Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය හා ඉටි රූප

ශ්‍රී ලංකාවේ පුරාණ තාක්ෂණය සම්බන්ධයෙන් ඉදිවී තිබෙන එකම කෞතුකාගාරය වන්නේ, මෑතක දී පොළොන්නරුවේ දී විවෘත කරන ලද ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවට අයත් “පුරාණ තාක්ෂණ කෞතුකාගාරය” යි. 

ඉතා ඈත අතීතයේ සිට ම ශ්‍රී ලාංකිකයන් විසින් ස්වකීය කාර්යයන් කාර්යක්ෂමව පවත්වා ගැනීම සඳහා විවිධ තාක්ෂණික මෙවලම් හා ක්‍රමෝපායන් භාවිතා කර තිබෙනවා. අනෙක් ශිෂ්ටාචාර හා සැසඳීමේ දී මෙරට ඇතැම් පැරණි තාක්ෂණික අංශයන් වඩා උසස් මට්ටමේ තිබූ ඒවා බව පැහැදිලි වෙනවා. එම තාක්ෂණික අංග අතර වාරි තාක්ෂණය, ස්ථූප තාක්ෂණය, ලෝහ තාක්ෂණය, ගොඩනැගිලි තාක්ෂණය හා නාවුක තාක්ෂණය ප්‍රධාන ක්ෂේත්‍ර ලෙස හැඳින්විය හැකි යි. බොහෝ විට මෙම තාක්ෂණ අසල්වැසි ඉන්දියාවේ අභාෂය ද ලබමින් වඩා විශිෂ්ට ආකාරයෙන් වර්ධනය වී ඇති බව පෙනී යනවා.

පුරාණ තාක්ෂණ කෞතුකාගාරය

මෙම කෞතුකාගාරයේ නිරූපණය වන්නේ ඉහත කී විවිධ තාක්ෂණික ක්ෂේත්‍ර හා සම්බන්ධිත ශ්‍රී ලාංකික ඉතිහාසය තුළ විද්‍යාමාන වන සාක්ෂ්‍ය යි. 

කෞතුකාගාරයේ සැකැස්ම 

පිවිසුම 

පොළොන්නරුව නව නගරයේ පිහිටා ඇති කෞතුකාගාරය මහල් තුනකින් සමන්විත වෙනවා. බිම් මහලේ ප්‍රදර්ශන මැදිරි හතරක් පිහිටා තිබෙනවා. පොළොන්නරු යුගය, ප්‍රාග් හා පූර්ව ඓතිහාසික යුගය, මැටි බදුන් හා ලෝහ තාක්ෂණය, කෘෂි වාරි තාක්ෂණය ලෙස එම මැදිරි හතර පිළිවෙලින් නම් කර තිබෙනවා. පළමු මහල මැදිරි තුනකින් යුක්ත වන අතර ඒවා 5, 6 හා 7 ලෙස නම් කර තිබෙනවා. ගොඩනැගිලි තාක්ෂණය, සිතුවම් මූර්ති හා දැව තාක්ෂණය, රෙදිපිළි, නාවුක හා ගණිත මිනිත තාක්ෂණය ලෙස එම මැදිරි පිළිවෙලින් නම් කර තිබෙනවා. 

ඊට අමතරව පළමු මහලේ ක්‍රියාකාරකම් මැදිරියක් ද පවතින අතර ප්‍රාග් ඓතිහාසික අක්ෂර නිර්මාණය, රජ සමයේ බිතු සිතුවම් නිර්මාණය, ලෝහ භාවිතය හා රෙදිපිළි නිර්මාණය පිළිබඳව ප්‍රයෝගික අදහසක් මෙම ක්‍රියාකාරකම් මැදිරියෙන් ඔබට ලබා ගත හැකි යි. ඊට අමතරව නව්‍යකරණ මධ්‍යස්ථානයකින් ද පළමු මහල සමන්විත වන අතර, පුරාණ සමයේ නිර්මාණ පිළිබඳව VR අත්දැකීමක් ද මේ මධ්‍යස්ථානයෙන් ඔබට ලබා ගත හැකි වෙනවා. දේශන ශාලාවකින් මෙන්ම තමන්ට අවශ්‍ය ප්‍රකාශන හා සමරු මිල දී ගත හැකි වෙළඳ කුටියකින් ද පළමු මහල සමන්විත යි.

දෙවන මහලේ පුස්තකාලය පිහිටා ඇති අතර එහි දී ඔබට සිංහල හා ඉංග්‍රීසි බසින් රචිත ඉතිහාසය, පුරාවිද්‍යාව, සාහිත්‍ය, පැරණි තාක්ෂණය හා පරිසරය පිළිබඳව මුද්‍රිත මෙන්ම විද්‍යුත් ග්‍රන්ථ සඳහා ද ප්‍රවේශ වීමේ හැකියාව පවතිනවා. නවීන තාක්ෂණික උපාංගයන්ගෙන් සමන්විත අංග සම්පූර්ණ පුස්තකාලයක් පරිහරණය කිරීමේ හැකියාව මේ ඔස්සේ ඔබට හිමි වෙනවා. ඊට අමතරව රැස්වීම් ශාලාවකින් ද දෙවන මහල සමන්විත යි.

බිම් මහල 

පළමු මැදිරිය- පොළොන්නරු යුගය

රුපියල් 50ක දේශීය වැඩිහිටි ප්‍රවේශපතක් ලබා ගැනීමෙන් පසුව ඔබ පළමුවෙන්ම ඇතුල් වන්නේ බිම් මහලේ පළමු මැදිරියට යි. එය වෙන් වී තිබෙන්නේ පොළොන්නරු යුගය සඳහා යි. ක්‍රි. ව. 1017 සිට ක්‍රි. ව. 1236 දක්වා වූ කාල සීමාව පොළොන්නරුව කේන්ද්‍රය කර ගනිමින් රට පාලනය කළ අවධිය ලෙස දක්වනු ලබනවා.

පොළොන්නරු යුගයේ කොරල් හා හුණු බදාමයන්ගෙන් කරන ලද නිර්මාණ 
පොළොන්නරු යුගයේ කාසි, කාසි අච්චු, කෝව හා පබළු වර්ග 
මැදිරිගිරියෙන් හා ආලාහන පිරිවෙන් කැණීමෙන් හමු වූ විවිධ පුරාවස්තු 

බිම් මහලේ දෙවන මැදිරිය වෙන් කර තිබෙන්නේ ප්‍රාග් හා පූර්ව ඓතිහාසික තාක්ෂණයට යි. 

යාන් ඔය නිම්නයෙන් හමු වූ ශිලා මංජුසා සුසානයක් 
පුර්ව ඓතිහාසික බරණි සුසානභූමියෙන් හමු වූ සුසාන චාරිත්‍ර හා සම්බන්ධ මැටි බදුන් 

බිම් මහලේ තෙවන මැදිරිය නම් කර තිබෙන්නේ මැටි බදුන් හා ලෝහ තාක්ෂණය වෙනුවෙන් 

පොලව යටින් ජලය ගෙන යෑම සඳහා නිර්මාණය කර තිබූ මැටි නළ 
ලෝහ වාත්තු තාක්ෂණය යොදා නිර්මාණය වූ භාණ්ඩ 
පොළොන්නරුවෙන් සොයාගන්නා ලද යකඩ උපකරණ 

බිම් මහලේ හතරවන මැදිරිය කෘෂි හා වාරි තාක්ෂණය සඳහා වෙන් වී තිබෙනවා.

පොළොන්නරුවේ වාරි පද්ධතිය 
හතරවන මැදිරියේ දර්ශනයක් 

පළමු මහල

බිම් මහලේ මැදිරි හතර නැරඹීමෙන් පසුව පළමු මහලේ පස්වන මැදිරියට ඔබට ගමන් කළ හැකි යි. පස්වන මැදිරිය වෙන් වී තිබෙන්නේ ගොඩනැගිලි තාක්ෂණය සඳහා යි. 

පස්වන මැදිරියේ දර්ශනයක්
මැදිරිගිරිය වටදාගෙය අනුරුවක් 

පළමු මහලේ ඇති හයවන මැදිරිය සිතුවම් මූර්ති හා දැව තාක්ෂණය සඳහා වෙන් වී තිබෙනවා.

කැණිමඬල
හයවන මැදිරියේ දර්ශනයක් 

රෙදිපිළි නාවුක හා ගණිත මිනිත තාක්ෂණය සඳහා පළමු මහලේ හත්වන මැදිරිය වෙන් වී තිබෙනවා.

සිතුවම් නිර්මාණය සඳහා යොදාගත් වර්ණ හා පින්සල් වර්ග 
ශ්‍රී ලංකාවට අයත් පසුව මාලදිවයිනේ දී ගිලි ගිය රුවල් නෞකාවක අනුරුවක් 
පුස්කොළ ලිවීමේ උපකරණ 
VR අත්දැකීම් ලබා ගන්නා නරඹන්නෙක් 

ලංකාවේ එකම ඉටි අනුරූ කෞතුකාගාරය 

ඉහත දැක්වූ මැදිරි හත නැරඹීමෙන් පසුව ඔබට නැවතත් පහළ මාලයේ තිබෙන ලංකාවේ එකම ඉටි අනුරූ කෞතුකාගාරය නරඹන්නට පුළුවන්. මෑතක දී විවෘත කළ මෙහි ඩි. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, SWRD බණ්ඩාරනායක, සිරිමා බණ්ඩාරනායක, ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස හා මෛත්‍රීපාල සිරිසේන යන රාජ්‍ය නායකන්ගේ ඉටි අනුරූ දැක ගැනීමට හැකි යි.

ඩි. එස්. සේනානායක 
සිරිමා බණ්ඩාරනායක 
මෛත්‍රිපාල සිරිසේන 

Related Articles