Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

“බේබි මේලින්” හෙවත් ඇමරිකාවේ ක්‍රියාත්මක වූ ළදරුවන් තැපැල් කිරීමේ ක්‍රමය

ලියුම් තැපැල් කර යැවීම, පාර්සල් තැපැල් කර යැවීම කියන්නෙ අමුතු දෙයක් නොවුනට තැපැල් කරන මේ දේ ගැන ඇහුවොත් ඔබ අනිවාර්යයෙන්ම පුදුමයට පත්වේවි. මීට දශක කීපයකට ඉහතදී ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වූ බේබි මේලින් හෙවත් දරුවන් තැපැල් කර යැවීමේ ක්‍රමය පිලිබදව ඔබ කෙදිනක හෝ අසා තිබෙනාවද? කැන්වස් උරයක බහා ගත් මුද්දර ඇලවූ ළදරුවෙක් එක් අතකින් රැගෙන අනික් අතෙන් විශාල ලියුම් බෑගයක් රැගෙන මාවත දිගේ පයින් ගමන් කරන තැපැල් කරුවන් ඒ කාලයේ දකින්නට ලැබීම එතරම් අසාමාන්‍ය වූයේ නෑ.

ඇමරිකා එක්සත් ජනපදයට පාර්සල් තැපැල් ක්‍රමය හදුන්වා දීමත් සමග කුඩා දරුවන් පාර්සල් තැපල් ක්‍රමය ඔස්සේ යම් ස්ථානයක සිට තවත් ස්ථානයකට පාර්සල්කර යැවීමේ අපූරු ක්‍රමයක් එක්සත් ජනපදයේ දෙමාපියන් විසින් සොයාගනු ලබනවා. මේ සේවාව වඩාත් ජනප්‍රිය වූයේ ඈත දුෂ්කර පළාත් සඳහායි.

පාර්සල් තැපැල් ක්‍රමය ඔස්සේ ළදරුවන් තැපැල් කිරීම

අතීත ඇමරිකානු තැපැල් සේවය (The Vintage News)

ඇමරිකානු තැපැල් සේවය මගින් 1913 වසරේ ජනවාරි මාසයේ පළමුවෙනිදා සිට එරටට පාර්සල් තැපෑල හදුන්වා දෙනවා. නවතම පාර්සල් තැපැල් ක්‍රමය හදුන්වා දීමත් සමගම තැපෑල මගින් දුර ඈත ප්‍රදේශ හා නාගරික ප්‍රදේශ අතර පාර්සල් හුවමාරුව ඉතා සීග්‍රයෙන්  සිදුවෙනවා.

මේ අතර තමයි තම කුඩා දරුවන් පාර්සල් ආකාරයට තැපෑල ඔස්සේ යැවීමට දෙමාපියන් විසින් තිරණය කරන්නේ. ඊට අමතරව තම දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් තැපැල් පාර්සලය රක්ෂණය කිරිමටද ඔවුන් අමතක කරන්නේ නෑ.

පාර්සල් ක්‍රමය මගින් අමරිකා එක්සත් ජනපදයෙ මුල්වරට දරුවෙකු තැපල් කර යවන්නෙ ඔහියෝ (Ohio) ප්‍රාන්තයේ වාසය කළ යුවලක් වන ජෙසී හා මැටිල්ඩා බීගල් යුවළ​ විසින්. අට මසයක් වයසැති ඔවුන්ගේ ජේම්ස් නම් කුඩා පිරිමි දරුවා තැපැල් කරන්නේ බතාවිය (Batavia) ප්‍රදේශයේ වාසය කළ ඔහුගේ අත්තම්මාගේ නිවසටයි.

ජෙම්ස් තැපැල් කර හරින්නේ රාත්තල් 11ක බර සීමාවක් ඇති පාර්සලයක් ලෙසිනුයි. එ සදහා ඔහුගේ දෙමාපියන්ට වැය වන්නේ ශත 12ක් පමණයි. නමුත් ඔහුව ඩොලර් 50ක මුදලකින් රක්ෂණය කිරීමට ඔහුගේ දෙමාපියන් විසින්  කටයුතු කරනවා.

මේ පුවත එක්සත් ජනපදය පුරා පුවත්පත් ඔස්සේ පැතිරී ගිය අතර ඉන් පසුව මෙවැනි සිදුවීම් විශාල ගණනාවක් පසු අවුරුදු කිහිපයේදී  ඇමරිකාවෙන් වර්තා වෙනවා. මෙම තැපැල් කිරීම් වලින් බොහෝ ප්‍රමාණයක් සිදු වී තිබෙන්නේ 1914 හා 1915 වර්ෂ වලදීයී.

කැන්වස් බෑගයක බහාගත් ළදරුවෙක් (Smithsonian Magazine)

මෙම වසරවලදී ඉතා සාර්ථකව ක්‍රියාත්මක වූ මෙම සේවය ප්‍රවාහනය කල කිසිදු කුඩා දරුවෙකු කිසිම අනතුරක් සිදු නොවී අරක්ෂිතව අදාළ ලිපිනයන්ට බාර දුන් බව සදහන් වෙනවා. ඇමරිකානු තැපැල් සේවය විසින් දරුවන් ප්‍රවාහනය සදහා විශේෂිත ලියුම්කරුවන්ට පවරන ලද්දේ දෙමාපිය අනුදැනුම මතයි.

ප්‍රවාහනය සදහා වෙනම නීති හා රෙගුලාසි පද්ධතියක් තිබූ අතර මෙම කාලසීමාව තුළදී මෙම සේවාව හා සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් වාර්තා වන්නේ නැහැ. තවද දෙමාපියන් විසින් තම දරුවන්ව තැපෑලට භාර දීමට තරම් ඔවුන් විසින් අමරිකානු තැපෑල විශ්වාස කරනවා.

පාර්සල් තැපෑල යටතේ කුඩා දරුවෙක් තැපැල් කරන ලද වැඩිම දුර ලෙස වාර්තා වන්නේ ෆ්ලොරිඩා හි (Florida) තම මවගේ නිවසේ සිට වර්ජිනියා හි (Virginia) තම පියාගේ නිවස දක්වා සැතපුම් 721ක දුරක් තැපැල් දුම්රිය ඔස්සේ ගමන් කල අවුරුදු 6ක් වයසැති දැරියක්. මේ සදහා මුද්දර ගාස්තු වශයෙන් අය කරන්නේ ශත 15ක්. දැරිය ප්‍රවාහනය වන්නේ පවුන්ඩ් 50 සීමාවේ පාර්සලයක් ලෙසයි.මෙම දැරිය පාර්සල් තැපෑලෙන් ප්‍රවාහනය කල අන්දම පිළිබඳව පසු කාලයේ පොතක් පවා ලියැවෙනවා. එහි නම වන්නේ Mailing May යන්නයි.

කුඩා දරුවන්ගේ දුම්රිය ප්‍රවේශ පත්‍රයට වඩා පාර්සල් තැපැල් ගාස්තුව අවම වීම

ලියුම් බෙදන්නෙකු කුඩා දරුවෙක් රැගෙන යන අන්දම (cabinetcardgallery.wordpress.com)

තවද කුඩා දරුවන් සමග දුර පලාත් වලට දුම්රියෙන් ගමන් කිරීමේදී කුඩා දරුවන්ට අය කරන ගාස්තුවට වඩා පාර්සල් වලට අය කෙරෙන ගාස්තුව ඉතා අඩු වූ බැවින් බොහෝ දෙනා තම කුඩා දරුවන්ව තැපැල් පාර්සල් ලෙස තැපැල් දුම්රියෙන් ප්‍රවාහනය කරනු ලබනවා. එහිදී කුඩා දරුවන්ගේ මුහුනේ හා ඇදුමේ මුද්දරය ඇලවූ බව සදහන් වෙනවා. මෙවැනි එක් සිදුවීමක් ලෙස  1914 වසරේ පෙබරවාරි මාසයේ 19වනදා වයස අවුරුදු 4ක් වන කුඩා චාර්ලට් තම නිවසේ සිට සැතපුම් 73ක් දුරින් පිහිටි තම අත්තම්මාගේ නිවසට තැපැල් පාර්සල් යටතේ දුම්රිය ඔස්සේ තැපැල් කර හරිනවා.

බේබි මේලින් ගැන සදහන් වූ පුවත්පත් වාර්තාවක් (ranker.com)

මේ කාලය වනවිට පාර්සල් තැපෑල යටතේ ප්‍රවාහනය කිරීමට නීතියෙන් අවසර වෙන්ව තිබුනේ මී මැස්සන් හා කෘමීන් වර්ග වලට පමණයි. නමුත් මෙම ක්‍රියාවලියේදී පාර්සල් මගින් මිනිසුන් හුවමාරු කිරීම නීතියට පටහැනි බව හෝ අනුමත කරන බව සදහන් වූයේ නෑ. කොටින්ම කියනවානම් ඇමරිකානු රජය මගින් මේ වන විට පාර්සල් තැපෑල හා සම්බන්ධව දැඩි නීතීන් පනවා තිබුනේ නෑ. මේ හේතුවෙන් ඇමරිකාව පුරා 1914 හා 1915 වසර තුළ කුඩා ලමුන් තැපැල් කිරීමේ සිදුවීම් පහකට අධික සංඛ්‍යාවක් වාර්තා වෙනවා.

1913 වසරේ වොශින්ටන් පෝස්ට් (Washington Post) ද නිව් යොර්ක් ටයිමස් (The New York Times) ද ලොස් ඇන්ජලිස් ටයිම්ස් (The Los Angeles Times) යන පුවත් පත්වලින් බේබි මේලින් සේවාව නැවත්විය යුතු බවට පුවත් ප්‍රචාරය කරනු ලැබූවත් එය නොනවත්වාම ක්‍රියාත්මක වූ බව සදහන්.

බේබි මේල් තහනමට ලක් වීම

ඇමරිකානු තැපැල් සේවාව මගින් 1915 වසරේදී පාර්සල් ක්‍රමය යටතේ කුඩා දරුවන් තැපැල් කිරීම තහනම් කරන අතර එය මානුෂික ක්‍රමයක් නොවන බවට ප්‍රකාශ කරනු ලබනවා. ඒ හේතුවෙන්  1915 වසරෙන් පසුව තව දුරටත් මෙම සේවය ක්‍රියාත්මක වන්නේ නෑ.

අද වන විට ඇමරිකානු තැපෑල විසින් පාර්සල් ක්‍රමය ඔස්සේ සතුන් තැපැල් කිරීම කුකුලන්, උරග විශේෂ හා මී මැස්සන් තැපැල් කිරීම අනුමත කරන අතර තැපෑලෙන් කුඩා දරුවන් යැවීම නම් අනුමත කරන්නේ නෑ.

කවරයේ ජායාරූපය – ppcorn.com

Related Articles