Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනසංහාරයක විනාශය පරදා නැගී සිටි රුවන්ඩාව

රුවන්ඩාව යනුවෙන් හඳුන්වන්නේ විදේශ රටවල අවධානයට ලක් වූ සුවිශේෂී රටකි. මේ සඳහා බලපාන ප්‍රධානම හේතු අතර 1994 වසරේදී සිදු වූ සමූහ මනුෂ්‍ය ඝාතනත්, බ්‍රිතාන්‍ය පාලනයට යටත් නොවී පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය හිමි  රටක් වීමත් දැක්විය හැකි වනවා. අද වනවිට අප්‍රිකාවේ රටවල් අතුරින් ස්ථාවරම සහ දියුණුම රටවල් අතරට රුවන්ඩාව ගැනෙනවා. මෙම ලිපිය මඟින් අප බලාපොරොත්තු වන්නේ රුවන්ඩාව සම්බන්ධ වූ කරුණු ඉදිරිපත් කිරීමයි.

භූ ගෝලීය පිහිටීම

smartraveller.gov.au (රුවන්ඩා හි භූ ගෝලීය පිහිටීම)

මධ්‍යම අප්‍රිකාවේ පිහිටි රුවන්ඩාව සම්පූර්ණයෙන්ම වට වූ රටකි. ‘දහසක පමණ කඳු වලින් සමන්විත භූමිය’ යන අර්ථයෙන්ද මෙරට හඳුන්වනු ලබනවා. එනම් රුවන්ඩා සතුව ගිනිකඳු 05 ක්ද, විල් 23 ක් මෙන්ම නොයෙක් ආකාරයේ වූ ගංගාවන්ද පිහිටා තිබෙනවා. රුවන්ඩාව උතුරු දිසාවෙන් උගන්ඩාවෙන්ද, නැගෙනහිරින් ටැන්සානියාවෙන් ද, දකුණින් බුරුන්ඩි වලින් ද, බටහිරින් ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයෙන්ද වටවී තිබෙනවා.

සමූහ මනුෂ්‍ය ඝාතන

goobjoog.com

රුවන්ඩා විදේශීය අවධානයට යොමු වෙමින් වඩාත් කතාබහට ලක් වුණා. එයට ප්‍රධානම හේතුව වන්නේ 1994 වසරේදී සිදු වූ මෙම ජනසංහාරයයි. මේ සඳහා මූලික වූ කාරණාව වන්නේ ප්‍රධාන ජනවර්ග දෙකක් අතර වූ විරසකය යි. මෙරට ජනතාව ප්‍රධාන ලෙස ගෝත්‍ර දෙකකින් යුක්ත වන අතර, බහුතරයක් (85%) වූ හුටු ගෝත්‍රිකයන් හා ටුට්සි යන සුළුතරය එම කණ්ඩායම් දෙක වනවා.

කෙසේ නමුත් මෙරට පාලනය දීර්ඝ කාලයක සිට ගෙන ගියේ සුළුතරය වූ ටුට්සිවරුන් විසිනි. ඒ අනුව 1959 දී මෙම පාලනය පෙරළා දැමීම සිදු කරනවා. ඒ හුටුවරුන් විසිනි. මේ නිසා ටුට්සි වරුන් අසල්වැසි රට වලට පලා ගොස් ‘ රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ’ පිහිටුවා ගනු ලබනවා.

අනතුරුව 1990 දී රුවන්ඩාව​ ආක්‍රමණය කිරීම සිදු වන අතර දෙපිරිස මේ සම්බන්ධයෙන් සාම ගිවිසුමකට එළඹෙනවා. නමුත් මෙය රඳා පවතින්නේ 1994 අප්‍රේල් මස 06 වන දින දක්වා පමණි.

එනම් එවකට ජනපති හුටුවරුවරයෙකු වූ අතර ඔහු ඇතුළු පිරිස ගමන් ගත් ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල වූ අතර ඔවුන් එමඟින් මිය යනු ලැබුවා. ගැටුම ආරම්භ වූයේ මේ අනුවය. මෙයට වගකිව යුත්තේ ‘රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ’ බවට ප්‍රකාශ කළ අතර, ඔවුන් අනික් කණ්ඩායමට දොස් පවරනු ලැබුවා.

කෙසේ වෙතත් රට තුළ රැඳී සිටි සුළු ජාතික ටුට්සිවරුන් සොයමින් ඔවුන්ව ඝාතනය කිරීම සිදු කරනු ලැබුවා. මෙය කෙතරම් බිහිසුණුද යත්, අසල්වැසියන් විසින් අසල්වැසියන් ඝාතනය කිරීම, ස්වාමිපුරුෂයන් විසින් භාර්යාවන් ඝාතනය කිරීම් ආදිය සිදු වුණා.

මෙහි අවසානයේදී රුවන්ඩා දේශ ප්‍රේමී හමුදාව 1994 ජූලි මස කිගාලි නුවරට ඇතුළු වුණා. මෙහි දී මිලියන දෙකකට ආසන්න හුටු ජනතාව ‘සයිරෙ’ වෙත එනම් වත්මන් කොංගෝ වෙත පලා ගියා. අනතුරුව රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ බහු ජාතික රජයක් පිහිටුවා ගනු ලැබුවා.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීම

රුවන්ඩාව, බෙල්ජියම හා ප්‍රංශ පාලනයට නතු වුවද බ්‍රිතාන්‍ය පාලනයට යටත් වීමක් සිදු නොවුණා. නමුත් 2009 වසරේ නොවැම්බර් මස පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය හිමි කර ගනු ලැබුවා. ඒ 54 වන සාමාජිකයා ලෙසිනි. මේ මගින් රුවන්ඩාව බලාපොරොත්තු වූයේ අවට තිබෙන ඉංග්‍රීසි කතාකරන රටවල් සමඟ සබඳතා වඩාත් ශක්තිමත් කරගැනීමයි.

ආගම්, භාෂා හා ජාතීන්

twitter.com

Kinyarwanda නමැති භාෂාවත්, ප්‍රංශ හා ඉංග්‍රීසි භාෂාත් රුවන්ඩා හි නිළ වශයෙන් භාවිතා කරන භාෂා වනවා. ජනගහනය 11,901,484 කට පමණ වාසස්ථාන සලසන මෙරට හුටු, ටුට්සි හා ට්වා ජාතීන් සිටිනවා. ප්‍රොතෙස්තන්ත්‍ර ආගම 50.2 % කුත්, රෝමානු කතෝලික 44.3% කුත්, මුස්ලිම් 2% කුත්, ආගමකට අයත් නොවන 2.5% වශයෙන් ආගමික කණ්ඩායම් සම්බන්ධයෙන් කරුණු දැක්විය හැකි වනවා.

මෙරට භාවිතා කරන මුදල් ඒකකය වන්නේ රුවන්ඩන් ෆ්‍රෑන්ක් වේ.

පරිපාලනය හා දේශපාලනය

ජනාධිපති ජනරජයක් තිබෙන මෙරට අග නගරය වන්නේ කිගාලි යන නගරයයි. පළාත් හතරකට මෙරට බෙදා තිබෙනවා. වර්තමානයේ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2003 වසරේදී පවත්වන ලද ජනමත විචාරණයකින් සම්මත කොට තිබෙනවා. දේශපාලන පක්ෂ අතර රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණ ප්‍රධානයි. එය තවත් කුඩා පක්ෂ කිහිපයක් හා එක්ව රුවන්ඩා දේශප්‍රේමී පෙරමුණු සන්ධානය පිහිටුවාගෙන තිබෙනවා. ඊට අමතරව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සහ ලිබරල් පක්ෂය ආදී පක්ෂ කිහිපයක් ද​ දැක්විය හැකි වනවා.

ස්‌වාභාවික සම්පත් හා ආර්ථිකය

rainforest-alliance.org(කෘෂිකාර්මික කටයුතු වල යෙදෙන අයුරු)

ස්වභාවික සම්පත් අතර මීතේන්, රත්තරන්, cassiterite, wolframite ආදිය පිහිටා තිබෙනවා.

රුවන්ඩාහි භූමියෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා 74.5% පමණ ප්‍රදේශයක් භාවිතා කරනවා. වනාන්තර 18% පමණ භූමි ප්‍රදේශයකත්, අනෙකුත් කටයුතු සඳහා 7.5% භූමියකුත් භාවිතා කරනවා. දළ දේශීය නිෂ්පාදිතය ගැන අවධානය යොමු කිරීමේදී කෘෂිකාර්මික අංශයෙන් 30.9% දායකත්වයකුත්, කර්මාන්ත අංශයෙන් 17.6 % කුත්, සේවා අංශයෙන් 51.5% දායකත්වයකුත් දක්වනු ලබනවා.

කෘෂිකාර්මික නිෂ්පාදන අතර කෝපි, තේ, කෙසෙල්, බෝංචි, අර්තාපල් ආදිය වනවා. සිමෙන්ති, සබන්, ගෘහ භාණ්ඩ, සපත්තු, සිගරට් හා නිමි ඇඳුම් ආදිය කර්මාන්ත අංශයෙන් නිෂ්පාදනය කරනු ලබනවා.

වනෝද්‍යාන, සතුන් හා ශාක

visitvirunga.org(විරුන්ගා ජාතික වනෝද්‍යානය)

වර්ග කිලෝමීටර් 1080 පමණ සමන්විත අකගෙරා ජාතික වනෝද්‍යානයත්, 2004 වසරේදී ජාතික වනෝද්‍යානයත් බවට පත් වූ Nyungwe ත්, ලොව කඳුකර ගෝරිල්ලන් සජීවීව දැක ගත හැකි විරුන්ගා ජාතික වනෝද්‍යානයත් රුවන්ඩා හි ප්‍රධාන ජාතික වනෝද්‍යාන වනවා.

උභය විශේෂ 293 කටත්, කුරුළු විශේෂ 1,061 කටත් මෙන්ම ක්ෂීරපායින් විශේෂ 402 කටත් රුවන්ඩාව වාසස්ථාන සපයනු ලබනවා. එමෙන්ම ශාක විශේෂ 5793ක් පමණ මෙහි දක්නට පිළිවන් වනවා.

කවරයේ පින්තූරය: visiteastafrica.org

Related Articles