Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

COVID-19 ගැන විස්තර සපයන හොඳම වෙබ් අඩවි 7ක්

නව කොරෝනාවෛරසය මුළු ලොවටම ජීවිත තර්ජන එල්ල කරමින් සියලු ජනතාව නිවෙස්වලට කොටු කරන්නට සමත් වුණා. ඒ සමග තවමත් සමාජ ජාල පුරා අසත්‍ය පුවත් පැතිරෙමින් යන්නට පටන් ගත් බැවින්, සත්‍යාපනය කරන ලද පුවත් සහ වෙබ් සේවාවන් සමග සමීපව කටයුතු කිරීමෙන් කිසිවකුටත් ඔබව නොමඟ යවන්නට නොහැකි වේවි.

1. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ මුල් පිටුව

වෙබ් ලිපිනය: https://www.hpb.health.gov.lk/en

සිංහල භාෂාවෙන්ම දෛනික ආසාදිතයන්, සුව වූවන් ඇතුළු සංඛ්‍යාමය දත්ත තම මුල් පිටුවේම පළ කරන්නට ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කටයුතු කර තිබෙනවා. 

COVID-19 අභිමුව නව පෙනුමක් ද ලබාගත් මෙම වෙබ් අඩවිය, ඉංග්‍රීසි භාෂාවෙන් වෙනම Dashboard එකක් ද පවත්වා ගෙන යනවා. එහි ශ්‍රී ලංකාවේ සිදුවීම් ප්‍රස්ථාරිකව මෙන්ම සිතියම් හරහා උණුසුම් කලාප ආදිය ද සවිස්තරව දක්වනවා. මෙරට පමණක් නොව ඇමරිකාව, ස්පාඤ්ඤය, ඉතාලිය, ප්‍රංශය මෙන්ම ජර්මනිය යන රටවල ද වත්මන් තත්ත්වය එමඟින් දැකගත හැකියි.

Dashboard එකට මෙතනින් පිවිසෙන්න: https://hpb.health.gov.lk/covid19-dashboard/

2. Roar ගෙන එන සජීවී බ්ලොග් සේවාව

Roar ඉංග්‍රීසි බ්ලොග් පිටුව

වෙබ් ලිපිනය: Roar COVID-19 Live Blog

සජීවීව නවතම පුවත් රජයේ පුවත් දෙපාර්තමේන්තුව ඇතුළු විශ්වාසදායී දේශීය සහ විදේශීය මූලාශ්‍ර උපුටා දක්වමින් Roar වෙතින් ඉංග්‍රීසියෙන් සහ සිංහලෙන් බ්ලොග් පිටු පවත්වාගෙන යනවා. දෙසැම්බරයේ COVID-19 ආරම්භයේ සිටම එහි පැතිරීම සිදු වූ ආකාරය ද ඔබට දිනය, සහ වේලාව අනුව ද එහි දැකගන්නට පුළුවන්.

මීට සමගාමීව Twitter හරහා ද @Roarlk සහ @RoarSinhala ගිණුම්වලින් එසැණ පුවත් ගෙන ඒම සිදුවෙනවා.

3. ජෝන්ස් හොප්කින්ස් සරසවි දර්ශකය

පැතිරුම් සිතියමක් ද සහිත Dashboard එකක්

වෙබ් ලිපිනය: COVID-19 Dashboard – Johns Hopkins University

ගෝලීය වශයෙන් සවිස්තර තොරතුරු පෙන්වන Dashboard එකක් ඇමරිකාවේ ජෝන්ස් හොප්කින්ස් සරසවිය ඉදිරිපත් කර තිබෙනවා. ලොව සිටින තහවුරු වූ ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව දක්වන අතර, රට අනුව බෙදා දැක්වීම ද සිදුකරනවා.

රටවල්වල පැතිරීම දක්වන සිතියම සමග ඒ මත ක්ලික් කිරීමෙන් අදාල රටෙහි දැනට වාර්තා වී ඇති පුද්ගල සංඛ්‍යාවන් ද දැකගත හැකියි. ඔබ දුරකතනයෙන් පිවිසෙනවා නම් Mobile version එකට පිවිසෙන්න.

4. Google සමාගමේ දර්ශකය

රටට අදාළ නවතම පුවත් ද පසෙකින් දක්වනවා

වෙබ් ලිපිනය: https://news.google.com/covid19/map

ලොව පුරා ආසාදිත, සුව වූ, සහ මරණ පිළිබඳ සංඛ්‍යාවන් සිතියමක් තුළින් ඉතා පැහැදිලිව දක්වන්නට ගූග්ල් සමාගම සමත් වෙනවා. එහි ගෝලීයව මෙන්ම රටවල් අනුව COVID-19 ආසාදිතයන්ගේ වර්ධනය ප්‍රස්ථාර තුළින් ද සවිස්තරව දක්වා තිබෙනවා.

මෙම Dashboard එක සතු වි‍ශේෂත්වයක් වන්නේ රටවල්වලට අදාළ නවතම පුවත් ද පසෙකින් ලැයිස්තුගත කර දැක්වීම යි. එහි බොහෝ විට අඩංගු වන්නේ ජාත්‍යන්තර පුවත් සේවාවන් පළ කළ ප්‍රවෘත්ති යි.

5. Facebook සමාගමේ මඟ පෙන්වීම

Follow කළ යුතු පිටු සහ වෙබ් අඩවි දක්වනවා

වෙබ් ලිපිනය: https://www.facebook.com/coronavirus_info/

ගිණුමක් නැති අයෙකුට පවා තමන්ගේ රටට අදාළ විස්තර දැකගත හැකි වෙබ් අඩවි මොනවාද, COVID-19 වසංගතයෙන් ආරක්ෂා වීමට ගත යුතු පිළිවෙත් මොනවාද යනාදී විස්තර රැසක් ෆේස්බුක් සමාගම වෙනම වෙබ් පිටුවක් හරහා දක්වනවා.

මෙම පිටුවේ WHO වෙතින් ෆේස්බුක් හරහා ගෙන එන උපදෙස් මාලාවන් ලැයිස්තුගත වන බැවින් Facebook ගිණුම් භාවිතා නොකරන අයට ද ඒවා එක් තැනෙකින් දැකගන්නට හැකි වීම පහසුවක්.

‍පරිගණකයෙන් ෆේස්බුක් වෙත පිවිසෙද්දී වම්පස Sidebar එකෙහි ද මේ වෙත සබැඳියක් දක්වන අතර, Apps තුළ දීත් ඉහළින් COVID-19 පිළිබඳව අවබෝධයෙන් සිටින ලෙසට සිහිපත් කිරීම් කරන්නට ඔවුන් කටයුතු කරනවා. 

6. වැළඳුණු බව ඇපල් සමාගමෙන් දැනගන්න

මුහුණ දුන් අවස්ථාව අනුව උපදෙස් දෙන Tool එකක්

වෙබ් ලිපිනය: https://www.apple.com/covid19

ඔබ COVID-19 සම්බන්ධ හදිසි අවස්ථාවකට මුහුණ පා සිටිනවා නම්, කලබල බව නිසාම කළ යුතු දේ මඟහැරී යන්නට පුළුවන්. එවන් අවස්ථාවන්හි දී සහ ඔබට COVID-19 රෝග ලක්ෂණ තිබේ ද යන්න ස්වයංව පරීක්ෂා කරගැනීම සඳහා පහසුකම් සලසන්නට ඇපල් සමාගම ද තම වෙබ් අඩවියෙන් කොටසක් COVID19 වෙනුවෙන් වෙන් කර තිබෙනවා.

මෙය ඉංග්‍රීසි බසට සීමා වන අතර, මූලික වශයෙන්ම ඇමරිකාවේ ප්‍රාන්ත පදනම් කරගෙන යි සකසා තිබෙන්නේ.

7. භාෂා තුනෙන්ම COVID19 ආසාදිතදැ යි පරීක්ෂා කරගන්න

රෝග ලක්ෂණ අනුව ගත යුතු උපදෙස් පෙන්වන ප්‍රශ්නාවලියක්

වෙබ් ලිපිනය: https://covidselfcheck.com 

සිංහල, ඉංග්‍රීසි, සහ දෙමළ භාෂාවන් ත්‍රිත්වයෙන්ම ඔබට COVID19 රෝග ලක්ෂණ ඇත්දැ යි තනිවම පරීක්ෂා කරගන්නට මේ වෙබ් අඩවිය පහසුකම් සලසනවා. ඉතා සරල ප්‍රශ්න කිහිපයකින් රෝග ලක්ෂණවල ස්වභාවය අනුව ඔබ ඊළඟට කුමන පියවරක් අනුගමනය කළ යුතු ද යන්න එය පැහැදිලිව පෙන්වා දෙනවා.

නව කොරෝනාවෛරසය යනු, ජීවිත බිලිගන්නා ඇසට නොපෙනෙන මාරයෙක්. ඇඳිරිනීතිය ඉවත් කිරීම හෝ මැතිවරණයට දින නියම වීම යනු එය පහව ගොස් ඇති බව නොවේ. මැරෙන්න බය නැතැ යි කියමින් වීරයෙක් වන ඇතැමුන් නිසා තවත් විශාල පිරිසකගේ ජීවිත අවදානමට ලක් වෙනවා. එයින් ඒ අයගේ අහිංසක දරුමල්ලන් ද මහත් අසරණතාවයට පත් වෙනවා. ඉතින්, අපි හැමෝම වගකීමෙන් කටයුතු කරමු! ශ්‍රී ලංකාවෙන් මේ කෲර වසංගතය තුරන් කරමු!

කවරය: forbes.com

Related Articles