Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හිරු එළියට නිරාවරණය වීමේ වාසි

punjabkesari.in

හිරු එළිය යනු මිනිසුන් සහ සතුන් සියල්ලටම ස්වභාව ධර්මය මගින් ලැබුණු අපූරු දායාදයකි. ශාකයන්හි පැවැත්ම සඳහා හිරු එළිය ඉතාම වැදගත් වේ. ශාරීරික සහ මානසික නිරෝගී භාවය පවත්වා ගනිමින් ක්‍රියාශීලි ජීවිතයක් ගත කිරීමට හිරු එළියේ අන්තර්ගත විවිධ ගුණාංග උපකාරී වේ.

මානසික සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාමට

හිරු එළියට මිනිස් මානසික මට්ටම යහපත්ව පවත්වාගෙන යාමට, සතුට ගෙන ඒමට සතුට ගෙන ඒමට හැකියාව ඇත. මෑතකදී කරන ලද පරීක්ෂණයන්ගෙන් හෙළි වී ඇති පරිදි හිරු නැගෙන වෙලාවේ සහ හිරු බැසයන වෙලාවේ හිරු එළියට නිරාවරණය වීම මානසික සෞඛ්‍ය යහපත්ව තබා ගැනීම සඳහා උපකාරී වේ.

දවසේ කාළගුණය මත  මිනිසුන්ගේ මානසික තත්ත්වය රදා පවතින අතර හිරු එළිය අවම දවස්වල මිනිස් ක්‍රියාකාරකම් අලස බව පරීක්ෂණවලින් හෙළි වී ඇත. ඒ අනුව දවසේ හිරු එළිය පවතින හෝරාවන්වලදී මිනිස් ක්‍රියාකාරකම් ක්‍රියාකාරී ලෙස සිදු වේ.

සම ආශ්‍රිත පිළිකා මගින් ආරක්ෂා වීමට

saga.co.uk

හිරු එළියට දැඩි ලෙස නිරාවරණය වීම මගින් සමේ පිළිකා තත්ත්වයන් ඇති වීමේ හැකියාව පවතින බව පැවසුනත් හිරු එළියට අවම ලෙස නිරාවරණය වීම මගින් ඇතැම් පිළිකා තත්ත්වයන්ගෙන් මිදීමට උපකාරී වන අතරම එමගින් සොඛ්‍ය වැඩි දියුණු කරගැනීමේ හැකියාව ලැබේ. එය සිදු වන්නේ උදෑසන හිරු එළියේ අන්තර්ගත වන විටමින් ඩී හරහා ය. මිනිස් ශරීරයට අවශ්‍ය විටමින් ඩී 90% සිට 95%ක ප්‍රමාණයක් හිරු එළිය මගින් ලබා ගැනීමේ හැකියාව පවතී.

ශක්තිමත් අස්ථි පද්ධතියක් ලබා ගැනීමට

rd.com

මහාචාර්ය මිචෙල් හොලික් පවසන ආකාරයට මිනිස් ශරීරයට අවශ්‍ය කැල්සියම් උරා ගැනීම, අස්ථි පද්ධතිය නිරෝගිව තබා ගැනීම සඳහා මෙන්ම අස්ථි ආශ්‍රිත  රෝග වලින් අරක්ෂා වීම සඳහා දිනකට විනාඩි පහක සිට විනාඩි පහළවක් දක්වා හිරු එළියට නිවාරණය වීම ඉතාම වැදගත් වේ. සතියට දින තුනක් මෙලෙස හිරු එළියට නිරාවරණය වීම මිනිස් සොඛ්‍යය වර්ධනය කරගැනීම සඳහා වැදගත් වේ.

හදවත් රෝගවලින්, දියවැඩියාවෙන් තොර ජිවිතයකට

හදවත් රෝගවලින් මිනිස් සිරුර ආරක්ෂා කිරීමේ  හැකියාව හිරු එළිය මගින් ලැබෙන තවත් ප්‍රතිලාභයක් වන අතර බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවක් දක්වන ආකාරයට එක්සත් රාජධානියේ පුරවැසියන් ග්‍රීස්ම සෘතුවට  සාපේක්ෂව සරත් කාලයේදී වැඩි වශයෙන් හදවත් රෝග මගින් මරණයට පත් වේ. එයට ප්‍රධාන හේතුව වන්නේ සරත් කාලය තුළදී හිරු එළිය මගින් ලැබෙන විටමින් ඩී ප්‍රමාණය අවම හේතුවෙනි.

එමෙන්ම මිනිස් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ශිත කාලය තුළ ඉහළ යන බව පරීක්ෂණ මගින් හෙළි වී ඇති අතර එයට හේතුව වන්නේද විටමින් ඩී අවම ලෙස මිනිස් ශරීරයට ලැබීමයි.

දියවැඩියාවෙන් වැළකීමටත් හිරු එළිය වැදගත් සාධකයක් වේ. විටමින් ඩී නිසි පරිදි ශරීරයට ලැබීමෙන් දියවැඩියාවට ගොදුරු වීමේ හැකියාව අවම අතර එමෙන්ම කුඩා දරුවන්ට විටමින් ඩී අතිරේකව ලබා දීමට එක හේතුවක් වන්නේ පළමු වර්ගයේ දියවැඩියාවෙන් වැළකීම සදහාය.

සෘතුමය රෝග මගින් ආරක්ෂා වීමට

ශ්‍රී ලංකාව තුළ දක්නට නොමැති එක් එක් සෘතුවලට වැළඳෙන රෝග තත්ත්වයන්ගෙන් වැළකීම සඳහා ද හිරු එළිය උපකාරී වේ. විසාදිය වැනි රෝගී තත්ත්වයන් හටගැනීමට සහ එවැනි රෝග උත්සන්න වීම සදහා හිරු එළියට නිරාවරණය නොවීම එක් හේතුවක් වේ.

ශක්තිමත් දත් දෙපළකට

joseylanedentistry.com

නිරෝගී මුඛ සොඛ්‍ය පවත්වාගෙන යාම සදහා හිරු එළිය වැදගත් වේ. හිරු එළියට නිරාවරණය නොවන කුඩා දරුවන්ට වඩා හිරු එළියට නිරාවරණය වන කුඩා දරුවන්ගේ දන්ත සොඛ්‍ය යහපත් බවත් පරීක්ෂණ මගින් හෙළිවී ඇත.

මාංශ පේශිවල  වේදනාවලින් මිදීම සඳහා හිරු එළියෙන් ප්‍රතිකාර ලැබේ. එපමණක් නොව පියයුරු පිළිකා ගැබ්ගෙල පිළිකා සහ උදරය ආශ්‍රිතව හටන්න පිළිකාවලට එරෙහිව සටන් කිරීමේ හැකියාව හිරු එළියට පවතී.

රෝගවලින් වැළකීමේ හැකියාව

සමේ තත්ත්වය යහපත්ව පවත්වා ගැනීම සදහා හිරු එළිය වැදගත් වේ. එමෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිරෝගිව පවත්වා ගැනීම සඳහා ද හිරු එළිය උපකාරී වේ. හිරු එළිය රුධිර සෛල නිෂ්පාදනයට උපකාරී වේ. එමෙන්ම රෝගවලින් ආරක්ෂා වීම සදහා හිරු එළිය උපකාරී වේ .

සරුබව ආරක්ෂා කරගැනීමට

හිරු එළිය මගින් කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ සරුබව ඉහළ නැංවීමට සමත් අතර, එමෙන්ම තුර්කියේ සිදු කරන ලද පරීක්ෂණ අනුව වසරේ හිරු එළිය පවතින කාල සීමාවන් අතරතුර කාන්තාවන් ගැබ් ගැනීමේ හැකියාව අනෙක් කාල සීමාවන්ට වඩා ඉහළ වන අතර ඒ සඳහා හිරු එළියේ අඩංගු මෙලටෝනින් (Melatonin)උපකාරී වේ.

ක්‍රමවත් නින්දක් ලබා ගැනීමට

sunshinecoastdaily.com.au

නින්ද ක්‍රමවත් කිරීමට හිරු එළියට හැකියාව පවතින අතර, මෙලටෝනින් (Melatonin) හෝර්මෝනය මිනිස් ශරීරය තුළ නිසි මට්ටමින් පැවතීම අනවශ්‍ය ලෙස නිදා ගැනීම අවම කරයි. වසරේ උණුසුම ඉහළ මාසවල මිනිස් ශරිරයට නින්ද අවශ්‍ය වන්නේ කෙටි කාලයකි.

ඉහතින් දැක්වූ සියළුම ප්‍රතිලාභ හිරු එළිය හරහා මිනිස් සිරුරට ලැබෙන අතර, අනෙකුත් රාජ්‍යයන්ට සාපේක්ෂව වසරේ වැඩි කාල සීමාවක් ශ්‍රී ලංකාවට හිරු එළිය ලැබේ. උදෑසන සහ සවස් කාලයේදී හිරු එළියට නිරාවරණය වීමෙන් ඉහත ප්‍රතිලාභ ලබාගත හැකිය.

Cover photo: self.com 

මුලාශ්‍ර

01.sunfriend.com

02.drhealthymag.com

03.google.com

Related Articles