Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අත්ලාන්තික් සාගරයේ මුතු ඇටය – කියුබාව

ලෝකයේ විවිධ රටවල් නොයෙකුත් හේතු සාධක මත  විශේෂ වනවා. ලොව දහසය වන ස්ථානයට වඩාත් ජනාකීර්ණ​ දූපත වන කියුබාව ද නොයෙකුත් අංශ වලින් විශේෂත්වයන් උසුලනු ලබනවා. මෙම ලිපිය මඟින් කියුබාව සම්බන්ධයෙන් මෙන්ම එරට සතු වන සුවිශේෂී කාරනා සම්බන්ධයෙන් දැනුවත් වීමේ හැකියාව ලැබෙනවා.

භූ ගෝලීය පිහිටීම

freeworldmaps.net (භූ ගෝලීය පිහිටීම)

කියුබාව උතුරු ඇමරිකානු මහද්වීපයේ කොටසක් වන, කැරිබියන් මුහුදේ පිහිටා තිබෙන, රටක් වනවා. එමෙන්ම එය දූපත් සමුහයකින් යුක්ත දූපත් රටක්. ප්‍රධාන දුපත Isla de la Juventud යනුවෙන් හඳුන්වනු ලබනවා. කියුබාව මිලියන 11.1 පමණ ජනතාවක් හට වාසස්ථාන සපයනවා. මෙරට අග නගරය හවානා වන අතරම එහි වාසය කරනු ලබන ජනගහනය මිලියන 2.1 කි. කියුබාව සතු මුළු භූමි ප්‍රමාණය වර්ග සැතපුම් 42,426 කි. ලොව 105 වන ස්ථානයට විශාලම රට වන්නේද මෙයයි. ජනගහනය අතින් සලකා බලන කල කැරිබියන් මුහුදේ පිහිටා තිබෙන විශාලම රට වන්නේද කියුබාවයි.

ජනගහනය අතින් වැඩිම පිරිසක් වාසය කරන නගරය වන්නේ අගනුවර වන හවානා යි. මීට අමතරව Santiago de Cuba, Camaguey, Holguin, Guantanamo, Santa Clara යන ආදී නගරද ජනගහනය අතින් ප්‍රධාන​ නගර වනවා.

භාෂා, මුදල් ඒකකය හා ආගම්

lahabana.com

කියුබාවේ භාවිතා වන නිල භාෂාව වන්නේ ස්පාඤ්ඤ භාෂාවයි. මීට අමතරව ඉංග්‍රීසි, ප්‍රංශ හා ඉතාලි යන භාෂාද කතා කරනු ලබනවා. මොවුන් හට නිල ආගමක් නොමැති නමුත් රෝමානු කතෝලික ආගම රට තුළ වඩාත් ප්‍රකටයි. මිට අමතරව ප්‍රොතෙස්තන්ත්‍ර ආගම් (Baptist, Adventist of the seventh day, Eangelists ආදිය) ද වන්දනා මාන කරනවා. කියුබාව සතුව කෞතුකාගාර 250 කට අධික සංඛ්‍යාවක් තිබෙනවා.

ලොව ඉහළම සාක්ෂරතාවයක් තිබෙන රටක් ලෙස කියුබාව හැඳින්විය හැකි අතරම එය 99.8% පමණ වනවා. දිනපතා නිකුත් කරන පුවත්පත් 20 ක් පමණ කියුබාවේ තිබෙනවා.

කියුබාව සතුව මුදල් ඒකක දෙකක් තිබෙනවා. ඒවා නම්, Cuban Peso (CUP) හා Cuban Convertible Peso (CUC) යි. කියුබානු ජනගහනයෙන් බහුතරයක් හට තිබෙන්නේ යුරෝපියානු සම්භවයකි. එය 65% පමණ වනවා. දිවයිනේ ජනගහනයෙන් 10% පමණ හට අප්‍රිකානු සම්භවයක් තිබෙන අතරම, 25% පමණ සිටින්නේ මිශ්‍ර පිරිස් ය.

කියුබාවේ ජාතික සංකේත

en.wikipedia.org (කියුබානු ජාතික පක්ෂියා)

කියුබාවේ ජාතික වෘක්ෂය වන්නේ රෝයල් පාම් ය. ජාතික පුෂ්පය වන්නේ White Mariposa එසේත් නොමැති නම් Butterfly Jasmine නමැති පුෂ්පයයි. Tocororo ජාතික පක්ෂියා වන අතරම මෙරට ජාතික ධජය නිල වශයෙන් භාවිතයට ගෙන තිබෙන්නේ 1902 මැයි මස 20 වන දිනයි. මෙහි සමස්ත සැලැස්ම ආකෘති ගත කර තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ධජය ඇසුරින්.

ස්වභාවික සම්පත් හා රටේ ආර්ථික තත්ත්වය

financialtribune.com (කියුබාවේ සංචාරක කර්මාන්තය)

ලෝකයේ 71 වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේ කියුබාවයි. කියුබාවේ ආර්ථිකය රඳා පවතින්නේ කෘෂිකාර්මික කටයුතු, සංචාරක කටයුතු, පතල් හා කර්මාන්ත මතයි. එමෙන්ම කියුබාව සතු ප්‍රධාන නිෂ්පාදන වන්නේ සීනි, දුම්කොළ, නිකල්, කෝපි, සුවඳ විලවුන් ආදියයි.

ලොව විශාලතම නිකල් නිෂ්පාදකයන් අතරින් එක් අයෙක් ලෙස කියුබාව හැඳින්විය හැකි වනවා. මීට අමතරව තඹ, chromium, cobalt, asphalt, bentonite, chromite, zeolite, marble, steel, and sulfuric acid. ආදියද පිහිටා තිබෙනවා.

කියුබානුවන් 476 000 පමණ ස්වයං රැකියාවල නියුක්ත කර තිබෙනවා. 2017 වසරේ ඇස්තමේන්තු අනුව කෘෂිකාර්මික අංශයෙන් 3.9% ක පමණ දළ දේශීය නිෂ්පාදිතයක් ද, කර්මාන්ත අංශයෙන් 21.5% පමණ දළ දේශීය නිෂ්පදිතයක් ද, සේවා අංශයෙන් 74.2 % දළ දේශීය නිෂ්පදිතයක් ද සිදු කර තිබෙනවා.

සංස්කෘතිය, ආහාර රටා හා ක්‍රීඩා

remezcla.com(කියුබානුවන් විසින් අමුත්තන්ට පිරිනමන කෝපි)

කියුබාව සංස්කෘතික විවිධත්වයෙන් යුක්ත රටක් වන අතරම, මෙරට සංස්කෘතිය ස්පාඤ්ඤ, අප්‍රිකානු, ප්‍රංශ හා ආසියානු යන රටවල් වලින් බලපෑම් ලැබ තිබෙනවා. එමෙන්ම කියුබාව නොයෙකුත් අංශ වලට දක්ෂකම් කියන කලාකරුවන් රාශියක් බිහි කර තිබනවා. මීට අමතරව  Danzon, Son, Bolero , Mambo හා  Cha Cha Cha ආදී සංගීත රිද්මයන්හි උපත වන්නේද මෙම දිවයිනයි. නර්තනයද ඉතාමත් වැදගත් අංගයක් වනවා.

කියුබාවේ ආහාර රටා ඉතාමත් සරල වන අතරම, ආහාරවල රස සඳහා අවට රටවල් හා සංස්කෘතීන් බලපා තිබෙනවා. ඇතැම් ලිපි වල සඳහන් වන්නේ, ස්පාඤ්ඤයේ, කැරිබියන්හි පළමු යටත් විජිතය ලෙස කියුබාවේ ආහාර රටාවන් සඳහා ස්පාඤ්ඤයේ බලපෑම ලැබී තිබෙන අතරම මෙරට ආහාර හා සංස්කෘතිය ස්පාඤ්ඤ අභාෂයෙන් පොහොසත් බවයි. දිනපතා භාවිතා කරන ආහාර අතර, කුකුල් මස්, මාළු, ඌරු මස්, බත්, බෝංචි, වට්ටක්කා ආදිය ප්‍රධාන වනවා. එමෙන්ම කියුබාවේ බියර් හා රම් ලොව පුරාම ප්‍රසිද්ධ වනවා. මීට අමතරව කියුබානුවන් විසින් අමුත්තන්ට පිරිනමන කෝපි ද ඔවුන්ගේ සංස්කෘතියේ තිබෙන සුවිශේෂී අංගයක් වනවා.

කියුබාවේ වඩාත්ම ජනප්‍රිය ක්‍රීඩාව වන්නේ බේස් බෝල් ය. මිට අමතරම බොක්සිං ජනප්‍රිය වනවා.

පරිපාලනය හා දේශපාලනය

ෆිදෙල් කැස්ත්‍රෝ කොමියුනිස්ට් රාජ්‍යක් ස්ථාපිත කිරීමෙන් පසුව මිලියනයකට අධික කියුබානු ජනතාව ඇමරිකා එක්සත් ජනපදය වෙත ගමන් කරනු ලබනවා. 2008 වසර වන තුරුම මෙරට වැසියන්ට තමන්ගේම ජංගම දුරකථනයක් භාවිතා කිරීමට අවස්ථාව උදා නොවුණා. බටහිර අර්ධගෝලයේ ප්‍රථම කොමියුනිස්ට් රට වන්නේ කියුබාවයි. ඡන්දය​ භාවිතා කිරීම අනිවාර්යයෙන්ම සිදු කල යුත්තක් වනවා.

කියුබානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කියුබාව නිදහස් සමාජවාදී ජනරජයක් වන අතරම කියුබානු කොමියුනිස්ට් පක්ෂය මඟින් පාලනය කරනු ලබනවා.

ශාක හා සත්ව

cuba-junky.com (සත්ව ලෝකය)

කියුබාව සතුව ජාතික සංරක්ෂණ ප්‍රදේශය වර්ග කිලෝමීටර් 8 666 කි. මෙරට සත්ව ලෝකය ගැන දක්වන්නේ නම් ක්ෂීරපායි සත්ත්ව විශේෂ 35ක් පමණද, කුරුළු විශේෂ 350ක් ද, උරග විශේෂ 121 ක් ද, සමනල විශේෂ 185ක් ආදී වශයෙන් වාසය කරනවා. ලොව කුඩාම කුරුල්ලා වන Bee Hummingbird සිටිනු ලබන්නේ කියුබාවේයි. ශාක විශේෂද 7000 පමණ තිබෙනවා.

කවරයේ පින්තූරය: lonelyplanet.com

Related Articles