Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2016: Roar සිංහල – හොඳම ලිපි 10

2016 වසර Roar Sinhala අපට ඉතාම ඵලදායී වසරක් වුණා. මේ කියනා දෙය පොඩි පුරසාරම් බෑමක් වගෙ පෙනුනත් අපගේ ලිපි ප්‍රත්‍යක්ෂ ලෙසම ප්‍රගතියක් පෙන්වන බවනම් කිව හැකියි. ඒ වෙන කිසිවකින් නොව අප පාඨක ඔබේ ප්‍රතිචාරත්, සමාජ ජාල ඔස්සේ අපගේ ලිපි බෙදාහදා ගැනෙන, කථිකාවට ලක්වන අන්දමත් සැළකිල්ලට ගැනීමෙනුයි.

ඇත්තෙන්ම 2016 අපට විශේෂ වසරක්. Roar ඇරඹුනේ 2014 දි වුණත්, Roar Sinhala ඇරඹුනේ 2016 මාර්තු මාසයේ දීයි. සිංහල මාධ්‍යයෙන් ලිපි ලියනා වෙබ් අඩවි කීපයන් අතුරින් කෙටි කලකින් ඉදිරියටම පැමිණි වෙබ් අඩවියක් වීමට අපට ගත වුණේ වසරකටත් අඩු කාලයක්. අපගේ ආරම්භක අරමුණ වුණේ හුදෙක් ශෙයාස් සහ ලයික්ස් පමණක් බලාපොරොත්තු වන වෙබ් අඩවියක් නොව, ආකර්ශනීය අයුරින් දැනුම සහ වින්දනය සපයන වෙබ් අඩවියක් බවට පත් වීමටයි. නව දැනුම සපයන ලිපි ආකර්ශනීය, විශ්වාසනීය, සහ වින්දනීය අයුරින් ඉදිරිපත් කිරීම නිසා අප අපගේ ආරම්භක අරමුණ සාක්ෂාත් කරගෙන ඇති බවට අප විශ්වාස කරනවා.

ආරම්භක සමයේ දී අප්‍රසිද්ධ, කුඩා පැතිරීමක් තිබූ තවත් එක් වෙබ් අඩවියක් වුණු අපි, ප්‍රවර්ග කීපයකට පමණක් සීමා වී සිටියා. නමුත් අද වන විට Roar Sinhala ප්‍රවෘත්ති හා වාර්ථාමය, එදිනෙදා සිරිලක, ආර්ථිකමය, විද්‍යාව හා තාක්ෂණය, කලාව සහ ජීවන රටා, චරිත, සොබාදහම හා වන සම්පත, චාරිකා, විනෝදාස්වාදය, සහ විශේෂාංග ආදී ලෙස පුළුල් වූ පරාසයක දැනුම ඔබ වෙත ගෙන එන, දිනකට 10,000ක පමණ පිරිසක් පැමිණ කියවා යන වෙබ් අඩවියක් බවට පත්ව සිටිනවා. එසේම, Roar Tamil සහ Roar Bangla ලෙස ජාත්‍යන්තරයට පිවිසීමටත් අපට හැකියාව ලැබී තිබෙනවා. එවන් වූ කුඩා තැනක සිට අද අප සිටිනා ස්ථානයට පැමිණීමට පාඨක ඔබේ ප්‍රතිචාර ඉතා විශාල පිටිවහලක් වුණා. ඔබේ ප්‍රතිචාර අප කවදත් අගය කරන අතර, ඉදිරියේදීත් හොඳ හෝ නරක වේවා, ප්‍රශංසා හෝ විවේචන වේවා අප පිළිබඳව ඔබගේ අවංක ප්‍රතිචාර ඉහළින්ම අගය කෙරෙනවා.

සමස්ථයක් ලෙස ගත් කළ 2016 අපට උද්යෝගීමත් වසරක් වුණා. එය ඔබටත් එසේම වන්නට ඇති. ගෙවුණු වසර පිළිබඳව සමාලෝචනයක් ලෙස, අප විසින් ඉදිරිපත් කරන ලදුව ඔබගේ සිත් ඉහළින්ම ඇද බැඳ තබාගත් ලිපි 10ක් අප විසින් ‍තෝරාගත්තා. පහත දැක්වෙන්නේ අප විසින් ‍තෝරාගන්නා ලද එම ලිපි 10යි. පෙළගස්වා ඇත්තේ නිශ්චිත පිළිවෙලකට නොවේ.

1. ඔබාමා – ලෝක බලවතා වීමට පෙර

(Reddit.com)

(Reddit.com)

මේ අප පාඨකයින් බොහොමයක් දෙනා කියවා තිබූ ලිපියක්. ඇමරිකානු ජනාධිපතිවරණ සමයේ ලියැවුණු මෙම ලිපියට බොහොමයක් දෙනා ප්‍රිය කරන්නට හේතු වන්නට ඇත්තේ කළු වාර්ගිකයින් වහල් මෙහෙයේ යෙදවූ ලොව බලවත්ම රටක පළමු කළු වාර්ගික ජනපති වීමට ඔබාමාට හැකිවීම නිසාම පමණක්ම නොවෙයි, අපගේ රචක ලසන්ත විසින් එම ලිපියට එක් කළ අප්‍රකට තොරතුරු නිසාත් බව අප විශ්වාස කරනවා.

2. ශ්‍රී ලංකාවේ ලොකුම සමාගම් 5 ගැන වැඩි දෙනෙක් නොදන්නා තොරතුරු

(roar.lk)

(roar.lk)

Roar කණ්ඩායම විසින් ලියන ලදුව ඉන්ද්‍රජිත් විසින් සිංහලට පරිවර්තනය කළ මේ ලිපිය, ලාංකිකයන් බොහොමයක් දෙනාට තම දේශය පිළිබඳව යම් ආඩම්බරයක් ඇති කිරීම, මෙම ලිපිය ජනප්‍රිය වීමට හේතුව ලෙස අප දකිනවා.

3. කොන්ඩම් කියන්නේ තාමත් මැජික්ද?

66-e1478699029493

අමිල විසින් ලියූ මෙම ලිපිය බොහොමයක් දෙනා ආසාවෙන් (සහ හොරෙන්) කියවූ ලිපියක්. එළිපිට කතා නොකරන මාතෘකාවක් පිළිබඳව සයිබරයේ සිංහලෙන් ලියැවුණු ලිපි අතලොස්ස අතුරින් මෙය හොඳම ලිපියක් බවට අප ඔබට නිර්දේශ කරනවා.

4. කැමරාව මොකක් වුනත් ලස්සන පින්තූර ගන්න ඉඟි 10 ක්

(facebook.com/dudeimstoned)

(facebook.com/dudeimstoned)

බුද්ධි විසින් ලිවූ, එමෙන්ම බොහොමයක් පාඨකයින්ට ප්‍රයෝජනවත් වූ නියමුවක්. ඉතාම සරල ලෙස පහදා දී තිබූ කරුණු නිසා ඉතා ඉහළ සංඛ්‍යා වලින් මෙම ලිපිය බෙදා හදා ගනු ලැබුණා.

5. ගුවන්ගමන් ඉතිහාසයේ වාර්තා හිමි කොග්ගල ගුවන් තොටුපොළ

(adsoftheworld.com(commons.wikimedia.org)

(adsoftheworld.com(commons.wikimedia.org)

කසුන් ප්‍රසාද් විසින් ලියූ මේ ලිපිය ජනප්‍රිය වන්නට පාඨකයා තුළ ශ්‍රී ලාංකික ඉතිහාසය පිළිබඳව ඇති කුහුලත්, ප්‍රසාද් විසින් ඉදිරිපත් කළ අප්‍රකට තොරතුරුත් හේතු වන්නට ඇති.

6. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලොව මවිත කළ ජනපතිවරණ ජයට බලපෑ හේතූන්

(linkis.com)

(linkis.com)

ඇමරිකානු ජනාධිපතිවරණය අලලා මෙත්මලී විසින් ලියූ මෙම ලිපිය, සයිබර්  අවකාශයේ මෙම මාතෘකාව පිළිබඳව ලියැවුණු හොඳම, සවිස්තරාත්මකම ලිපියක් බව කීම අතිශ්‍යයෝක්තියක් නොවෙයි කියලයි අපිට හිතෙන්නේ.

7. ආදර්ශ මගුල් ගෙදර – ගිහින් නැත්නම් කියවලා බලන්න

(srilankan-star.blogspot.com)

(srilankan-star.blogspot.com)

ලාංකික විවාහ මංගලෝත්සව වල උපහාසාත්මක සිරිත් කීපයක් එක් කර, හුදෙක් පාඨකයාගේ විනෝදාස්වාදය උදෙසාම අමන්දා ලියූ මෙම ලිපිය අදටත් විටින් විට Roar පාඨකයින් විසින් විනෝදය සඳහා බෙදාහදා ගන්නක්.  

8. ලංකාවේ අපිට වීසා නැතිව යා හැකි රටවල් සහ ඒවායේ විස්තර

(nationalgeographic.com)

(nationalgeographic.com)

පොදුවේ සියළු ලාංකිකයින්ට ප්‍රයෝජනවත් වුණු, බොහොමයක් දෙනා බෙදා හදා ගත් ලිපියක්. මෙවැනි කාරණා සම්බන්ධව ලිපි පෙලක් ඉදිරියටත් ලිවීමට Roar අප බලාපොරොතුවෙන් සිටිනවා.

9. ශ්‍රී ලංකා පොලීසිය සතු බලතල සහ මහජන අයිතිවාසිකම්: නැවත්වීම, ප්‍රශ්න කිරීම, පරීක්ෂා කිරීම සහ රඳවා ගැනීම සඳහා වන නීති

(AFP / ඉෂාර S. කොඩිකාර)

(AFP / ඉෂාර S. කොඩිකාර)

මිනාලි විසින් ලියූ, ඉන්ද්‍රජිත් විසින් පරිවර්තනය කරන ලද මෙම ලිපිය බොහොමයක් සාකච්ඡා, සංවාද වගේම, ඇතැම්විට පාඨකයින් අතර සුළු සුළු බහින්බස් වීම් වලටත් පාදක වුණා. ලංකා පොලිස් බලතල පිළිබඳව යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් ඔබ විසින් කියවිය යුතුම ලිපියක්.  

10. ගුරු-ගෝල තරඟයක අපූර්ව නිර්මාණය  – අවුකන සහ රැස් වෙහෙර

(flickr.com)

(flickr.com)

නිතරම ඉතිහාසයත්, ඓතිහාසික ස්ථානත් පිළිබඳව ලිපි ලියන කංචනගේ තවත් සාර්ථක ලිපියක්. වසර 2000 කටත් වඩා පැරණි ප්‍රසිද්ධ සෙල් පිළිම දෙකක් ගැන ලියැවුණු මෙම ලිපිය, ඉතිහාසයට, පුරා විද්‍යාවට ප්‍රිය කරන්නනුත්, බොහොමයක් බෞද්ධ පාඨකයිනුත් බෙදා හදාගනු ලැබ තිබුණා. තවමහ් කියවා නැතිනම් කියවන්න. ඔබගේ ඉතිහාස දැනුම වර්ධනයට මෙම ලිපිය උපකාරී වේවි.

ඔබගේ ප්‍රියතම ලිපියත් ඇතැම්විට මෙම ලිපි අතරේ ඇති. එම ලිපිය මෙහි නැද්ද? එසේනම් ඔබගේ ප්‍රියතම ලිපිය මොකද්ද කියලා අපට කියන්න. උදා වන නව වසරේත් ඔබට ප්‍රයෝජනවත් ලිපි බොහොමයක් ලබාදෙන්න අප සැලසුම් කරමින් සිටිනවා. ඔබේ අදහසුත් අපට ප්‍රයෝජනවත් වේවි. එනිසා ගෙවුනු අවුරුද්දේ Roar පිළිබඳව වන විවේචන, අදහස්, යෝජනා, වෙනස් විය යුතු දේ ආදී සියල්ලම පහතින් කමෙන්ට් කරන්න.

අවසාන වශයෙන් කිවයුත්තේ, පාඨක ඔබත්, Roar සඳහා සෘජුව අත්වැල් අල්ලන රචක මඩුල්ලත් නොවන්නට අපිට මෙතෙක් දුර නොඑන්නට තිබුණා. ඉතින්, දැනට එපමණයි. ඔබට ස්තුතියි.

Related Articles