Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

උන්ඩියල් – හවාලා හුවමාරු ක්‍රම ආර්ථිකයට වින කරන හැටි

 අප මේ කතා කරන්නට යන්නේ මේ දිනවල වැඩියෙන් ම කතාබහට ලක් වන විදෙස්ගත ශ්‍රමිකයන් තම ඉපැයීම් මෙරටට එවීමට භාවිත කරන නිත්‍යනුකූල නොවන උන්ඩියල් සහ හවාලා මුදල් හුවමාරු කරන ක්‍රම ගැන යි. මේවා මුදල් විශුද්ධිකරණ ක්‍රම දෙකක් ලෙසටයි හඳුන්වන්නේ.  මුදල් විශුද්ධිකරණය යන්නෙන් අදහස් වන්නේ කළු මුදල් හෝ අපවිත්‍ර මුදල් පිළිගත හැකි තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය යි. මෙහිදී කළු මුදල් හෝ අපවිත්‍ර මුදල් යන්නෙන් අදහස් වන්නේ ඉපයු ආකාරය අනාවරණය කළ ‍නොහැකි හෝ නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුතුවලින් උපයා ගන්නා මුදල්.

ඉපයූ ආකාරය තහවුරු කළ නොහැකි මේ මුදල් ආර්ථික ක්‍රියාවලියට යොදවල ඒවා නිත්‍යනුකුලව ඉපයූ බව තහවුරු කිරීමයි මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලියෙන් සිදු වන්නේ. 2011 අංක 40 දරන මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනතින් මෙවන් ගනුදෙනු තහනමට ලක් කර තිබුණත් තවමත් මෙවන් සිදුවීම් අපට වාර්තා වෙනවා. 

නිත්‍යනුකූල නොවන උන්ඩියල් සහ හවාලා

අපි බලමු විදෙස්ගත ශ්‍රමිකයන් තම ඉපැයීම් මෙරටට එවීමට නිත්‍යනුකූල නොවන උන්ඩියල් සහ හවාලා මුදල් හුවමාරු කරන ක්‍රම භාවිතයට පෙලැඹන්නේ කවර හේතු මතදැ යි කියා.

2020 දී මෙරටට විදේශ ශ්‍රමිකයන්ගෙන් අමෙරිකා ඩොලර් බිලියන 7ක් ලැබුණා. 2021 අපට ලැබුණේ අමෙරිකා ඩොලර් බිලියන 5ක් පමණ යි. එමඟින්ඩො ලර් බිලියන 2ක් රටට අහිමි වීම සලකා බැලිය යුතු තත්ත්වයක්. ඔබ ඉන්නේ විදෙස්ගත ව නම්, ඔබ එකම එක වාරයක් හෝ මේ ක්‍රම භාවිත කරමින්ශ්‍රී ලංකාවට  මුදල් එව්වා නම් ඔබත් මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අර්බුදයේ ඔබත් කොටස්කාරයෙක්.  

Hawala
නිත්‍යනුකූල නොවන හවාලා – corporatefinanceinstitute.com 

 මේ ප්‍රශ්නයට උත්තර හොයනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. එය තනිකරම මානසික ක්‍රියාන්විතයක් (psychological operation). ලොව සිටින විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඔළුව වෙනස් කරලා උන්ඩියල් හා හාවාල ක්‍රමවලට මෙරටට මුදල් එවීමට එම පිරිස් පෙලැඹවීම් කර ඔවුන් වංචාකාරයන් බවට පත් කරන එක ලේසි දෙයක් නෙවෙයි. එය සිදු කළේ කවුරුන් ද? එයයි අවධානයෙන් සිතා බැලිය යුතු මූලික ම කාරණය. 

ඊට කලින් අපි බලමු මොකක්ද මේ උන්ඩියල් හා හවාලා ක්‍රම දෙක කියන්නේ කියලා. මේ ක්‍රම දෙක ම යටතේ මුදල් සම්ප්‍රේෂණය වන්නේ එක ම විදියකට යි. ඒත් උන්ඩියල්වලට වඩා හවාලා ක්‍රමය තරමක සංවිධානාත්මක ක්‍රමයක් නිසා අපි ඒ ගැන මුලින් කතා කරමු.

මොකක්ද මේ හවාලා?

හවලා (Hawala or Hewala) කියන්නේ මුදල් තොගයේ චලනය වීමකින් තොරව මුදල් හුවමාරු වීමේ ක්‍රියාවලියක්. හවාලා ආරම්භය සිදු වුණා කියලා කියන්නේ 8 වන ශතවර්ෂයේ දි ඉන්දියාවේදි යි. ඒ සේද මාවතේ ගමන් කළ මුස්ලිම්වරුන් හා ඉන්දියානුවන් අතර වන ගනුදෙනු ආරක්ෂාකරී ව සිදු කර ගැනීමේ ක්‍රමයක් විදියට යි.  ලෝකයේ දැනටමත් මේ උන්ඩියල් හා හවාලා ක්‍රම භාවිත කරන්නේ දකුණු ආසියානු රටවල්වල වීම මේ ඓතිහාසික සත්‍යය තහවුරු කරන සාධකයක්. 

පැරණි සේද මාවතේ සිතුවමක් ( https://historyforkids.org/the-silk-road/ )
සේද මාවතේ ගමන් කළ මුස්ලිම්වරු – historyforkids.org 

දැන් අපි බලමු මේ හවාලා ක්‍රමය යටතේ ගනුදෙනුවක් සිදු වන්නේ කෙලෙස ද කියා.

හිතන්න ඔබ ඉන්නේ එංගලන්තයේ කියා. ඔබට අවශ්‍ය වෙනවා ශ්‍රී ලංකාවේ ඇති ඔබේ ගෙදරට සල්ලි යවන්න. ඔබගේ මිතුරෙක් කියනවා ඔබට ඒ මුදල් හවාලා ක්‍රමයට යවන ලෙස. එහිදී ඔබට බැංකුවලින් ලබා දෙන හුවමාරු ප්‍රතිශතයට වඩා වැඩි හුවමාරු ප්‍රතිශතයක් ලැබෙන බවත් ඔහු පවසනවා. රුපියල් 30ක් 40ක් වැඩියෙන් ලැබෙන නිසා මිතුරාගේ අදහස මත X නම් නියෝජිතයා හමුවට යන ඔබ ශ්‍රී ලංකාවේ ලිපිනයකට ඩොලර් 100ක් යවන්නට වුවමනා බව ඔබ පවසනවා.

ඔබට රහස් කේතයක්

ඔහු කරන්නේ ඔබගෙන් ඒ ඩොලර් 100 රැගෙන ඔබට රහස් කේතයක් (Password) හෝ වෙනත් විස්තරයක් ලබා දෙනවා. ඔබට තියෙන්නේ ඒ රහස් කේතය (Password) හෝ විස්තරය ගෙදර අමතා කීමට පමණ යි. ඊට පස්සේ X නම් නියෝජිතයා ශ්‍රී ලංකාවේ සිටින M කම් නියෝජිතයා අමතා කියනවා ඔබේ ලිපිනයට ඩොලර් 100කට හරියන්නට රුපියල් ගිහින් දෙන ලෙස. ඔහු ඒ ගමන් ම ඔබට ලබා දුන් රහස් කේතය (Password) හෝ විස්තරය Mට ද පවසනවා.

ඉන්පසු ඔබගේ නිවෙසට යන M එහි සිටින අයගෙන් අදාළ රහස් කේතය (Password) හෝ විස්තරය අසා තහවුරු කර ගෙන නිවැසියන්ට අදාළ මුදල ලබා දෙනවා.  මේ තමයි දැනට තහවුරු වුණු හොඳ ම සංවිධානාත්මක හවාලා ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය. මේ විදියටම යි තමයි උන්ඩියල් ක්‍රමයත් ක්‍රියාත්මක වෙන්නේ. බොහෝ දෙනෙක් මේ ගැන දැන් දැනුම්වත්. ඔවුන් නොදන්න දේ වන්නේ මේ ක්‍රමවල පවතින භයානකකම යි. 

හවාලා ක්‍රමය සිදු වන ආකාරය සරලව ( www.researchgate.com)
හවාලා ක්‍රමය සිදු වන ආකාරය සරල ව – www.researchgate.com

උන්ඩියල් සහ හවාලා ප්‍රචලිත වීමට හේතුව

2021 මැයි මස 17 දින එතෙක් වෙළඳපොළ ඉල්ලුම් සැපයුම් බලවේග මත තීරණය වුණු විදේශ විනිමය අනුපාතය ඉවත් කර, අමෙරිකා එකසත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රුපියල් රුපියල් 203ක පහළ අගයකත්, ගැනුම් මිල රුපියල් 198ක අවට මිලකත් ස්ථාවර ව තබා ගන්නට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කළා. එය තවත් ස්ථීර කරමින් 2021 සැප්තැම්බර් 02වැනි දින ඩොලරයක විකුණුම් මිල රුපියල් 202.99 ක සහ ගැනුම් මිල රුපියල් 198.50ක ස්ථාවර අගයක් ලෙස පවත්වගෙන යන්නටත් ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරනවා.

මෙම තීරණයේ අයහපත් ප්‍රතිවිපාකයක් ලෙස එතෙක් මාසික ඩොලර් මිලියන 500කට ආසන්න ව මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ, ඩොලර් මිලියන 250ක් දක්වා 50%කින් පමණ ප්‍රතිශතයකින් පහළ යනවා. මේ හේතුව නිසා 2020දී අපට ලැබුන ඩොලර් බිලියන 7.1ක් තරම් වූ විදේශ විනිමය ප්‍රමාණය 2021 වසරේදී ඩොලර් බිලියන 5ක් දක්වා බිලියන 2කින් පමණ පහත වැටෙනවා. 2020දී අපට ලැබුණු ඩොලර් බිලියන 7.1ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයෙන් අපට 2021දී ශ්‍රී ලංකාව ගෙවිය යුතු ඩොලර් බිලියන 6.9ක විශාල ණය මුදල පවා ආවරණය කර ගැනීමේ හැකියවක් ලැබුණා. 

2021දී සිදු වූ මෙම විදේශ ප්‍රේෂණවල පහළ යාම නිසා 2022දී ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීමට නොහැකි වී, බංකොලොත් රටක් බවට ප්‍රකාශ කිරීමට පවා සිදු ව තිබෙනවා. අද වන විටත් ශ්‍රී ලංකා මහ බැංකුව මේ පිළිබඳ සලකා බලනවා ද යන්න තවමත් ප්‍රෙහේලිකාවක්. 2022 පෙබරවාරි මාසයේ දී පවා අපට ලැබුණේ ඩොලර් මිලියන 204.90 තරම් ඉතාමත් කුඩා විදේශ ප්‍රේෂණ අගයක්.

ශ්‍රී ලංකාවට මාසිකව ලැබෙන විදේශ ප්‍රේශන පහල යාම ( www.treadingeconomics.com )
ශ්‍රී ලංකාවට මාසිකව ලැබෙන විදේශ ප්‍රේෂණ පහළ යාම – www.treadingeconomics.com

මේ සම්බන්ධයෙන් විදෙස්  ශ්‍රමිකයන්ට දොස් පැවරීම යුක්තිසහගත නොවන බව යි අපගේ හැඟීම. බැංකු පද්ධතියෙන් ඩොලරයකට එවකට රුපියල් 203ක් ගෙවද්දී හවාලා සහ උන්ඩියල් ක්‍රම හරහා එයට වඩා වැඩි රුපියල් ප්‍රමාණයක් ඩොලරයට ලබා ගත හැකි වීම නිසා විදේශ ශ්‍රමිකයින් වැඩි වශයෙන් මෙම ක්‍රම හරහා ඔවුන්ගේ විදේශ මුදල් මෙරටට එවීම සිදු කරන්නට පෙලඹීම සාමාන්‍ය දෙයක්. මේ අයුරින් කළු කඩ වෙළෙඳපොළේ ඩොලර් ගනුදෙනු අපූරුවට සිදු වෙන්නට බලපෑ ප්‍රධානත ම හේතුව ලෙස මහ බැංකුව 2021 දි ගත් ප්‍රතිපත්තිමය තීරණය අපට පෙන්වා දෙන්නට පුළුවන්.

උන්ඩියල් සහ හාවාලාවල ඇති භයානකම 

මේ ක්‍රමවේදයේ තියෙන භයානක ම ප්‍රතිපලය වන්නේ කවර මොහොතේ හෝ ශ්‍රී ලංකාවට හෙරොයින් එවීම සම්බන්ධයෙන්, නීති විරෝධී ගිනි අවි එවීම සම්බන්ධයෙන් ඔබට එරෙහි ව ජාත්‍යන්තර පොලිසිය, ශ්‍රී ලංකා පොලිසියේ ඉල්ලීම මත රතු වරෙන්තු නිකුත් කිරිමේ හැකියාව හෝ ඔබ ශ්‍රී ලංකාවට පැමිණි පසු අත්තඩංගුවට ගැනීමට ඇති අවදානම. ඔබ මුදල් විශුද්ධිකරණය යටතේ අත්තඩංගුවට ගන්නටත් එහිදී පුළුවන්.  ඔබ කිසිම මොහොතක සිතුවාද X ඔබෙන් ගන්න ඩොලර්වලට කුමක්ද කරන්නේ කියා? ඔවුන් ඔබට කියවී ‘අපි ඩොලර් එකතු කරනවා’ කියා.

එවිට ශ්‍රී ලංකාවේ සිටින M කමැති නියෝජිතයා ඔබේ නිවෙසට රුපියල් ගෙන ගොස් දෙන්නේ මුද්‍රණය කරලා ද? නැත. ඔවුන් මේ නිති විරෝධී ලෙස උපයන ඩොලර් කිසිදු වේලාවකවත් ශ්‍රී ලංකාවට ගෙන එන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ඒ ඩොලර් භාවිත කර  ඔවුන් ශ්‍රී ලංකාවේ කරගෙන යන ව්‍යාපාරවලට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙරටට එවීම යි. ඒවාත් ඔවුන් මෙරටට එවන්නේ රේගුව හරහා නොවෙයි. බොහෝ දුරට නිති විරෝධීව යි. ඔවුන් යහපත් ව්‍යාපාර කරනවා නම් මේ අයුරින් වැඩි මුදලක් වැය කර ඩොලර් එකතු කරන්නට වුවමනාවක් නොමැති යි. උදාහරණයක් ලෙස ඔවුන් කරන්නේ ඒ ඩොලර් වලින් ත්‍රස්තවාදින්ට  හෝ නීතිවිරෝධී ව ක්‍රියාත්මක වන සංවිධානවලට අවශ්‍ය අවි ආයුධ ගන්නට ඒ මුදල් යෙදවීම යි. මේ ජාවාරම් නීතියේ රැහැනට හසු වූ දාට දවසට මේ ජාවාරම්වලට ඔබගේ ඩොලර් 1ක්, ඩිනාර් 1ක්, පවුම් 1ක් හෝ සම්බන්ධ ව තිබුණේ නම් ඔබ ද මේ ජාවාරම්වලට සම්බන්ධ කෙනෙක් ලෙසටයි නීතිය සලකන්නේ.

පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් 2022 මැයි 15 උන්ඩියල් ක්‍රමට ගනුදෙනු සිදු කල පුද්ගලයන් දෙදෙනෙක් බොරලැස්ගමුවේදි අත්තඩංගුවට ගැනීම (   https://www.dailymirror.lk/breaking_news/STF-arrests-two-for-illegal-possession-of-US-47-000/108-237047 )
උන්ඩියල් ක්‍රමයට ගනුදෙනු සිදු කළ පුද්ගලයන් දෙදෙනෙක් බොරලැස්ගමුවේ දි පොලිස් විශේෂ කාර්‍ය බළකාය 2022 මැයි 15 වැනි දා අත්තඩංගුවට ගැනීම සිදු කළා – www.dailymirror.lk 

 ශ්‍රී ලංකාවේ සිටින මේ ජාවාරම්වලට සම්බන්ධ, කළුකඩ ඩොලර් වෙළෙඳපොළත් සමඟ දැඩි සම්බන්ධයක් දේශපාලකයෙක් සිටිනවා යැයි සිතන්න.  ඔහු රටේ මුදල් ඇමතිවරයා බවට පත්වුවුහොත් ඇති විය හැකි තත්ත්වය ගැන උපකල්පනය කරන්න. ඔහු රටේ මුදල් ඇමතිවරයා බවට පත් වූ විට සිදු කරන්නේ ලොව වටා සිටින ශ්‍රී ලංකිකයන් අතර බැංකු පිළිබඳ බොරු බිල්ලෙක් මවා හවාලා සහ උන්ඩියල් ප්‍රචලිත කිරීම යි. ඒ අනුව ඔබ ඔය ඩොලර් ලබා දෙන X නම් නියෝජිතයා ඉහත දූෂිත දේශපාලකයාගේ නියෝජිතයෙක් වන්නටත් පුළුවන්.

රටේ බැංකු සම්බන්ධ ව බිල්ලෙක් මවන ඔවුන් ඔබගේ ඩොලර් කුට්ටිය පිටින් ම ඔවුන්ගේ ස්විට්සර්ලන්ත බැංකු ගිණුම්වල තැන්පත් කරන්නට කටයුතු කරනවා වෙන්නට පුළුවන්. මතු දවසක ඒ ඩොලර් ඔහුගේ දේශපාලන ව්‍යාපාරය සඳහා යොදවන්නට ඇති ඉඩකඩ ද බොහොම යි. අවසානයේ දී ඔබ සිදු කර ඇත්තේ දූෂිත දේශපාලකයකුගේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් අරමුදල් සැපයීම යි. ඒ දේශපාලකයා මෙරට දී අයථා අන්දමින් උපයා ගත් කළු සල්ලි ඔබගෙ පවුලට M නියෝජිතයා හරහා ලබා දීලා ඔහු ඒ මුදල් ආර්ථික ක්‍රියාවලියට යොදවල ඒවා නිත්‍යනුකුලව ඉපයූ බව තහවුරු කිරීම සිදු කරනවා.  ඒ දූෂිත දේශපාලකයාගේ අයථා ධනය ගැන විගණනයක් කළ දවසකට ඔබගේ සල්ලිත් ඒ අතර තියේවි.

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතියේ ඩොලර් සංචිත අඩු කිරීමට දායක වීම 

ඊලඟ භයානක ම දේ තමයි ඔබට ලැබෙන වැඩිපුර රුපියල් 30 – 40 ගැන හිතලා ඔබ උන්ඩියල් සහ හවාලා ක්‍රම වෙත යොමු වීමෙන් ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය තුළ වන ඩොලර් සංචිත අඩු කිරීමට දායක වීම. ඔබ මෙරට පිළි ගත් බැංකුවලට එවන ඩොලර්වලින් හෙරොයින් හෝ වෙනත් මත්ද්‍රව්‍ය හෝ නීති විරෝධී ගිනි අවි ගෙන්වන්නට ණයවර ලිපි (LC) විවෘත කරන්නේ නෑ. ඔබ එවන ඩොලර් වලින් තමයි ඇත්තට ම මේ රටේ කොන්ද රැකිලා තියෙන්නේ. ඔබ ඩොලර් බැංකුවට නොඑවූ  ප්‍රතිවිපාක අද අප අත්විඳිනවා. කවුරුන් හෝ පැවසුවා නම් බැංකුවලට ඔබේ ඩොලර් එවූ විට ඒවා හොරකම් කරන ක්‍රමයක් පවතින බව, ඇත්තෙන් ම එවන් ක්‍රමයක් නෑ. ඒ වෙනුවට වෙන්නේ දේශපාලකයන්ගේ අදූරදර්ශි ප්‍රතිපත්ති නිසා ඒ ඩොලර් නාස්ති වීමක් විතර යි. වරක් චීන පොහොර නැවකට ඩොලර් මිලියන 6ක් ගෙව්වා වගේ. 

අවිධිමත් ප්‍රේශන ක්‍රම වලක්වා ගැනීමට මහ බැංකුව යොදා ගත් දැදැන්වීමක් ( www.cbsl.lk)
අවිධිමත් ප්‍රේශන ක්‍රම වලක්වා ගැනීමට මහ බැංකුව යොදා ගත් දැදැන්වීමක් ( www.cbsl.gov.lk)

තවත් භයානක දෙයක් තමයි මෙලෙස හවාලා හා උන්ඩියල් හරහා විදේශ මුදල් එවීම හරහා ශ්‍රී ලංකාවේ සමස්ත බැංකු පද්ධතිය ම බිඳ වැටීමට ලක්වීම. ශ්‍රී ලංකාවේ රජය වහාම ක්‍රියාත්මක නොවුණොත් මේ අවුරුද්දේ අග මෙරට බැංකු පද්ධතිය දෙදරා යන්නට පුළුවන්. එයට මේ ඉහළ දැමූ පොලී අනුපාතයත් උදව් කරාවී.  

තවත් දෙයක් තමයි ඔබගේ ඩොලර් ඔබට අහිමි වෙන්නත් පුළුවන්. මේ උන්ඩියල් සහ හාවාලාවලට නීතිමය ආරක්ෂාවක් නැති නිසා ඔබේ රටෙ ඉන්න X නියෝජිතයාට කියන්න පුළුවන් ඔහු ඔබෙන් ඩොලර් 100ක් ගත්තේ නෑ කියලා. එතකොට ඔබට පොලිසියට යන්නත් බෑ ඒ මෙය නිති විරෝධී ක්‍රමයක් නිසා.

කවරයේ ඡායාරූපය - seekingalpha.com

මූලාශ්‍ර :

www.cbsl.gov.lk

www.treadingeconomics.com

www.investopedia.com

www.dailymirror.lk

Related Articles