Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ට්‍රැක්ටරයෙන් සුපිරි කාරයට පියවර තැබූ, ලැම්බෝගිනි

ෆෙරුසියෝ ලැම්බෝගිනි, 1916 අප්‍රේල් 28 වන දින ගොවි දෙමාපියන් හට දාව රෙනසෝ හි උපත ලැබී ය. ඔහු තරුණයෙකු ලෙස වැඩෙත්ම ඔහුගේ දෙමව්පියන්ගේ අඩිපාරේ යෑමට ඔහුට කිසිදු කැමැත්තක් නොතිබුණි. ඔහුගේ කැමැත්ත වූයේ, යාන්ත්‍ර විද්‍යාව හා තාක්‍ෂණය යි. ඔහු බොලොග්නා හි තාක්‍ෂණය හැදෑරූ අතර උපාධිය ලබාගත් පසු ඔහු, යාන්ත්‍රික වැඩිදියුණු කිරීමේ විශාරදයකු ලෙස ප්‍රසිද්ධියට පත් විය.

ෆෙරුසියෝ ලැම්බෝගිනි (photo by: lambogini.com)

ට්‍රැක්ටර් නිෂ්පාදනය

දෙවන ලෝක යුද්ධයෙන් පසු ඔහු උතුරු ඉතාලියේ මොඩෙනා අසල පිහිටි සිය නිවසට පැමිණ කුඩා මෝටර් රථයක් සහ යතුරුපැදි අලුත්වැඩියා කිරීමේ වෙළඳසැලක් ආරම්භ කළේ ය. තමා ජීවත් වූ කෘෂිකාර්මික ප්‍රදේශයේ ට්‍රැක්ටර් සඳහා දැඩි අවශ්‍යතාවයක් ඇති බව ඔහු ඉක්මනින්ම වටහා ගත්තේ ය. අතහැර දැමූ මිලිටරි වාහනවලින් මසකට එක් ට්‍රැක්ටරයක් ​​පමණ සෑදිය හැකි බව ඔහු සොයා ගත්තේ ය. ඉතාලියේ ආර්ථිකය වර්ධනය වෙත්ම ඔහුගේ උසස් තත්ත්වයේ ට්‍රැක්ටර් සඳහා ඉල්ලුම වර්ධනය වීමට පටන් ගත් අතර, ඔහු තමාගේම ට්‍රැක්ටර් එන්ජින් තැනීමට පටන් ගත්තේ ය. ඔහුගේ ට්‍රැක්ටර් ව්‍යාපාරය 1960 දී මසකට ට්‍රැක්ටර් 400කට වඩා වැඩි වේගයකින් වර්ධනය විය. ඔහු ඉක්මනින් ව්‍යාපාරය පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කළ අතර 1960 දී ගොඩනැගිලි සඳහා හීටර් සහ වායු සමීකරණ ඒකක නිෂ්පාදනය කිරීම මෙන්ම ට්‍රැක්ටර් ව්‍යාපාරය පවත්වාගෙන යාම ද ආරම්භ කළේ ය. මෙය ඉතා සාර්ථක ව්‍යාපාරයක් විය.

පළමු ට්‍රැක්ටරය 1950 දී (photo by:Lambogini Tractors)

මේ කාලය වන විට ලැම්බෝගිනි ඉහළ බලයක් (Performance) සහිත මෝටර් රථයක් නිපදවීමට උනන්දු වීමට පටන් ගත්තේ ය. ඔහු ඒ අසල පිහිටි එන්සෝ ෆෙරාරි කර්මාන්ත ශාලාව බැලීමට ගියේ ය. ට්‍රැක්ටර් නිෂ්පාදනයක් සඳහා එන්සෝට අවශ්‍යතාවයක් නොතිබූ අතර, ඔහු එම යෝජනාව ඉවත දැම්මේ ය. ඉන් නොනැවතුණු ලැම්බෝගිනි තීරණය කළේ ෆෙරාරිට වඩා හොඳ දෙයක් කළ යුතු බව යි. V12 එන්ජිමකින් තමාගේම මෝටර් රථයක් සෑදීමට ද ඔහු තීරණය කළේ ය. මෙම සැලසුම සඳහා ඔහු මීට පෙර ෆෙරාරි V12 එන්ජිමක වැඩ කළ ජියම්පාවෝ ඩල්ලාරා නම් ඉතා දක්ෂ ඉංජිනේරුවෙකු සොයා ගත්තේ ය.

නව එන්ජිම සිලින්ඩරයකට කැම් 4ක්, කෙටි වා පහරක් සහ විශාල බෝර් 4ක් සමග අශ්ව බල 350කින් සමන්විත විය. එය සම්පුර්ණයෙන්ම ඇලුමිනියම් එන්ජිමක් වූ අතර එය බෙයාරිං හතක ආධාරයෙන් නිෂ්පාදනය කර තිබුණි. මෙම බෙයාරිං වානේවලින් ද පිස්ටන් ව්‍යාජ ඇලුමිනියම්වලින් යුක්ත විය. මෙම එන්ජිම සැබවින්ම අනාගත ලැම්බෝගිනි එන්ජින් සඳහා මූලාකෘතිය විය. ස්කැග්ලියොන්-ටුවරිං විසින් නිර්මාණය කරන ලද සැකිල්ල එන්ජිම සවි කිරීම සඳහා භාවිතා කරන ලදී.

පළමු ලැම්බොගිනි මෝටර් රථය- 350 GT

1963 ටියුරින් ඔටෝ ප්‍රදර්ශනයේ දී ලැම්බෝගිනි “350 GTV” මූලාකෘතිය මහජනයාට පෙන්වන ලද අතර ඊළඟ වසරේ දී විකුණුම් ආරම්භ විය. මෝටර් රථය 350 GT ලෙස හැඳින්විණි. එය සම්පූර්ණ සාර්ථකත්වයක් ලැබීය. 130කට අධික ප්‍රමාණයක් අලෙවි විය. හැට ගණන්වල දී ඔටෝමොබිලි ලැම්බෝගිනි හි අනාගතය ඉතා දීප්තිමත් විය. 350 GT පසුකාලීනව 400 GT සහ 400 GT 2 + 2 ලෙස මොඩල කීහිපයක් වෙළඳපොලට ඉදිරිපත් කෙරුණි. 350 GT සහ 400 GT 2 + 2 මඟින් ලැම්බෝගිනි නාමය ලොව පුරා ප්‍රසිද්ධියට පත් විය. මෙම මෝටර් රථවලින් ලැබෙන අරමුදල් සහ ඔහුගේ සාර්ථක ට්‍රැක්ටර් ව්‍යාපාරය සිය ඉංජිනේරුවන්ට නව මෝටර් රථයක් සැලසුම් කිරීමට අරමුදල් සොයා දුන්නේ ය.

ලැම්බෝගිනි 350 GT (photo by: motoryracing.com)

ලැම්බෝගිනි මයුරා

මයුරා විසින් ලැම්බෝගිනි නාමය පුරාවෘත්තයක් බවට පත් කළේ ය. එය නියමිත කාලයට වඩා ඉදිරියෙන් සිටින මෝටර් රථයකි. එය ෆෙරාරි සහ මැසරටි වැනි සමාගම් පවා කම්පනයට පත් කළේ ය. මයුරා ප්‍රථම වරට 1965 නොවැම්බර් මාසයේ ටියුරින් ඔටෝ ප්‍රදර්ශනයේ දී ප්‍රදර්ශනය කරන ලද අතර, ප්‍රදර්ශනයේ දී චැසිය පමණක් පෙන්වන ලදී. එන්ජිම හරි මැදට සවි කර ඇති අතර, එතෙක් එම සැකැස්ම සැබෑ රේස් කාර්වල පමණක් දක්නට ලැබුණි. සැකිල්ලේ සැලසුම වසරකට අඩු කාලයක දී මාර්සෙලෝ ගාන්ධිනි විසින් නිමකරන කරන ලද අතර, 1966 මාර්තු ජිනීවා ප්‍රදර්ශනයේ දී එය සම්පුර්ණ කර ප්‍රදර්ශනය කෙරුණි. මෝටර් රථය ඉතා ආක්‍රමණශීලී ලෙස හැඩගස්වා ඇති අතර ඒ සඳහා සුදුසු නමක් ලෙස “මියුරා” නම් දරුණු ස්පාඤ්ඤ ගොනුන්ගේ නම යොදා ගන්නා ලදී. මෝටර් රථය සම්පූර්ණ සාර්ථකත්වයක් ලැබීය.

ලැම්බෝගිනි මයුරා 1965 (photo by: motoryracing.com)

මෙය 1973 දී ජිනීවා ඔටෝ ප්‍රදර්ශනයේ දී ලැම්බෝගිනි, සිය විප්ලවීය Revolutionary LP400 සමග නැවත ලෝකය කම්පනයට පත් කළේ ය. මෝටර් රථය දීප්තිමත් රතු පැහැයෙන් සහ කළු පැහැති ස්වීඩ් අභ්‍යන්තරයකින් වර්ණාලේප කර ඇත. එහි ප්‍රබල 4 ලීටර් එන්ජිම සමග යාමට අද්විතීය සිරස් අතට සවි කර ඇති පසුපස එන්ජිම සමග නිර්මාණ වී තිබුණි.

ලැම්බෝගිනි LP400 1972 (photo by: supercars.net)

අදුරු යුගය

1974 දී ලැම්බෝගිනි ට්‍රැක්ටර් ව්‍යාපාරයට විශාල පසුබෑමක් ලැබුණි. දකුණු ඇමරිකානු රටකට ට්‍රැක්ටර් සඳහා වූ දැවැන්ත ඇණවුමක් අවලංගු කරන ලදී. ඉල්ලුම අපේක්‍ෂා කරන ලැම්බෝගිනි මීට පෙර ට්‍රැක්ටර් කර්මාන්ත ශාලාව නවීකරණය කළ නිසා සමාගමට ඒ නිසා විශාල මුදලක් අහිමි විය. මේ අවස්ථාවේ දී කර්මාන්ත ශාලාවේ ශ්‍රම ගැටලු ඇති වූ අතර ෆෙරුසියෝ ලැම්බෝගිනිගේ පෞද්ගලික ධනය තවමත් සැලකිය යුතු මට්ටමක පැවතුණ ද, ඔහු කර්මාන්ත ශාලාවේ තම කොටසෙන් කොටසක් විකිණීමට තීරණය කළේ ය. අවසානයේ දී කර්මාන්ත ශාලාව ෆියට් විසින් පවරා ගන්නා ලදී.

1948 දී ලැම්බෝගිනි කර්මාන්ත ශාලාව (photo by: lambogini.com)

හැත්තෑව දශකය තුළ සමාගම මයුරා අලෙවියෙන් දිවි ගලවා ගත් අතර කාර් ව්‍යාපාරය ස්වයංපෝෂිත වී මුදල් ඉපැයීමට පටන් ගත්තේ ය. කෙසේ වෙතත්, ලැම්බෝගිනි අවසානයේ සමාගමේ ඉතිරි කොටස් ස්විට්සර්ලන්ත ආයෝජකයෙකුට විකුණා දැමීය. ෆෙරුසියෝ ලැම්බෝගිනි 1993 පෙබරවාරි මාසයේ දී මිය යන විට ඔහුගේ වයස අවුරුදු 76 කි.

වෙනස් වූ හිමිකාරීත්වය

70 දශකයේ තෙල් අර්බුදය නිසා ඉහළ බලයක් (High Performance) සහිත මෝටර් රථ අලෙවිය දුෂ්කර විය. 1978 දී සමාගම බංකොලොත් බව ප්‍රකාශයට පත් කළේ ය. ගැනුම්කරුවෙකු සොයාගැනීම සඳහා ඉතාලි අධිකරණයක් පත් කරන ලදී. කර්මාන්ත ශාලාව බේරාගැනීමට ස්විට්සර්ලන්තයේ මිම්රාන් සහෝදරයෝ සමාගම සමත් විය. පැට්‍රික් මිම්රාන් (එක් සහෝදරයෙක්) 1980 දී ඔහු යටතේ LP500 S සිට ආකර්ෂණීය QuattroValvole දක්වා නිෂ්පාදනය තවදුරටත් සංවර්ධනය කරන ලදී. 

ඩිලන්ත මාලගමුව සතු ලැම්බොගිනි ගැලාර්ඩෝ රථය (photo by: theinsta-stalker.com)

මිම්රාන් සහෝදරයන් සමාගම ක්‍රයිස්ලර් සංස්ථාවට විකුණු අතර, මෙය එකල විශාල පුදුමයක් විය. 1994 දී ක්‍රයිස්ලර් සමාගම දුෂ්කරතා ඇති වූ අතර සමාගම විකිණීමට සිදුවිය. එය මිල දී ගනු ලැබුවේ, සුප්‍රසිද්ධ සුහර්ටෝ පවුලේ ටොමී සුහර්ටෝගේ නායකත්වයෙන් යුත් ඉන්දුනීසියානු ආයෝජන කණ්ඩායමක් විසිනි. අවාසනාවකට 90 දශකයේ අග භාගයේ දී ආර්ථික අර්බුදයක් ඉන්දුනීසියානු අයිතිකරුවන්ට දැඩි ලෙස පහර දීමට පටන් ගත් අතර නව නිර්මාණ පිළිබඳ පර්යේෂණ සඳහා අවශ්‍ය මුදල් හිඟ වී යාමට පටන් ගත්තේ ය. වාසනාවකට මෙන් ජර්මානු සමාගමක් වන අවුඩි (Audi), ලැම්බෝගිනි ගැන උනන්දුවක් දැක්වීය. 1998 අගෝස්තු 4 වන දින සංකීර්ණ ගනුදෙනු මාලාවක දී අවුඩි AG ඔටෝමොබිලි, ලැම්බෝගිනි හි එකම හිමිකරු බවට පත් විය.

ලැම්බෝගිනි කර්මාන්ත ශාලාව (photo by: lambogini.com)

මෙම අද්විතීය කුඩා ඉතාලි මෝටර් රථ සමාගමේ හිමිකාරිත්වය වෙනස් කිරීමේ අවසාන පරිච්ඡේදය මෙයයැ යි අපි බලාපොරොත්තු වෙමු. වසර ගණනාවක් තිස්සේ ඔවුන් අත්විඳින ලද හිමිකාරිත්වයේ සියලු වෙනස්කම් මැද මෙවැනි ආකර්ෂණීය මෝටර් රථ නිෂ්පාදනය කිරීම නිසා ජනතාවගේ ගෞරවය ඔවුන් උපයාගෙන ඇත.

Related Articles