Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සෞරග්‍රහමණ්ඩලයේ විශාලතම චන්ද්‍රයින් 5

අප සෞරග්‍රහමණ්ඩලය ගත් කල්හි එහි ග්‍රහලෝක 8ක් පිහිටා තිබෙනවා. මේ ග්‍රහලෝක අටට අයත් චන්ද්‍රයින්ගේ ගණන 193ක්. මින් සමහරක් පෘථිවිය මෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් විශාල වන අතර තවත් සමහරක් ඉතා කුඩා වෙනවා. මේ සටහන සෞරග්‍රහමණ්ඩලයෙහි විශාලතම චන්ද්‍රයින් 5 දෙනා ගැන යි.

ගැනිමීඩ්

NASA

බ්‍රහස්පතිට අයත් ගැනිමීඩ් සෞරග්‍රහමණ්ඩලයෙහි හමුවන විශාලතම චන්ද්‍රයා වෙනවා. මෙය බුධට හා වාමන ග්‍රහලොවක් වන ප්ලූටෝට වඩා විශාල වන අතර අඟහරු මෙන් 2/3ක් පමන විශාල වෙනවා. මෙහි විෂ්කම්භය කිලෝමීටර 5,268ක් වන අතර එහි කක්ෂය කිලෝමීටර මිලියනයක් පමන වෙනවා. මෙය බ්‍රහස්පති වටා එක් වටයක් පරිභ්‍රමණය වන්නට පෘථිවි දින 7ක් ගතකරනවා. ගැනිමීඩ් සිලිකේට් පාෂාණ හා අයිස්වලින් සුසැදි අතර, යකඩවලින් පොහොසත්, ද්‍රවමය හරයක් තිබෙනවා.

ටයිටන්

NASA

ටයිටන් සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා වන අතර සෞරග්‍රහමණ්ඩලයේ දෙවනුවට විශාලතම චන්ද්‍රයා යි. මෙය සැලකිය යුතු තරමේ ඝණත්වයක් සහිත වායුගෝලයක් ඇති එකම චන්ද්‍රයා ලෙස සැලකෙනවා. මෙහි වායුගෝලයේ නයිට්‍රජන් 95%ක් හා මීතේන් 5%ක් පවතිනවා. එමෙන්ම මෙහි කාබන් හා හයිඩ්‍රජන් සහිත කාබනික අණු පවතින බව සොයාගෙන තිබෙනවා. මෙහි විෂ්කම්භය කිලෝමීටර 5,152ක්.

කැලිස්ටෝ

NASA

බ්‍රහස්පති ගේ දෙවනුවට විශාලතම චන්ද්‍රයා වන කැලිස්ටෝහි විෂ්කම්භය කි.මී 4800කට මඳක් වැඩි වන අතර එය බුධගේ විශාලතවයට වඩාත් සමීප වෙනවා. මෙය ගැලිලීය චන්ද්‍රයින් සිවුදෙනා වන ගැනිමීඩ්, යුරෝපා, ආයෝ හා, කැලිස්ටෝ අතරින් වඩාත් පිටතින් පිහිටි චන්ද්‍රයා වෙනවා.

ආයෝ

NASA

ආයෝ ද බ්‍රහස්පතිට අයත් චන්ද්‍රයෙක් වෙනවා. ගැලිලීය චන්ද්‍රයින් සිවුදෙනාට අයත් මෙහි යමහල් විදාරණයන් සිදුවෙනවා. මෙහි විෂ්කම්භය කිලෝමීටර 3,636ක් වන අතර බ්‍රහස්පතිගෙන් කිලෝමීටර 422,000ක සාමාන්‍ය දුරකින් පිහිටා තිබෙනවා. මෙය සෞරග්‍රහමණ්ඩලයේ පිහිටා තිබෙන චන්ද්‍රයින් අතුරින් වැඩිම ඝණත්වය සහිත චන්ද්‍රයා යි. එමෙන්ම මෙය සෞරග්‍රහමණ්ඩලයේ මෙතෙක් සොයාගෙන තිබෙන ‘වියළිම’ වස්තුව යි.

චන්ද්‍රයා

iStockphoto.com/selimaksan

පෘථිවියට අයත් එකම උපග්‍රහයා වන චන්ද්‍රයාට සෞරග්‍රහමණ්ඩලයේ විශාලතම චන්ද්‍රයින් අතර හිමිව ඇත්තේ පස්වන ස්ථානය යි. මෙය සත්‍ය වායුගෝලයකින් තොර, ජීවය රහිත ස්ථානයක් වෙනවා. මෙහි සත්‍ය වායුගෝලයක් නොපැවතීමට හේතුව වන්නේ එහි අඩු විශාලත්වය නිසා වායුගෝලයක් ආකර්ෂණය කර තබාගැනීමට තරම් එහි ගුරුත්වාකර්ෂණ බලය ප්‍රබල නොවීම යි.

චන්ද්‍රයාගේ භ්‍රමණ වේගය පෘථිවියට අනුරූප වෙනවා. මේ නිසා සෑමවිටම එහි එකම පසක් පෘථිවියට මුහුණලා පිහිටා තිබෙනවා. චන්ද්‍රයා පාෂාණමය ග්‍රහ වස්තුවක් වන අතර කුඩා ලෝහමය හරයක් පිහිටා තිබෙනවා. මඳක් ඉලිප්සීය පථයක පෘථිවිය වටා පරිභ්‍රමණය වන මෙය පෘථිවියට කි.මී 384,000ක සාමාන්‍ය දුරකින් පිහිටා තිබෙනවා. මෙහි විෂ්කම්භය කිලෝමීටර 3475ක් වෙනවා.

කවරයේ පින්තූරය- farmersalmanac.com

Related Articles