Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලෝකයේ අමුතු අවන්හල්

ලෝකයේ විවිධ ආකාරයේ අවන්හල් තියෙනවා. ඒවා කෑමබීම වලින් මෙන්ම ඒවා සත්කාර කරන ක්‍රම වලින්ද අපූර්වත්වයක් ඇති කරන්නේ පාරිභෝගික ආකර්ෂණය වෙන්වෙනුයි. එවන් වෙනස් සංකල්ප වලට අනුව නිර්මාණය කෙරුණු අමුතුම අවන්හල් කිහිපයක් ගැන තොරතුරු තමයි මේ.

ටෝකියෝවේ  බළල් අවන්හල

alizul2.blogspot.com

ඤාව් හඬින් පිරුණු මේ අවන්හල පිහිටලා තියෙන්නේ ජපානයේ ටෝකියෝ නගරයේයි. එම අවන්හලේ විශේෂත්වය වන්නේ එහි පාරිභෝගිකයන්ට සිය සුරතල් බළලුන්ද සමග අවන්හලේ සත්කාර විඳ ගැනීමට අවස්ථාව හිමි වීමයි. විවිධ ආකාරයේ බළල් කෑමබීම වලින් පිරුණු මේ අවන්හලේ බළලුන්ටම විශේෂ වූ ආහාර ගැනීමේ පිළිවෙත් ද ක්‍රියාත්මකයි.

dailynews.com

බළලුන් දෙවියන් ලෙස සලකන cat cafe Nekorobi හි නොයෙක් ආකාරයේ බළල් සෙල්ලම් බඩු ද පවතින අතර විශේෂ බළල් නීති මාලාවක්ද පවතිනවා. සතියේ දිනක පැයක කාලයක් සඳහා එම අවන්හලේ ගාස්තුව ජපන් යෙන් 1100 ක් ලෙස සටහන් වනවා. මීට අමතරව මෙවන් බළල් අවන්හල් කිහිපයක් ලොව විවිධ රටවල පිහිටා තිබීමත් විශේෂත්වයක්.

සන්යා මුහුද යට අවන්හල

en.sanyatour.com

චීනයේ සන්යා හි පිහිටා තිබෙන මෙම අවන්හල සම්පූර්ණයෙන්ම වතුරෙන් වට වී ඇති අතර සමුද්‍ර ජීවින් නරඹමින් ආහාර ගැනීමේ හැකියාව එහි සලසා තිබෙනවා. එම අවන්හල තුළට පැමිණෙන්නෙකුට මුහුදු ජීවින් 400 කට වැඩි ප්‍රමාණයක් නැරඹීමට අවස්ථාව හිමි වීමත් විශේෂත්වයක්.

dynaimage.cdn.cnn.com

විනිවිද පෙනෙන වීදුරු වලින් මෙම අවන්හලේ සෑම පැත්තක්ම ආවරණය කර ඇත්තේ එයට පැමිණෙන අයෙකුට මුහුද යට සිට ලැබෙන අත්දැකීම් ලබා ගැනීම සඳහායි. එමෙන්ම මෙම අවන්හල තුළ එකිනෙකට වෙනස් සුඛෝපභෝගී උප අවන්හල් කිහිපයක්ද පවතින අතර විවාහ උත්සව ආදියටද එහි පහසුකම් සපයා තිබෙනවා.

තායිපේ වැසිකිළි අවන්හල

wikimedia.org

වැසිකිළියක පිහිටා තිබෙන මෙම භෝජනාගාරයේ කෑම භාජන, ආසන මෙන්ම අවට පරිසරයද වැසිකිළිවල උපාංග වලින් නිර්මාණය කර තිබෙනවා. මුලදී අයිස්ක්‍රීම් සදහා පමණක් වෙන් වූ මෙම වැසිකිළි අවන්හල මේ වන විට නොයෙක් ‘වැසිකිළි කෑම’ ස්වරූප වලට වර්ධනය වී ඇති අතර මේ වන විට තායිවානය පුරා එහි ශාඛා පිහිටවමින්ද සිටිනවා.

untappedcities-wpengine.netdna-ssl.com

එහි හිමිකරුට මෙම අපූරු අවන්හල පිළිබඳ අදහස සිතට නැගී ඇත්තේද වැසිකිළියකදී යි. ඉදිරියේදී එය වඩාත් පරිපූර්ණ රසයක් සහිත වැසිකිළි අවන්හලක් බවට පත්කිරීම ඔහුගේ අරමුණයි.

චෙක් රටේ බියර් නාන කාමරය

calvertjournal.com

බියර් ලෝලීන් වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම අවන්හල තුළ දී ඕනෑම අයකුට තමා කැමති ආකාරයෙන් බියර් නෑමට අවස්ථාව හිමිව තිබෙනවා.

pilsen.eu

Chodovar Brewery and spa තුළ දී පාරිභෝගිකයන්ට ඇති තරම් බියර් පානය කර බියර් මුසු වූ උණු වතුර ඇති නාන බේසමක බැස සිටීමට ද අවස්ථාව හිමිව තිබෙනවා. ඊට අමතරව පුහුණු සේවිකාවන් වෙතින් බියර් සම්බාහනයක් ද හිමි වන අතර එම බියර් සත්කාරය පැහැපත් සමකට හේතුවන බවත් ඔවුන් පවසනවා.

මේ වන විටත් එම අවන්හල ලෝක ප්‍රකටව ඇති අතර වැඩි වශයෙන් එහි පාරිභෝගිකයන් බවට පත්ව සිටින්නේ කාන්තාවන් වීමත් විශේෂත්වයක්.

ලාස් වේගාස්හි හෘදයාබාධ අවන්හල

4.bp.blogspot.com

HEART ATTACK GRILL RESTAURANT ලෙස හඳුන්වන මෙම අවන්හල තුළ එයට පැමිණෙන ඕනෑම අයකුට හෘදයාබාධ ඇති කරවන සියලුම දේ අඩංගු වී තිබෙනවා. ඉහළ කැලරි ප්‍රමාණයක් ඇති කෑමබීම මෙන්ම ඒවායේ නම් සහ මිල ගණන්ද ඒවා ගෙන එන සරාගී ළඳුන් ද මෙම අවන්හලට පැමිණෙන්නන්ගේ හදවත් නතර කිරීමට සමත් බව පැවසෙනවා.

media.nbcdfw.com

මෙම අවන්හල රෝහලක ස්වභාවය ගන්නා අතර එහි සේවිකාවන් සරාගී හෙදියන් ලෙස සැරසී ලබා දෙන ආහාර පරිභෝගිකයා විසින් ලබා ගත යුත්තේ ඔවුන්ට ලබා දෙන රෝගීන්ගේ ඇඳුම් ඇඳගෙන වීමත් විශේෂත්වයක්. කෑම ඉතිරි කරන රෝගීන් මෙන්ම වැරදි ලෙස හැසිරෙන රෝගීන්ද එම හෙදියන්ගේ තරවටු කිරීම්වලට ලක්වීමත් මෙම අපුරු අවන්හලේ විශේෂත්වයක්.

අහමදාබාද්හි සුසානභුමි අවන්හල

i.dailymail.co.uk

කිරි තේ සහ කෙටි ආහාර සඳහා ප්‍රකට මේ අවන්හලේ අති විශේෂත්වය වන්නේ පාරිභෝගිකයන්ගේ මේස වටා මිනී පෙට්ටි සහ මිනී වළවල් තිබීමයි. මෙම අවන්හල පිහිටා ඇති ස්ථානයේ තිබූ මිනී වල තමාට වාසනාව ගෙන ආ බව තරයේ අදහන අවන්හල් හිමිකරු ඒ නිසාම සිය අවන්හලට පැමිණෙන්නන් වෙත සුසාන භූමියක අත්දැකීම ලබා දීමට තීරණය කළ බව පැවසෙනවා.

s2.15min.lt

සුප්‍රකට ඉන්දියානු සිත්තරකු වූ එම්.එෆ්.හුසේන් ද මෙම අවන්හලේ පාරිභෝගිකයකු වී සිට ඇති අතර ඔහු විසින් අවන්හල් හිමිකරුට තිළිණ කළ හුසේන් ගේ සම්භාව්‍ය සිතුවමක්ද මෙම අවන්හලේ එල්ලා තිබෙනවා.

ලැටිවියාවේ රෝහල් අවන්හල

i.pinimg.com

පාන් සහ වෙනත් බේකරි නිෂ්පාදන සඳහා ප්‍රකට මෙම අවන්හල නිර්මාණය කර ඇත්තේ රෝහලක ස්වරූපයෙනුයි. වෛද්‍යවරුන් සහ හෙදියන් ලෙස සැරසුණු රෝගීන් ගෙන් පිරුණු මේ අවන්හල පාරිභෝගිකයන්ට කෑමබීම ලබා දෙන්නේ සැත්කම් උපාංග සහ එවැනි දේ ඇසුරෙන් තැනූ භාජන ආදියෙනුයි.

එසේම අවශ්‍යතාවය පරිදි මෙම ‘රෝහලට’ පැමිණෙන රෝගීන්ට හෙදියන් හෝ හෙද සහයිකාවන් ලවා කෑමබීම කවා පොවා ගැනීමේ පහසුකමද මෙම අවන්හල විසින් සපයා දී තිබෙනවා.

secure.i.telegraph.co.uk

Cover- kuredu.com

මූලාශ්‍ර

http://oddstuffmagazine.com

https://www.rd.com

https://www.ranker.com

Related Articles