Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කවුද බෝයි නිසා ලංකාවේත් ප්‍රසිද්ධ වුණු කව්බෝයිලාගේ කතාව

(http://vrn.likengo.ru)

“කව්බෝයි” කියන වචනය ඇසුණු විගස මනසේ ඇඳෙන්නේ දුර්වර්ණ වී ගිය ඇදුම් ඇඳ සුරුට්ටුවක් උරමින් සිටින, හිසේ තොප්පියක් පැළඳ, බෙල්බොටම් කලිසමක් අැඳ, තුවක්කු රඳවනය හා රිවෝලරය සහිත ඉන පටියක් සහ බෙල්ල වටේ ලේන්සුවක් බැඳ අශ්වයකු පිට ගමන් කරනා තරුණයකුගේ රුවකි.  එහෙත් සත්‍ය වශයෙන් ම කව්බෝයිස්ලා එලෙස ඇඳ පැළඳ සිටියා ද, ජීවත් වුණා ද, සටන් කළා ද යන්න පිළිබඳව බොහෝ දෙනකුට නිසි අවබෝධයක් නැත. ඒ නිසා ම මේ ලිපිය ලියැවෙන්නේ ඔවුන් පිළිබඳව ය.

ඉතිහාසය සහ වර්ගීකරණය

කව්බෝයි වචනය ඉංග්‍රීසි භාෂාවට එකතු වන්නේ ‘Vaquero’ යන ස්පාඤ්ඤ වචනයේ අර්ථයෙන් බව භාෂාවේදීන්ගේ අදහස යි. ඔවුනට අනුව එය 1725 තරම් ඈත අතීතයක දී ඉංග්‍රීසි භාෂාවට එකතු වී ඇත. එහි අර්ථය ‘ගව රංචුවක් තනිව ම බලාගන්නා‘ යන්න යි.  16 වන සියවසේ දී ඇමෙරිකාවට සංක්‍රමණය වූ ස්පාඤ්ඤ ජාතිකයන්ගෙන් වර්තමානයේ ටෙක්සාස්, ෆ්ලොරිඩා සහ නිව් මෙක්සිකෝ යන ප්‍රදේශවල මොවුන් ව්‍යාප්ත වී සිටිති.

(www.printerest.com)

1860 ගණන්වල අගභාගයේ දී ඇමෙරිකානු සිවිල් යුද්ධය නිමා වීම සහ සත්ත්ව පාලන කර්මාන්තය දියුණු වීම යන කාරණා ද්විත්වය මත සුදු ජාතිකයන්, ස්පාඤ්ඤ ජාතිකයන් මෙන් ම වහලුන් ලෙස සිට නිදහස් වූ පුද්ගලයන් කව්බෝයිවරු ලෙස සේවය කරන්නට වඩ වඩාත් පෙළඹුණි. ඉතිහාසඥයන් දක්වන ආකාරයට එම කාල පරිච්ඡේදයේ දී බටහිර ඇමෙරිකානු ප්‍රදේශවල බහුලව ජීවත් වූයේ මෙක්සිකානු ජාතියන් සහ රතු ඉන්දියන්වරුන් ය. එනිසාවෙන් ම එම ප්‍රදේශය තුළ එවකට ඇමෙරිකාව තුළ පැතිරී තිබුණු වර්ණභේදවාදය එතරම් දැඩිව ව්‍යාප්ත වී නොතිබුණි.

ඇමෙරිකාවේ විශාලත්වය නිසා කාලගුණය සහ භූ විෂමතාව යන සාධකයන් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන බැවින් ඒවාට අනුරූප වන ආකාරයට කව්බෝයිස් සම්ප්‍රදායන් දෙකක් ඇමෙරිකාව තුළ බිහි වී ඇත. ඉන් එකක් ටෙක්සාස් සම්ප්‍රදාය ලෙස හැදින්වෙන අතර අනෙක කැලිෆෝනියා සම්ප්‍රදාය ලෙස හැදින්වේ.

කව්බෝයිස්ලා වීරයන් ද?

(https://blogs.baylor.edu)

චිත්‍රපටවල අප දැක ඇත්තේ කව්බෝයිවරු ඉතා වීර පුද්ගල කොට්ඨාසයක් වශයෙනි. නමුත් ඔවුන්ගේ සැබෑ තතු විපරම් කිරීමේ දී පෙනී යන කරුණක් වන්නේ ඔවුන් ගත කර ඇත්තේ ඉතා දුක්ඛිත ජීවිතයක් බව යි. ඉතා අඩු වැටුපකට සේවය කළ ඔවුන් අවම නවාතැන් පහසුකම් යටතේ වාසය කර ඇත. එනිසා ම බොහෝ විට කව්බෝයිවරුන් නියෝජනය කර ඇත්තේ සමාජයේ දුගී ජන කොට්ඨාසය යි.

(https://www.hoplr.com)

එතරම් හුරු පුරුදු වදනක් නොවුණත් කව්ගර්ල් යනුවෙන් හැඳින්වෙන පිරිසක්ද සිටි බවට වාර්තා වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ කාන්තාවන්ට ඡන්ද අයිතිය හිමි විය යුතු බවට වන මතවාදය සඳහා විශාල සහයෝගයක් ලැබී තිබෙන්නේත්, ඒ සඳහා පළමුවෙන් ම එකඟතාව පළ කර ඇත්තේත් බටහිර ඇමෙරිකාවෙනි. කව්ගර්ල්ස්ලාගේ ක්‍රියාකාරකම් ඒ සදහා හේතු පාදක වන්නට ඇති බවට දේශපාලන විචාරකයන් අතර ද මතයක් පවතී. කව්ගර්ල්ස්ලා පිළිබඳව National Cowgirl Museum and Hall of Fame නමින් කෞතුකාගාරයක් ද ඇමෙරිකාව තුළ ස්ථාපිත කර ඇත.

කව්බෝයිස්ලාගේ උපකරණ

(www.printerest.com)

රිවෝලරයක් සහ රයිෆලයක් අනිවාර්යෙන් ම ඔවුන් සතුව වූ අතර කෙළවර තොණ්ඩුවක් සහිත කඹයක් ද ඔවුන් අත පැවතුණි. එමගින් අශ්වයා පිට ගමන් කරමින් සිටින අතරතුර එය අවශ්‍ය ඉලක්කය වෙත විසි කර ක්ෂණිකව ග්‍රහණය කර ගැනීමට හැකි වේ. එසේ ම තල කිහිපයකින් යුතු පොකට් පිහියක් ද ඔවුන්ගේ උපකරණ කට්ටලය තුළ ඇත.

ඔවුන්ගේ බූට් සපත්තුවේ කෙළවර සවි කර ඇති කුඩා දැති රෝදය ද ඉතා වැදගත් වන අතර එය ඔවුන් අශ්වයාගේ වේගය වැඩි කිරීමට උපයෝගී කර ගනී. දැඩි හිරු රශ්මියෙන් මිදීමට හිසට තොප්පියක් ද, ගෙල වටා ලේන්සුවක් ද ඔවුන් පැළඳ සිටිති.

කව් බෝයි චිත්‍රපට

2011 දී නිර්මාණය වුණු Cowboys and Aliens චිත්‍රපටය (2ch.hk)

කෙසේ වෙතත් මෙම චරිත ලක්ෂණ අතිශය සුවිශේෂී තත්ත්වයක් ගෙන එන නිසාවෙන් ම ඔවුන් වීරයන් බවට පත් කරමින් චිත්‍රපට කලාවක් බිහි වන්නට පටන් ගෙන තිබේ. 1950 දශකය වන විට කව්බොයිස්ලා සිටි ඇමෙරිකාවේ පමණක් නොව මුළු ලෝකයේ ම ඔවුන් පිළිබද කතා වන්නට විය. ඔවුන් වීරයන් ලෙස සිනමාව තුළින් ප්‍රේක්ෂක හදවත් තුළ පැළපදියම් වන්නට විය. ජෝන් වේන්, ක්ලින්ට් ඊට්ස්වුඩ්, හැරසන් ෆෝඩ් වැනි කව්බෝයි චරිත නිරූපණය කළ නළුවන් ලොව පුරා අතිශය ජනප්‍රිය බවට පත් විය.

මැග්නිෆිශන්ට් සෙවන්(Magnificient Seven), ජේන් ගොට් අ ගන් (Jane Got A Gun), ඉන්දියානා ජෝන්ස් (Indiana Jones) වැනි චිත්‍රපට ප්‍රේක්ෂක ආකර්ෂණය දැඩිව දිනාගත් කව්බෝයි චිත්‍රපට ලෙස හැදින්විය හැකි ය. කාලයත් සමග එකී චිත්‍රපට රැල්ල නිමාවට පත් වුව ද අදත් කව් බෝයිස්ලා පිළිබදව විටින් විට නිර්මාණ බිහිවනු දැක ගත හැකි ය.

කවරයේ පින්තුරය: Old West Cowboys | Cowbows Wild West Art; Pinterest 

මූලාශ්‍ර:

  1. Wikipedia
  2. Hoplr.com

Related Articles