
ගෙදර ටීවී එකෙන් YouTube බලන්න, ෆෝන් එකේ ඡායාරූප/වීඩියෝ ටීවී එකේ පුළුල් තිරයෙන් බලන්න හොඳම ක්‍රමය Android TV හෝ Screen Mirror තාක්ෂණය ඇති උපාංග භාවිතා කරන එකයි. Smart TV එකක් ගන්න විශාල මුදලක් වැය කරන්න වුණත් ඉතාම අඩු මුදලකට එවැන්නක ඇති සියලු පහසුකම් මින් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, කල් ගත වෙද්දී ඉදිරි කාලයට එන App Updates ටීවී එකට support කරන්නේ නැති නිසා YouTube වත් බලන්නට බැරිව යාම පාඩුවක්.
කවුරුත් දන්න Chromecast
Google සමාගම නිපදවන කුඩා රවුමක් බඳු Chromecast උපාංගය Android මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංගයක්. මෙය සාමාන්‍ය TV එකක් වෙත HDMI හරහා සම්බන්ධ කිරීමෙන් භාවිතයට ගන්න පුළුවන්. බාහිර විදුලි සැපයුමක් ඊට ලබා දිය යුතු අතර, WiFi හරහා ෆෝන් එක හෝ පරිගණකය සම්බන්ධ කරන්න පුළුවන්.
මෙහි Play Store එක ලැබෙන නිසා Netflix, YouTube, HBO, Hulu ඇතුළු ඕනෑම App එකක් ස්ථාපනය කරගත හැකියි. පරිගණක තිරය Mirror කරන්නට Chrome හෝ වින්ඩෝස් Wireless Display විශේෂාංගය පාවිච්චි කරන්න පුළුවන්. ෆෝන් එකෙන් නම්, YouTube/VLC වැනි Apps හරහා හෝ MiraCast/AirPlay/Smart View වැනි විශේෂාංගවලින් තිරය Mirror කරන්නට හැකි නිසා ෆෝන් එකේ කුඩා තිරය ඔබේ විශාල රූපවාහිනී තිරය මතින් පාවිච්චි කරන්නට හැකි වෙනවා.
ලංකාවට නිල වශයෙන් තවමත් Chromecast හඳුන්වාදී නැති නිසා නිල නොලත් වෙළඳුන්ගෙන් ලබා ගැනීමෙන් වගකීම ගැන විශ්වාසයක් තැබීමට හැකියාවක් නැහැ. එයටත් වඩා අඩු මිලට Play Store නොමැති, Screen Mirroring පමණක් ඇති AnyCast සහ ඒ මත පදනම්ව සැකසූ චීන උපාංග ඉතා අඩු මිලට (රු. 2000-3000 සහ ඉහළට) වෙළඳපොළේ දකින්නට තිබෙනවා.
Mi TV Stick සමග අඩු ඉඩකින් වැඩ ගොඩක්
වෙනස් නොකරන ලද (Stock) Android TV අනුවාදයක් රස විඳින්නට අවස්ථාව දෙන මෙය සතුව Google Play Store ද ඇති නිසා YouTube, Netflix ආදී ඔබට ඕනෑම App එකක් එහි ස්ථාපනය කරගත හැකියි. Quad-core ප්‍රොසෙසරයක්, 1GB RAM එකක්, සහ 8GB Storage එකක් ඇති නිසා උපරිම සවිබලයක් ලැබෙන අතර Full HD 1080p වීඩියෝ 60fps වලින් නරඹන්න පුළුවන්. නමුත් මෙහි 4K නැහැ.
ප්‍රමාණයෙන් ඉතා කුඩා Xiaomi Mi TV Stick එක රූපවාහිනියේ පසුපස වැඩි ඉඩක් නොගෙන HDMI හරහා සම්බන්ධ වෙනවා. රිමෝට් එකෙන් Navigation, Volume, Power, Google Assistant මෙන්ම Netflix සහ Amazon Prime සඳහා බොත්තම් ලැබෙනවා. මිල රු. 11,000 සිට ඉහළට මෙරට වෙළඳපොළේ තිබෙනවා.
ඩේටා ගාස්තු නැතිව එන Dialog ViU Mini
Google සමාගමේ Android TV සමඟ ක්‍රියාත්මක වන Dialog ViU Mini උපාංගයෙහි Google Assistant පහසුකම පවතින අතර Dialog TV සේවාවේ Live TV, පැය 2ක් දක්වා Rewind TV, පැය 72ක් දක්වා පැරණි වැඩසටහන් නැරඹිය හැකි Catch-up TV, VOD යනා දී විශේෂාංග මින් අත්විඳිය හැකියි. ඔබට ඩයලොග් අන්තර්ජාල සබඳතාවක් තිබෙනවා නම් ඒ සියලු DTV සේවාවන් ඩේටා ගාස්තු නොමැතිව ලද හැකියි. මෙහි Amazon Prime සේවාව, Voice Remote පහසුකම, මොබයිල් ක්‍රීඩා කිරීම, චිත්‍රපට නැරඹීම, කැමති Apps download කරගැනීම ඇතුළු පහසුකම් රැසක් ඇතුලත් වෙනවා.
Chromecast පහසුකම මෙහි අන්තර්ගත නිසා WiFi හරහා ඔබේ දුරකතන හෝ පරිගණක තිරය TV එක තුළින් දකින්නට පුළුවන්. නැතිනම්, Projector එකකට ඍජුවම ViU Mini උපාංගය සම්බන්ධ කරන්න පුළුවන්. Bluetooth තිබෙන නිසා Bluetooth Headset එකක් හෝ Joystick එකක් වුණත් connect කරගන්න අවස්ථාව තිබෙනවා. ඒ වගේම මෙම උපාංගයෙන් WiFi හරහා ඩයලොග් ටීවී චැනල් නැරඹීමට හැකි බැවින්, කේබල් හෝ Dish වැනි අමතර උපාංග අවශ්‍ය වන්නේ නැහැ. මාසික ගාස්තුව රු. 450 (+ බදු) පමණයි. මේ දිනවල රු. 5990ක සුවිශේෂී මිලකට ViU Mini Stick එකක් ඔබට ඩයලොග් පාරිභෝගික අත්දැකීම් මධ්‍යස්ථාන (Dialog Experience Centres) වලින් මිලදී ගත හැකියි.
ඇමසන් Apps වලින් පිරුණු Fire TV Cube
Android මත පදනම්ව Amazon සමාගම විසින් සකස් කරන ලද Fire TV OS ධාවනය වන Fire TV Cube 2nd Generation එක 2017 මුල් නිෂ්පාදනයට වඩා දැන් බොහෝ දුර පැමිණ තිබෙනවා. ඉහළ ප්‍රොසෙසරයක්, Dolby Vision ආදිය සමග Chromecast ලෝකයේ ක්‍රමයෙන් ඉදිරියටම පැමිණෙන්නට එය සමත් වෙනවා.
4K HDR වීඩියෝ ධාවන පහසුකම, Voice Remote එක, වෙනස් නොකළ YouTube app එක මෙයට වටිනාකමක් එක් කරද්දී එය සමග HDMI කේබල් එකක් නොලැබීම, Amazon සමාගමේ විස්තර/ඇප්ස් ආදියෙන් සෑම තැනම පුරවා තිබීම, Remote එකේ Voice පහසුකම නිසි ලෙස කටහඬ හඳුනා නොගැනීම වැනි ගැටළු ද එය නැවත සමබර මට්ටමකට ඇද දමනවා. මිල ද රු. 14,000න් ඉහළ අගයන්ට අපිට දකින්නට ලැබුණා.
නරකම නැති Mi Box S
දිග පළල අඟල් 3.5 බැගින් වූ Mi Box S එක කුඩා සමචතුරස්‍රාකාර පෙට්ටියක්. එහි පසෙකින් HDMI port කක්, USB port එකක්, 3.5mm audio port එකක්, සහ බල සැපයුම සඳහා port එකක් තිබෙනවා. YouTube ඇතුළුව Play Store සහාය, 4K වීඩියෝ, Google Assistant මෙන්ම Netflix සහ Amazon Prime බොත්තම් ඇතුළු සියලු විශේෂාංග මෙහි පවතින නමුත් Performance අතින් මඳ පසුබෑමක සිටිනවා. මෙහි රිමෝට් එක මෙන්ම මෘදුකාංගවල ද දෝෂ පවතින බවයි Techradar වෙබ් අඩවිය සඳහන් කරන්නේ.
Android TV 6.0 සමග මෙහි Quad-core ප්‍රොසෙසරයක් තිබෙනවා. HDMI 2.0a මෙන්ම බ්ලූටූත් ද ඇති නිසා උපාංග සමග පහසුවෙන් සම්බන්ධ වීම විශේෂත්වයක්. මෙරට වෙළඳපොළෙන් රු. 16,000කට පමණ Mi Box S එකක් මිලදී ගත හැකියි.
අඩු මිලට හොඳ TV Box ගෙන එන Viu Hub 2.0
ඔබට දැනටමත් ඩයලොග් ටීවී සබඳතාවක් තිබෙනවා නම් රු. 2990කටත්, අලුතින් ගන්නවා නම් රු. 7990කටත් Android TV වලින් බල ගැන්වූ Viu Hub 2.0 උපාංගය ඩයලොග් වෙතින් ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය Android TV Box එකක් ගත්තාම ටීවී බලද්දී TV ඇන්ටෙනාව සහ HDMI (Box එක) අතර මාරු වෙන්නට සිදු වෙනවා. නමුත් මෙය ඩයලොග් ටීවී සැටලයිට් ඇන්ටෙනාව සමඟත් සම්බන්ධ වන නිසා ඒ ගැටළුව ඇති වෙන්නේ නැහැ. ඒ වගේම, සැටලයිට් සබඳතාවයේ ගැටළුවක් මතු වූ වහා IP ක්‍රමයට (WiFi සබඳතාවට) මාරු වන නිසා අඛණ්ඩව රූපවාහිනිය නරඹන්න පුළුවන්.
4K වීඩියෝ, Play Store ඇති නිසා සිතැඟි ඇප් එකක් ස්ථාපනය කරගත හැකි වීම, Google Assistant, Voice රිමෝට් එක, Chromecast (දුරකථන/පරිගණක තිරය Mirror කිරීමේ පහසුකම) ආදි සියල්ලෙන් ම සපිරි මෙය පැය 72ක් දක්වා Catch-up TV සහ පැය 2ක් දක්වා Rewind TV පහසුකම ද ගෙන එනවා. වැඩි විස්තර සඳහා dlg.dialog.lk/dtv-viu-hub වෙත පිවිසෙන්න.