Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යුරෝපයේ තුන්වන විශාලම රට වන ස්පාඥ්ඥය

අතීත ලෝකයේ ප්‍රබලයන් වූයේ යුරෝපීයයන්ය. ඔවුන් තම බලපරාක්‍රමය ලෝකය පුරා පැතිර වූයේ යටත් විජිත පිහිටුවා ගනිමින්ය. අතීතයේ දේශ ගවේෂණය හා නාවික කටයුතු සම්බන්ධයෙන් යුරෝපීයයන් තුළ පැවතියේ ප්‍රබල කුතුහලයකි. ස්පාඤ්ඤය යනු එවැනි උද්යෝගිමත් ජන කොට්ටාශයක් සිටි රටකි. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ ස්පාඤ්ඤය පිලිබඳ කරුණු ඔබ වෙත ගෙන ඒමට යි.

පිහිටීම

moveabroadnow.com

ස්පාඤ්ඤය පිහිටා ඇත්තේ යුරෝපයේ අයිබීරියානු අර්ධද්වීපය තුළයි. මෙය අප්‍රිකාවට ආසන්නව පිහිටා ඇත. ඊසාන දෙසින් ප්‍රංශයද බටහිරින් පෘතුගාලයද ස්පාඤ්ඤය සඳහා මායිම් වී ඇත. දකුණින් මායිම් වී ඇත්තේ මොරොක්කෝව හා Gibraltar ය. නැගෙනහිර මායිම සැකසී ඇත්තේ මධ්‍යධරණී මුහුදෙනි.

ඉතිහාසය

ස්පාඤ්ඤයේ පදිංචිකරුවන් ස්පාඤ්ඤයට සංක්‍රමණය වී ඇත්තේ යුරෝපය, අප්‍රිකාව හා මධ්‍යධරණී ප්‍රදේශවල සිටයි. ක්‍රිස්තු පුර්ව පළමු සියවසේදී රෝමානුවන් ස්පාඤ්ඤය ආක්‍රමණය කරන ලදී. මේ හේතුවෙන් ස්පාඤ්ඤය බොහෝ දුරට ක්‍රිස්තියානි රාජ්‍යයක් බවට පත් විය. ක්‍රිස්තු වර්ෂ 711 දී අප්‍රිකාවේ සිට පැමිණි මුස්ලිම් වරුන් විසින් ස්පාඤ්ඤය ආක්‍රමණය කරන ලදී. මින්පසු ඉස්ලාම් නීතිරීති ස්පාඤ්ඤය පුරා ව්‍යාප්ත විය. මොවුන් නව වාරි පද්ධති, වගාවන් හඳුන්වා දුන් අතර වෙළඳාම ද දියුණු කරන ලදී.

1492 වසරේදී උතුරු ස්පාඤ්ඤයයේ සිටින ක්‍රිස්තියානි කණ්ඩායම් විසින් ස්පාඤ්ඤය පුරා බලය පැතිරවීමත් සමඟ මුස්ලිම් ආගම යටපත් වී නැවත ක්‍රිස්තියානු ආගම හිස ඔසවන ලදී. ස්පාඤ්ඤය තම යටත් විජිත පුරා පතුරවාගෙන සිටි බලය Napoleonic යුද්ධ මාලාව නිසා ඔවුන්ට අහිමි විය. 1930 පැවති ස්පාඤ්ඤය සිවිල් යුද්ධය නිසා මිනිසුන් 500 000 අධික ප්‍රමාණයක් මරණයට පත්වන ලදී. 1975 දී කෘර පාලනයක් ගෙන ගිය Franco ගේ මරණයත් සමඟ ස්පාඤ්ඤය නවීන රාජ්‍යක් බවට පත්විය.

භාෂා

gilmourlance.org

1978 ව්‍යවස්ථාවට අනුව ස්පාඤ්ඤයේ ජාතික භාෂාව වන්නේ ස්පාඤ්ඤ භාෂාවයි. Castilian නමැති උප භාෂාව මධ්‍යම හා දකුණු ප්‍රාන්ත වල භාවිතා වේ. මෙම භාෂාව පාසල්වල හා උසාවිවල කටයුතු සඳහාද භාවිතා වේ. ස්පාඤ්ඤයේ ඇති ප්‍රාදේශීය භාෂා පහත දැක්වේ.

  • Catalan – ජනගහණයෙන් 17% මෙම භාෂාවෙන් කතා කරයි.
  • Galaician – ජනගහණයෙන් 7% මෙම භාෂාවෙන් කතා කරයි.
  • Basque – ජනගහණයෙන් 2% මෙම භාෂාවෙන් කතා කරයි.
  • Bable
  • Valencian

මෙම ප්‍රාදේශීය භාෂාවන් ස්පාඤ්ඤ ජාතිකයින් මිලියන 16 ක් පමණ කතා කිරීමට යොදා ගනී. ලෝකයේ දෙවනුවට වැඩියෙන්ම භාවිතා වන භාෂාව ස්පාඤ්ඤ භාෂාවයි. ලොව වටා මිනිසුන් මිලියන  406 කට වඩා ප්‍රමාණයක් මෙම භාෂාව කතා කරයි.

ජනගහණය

theleader.info

එක්සත් ජාතීන්ගේ 2005 වසරේ වාර්තාවලට අනුව ස්පාඤ්ඤයේ ජනගහණය 43 484 000 ක් විය. මෙම ජන සංඛ්‍යාව ලෝකයේ රටවල් 193 ක් අතරින් 29 වන ස්ථානය හිමිකර ගනී. 2005 වසරේ වාර්තා වලට අනුව ජනගහණයෙන් 17% ක් වයස අවුරුදු 65 ට වඩා වැඩි පුද්ගලයින් වූ අතර 15% ක් අවුරුදු 15 ට අඩු ළමයින් විය. සෑම කාන්තාවන් 100ක් සඳහාම පිරිමින් ගණන 6ක් විය. මෙහි ජන ඝනත්වය ලෙස දක්වා ඇත්තේ වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 86කි.

දේශපාලනය

ස්පාඤ්ඤය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහිත රාජාණ්ඩුවකි. මෙහිදී රජු හා තෝරාපත් කරගත් ජනාධිපතිවරයෙකු අතර බලය බෙදී යයි. යුරෝපයේ පවතින බලය විකේන්ද්‍රණය වූ ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ස්පාඤ්ඤය දැක්විය හැක. ස්පාඤ්ඤය තුල ජාතික පාර්ලිමේන්තුවක් දැකිය හැක. මිට අතරව ප්‍රාන්ත මඟින් ඔවුන්ට අවශ්‍ය පාසල්, රෝහල් සහ පොදු සේවා කළමනාකරණය කර ගනිමින් පවත්වාගෙන යයි.

ආර්ථිකය

intrepidtravel.com

ස්පාඤ්ඤයේ පිහිටා ඇති විශාල නගර හා අව් රශ්මිය සහිත වෙරළ තීරයන් සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට සමත් වේ. මේ හේතුවෙන් සංචාරක කර්මාන්තය ස්පාඤ්ඤයේ ආර්ථිකය සඳහා විශාල දායකත්වයක් ලබා දේ. සංචාරක කර්මාන්තය හා සම්බන්ධ අනෙකුත් සේවා කර්මාන්තද ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දේ.

මිට අමතරව ස්පාඤ්ඤයේ කැපී පෙනෙන කර්මාන්තයක් වන්නේ ඔලිව් ඔයිල් නිෂ්පාදනයයි.  ලෝකයේ ඔලිව් නිෂ්පාදනයෙන් 43.8% ක් නිපදවන්නේ ස්පාඤ්ඤය යි. මෙහි විශාලම ඔලිව් නිෂ්පාදිත ප්‍රාන්තය වන්නේ Andalucia ප්‍රදේශයයි. ස්පාඤ්ඤයේ ඔලිව් ඔයිල් සඳහා දියර රත්තරන් යන නාමයද භාවිතා වේ. මෙම ඔලිව් තෙල් මිලදී ගන්නා ප්‍රධාන රට ලෙස ඉතාලිය දැක්විය හැක.

දේශගුණ තත්වය

travelhealthpro.org.uk

ස්පාඤ්ඤයේ කාලගුණ තත්වය ඒකාකාරී නැත. මෙහි උතුරු වෙරළ තීරය ඉතා ශිත කාලගුණයකින් යුතු වේ. මෙම ප්‍රදේශයේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 14 කි. මධ්‍යම සානු ප්‍රදේශය හේමන්ත කාලයේදී දැඩි සීතලකින් යුතු වන අතර ග්‍රීෂ්ම කාලයේදී උෂ්ණ කාලගුණයක් දැකිය හැක. Andalucia හා Levante ප්‍රදේශ උෂ්ණ ප්‍රදේශ ලෙස දැක්විය හැක. උතුරු වෙරළ තිරයේ වාර්ෂික වර්ෂාපතනය සෙන්ටිමීටර් 99ක් පමණ වේ.  දකුණු වෙරළ තිරයේ වාර්ෂික වර්ෂාපතනය සෙන්ටිමීටර් 41 – 79 ත් අතර වේ.

ශාක හා සත්ව ප්‍රජාවන්

blog.aifsabroad.com

දේශගුණයේ පවතින විවිධත්වයන් නිසා ස්පාඤ්ඤය තුල හොඳ ශාක හා සත්ව විවිධත්වයක් දැකිය හැක. මෙහි සිටි සුවිශේෂී සත්වයෙකු වන අයිබේරියානු වල් බළලා දැනටමත් වඳ වී ගොස් ඇත. ස්පාඤ්ඤයේ දකුණු කොටසේ හා පෘතුගාලයේ වර්තමානය වන විට ඉතිරිව ඇත්තේ ක්ෂීරපායින් කීපයක් පමණි. අනෙකුත් සංරක්ෂිත සතුන් ලෙස අයිබේරියානු කැලෑ ඌරා, අයිබේරියානු නරියා, කැන්ටබ්‍රියන් දුඹුරු වලසා දැක්විය හැක. ස්පාඤ්ඤයේ ජාතික කුරුල්ලා වන්නේ කෙටි ඇඟිලි රාජ අලියායි (short – toed eagle). ස්පාඤ්ඤයේ සිටින වේගවත් හා ශක්තිමත් අශ්වයින් බොහොමයක් වාසය කරන්නේ Andalusia ප්‍රාන්තය තුළයි. උතුරු ස්පාඤ්ඤයේ දැකිය හැකි ශාක ලෙස ඕක්, බීච්, පොප්ලර්, එල්ම් දැක්විය හැක. වියළි කාලගුණයක් සහිත දකුණු ස්පාඤ්ඤයේ දැකිය හැකි ශාක ලෙස පයින්, ජුනිපර්, හා අනෙකුත් සදාහරිත ශාක දැක්විය හැක.

කවරයේ පින්තුරය – spain.com

Related Articles