුවක් ඇති වූවා මෙන්ම ඔවුන්ට යලි ශ්‍රවණය ලබාගැනීමටද හැකියාව හිමි වුණා.

thefirst.website (ආදී කාලීන ශ්‍රවණාධාරයක පින්තූරයක්)

ශ්‍රවණාධාර උපකරණයක් යනු?

ශ්‍රවණාධාර උපකරණයක් යනු ශ්‍රවණ ඌනතාවයන් සහිත පුද්ගලයන් සඳහා ඇසීමට හා සන්නිවේදනය කිරීමට ආධාර වන ලෙස පරිසරයේ ඇති ශබ්ද වැඩිදියුණු කරන්නට සමත් කුඩා විද්‍යුත් මෙවලමක් ලෙස සරළව හඳුනා ගත හැකියි. එම ශ්‍රවණාධාර මගින් ශ්‍රවණ ඌනතා සහිත පුද්ගලයන්ට ඝෝෂාකාරී පරිසරයකදී වුවද ඇසීම ලබා දීමට හැකියාව පවතිනවා. මෙම ශ්‍රවණාධාර උපකරණයක් ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. එනම් මයික්‍රොෆෝනය (microphone), ශබ්ද වර්ධකය (amplifier), හා ශබ්ද වාහිනිය (speaker) වශයෙනි. ශ්‍රවණාධාරක උපකරණයට මයික්‍රොෆෝනය හරහා ශබ්ද ග්‍රහණය කරගෙන යොමු කරන අතර එම ශබ්ද තරංග විද්‍යුත් තරංග බවට පත්කර ඒවා ශබ්ද වර්ධකය වෙත යොමු කෙරෙනවා. එසේම ශබ්ද වර්ධකය මගින් එම ශබ්ද තරංග වල ශක්තිය තවදුරටත් වර්ධනය කරමින් ඒවා ශබ්ද වාහිනිය හරහා කණ වෙත යොමු කිරීම සිදු වෙනවා.

ශ්‍රවණාධාර උපකරණ හා බැඳුණු වර්ධනීය ඉතිහාසය.

මෙම ශ්‍රවණාධාර උපකරණය පිලිබඳව තොරතුරු විමසා බලන විට එහි ඉතිහාසය 13 වන සියවස තරම් ඇත අතීතයකට දිව යනවා. ඒ අනුව ආදි කාලීනව ශ්‍රවණ උපකරණ සඳහා ඇතුලත කුහර සහිත අඟවල් එනම් ගවයන් වැනි සත්වයන්ගේ අඟ යොදා ගෙන තිබෙනවා. 18 වන සියවසේදී පමණ නවීන ශ්‍රවණ උපකරණ නිපදවීම සදහා මිනිසා යොමු වූ අතර කට පළල් නලයක් වැනි උපකරණයක් එහිදී නිපදවා තිබෙනවා. ඒවා මුල්කාලීනව ශ්‍රවණ ඌනතා ඇති පිරිමි පාර්ශවය සඳහා ආධාර වශයෙන් භාවිතා කර තිබෙනවා. එම උපකරණයට ශබ්ද වර්ධනය කිරීමේ හැකියාවක් නොවූ අතර එමගින් සිදු කළේ පරිසරයේ ඇති ශබ්ද එක් කර කණ වෙත යොමු කිරීමයි.

මෙම ශ්‍රවණාධාර ඉතිහාසයේ වර්ධනීය සංධිස්ථානයක් ලෙස 19-20 වන සියවසේදී ඉලෙක්ට්‍රොනික ශ්‍රවණාධාර නිපදවීම හඳුනා ගැනීමට පුළුවන්. 19 වන සියවසේදී දුරකථනය නිපදවීමත් සමග එලෙස ඉලෙක්ට්‍රොනික ශ්‍රවණාධාර නිපදවීම සදහා යොමු වී තිබෙනවා. 1870 දී තෝමස් එඩිසන් විසින් දුරකථන සඳහා කාබන් සම්ප්‍රේෂකය නිපදවා ඇති අතර එමගින් විද්‍යුත් ශබ්ද වර්ධනය කිරීමට හැකියාව ලැබී තිබෙනවා. එම තාක්ෂණය භාවිතා කරමින් 1902 වසර දක්වා ශ්‍රවණාධාරක උපකරණ නිපදවීමට යොමු වී තිබෙනවා.

1921-1952 කාලයේදී රික්තක නල තාක්ෂණය භාවිතා කරමින් ශ්‍රවණාධාර නිපදවීමට යොමු වූ අතර ඒවාට ශබ්ද වඩාත් හොදින් වර්ධනය කිරීමට හැකියාව තිබූ අතරම ඒවා විශාලත්වයෙන් වැඩි වුණා මෙන්ම එනිසා ඒවා පැළඳීමටද අපහසු වූවා. එසේම 1924 කාලයේදී රික්තක නාලයේ හා ශ්‍රවණාධාරයේ විශාලත්වය අවම කරමින් ශ්‍රවණාධාර නිපදවීම සදහා යොමු වූ අතර 1938දි අපට පැළදීමට හැකි ආකාරයේ ශ්‍රවණාධාරයක් හඳුන්වා දී තිබෙනවා. 1940 කාලයේ දී ඉහළ තාක්ෂණයෙන් යුතු ශ්‍රවණ උපකරණ නිපදවීමට යොමු වූ අතර ඒවා පරිපථයකින් ද සමන්විත වුවා. මේ ආකාරයට මෙම ශ්‍රවණාධාර වල වර්ධනීය ඉතිහාසය පිලිබඳව හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. (https://www.healthyhearing.com/report/47717-Digital-hearing-aid-history)

ශ්‍රවණාධාර වර්ග හඳුනා ගනිමු.

මෙම ශ්‍රවණාධාරක උපකරණ පිලිබඳව සලකා බලන විට ඒවා පළඳින ආකාරය අනුව ප්‍රධාන ආකාර පහක් හදුනා ගැනීමට හැකියාව ලැබෙනවා. එනම්, කණෙහි පසුපසින් පළඳින ශ්‍රවනාධාර(BTE), කුඩා ප්‍රමාණයේ කනට පසුපසින් පළඳින ශ්‍රවණාධාර (“mini” BTE), කණෙහි ඇතුලත පළඳින ශ්‍රවණාධාර (ITE), ශ්‍රවණ නාලය තුල පළඳින ශ්‍රවණාධාර (ITC) හා සම්පූර්ණයෙන්ම ශ්‍රවණ නාලය තුල පළඳින ශ්‍රවණාධාර (CIC) ආදී වශයෙනි. කණෙහි පසුපසින් පළඳින ශ්‍රවණාධාර(BTE) යනු ප්ලාස්ටික් වැස්මකින් සමන්විත වන කණ පිටුපසට වන්නට පළඳින උපකරණයක් වන අතර කණෙහි ශ්‍රවණ නාලය තුල පළඳින අච්චුවක් වැනි කොටසකට නාලයක් හරහා සම්බන්ධ වෙයි. එහි ඉලෙක්ට්‍රොනික උපාංග කණ පිටුපස ඇති ප්ලාස්ටික් වැස්ම තුල රඳවා තිබෙනවා. එවැනිම වර්ගයේ ශ්‍රවණාධාරයක් වන කුඩා ප්‍රමාණයේ කනට පසුපසින් පළඳින ශ්‍රවණාධාර කලින් සඳහන් කළ වර්ගයේ ශ්‍රවණාධාර වලට වඩා ප්‍රමාණයෙන් කුඩා ශ්‍රවණාධාර වර්ගයක් වෙනවා.

cchaid.com ( ශ්‍රවණාධාර වර්ග)

එසේම කණෙහි ඇතුලත පළඳින ශ්‍රවණාධාර (ITE) වලදී ශ්‍රවණාධාර සම්පූර්ණයෙන්ම පළඳි න්නේ කනෙහි ඇතුලත පමණක් වෙනවා. ශ්‍රවණ නාලය තුල පළඳින ශ්‍රවණාධාර (ITC) කණෙහි ඇතුලත පළඳින ශ්‍රවණාධාර වලට වඩා ප්‍රමාණයෙන් කුඩායි. එයටද වඩා ප්‍රමාණයෙන් කුඩා ශ්‍රවණ නාලයේ ඇතුලටම වන්නට පළඳින ශ්‍රවණාධාර වර්ගයක් ලෙස සම්පූර්ණයෙන්ම ශ්‍රවණ නාලය තුල පළදින ශ්‍රවණාධාර (CIC) හඳුනාගත හැකි වනවා.

මෙම ශ්‍රවණාධාර ක්‍රියාත්මක වන ආකාරය අනුව එය ප්‍රධාන ආකාර දෙකකි. එනම් ශබ්ද තරංග විද්‍යුත් තරංග බවට පරාවර්තනය කර එම ශබ්ද වර්ධනය කරමින් කණ වෙත යොමු කරනු ලබන ශ්‍රවණාධාර (analog) එහි එක් ආකාරයක් වෙනවා. මෙම වර්ගයේ ශ්‍රවණාධාර පුද්ගලයාගේ අවශ්‍යතාවයට අනුව සීරුමාරු කරමින් සකස් කළ හැකි වෙනවා. ඒවා ඔහු සිටින පරිසරයට අනුකුලව එනම් ඝෝෂාකාරී හෝ නිෂ්ශබ්ද පරිසරයට අනුව සකසා ගැනීමටද හැකි වනවා. අනෙක් ආකාරයේ ශ්‍රවණාධාර වර්ගය වන්නේ ශබ්ද තරංග සංඛ්‍යාත්මක කේත බවට පත් කරන (digital) ශ්‍රවණාධාරයි. ඒවා පරිගණක වල කේතවලට සමාන වෙනවා.

supremehearing.com (වර්තමානයේදී දකින්නට ලැබෙන ශ්‍රවණාධාර)

මේ ආකාරයට අපට ශ්‍රවණාධාර උපකරණ පිලිබදව හඳුනා ගැනීමට හැකි වෙනවා. මෙම ශ්‍රවණාධාර වලින් ලැබෙන සහාය පුද්ගලයාගේ ශ්‍රවණ ඌනතාවයේ ප්‍රබලතාවය අනුව තීරණය වනවා. වර්තමානය වන විට බොහෝ ඉහළ තාක්ෂණයෙන් යුතු ශ්‍රවණාධාර දකින්නට ලැබෙන අතර ඒවායෙන් ලැබෙන සහයද ඉහළ තත්ත්වයක පවතිනවා.

hearingaidknow.com (කවරයේ පින්තූරය)

මූලාශ්‍ර:

Related Articles