Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Black Widowගේ වතගොත සහ හොඳම Wallpapers 7ක්

2020 මැයි 1 වැනි දා යනු ලෝක කම්කරු දිනය පමණක් නොව, Marvel රසිකයන් පුල පුලා බලා සිටින Black Widow චිත්‍රපටය තිරගත වන දිනය යි. Endgame චිත්‍රපටයෙන් ලැබුණු සිත් රිදුම් රැසකට පැලැස්තර ඒ චිත්‍රපටයෙන් ලැබෙනු ඇතැ යි හැමගේම එකම බලාපොරොත්තුව වන අතර, නව චරිත කීපයක් ද සමග එය නවමු කතා මඟක ගමන් කරනු ඇති.

එතෙක් පරිගණක සහ දුරකතන තිරය Marvel සුරූපිණිය, ස්කාර්ලට් ජොහැන්සන්ගෙන් සහ Black Widow වීර චරිතයෙන් සරසා ගන්නට කාලය එළැඹ තිබේ.

නතාලියා අල්යනොව්නා රොමනෝවා

2880×1684 ප්‍රමාණයේ Wallpaper එකක් (wallpapercave.com)

නතාෂා යනු අපට හොඳින් හුරු රුසියානු නමකි. එහෙත් Black Widowගේ සම්පූර්ණ නම නතාලියා අල්යනොව්නා ‘නතාෂා’ රොමනෝවා ය. මේ නම රුසියානු හෝඩියේ ඇති සුවිශේෂී තැනක් නිරූපණය කරන්නකි. නතාලියා Наталья; අල්යනොව්නා Альяновна; රොමනෝවා Романова යන්නෙහි ඇති අකුරු ඉංග්‍රීසි අකුරුවලට සමාන ය. එහෙත් එහි එකදු N, V, හෝ R අකුරක් ශබ්ද කරන ස්ථානයන්හි දැකිය නොහැක.

රුසියානු අකුරින් H යනු “න” ශබ්දය යි. P හඬ නගන්නේ “ර” ලෙස ය. H යනු “ව” ය. R අකුර අනෙක් පසට ලියූ අකුර (Я) හඬ නගන්නේ “ය” කියා යි. මේවා නොදැන අපි එහි ගොස් ඇයට “හතාන්බර් අන්බර්හෝභා පෝම‍හෝබා” කියා කතා කළා නම් ඇය පක්ෂාත් භාගයට පා පහරක් දී අපව අහසින් ලංකාවට යවනු ඇත.

බාගන්න: wallpapercave.com/w/wp2037259 (එහි පිවිස, Preview එක වම්පස ඇති Download අයිකනයක් ඇති බොත්තම ක්ලික් කරන්න.)

හස්ත සටන් ශූරියක්

දුරකතනවලට උචිත Wallpaper එකක් (wallpapercave.com)

උපායශීලීව සටන් කිරීමේ ප්‍රවීණයකු වන නතාශා, හස්ත (hand-to-hand) සටන්කාරිණියකි. රුසියාවේ උපන් ඇය පුහුණු කරන ලද්දේ රුසියානු KGB රහස් ඔත්තු සේවා නියෝජිතවරියක ලෙස යි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඇය මුල්කාලීනව Iron Manට සහ Spider Manට එරෙහිව සටන් වදියි.

ජෛවතාක්ෂණ විද්‍යාව නිසා හොඳ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ලද ඇය වයස් ගත නොවන අතර, තුවාල වේගයෙන් සුව වේ. (මූලාශ්‍රය: Black Widow: Breakdown #2 කොමික් පොත) අත් පළඳනා මඟින් රේඩියෝ සන්නිවේදනය, විදුලි සැර, පුපුරන ද්‍රව්‍ය, සහ ගෑස් වර්ග නිකුත් කිරීම වැනි හැකියාවන් ලබයි. 1970 වසරේ නිකුත් වූ The Amazing Spider-Man #86 කොමික් පොතේ දී ඇය Spider Man මෙන්ම අත් පළඳනාවෙන් මකුළු දැල් විදියි.

මෙහි එන Wallpaper එක 1080×1080 ප්‍රමාණයේ එකකි. කළු පැහැය මත ඇති නියෝන් වර්ණ OLED තිරයක් සහිත දුරකතනවලට වඩාත් හොඳ පෙනුමක් ගෙන දෙයි. මුහුණේ හැඩය නම් මඳක් වෙනස් වගේ යි.

බාගන්න: wallpapercave.com/w/wp4644074 

1984 – 2023 දක්වා දිවි ගෙවා 2014 දී මියයාම

කැමති Resolution එකකින් ලද හැකි Wallpaper එකක් (alphacoders.com)

1984 දී‍ සෝවියට් දේශයේ උපන් නතාශා, රුසියානු සමූහාණ්ඩුවේ පුරවැසියකු වී පසුව අමෙරිකාවට පක්ෂපාතී වීමත් සමග අමෙරිකානු පුරවැසිභාවය ද ලබයි. ඇගේ පියා ‘ඉවාන් රොමානොෆ්’ ය. EndGame හි දී Red Skull ඇයව ආමන්ත්‍රණය කරන්නේ ‘ආයුබෝවන්, ඉවාන්ගේ දුවණිය, නතාශා’ (“Welcome, Natasha, daughter of Ivan”) කියා යි.

EndGame 2019 චිත්‍රපටයේ දී 2023 සිට කාලය තරණය කොට, වෝර්මීර් වෙත Hawk-eye සමග Soul Stone එක ගන්නට ගිය නතාශා ස්ව-කැමැත්තෙන්ම තම ජීවිතය පුදයි. මේ නිසා ඇය මියගිය අවුරුද්ද බවට පත් වන්නේ 2014 යි.

මේ Wallpaper එකෙහි මූලික ප්‍රමාණය 1440×900 යි. දුරකතනයක් සඳහා බාගත කරන්නේ නම්, Download බොත්තම පසෙකින් ඇති More resolutions ටැප් කර, එවිට විවෘත වන කොටසේ Other Resolution යටතේ ඇති Mobile Resolutions වෙතින් ඔබට වඩාත් උචිත ප්‍රමාණය තෝරාගන්න.

බාගන්න: wall.alphacoders.com/big.php?i=303681

ශාරීරික ශක්තියට නොදෙවැනි බුද්ධියක්

Thor, Black Widow සහ Hulk (wallpapersden.com)

නතාශා යනු, රහසිගතව ඔත්තු බැලීමට, වෙස් වළා ගැනීමට, ආක්‍රමණය කිරීමට සහ පුපුරුවා හැරීම් පිළිබඳ ඉහළ දැනුමක් සහිතව පුහුණු කළ භයානක රහස් නියෝජිතවරියකි. පෙර සඳහන් කළ සටන් ශිල්පයන්ට අමතරව ඇයට බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීමට හැකියාව තිබේ.

රහස් නියෝජිතයකු ලෙස කටයුතු කිරීමට ඇති ඇගේ හැකියාව කෙතරම් ද යත්, නික් ෆියුරි විසින් සකසන මුසා අනාවරකයේ (lie detector) සඵලතාව පෙන්වාදීම සඳහා විස්තර කරන්නේ Black widowටවත් බොරු කළ නොහැකි එකක් බවට යි. ලතින්, රුසියානු, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මානු, චීන, ඉතාලි ඇතුළු භාෂා රැසක් හැසිරවීමේ හැකියාව ඇය සතු බව Iron Man 2 චිත්‍රපටියේ දී ටෝනි ස්ටාර්ක් කියයි.

සෝවියට් රුසියාවේ Red Room සහ KGB, ඇමරිකාවේ S.H.I.E.L.D. හි කටයුතු කර අවසානයේ Avengers වෙත එක් වන ඇය රහස් නියෝජිතවරියක ලෙස Hammer Industries සහ Stark Industries සමග කටයුතු කර තිබේ.

බාගන්න: wallpapersden.com/…black-widow…/ 

Hulk සමග පලහිලව්ව

වීරයන් අතර ප්‍රේමයක් (deviantart.com)

2015 වසරේ දී තිරගත වූ Avengers: Age of Ultron චිත්‍රපටය Avengers කණ්ඩායම වෙත රෝමාන්තික මං තීරුවක් එක් කළේ ය. Black Widow සහ බෲස් බැනර් හෙවත් Hulk අතර ක්‍රමයෙන් මෝදු වූ ආදර සබඳතාව වඩාත් තහවුරු වූයේ Hulkගේ තරහ සමනය කොට නැවත බෲස් බවට පත් කිරීමට Black Widow සමත් වීමත් සමග ය.

ත්‍රාසජනක චිත්‍රපට මාලාවක් වශයෙන් ආදර කතාවට විශාල කාලයක් වෙන් නොවූව ද EndGame හි දී සිදු වූ තම පෙම්වති‍යගේ වියෝව බෲස් කෝපයෙන් විඳදරාගත් ආකාරය වැනි සුළු දර්ශනයන් මඟින් වැඩි තීව්‍රතාවකින් මේ ආදරය, කතා මාලාව තුළ හොඳින් ඉස්මතු විණි.

ඒ සුන්දර ආදරය ඩිජිටල් චිත්‍රයකට නගමින් මේ Wallpaper එක සකසා තිබේ.

බාගන්න: deviantart.com/cipi82 හෝ zoom-comics.com/Black-Widow-and-Hulk.jpg

නව චිත්‍රපටය සමග අලුත් චරිත කීපයක්

Black Widowට තම නැගණිය සහ Red Guardian හමුවේ (@andyparkart)

නව Black Widow (2020) චිත්‍රපටයට පාදක වන්නේ ස්කාර්ලට් ජොහැන්සන් රඟ දක්වන

නතාශා රොමානෝෆ් චරිතයෙහි අතීත කථාව යි. Endgame චිත්‍රපටයේ දී Hawkeye සඳහන් කරන බුඩාපේස්ට් වෙත නතාශාගේ ගමන මෙහි නිරූපණය වෙනවා. එහි දී ඇයට කොමික්වල දෙවන Black Widow ලෙස පෙනී සිටින යෙලේනා බෙලෝවා මුණ ගැසෙනවා. ඒ අන් කිසිවකුත් නොව, ඇගේම නැගණිය යි.

Captain America හි රුසියානු ආදේශකය වන Red Guardian ද නතාශා සහ යෙලේනා සමග එක් වෙයි. ඔහුගේ පෙනුම හරියට, Endgame හි සිටි මහත Thor සහ Captain America එකට මුසුකළාක් වගේ යි.

මේ Wallpaper එකෙහි නව චිත්‍රපටයේ සිටින චරිත නිරූපණය වෙනවා. එහි දිගටි බව නිසා වඩාත් සුදුසු වන්නේ මොබයිල් Wallpaper එකක් ලෙස යි.

බාගන්න: https://twitter.com/andyparkart ‍හෝ pbs.twimg.com/EK9WH62U8AIZg-H.jpg

ස්කාර්ලට් ජොහැන්සන්ගේ අඛණ්ඩ දායකත්වය

Cyberpunk ආකාරයට සැකසූවක් (hdqwalls.com)

2010 දී තිරගත වූ Iron Man 2 චිත්‍රපටයේ පටන් ම Black widow චරිතයට පණ පොවන ලද්දේ ස්කාර්ලට් ජොහැන්සන් ය. 2015 දී Avengers: Age of Ultron රූගත කරන සමය වන විට ඇය ගැබිනිව සිටි බැවින් සැහැල්ලු රූප රාමු කොටස් සඳහා ඇය පෙනී සිටින ලද අතර, ගර්භණීත්වය සැඟවීමට CGI සහ Stunt doubles තිදෙනෙක් යොදාගති. එසේ යොදාගත් අමතර නිළියන් කෙතරම් ඇයට සමාන වී ද යත්, Captain America නිරූපණය කරන ක්‍රිස් එවන්ස් ද රැවටී කතා කොට තිබිණි.

මේ Wallpaper එක පහත Link එකට පිවිස ඔබේ උප‍ාංගයට ගැළපෙන Resolution එකකින් බාගත කරගැනීමට අවස්ථාව තිබේ.

බාගන්න: hdqwalls.com/cyberpunk-black-widow

මෙතෙක් කල් ගත වූව ද ස්කර්ලට් වෙත තනි චිත්‍රපටයක් ලැබෙන බවට සලකුණක් නොවී ය. එහෙත් 2018 දී ස්ටෑන් ලී පවසා තිබුණේ “දවසකට Black Widow චිත්‍රපටයකුත් ඒවි” කියා යි. දශක දෙකක් පුරාවට තම නිර්මාණාත්මක හැකියාවන් Marvel වෙත දායාද කළ ස්ටෑන් ලී Iron Man, Thor, Hulk, Black Panther, Doctor Strange, සහ Ant-Man මෙන්ම Black Widow චරිතය නිර්මාණයට ද දායක විය. මෙවර චිත්‍රපටයේ Cameo එකක ඔහුව දකින්නට ලැබේවි ද?

මූලාශ්‍රයයන්:

  • indiewire.com
  • marvelcinematicuniverse.fandom.com

කවරය: hdqwalls.com

Related Articles