Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කැන්ගරු රටේ ප්‍රාන්ත අගනගර

ඔස්ට්‍රේලියානු මහද්වීපය අතීතයේ සිටම කැන්ගරු දේශය ලෙස ප්‍රසිද්ධියට පත් වීය. මෙය ප්‍රධාන ප්‍රාන්ත හයකින් සමන්විත වේ. එම ප්‍රාන්ත හය සඳහා වෙන් වූ අග නගර පවතී. මෙම ලිපිය තුළින් එම අග නගර පිළිබඳ ඔබව දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වේ.

සිඩ්නි

barmetrix.com

සිඩ්නි යනු නිව් සවුත් වේල්ස් හි  ප්‍රධාන නගරයයි. මෙය ඉතා වේගයෙන් ජනප්‍රියත්වයට පත්වෙමින් පවතින නගරයකි. සිඩ්නි නගරය වේගයෙන් ජනප්‍රිය වීමට හේතු කීපයක් ඇත. ඉන් ප්‍රධාන සාධකයක් ලෙස සිඩ්නි වරාය දැක්විය හැක. සිඩ්නි වරායේ ඇති පැහැදිළි නිල් පැහැති ජලය මනස්කාන්ත දර්ශනයක් නිසා බොහෝ දෙනා එය නැරඹීමට පැමිණේ. සෑම වසරකම මෙහි වරාය නගරය තුළ පමණක් නරඹන්නන් මිලියන 10ක් පමණ නවාතැන් ගනී. සිඩ්නි නගරයේ ඇති සෞම්‍ය කාලගුණය ද සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට හේතු වේ. මිට අමතරව සිඩ්නි නගරයේ ඔපෙරා ශාලාව​, නගරයේ පවත්වන විවිධ සංස්කෘතික අංගයන් හා කලාවද ජනයා ආකර්ෂණය කර ගනී. සාප්පු සවාරි යාම සඳහාද සිඩ්නි කදිම නගරයකි.

බ්‍රිස්බේන්

australia.com

බ්‍රිස්බේන් යනු ක්වීන්ස්ලන්තයේ හි ප්‍රධාන නගරයයි. රැකියා අවස්ථා හා ජනගහණය අතින් ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වන නගරයක් ලෙස බ්‍රිස්බේන් දැක්විය හැක. මෙම නගරයේ ජනයා උගත්, හැකියාවන් පිරුණු විවිධ සංස්කෘතීන් වලට අයත් පුද්ගලයින් වේ. ඕස්ට්‍රේලියාවේ ඇති අග නගර 6 අතරින් වර්ග ප්‍රමාණයෙන් විශාලම නගරය වන්නේ බ්‍රිස්බේන් ය. එහි වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් 1140 කි. මෙම නගරය ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල්, වරායවල්, අධි වේගී මාර්ග පද්ධති, ක්‍රීඩාගාර ආදී පුළුල් යටිතල පහසුකම් ව්‍යුහයකින් සමන්විත වේ.

ඇඩිලේඩ්

telegraph.co.uk

ඇඩිලේඩ් යනු දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රධාන නගරයයි. ඇඩිලේඩ් නගරයට පැමිණෙන සංචාරකයින් හට බොහෝ දෑ දැකබලා ගැනීමට හා අත් විඳීමට හැකි වේ. ඇඩිලේඩ් නගරයේ මධ්‍යම වෙළඳපළට යාමට සංචාරකයින් අමතක නොකරන්නේ එහි ඇති නැවුම් එළවලු, පළතුරු, චීස්, මස් හා මුහුදු අහාර නිසාවෙනි. මිට අමතරව ඇඩිලේඩ් නගරයේ ඇති වෙරළ තීරයන් එහි සිටින ජනයාට නිදහසේ කාලය ගත කිරීමට අවස්ථාව සලසා දේ. මුහුදු වෙරළ අවට ඇති අලංකාර හෝටල් හා කැෆේ මුහුදු වෙරළේ අසිරිය තවත් වැඩි කරයි. මිට අමතරව ඇඩිලේඩ් නගරය තුළ ඇති විවිධ උත්සව ජනයා ආකර්ෂණය කරගනී. විශේෂයෙන්ම පෙබරවාරි හා මාර්තු මාසවල කලාව හා සංගීතය එකතු වූ ප්‍රධාන උත්සව මෙම නගරයේ  පවතී.

හෝබාර්ට්

australia.com

හෝබාර්ට් යනු තස්මේනියාවේ හි ප්‍රධාන නගරයයි. මෙය ආහාරප්]වලට කැමැත්තක් දක්වන අයට කදිම නගරයකි. හෝබාර්ට් නගරයේ ඇති ෆ්‍රැන්ක්ලින් අවන්හල 2016 ඕස්ට්‍රේලියාවේ හොඳම අවන්හල් 10 ට ලබා දෙන සම්මානයෙන් පවා පිඳුම් ලබා ගන්නා ලදී. වෙලිංග්ටන් කන්ද පිහිටා ඇත්තේ හෝබාර්ට් නගරයේ සිට මීටර් 1300ක් පමණ ඉහළිනි. මෙම නගරයට පැමිණෙන කෙනෙකුට එය නැගීමේ අත් දැකීමද විඳ ගත හැක. මිට අමතරව හෝබාර්ට් නගරයට පැමිනෙන්නෙකුට ප්‍රනීත විස්කි හා බියර් රස විඳීමේ හැකියාව ද ලැබේ.

මෙල්බර්න්

visitmelbourne.com

මෙල්බර්න් යනු Victoria හි ප්‍රධාන නගරයයි. මෙය බොහෝ සුන්දර නගරයකි. මෙල්බන් නගරය දිගේ ඇවිද යන්නෙකු අනිවාර්යෙන් කළ යුතු දෙයක් වන්නේ කෝපි ආපන ශාලාවකින් රසවත් කෝපි කෝප්පයක් පානය කිරීමයි. මෙල්බර්න් නගරයේ සාප්පු සවාරියක් යාමේ දී බොහෝ දේශීය අත්කම් නිර්මාණ මිලදී ගැනීමේ හැකියාව පවතී. මෙල්බර්න් නගරයේ දැකිය හැකි ප්‍රසිද්ධ අවන්හල් ලෙස Attica, Tonka, Flower Drum, The press Club, Jimmy Grants දැක්විය හැක. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්‍රීඩා නගරය ලෙස සැලකෙන්නේ ද  මෙල්බර්න් නගරයයි.

පර්ත්

australia.com

පර්ත් යනු බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රධාන නගරයයි. ලෝකයේ විශාලතම නගර උද්‍යානයක් වන Kings Park පිහිටා ඇත්තේ පර්ත් නගරය තුළයි. පර්ත් නගරයට පැමිණෙන සංචාරකයින්ට එහි අලංකාර මුහුදු වෙරළේ සිරි නැරඹීමට හා Swan නිම්නයේ නිපදවන රසවත් වයින් විදුරුවක රස බැලීමට අවස්ථාව ලැබේ.  පර්ත් නගරයට කිලෝමීටර් 19ක් දුරින් ඇති Rottnest දිවයින බොහෝ සංචාරකයින් පර්ත් නගරයට පැමිණීමට එක් හේතුවක් වී ඇත. මෙය අලංකාර සාගර ජීවින්ගෙන් පිරුණු දිවයිනකි.

කවරයේ පින්තුරය – redox.com

Related Articles