Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව ආකර්ශනීයම පාර්ලිමේන්තු ගොඩනැගිලි

පාර්ලිමේන්තුවක් රටක පවතින්න්නේ ඒ රටේ පාලන තන්ත්‍රය පවත්වාගෙන යාම සඳහායි. ඉතින් බොහෝ වෙලාවට ඒවා ගොඩනගද්දී කලාකාමී ඇහැකින් බලා ගෘහනිර්මාණ ශිල්ප යොදාගෙන ඒවා නිර්මාණය කරනවා ඉතාම අඩුයි. බොහෝ විට ආරක්ෂාව ගැන සැලකිලිමත්ව ඒවා හැදුවත් ඒ ඒ ගොඩනැගිලි වල ඉතාම සුන්දර සෞන්දර්යයක් ගැබ්වෙලා තියෙනවනම් ඒවා ඉතා විශේෂ වගේම දුර්ලභ නිර්මාණ වෙනවා. “හැමදාම නෑ හැම තැනම නෑ” කුලකයට වැටෙන ලොව සුන්දරම පාර්ලිමේන්තු ගැනයි මේ සටහන.

හන්ගේරියානු පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල

oddcities.com

හන්ගේරියානු පාලන තන්ත්‍රය ගෙනයන හන්ගේරියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ලොව ආකර්ෂණීයම වගේ පැරණිම රාජ්‍ය ගොඩනැගිලි අතරින් එකක්. බුඩාපෙස්ට් හි පවතින මෙය සංචාරක ආකර්ෂණයද නොමඳව දිනාගෙන තිබෙනවා. ගොතික් ක්‍රමයට තනා ඇති මෙය සමමිතිකව ඉදි කෙරුණු රමණීය ඉදිරිපසක් හා මධ්‍යයේ විශාල ශාලාවක් සහිත එකක්. එම ශාලාවද විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම වලින් අලංකාර වී තිබෙනවා. ශාලාව ඉතාම සමමිතික හා සමාන ලෙස තැනූ සම්මන්ත්‍රණ කුටි දෙකකට වෙන් කර ඇති අතර එකක පාර්ලිමේන්තුව රැස් වන අතර අනික යොදාගන්නේ සංචාරක ප්‍රවර්ධනය සඳහායි.

වෙස්මිනිස්ටර් මාලිගය – මහා බ්‍රිතාන්‍යය

en.wikipedia.org

බ්‍රිතාන්‍යයේ වෙස්මිනිස්ටර් මාලිගය එහි පාලන තන්ත්‍රයත් ප්‍රභූවරුනුත් රැස්වන ස්ථානයයි. නියෝ – ගොතික් සම්ප්‍රදායට නිමවා ඇති මෙහි අන්තර්ගතය විවිධ කොටස් වලින් සමන්විතයි. රාජකීය ගැලරිය, ප්‍රභූ රැස්වීම් පොල,පාලන තන්ත්‍ර රැස්වීම් පොල, මධ්‍ය ලොබිය, පුස්තකාලය ඉන් සමහරක්. මේ විචිත්‍ර ගොඩනැඟිල්ල ලොව පැරණිම පරිපාලන ගොඩනැගිලි වලට උදාහරණයක්.

බංග්ලාදේශ ජාතික පාර්ලිමේන්තුව

panoramio.com

මෙම පාර්ලිමේන්තු ගොඩනැගිල්ල බංග්ලාදේශයේ ප්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ලයි. ඩකා නගරයේ ශෙර්-ඊ-බන්ග්ලා හි පිහිටා තිබෙන මෙය ලුවිස් ඛාන් ගෘහ නිර්මාණ ශිල්පියාගේ සැලස්මක්. අක්කර 200 ක පමණ වපසරියකට හිමිකම් කියන මෙය ලොව විශාලතම පරිපලන ගොඩනැගිලි අතරින් එකක්.

මෙම ගොඩනැගිල්ල කොටස් 9 කින් සමන්විතයි අඩි 110ක උසකින් යුත් පර්යන්ත කොටස් 8 හා අඩි 155 ක උසකින් යුත් මධ්‍ය කොටස එකිනෙකට වෙනස් තත්වයන්ගෙන් යුතු පරිපාලන උප කොටස් වලින් සමන්විතයි. මේ කොටස් කොරිඩෝ, සෝපාන, පියගැට පෙල රාශියකින් එකිනෙක හා සම්බන්ධ වී තිබෙනවා. විවිද උප කොටස් එකතු වී සම්පූර්ණ පරිපාලන ව්‍යුහය එක කොටසක් ලෙස එකලස් වන පරිද්දෙන් මෙය නිමවා තිබෙනවා. මෙය පිටතින් පෙනෙන්නේ තනි මහල් ගොඩනැඟිල්ලක් ලෙසයි.

බ්‍රසීලියානු ජාතික කොංග්‍රසය

pbs.org

මෙම ගොඩනැඟිල්ල පිහිටා ඇත්තේ බ්‍රසීලියා නගරයේ ප්‍රධාන වීථියේ යි. මෙය බ්‍රසීලයේ ෆෙඩරල් රජයේ මූලස්ථානය වන අතර සැලසුම් කර ඇත්තේ ඔස්කා නේමයර් ය. මෙය ගොඩනැගිලි සංකීර්ණයක් වන අතර ගොඩනැගිලි කීපයකින් සමන්විතයි. සම්පූර්ණ නිමැවුමේ වම්පස අර්ධ වෘත්තාකර කොටස සෙනට් සභාව සඳහා වෙන්ව ඇති අතර දකුණු පස කොටස උප ප්‍රධානීන් සඳහා වෙන්ව තිබෙනවා. මේ මධ්‍යයේ සිරස් කාර්යාල ගොඩනැගිලි දෙකක් ඇති අත්‍ර තවත් පරිවාර කාර්ය්‍යාල ගොඩනැගිලි කීපයකින්ද සමන්විතයි. මේ සමහරක් උමං මාර්ගයක් මගින් එකිනෙක හා සම්බන්ධ වී තිබෙනවා.

නෙදර්ලන්ත පාර්ලිමේන්තුව

hdtimelapse.net

හේග් නුවර පිහිටා තිබෙන මේ පාර්ලිමේන්තුවත් ගොඩනැගිලි සංකීර්ණයක්. ඉතාම පැරණි මෙම ගොඩනැඟිල්ලේ පරිපාලන කටයුතු සඳහා ඉතිහාසය ක්‍රි.ව 1446 දක්වා දිව යන්නක්. මෙහි පාර්ලිමේන්තුව පැවැත්වෙන ගොඩනැඟිල්ල අනෙක් රාජ්‍ය තාන්ත්‍රික ගොඩනැගිලි වලින් වට වී තිබෙනවා. මෙම සංකීර්ණය තුළ ජනතා නියෝජිතයන්ගේ හමු, අගමැති හා ඇමති වරුන්ගේ සතියකට වතාවක් පැවැත්වෙන හමු වැනි දෑ පාර්ලිමේතු සැසිවාර වලට අමතරව පැවැත්වෙනවා.

කැනේඩියානු පාර්ලිමේන්තු ‘කන්ද’

insider.foxnews.com

මෙය ප්‍රාදේශීය ව්‍යවහාරයේදී ‘කන්ද’ යනුවෙන් පමණක් හඳුන්වනවා. ඔටාවා නගරයේ තදාසන්න ප්‍රදේශයක ඔටාවා නදියේ දකුණු පස ඉවුරේ රමණීය භූමි භාගයක මෙම ගොඩනැඟිල්ල පිහිටා තිබෙනවා. මෙම ගොඩනැඟිල්ලේ ජාතික උරුමයන් වශයෙන් වැදගත් වන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම රැසක් දැකගන්න පුළුවන්. එක් වර්ෂයකට සංචාරකයන් මිලියන 3ක් පමණ මෙහි පැමිණෙනවා.

ඔස්ට්‍රියානු පාර්ලිමේන්තුව

pinterest.com

ඉතාම මනස්කාන්ත වියානා නගරයේ පිහිටා ඇති මෙය කොටස් දෙකකින් සමන්විතයි. වර්ග මීටර 13,500 ක වපසරියකින් යුක්ත මෙහි කාමර සියයකට වඩා අන්තර්ගත වෙනවා. මෙහි විශේෂ කුටි අතර  ජාතික කවුන්සිලය, ෆෙඩරල් කවුන්සිලය සහ රාජ්‍ය නියෝජිතයන් හමුවන කුටිය ඉහළින්ම සඳහන් වෙනවා. මීට අමතරව මෙහි පුස්තකාල, ආහාර ගැනීමේ කුටි, මත් පැන් අලෙවි සැල් හා කාය වර්ධන මධ්‍යස්ථානද අන්තර්ගත වෙනවා.

ඉන්දියානු ‘සන්සද් භවන’

importantgkquestions.com

අපට අසල්වැසි ඉන්දියාවේ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල වන මෙය නවදිල්ලි නුවර පිහිටා තිබෙනවා. සන්සද් භවන් යනුවෙන් හින්දි භාෂාවෙන හඳුන්වන මෙය වෘත්තාකාර ගොඩනැඟිල්ලක්. මෙය සැලසුම් කර ඇත්තේ ඉංග්‍රීසි ජාතික ගෘහ නිර්මාණ ශිල්පීන් දෙදෙනෙක් වන ශ්‍රීමත් හර්බට් බේකර් හා ශ්‍රීමත් එඩ්වින් ලුටියන්ස්. 1921 ඉදි කිරීම ආරම්භ කර ඇති මෙය අවසන් කර ඇත්තේ 1927 වර්ෂයේ. එම වර්ෂයේදීම මෙය ප්‍රාන්ත කවුන්සිලය, මධ්‍යම නීති සභාව හා කුමරු කුටිය වශයෙන් කොටස් තුනක් සහිතව විවෘත කර තිබෙනවා. වර්තමානයේ එම කොටස් තුන ලෝක් සභාව, රජ්‍ය සභාව සහ ජනාධිපති කාර්යාලය සඳහා  වෙන් කර ගෙන තිබෙනවා. මෙම ගොඩනැඟිල්ලේ විශ්කම්භය මීටර 171 ක්.

නවසීලන්ත ‘මී වදය’

en.wikipedia.org

නවසීලන්තයේ ප්‍රධාන පරිපාලන නගරය වන වෙලින්ටන් හි පිහිටා ඇති මෙයත් ගොඩනැගිලි කීපයකින් යුක්තයි. මෙහි ප්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ලේ හැඩය මී වදයක් සිහිගන්වනවා. මෙය ඉදි කිරීම ආරම්භ කර ඇත්තේ 1969 වර්ෂයේ වන අතර 1981 දී නිමා කර තිබෙනවා.  මෙම ගොඩනැඟිල්ලේ උපරිම උස මීටර 72ක්.

ශ්‍රී ලාංකීය නව පාර්ලිමේන්තුව

panoramio.com

අපේ රටේ පාර්ලිමේන්තුවත් මේ ආකර්ෂණීය පාර්ලිමේන්තු ගොන්නට වැටෙන එකනම් ඇත්තටම ආඩම්බරයට කාරණාවක්. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හි දියවන්නා ඔයේ මධ්‍යට වන්නට පිහිටා තිබෙන මෙය සැලසුම් කිරීමේ ගෞරවය හිමි වන්නේ ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන ජෙෆ්‍රි බාවා මහතාට. 1979 දී ඉදිකිරීම ආරම්භ කල මෙය 1982 වර්ෂයේදී නිමවා තිබෙනවා.

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව

en.wikipedia.org

මෙය පිහිටා ඇත්තේ කැන්බරා නුවරයි. 1988 නිමවා ඇති මෙය සැලසුම් කර ඇත්තේ රොමල්ඩෝ ගියුර්ගොලා යන යන ඉතාලි සම්භවයක් සහිත ගෘහ නිර්මාණ ශිල්පියෙක්. මෙය විවෘත කර ඇත්තේ දෙවනි එලිසබෙත් මහ රැජිණයි. ඉතාම මිල අධික නිර්මාණයක් වන මෙහි ඉදිකිරීමේ වියදම ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියන 1.1ක්. මෙහි කාමර 4700ක් ඇති අතර බොහොමයක් සාමාන්‍ය ජනයාට විවෘතයි. මෙහි නියෝජිත කුටිය කොළ පැහැයෙන් නිමවා ඇති අතර සෙනේට් සභාව රතු පැහයෙන් නිමවා තිබෙනවා. ප්‍රධාන ඇතුළුවීමේ ස්ථානයේ කිරිගරුඬෙන් නිමැවුණු පියගැටපෙලක් ඇති අතර ප්‍රධාන ශාලාවේ විශාල අත්කම් නිර්මාණයක් දැකගත හැකියි.

‘ද කැපිටල්’ – ඇමරිකා එක්සත් ජනපදය

www.aoc.gov

මෙය ඇ.එ.ජ. කොංසය රැස් වන ස්ථානයයි. පිහිටා ඇත්තේ වොෂින්ටන් නුවරයි. මෙම ගොඩනැඟිල්ල විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම අතින් ඉතා පොහොසත්. මෙහි පරිපාලන කටයුතු ආරම්භ කර ඇත්තේ 1793 තරම් ඈත අතීතයකයි. මෙය ශත වර්ෂ දෙකක් තිස්සේ විවිධ වෙනස්කම් වලට භාජනය වෙලා තිබෙනවා. එක වරක් ගින්නෙන්ද විනාශ වී තිබෙනවා. ඇමෙරිකනු ජනතාවට මෙය වැදගත් වන්නේ පරිපාලන මූලස්ථානය සේම එහි ඇති පෞරාණික වටිනාකම නිසයි.

කවරයේ පින්තූරය – Wikipedia .org

මූලාශ්‍ර

MostToday.com

mathiassauer.blogspot.com

bbc.com

Related Articles