Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය – ඇන්ටනොව් 225 ම්රියා

දෙවන ලෝක යුද්ධය අවසන් වීමත් සමඟ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් ධනවාදී කඳවුර​ ගොඩ නගන අතර ඊට විරුද්ධව සෝවියට් දේශය විසින් සමාජවාදී කඳවුර​ක් නිර්මාණය කරනවා. මේ සමඟ දෙපාර්ශවය අතර නිර්මාණය වන්නේ සීතල යුද්ධයක්. බොහෝ විට යුධ තාක්ෂණය අතින් අනෙකා ඉක්මවා යාමට දෙපාර්ශවයම උත්සාහ කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙසයි ලොව බලගතු යුධ යානා හා යුධ අවි නිර්මාණය වන්නේ.

1980 දශකය වන විට සෝවියට් රුසියාවෙ අභ්‍යවකාශ වැඩසටහනේ “බුරාන්“ ෂටලය ප්‍රවාහනය සඳහා විශාල ප්‍රවාහන යානයක අවශ්‍යතාවයක් පැන නැගුන අතර ඒ අනුව සෝවියට් රුසියාවට අයත්ව තිබූ යුක්රේනයේ ඇන්ටනොව් ගුවන් යානා සමාගම විසින් විශාල යානයක් නිෂ්පාදය කරන්න තීරණය කරනවා.

සෝවියට්වරුන්ගේ සැබෑ වූ සිහිනය

An 225 ම්රියා යානය (GTA5-Mods.com)

මේ වන විටත් රුසියාව ඇන්ටනොව් 124 නමින් විශාල භාණ්ඩ ප්‍රවාහන යානයක් නිර්මාණය කර තිබූ අතර එය එන්ජින් 4 කින් සමන්විත වුණා. එම ඇන්ටනොව් 124 යානයේ සංවර්ධිත අවස්ථාවක් ලෙස පළමු ඇන්ටනොව් 225 යානය 1988 දී නිෂ්පාදනය කළ අතර එය දැනට ලෝකයේ ඇති බරින් වැඩිම ගුවන් යානයත් වෙනවා. යුක්රේන් බසින් එහි අර්ථය වන්නේ “සිහිනය” යන්නයි. 1988 දෙසැම්බර් මස 21 වන දින ප්‍රථම වරට පියාසර කරනවා.

මෙම යානයේ ඇතුලත ටොන් 250 ක් පමණ ගෙන යා හැකි අතර මතුපිට නම් එය 200 ක් පමණ වෙනවා.

කාර්ය මණ්ඩලය  6 ගෙන් සමන්විත වන අතර ගෙන යා හැකි භාණ්ඩ වල උපරිම බර ටොන් 250 ක් පමණ වනවා. දිගින් මීටර් 84 ක් පමණ වන යානයේ පියාපත් සමග පළල මීටර් 88.4ක්. උසින් මීටර් 18.1 වන අතර යානයේ බර ටොන් 285 ක් පමණ වෙනවා. උපරිම ඉහළ නැංවීමේ බර ටොන් 640 ක් පමණ වන අතර කි.මී. 3.5 ක් පමණ ධාවන පථයේ ගමන් කිරීමෙන් ඉහළ නැංවිය හැකියි. යානයේ එන්ජින් 6ක් දකින්නට පුළුවන් (ZMKB Progress D -18 වර්ගයේ). උපරිම වේගය පැයට කිලෝ මීටර් 850 ක් පමණ වෙනවා. ඉන්ධන උපරිම පිරවීමෙන් පසු කිලෝමීටර් 15,400 ක් පමණ එක් වරකට ගමන් කළ හැකියි. රෝද 32 ක් මෙහි ගොඩබෑමේ උපාංගය ලෙස භාවිතා වෙනවා.

1989 වසරේ මාර්තු මස 29 වන දින යානය අඩි 10 000ක් ඉහළ අහසේ මිනිත්තු 74ක් සාර්ථකව පියාසර කරමින් එහි ප්‍රධාන ගුවන් නියමුවා එන්ජින් එකින් එක අක්‍රිය කරමින් තනි එන්ජිමෙන් පමණක් පියාසර කිරීමෙන් ලොවපුරා ගුවන් යානා විශේෂඥයන්ගේ අවධානයට ලක්වෙනවා. මෙම සිද්ධියත් සමඟ විශාල බරක් හා පරිමාවක් ගුවනේ සමබරව පවත්වාගෙන යාම අතින් ම්රියා යානය විශිෂ්ටත්වය විදහා දක්වනවා.

යානයේ විශේෂතා

An 225 ගුවන්ගත වීම (Aviation Above)

An 225 ගුවන්ගත කිරීම සඳහා නියමුවන් හය දෙනෙකුගේ සහය අවශ්‍ය වෙන අතරම උපරිම බර දරාගෙන ඉහළ නැගීම සඳහා කිලෝමීටර් 3.5ක් දුරක් ධාවනය කළ යුතු වෙනවා. යානයට පැයට කිලෝමීටර් 850ක වේගයකින් නොනවත්වා කිලෝමීටර් 15,400ක් ගමන් කළ හැකි අතර කිලෝග්‍රෑම් 30,000ක තරම් ඉන්ධන ධාරිතාවක් රැගෙන ගුවන් ගත විය හැකියි. යානයට මීටර් 11,000ක් පමණ ඉහළ නැගිය හැකියි එම අවස්ථාවේ පවා උපරිම වේගය රඳවා ගැනීමට හැකියි.

යානයේ අභ්‍යන්තරයේ මෙන්ම බාහිර ආධාරකය මතද භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ පහසුකම් ඇති අත‍ර කිලෝග්‍රෑම් 200 000ක බරක් යානයේ අභ්‍යන්තර ශාලාවේද කිලෝග්‍රෑම් 250 000ක බරක් පිටත බාහිර ආධාරකය මතද රැගෙන යාමේ හැකියාව පවතිනවා. යානයේ බඩු පැටවීම සඳහා ඝන මීටර් 1300ක පමණ ඉඩක් වෙන් වී තිබෙනවා.

සම්මත ගුවන් කන්ටේනර් 60ක් මෙහි පැටවිය හැකි අතර මෝටර් රථ පමණක් රැගෙන යන විට ඒවා 200ක් පමණ රැගෙන යාමේ හැකියාව ඇත. භාණ්ඩ රැගෙන යන අතරම සියළුම පහසුකම් සහිතව මඟීන් 70කට ගමන් කිරීමේ හැකියාවද පවතිනවා. යුධ මෙහෙයුම් සඳහා මෙම යානා යොදා ගැනීම ඉතා වාසිදායක වන අතර පැරෂුට් භටයන් 1000ක් පමණ එකවර රැගෙන යාමටද යුධ ටැංකි විශාල ප්‍රමාණයක් එකවර රැගෙන යාම සඳහාත් භාවිතා කරනු ලබනවා.

භාණ්ඩ ඇතුල් කිරීම හා ඉවත්කිරීම පහසු වන ලෙස යානයේ ඉදිරිපස නාසය කොටසෙහි විවර කල හැකි විශේෂ දොරටුවක් තිබෙනවා. භාණ්ඩ ගොඩ බෑම හා පැටවීම පහසු වීම සඳහා අවශ්‍ය පාලම්ද යානය තුළම සවිකර තිබෙනවා. ඒ හේතුවෙන් විශාල කන්ටේනර් රථවලට යානය තුළටම පැමිණිය හැකියි.

ඉදිරිපස විවරය මගින් භාන්ඩ පහසුවෙන් පැටවීමත් බෑමත් පහසු කරනවා. ඒ වගේම මේ යානයේ ඉදිරිපස පමණක් දොරටුවක් තිබීම හේතුවෙන් අහසේ සිට යම් යම් දේවල් බිමට අතහැරීමට නොහැකි කම මෙහි දුර්වලතාවයක් ලෙස දක්වනවා. යානයේ පසුපස දොරටුව ඉවත්කර ඇත්තේ යානයේ බර අඩු කර ගැනීමටයි.

රොකට් එන්ජින් හා ෂටල ප්‍රවාහනය

බුරාන් ෂටල ප්‍රවාහනය (Sputnik International)

An 225 යානය භාණ්ඩ ප්‍රවාහන යානයක් ලෙසත් අභ්‍යවකාශ වැඩසටහන් සඳහා යොදාගනු ලබන විශේෂිත යානයක් ලෙසත් හැදින්විය හැකියි. සෝවියට් අභ්‍යවකාශ වැඩසටහනේ අවශ්‍යතාවයක් මත මෙම ගුවන් යානය නිර්මාණය වූ අතර යානයේ අභ්‍යන්තර මෙන්ම භාහිර රැදවුම් ස්ථාන වල විශාල රොකට්, බුරාන් ෂටල, ගුවන් යානා හා හෙලිකොප්ටර් විශාල ප්‍රමාණයක් රැගෙන යා හැකියි.

එමෙන්ම භාණ්ඩ නිසි පරිදි ගබඩා කිරීම සඳහා යානයේ ඇතුළත වහලය මත විශේෂ දොඹකර පද්ධතියක්ද ක්‍රියාත්මකයි. තවද යානයේ රෝද වලට සම්බන්ධිත විශේෂ ද්‍රව පද්ධතියක් (Hydraulic system)මඟින් යානයේ බඳ පොළවට පතිත වන සේ පහත් කළ හැකි අතර ඒ හේතුවෙන් භාණ්ඩ පැටවීම හා ගොඩ බෑම බාහිර අධාරකයන්ගෙන් තොරව පහසුවෙන් සිදු කළ හැකි වෙනවා.

ලෝක වාර්තා

මෙම යානය මගින් එවකට පැවති ගුවන් යානා ලෝක වාර්තා විශාල ප්‍රමාණයක් බිද හෙලන අතර බර වැඩිම ගුවන් යානය, විශාලම අත්තටු හිමි ගුවන් යානය, උපරිම බර ප්‍රමාණයක් රැගෙන යන ගුවන් යානය ඒ වාර්තා අතරින් කිහිපයක්.

යානයේ වත්මන් කාර්ය භාරය

යුධ ටැංකි ප්‍රවාහනය (Business Insider)

වර්තමානය වන විට An 225 දැවැන්ත ගුවන් යානා රුසියානු අභ්‍යවකාශ ආයතනයේ හා ඇන්ටනොව් ගුවන් සේවය ආදියේ භාවිතා කරන අතර ඇමරිකා එක්සත් ජනපදය, එංගලන්තය හා කැනඩාව වැනි රටවල් තම විශේෂිත ගුවන් ප්‍රවාහන සඳහා මෙවැනි යානා රුසියානු හා යුක්රේන ගුවන් සේවාවන්ගෙන් කුලියට ගනු ලබනවා. ලෝකය පුරා යුධ මෙහෙයුම් කටයුතු වලදී සැපයුම් සඳහා මෙම ගුවන් යානය භාවිතා කරනවා (විශේෂයෙන් මැදපෙරදිග කලාපයේ යුද්ධ සඳහා). තවද චීනයේ අභ්‍යවකාශ වැඩසටහන් සදහා මෙමෙ යානය යොදා ගැනීමට එරට විසින් තීරණය කර තිබෙනවා.

නමුත් මේ වන විට රුසියාව නව ගුවන් යානා නිපදවීම සම්පුර්ණයෙන් නතකර තිබෙනවා. ඊට හේතුව ලෙස සදහන් කරන්නේ යානය නිෂ්පාදනය කිරීම සදහා වැය වන අධික වියදමයි.

කවරයේ ජායාරූපය – PicQuery

Related Articles