Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආසියාවේ දිගම ගඟ හා ලොව තෙවැනි දිගම ගඟ වන යැංසි

යැංසි යනු චීනය යන රටත් එක්කම බැඳුණ නමක්. අනාදිමත් කාළයක පටන් චීන ශිෂ්ඨාචාරය නිර්මාණය වීමේදී යැංසි ගඟ එහි වැදගත් සාධකයක් වුණා. අවුරුදු ගණනාවක් පුරාවට චීනයේ සංවර්ධනය උදෙසා සෘජු හා වක්‍ර ආකාරයෙන් මෙම ගංගාව දායක වී තිබෙනවා. චීනයට මෙන්ම ආසියාවටද සුවිශේෂී ගංගාවක් වන මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම මෙම ලිපියේ අරමුණ වනවා.

භූ ගෝලීය පිහිටීම

dreamstime.com

යැංසි ගංගාව චීන භාෂාවෙන් Chang Jiang හෙවත් Ch’ang Chiang යනුවෙන් හඳුන්වනු ලබනවා. මෙම ගංගාව චීනයේ මෙන්ම ආසියාවේ දිගම ගංගාව වන අතර ලෝකයේ තුන්වන දිගම ගංගාවද වනවා. ගංගාවේ දිග සැතපුම් 3,915 පමණ වනවා. මෙහි ද්‍රෝණිය සැතපුම් 2,000 පමණ දුරට බටහිර සිට නැගෙනහිරටත් විහිදී යන අතරම උතුරේ සිට දකුණට සැතපුම් 600 ක් පමණ දුරට විහිදෙනවා. බැස්ම සැතපුම් 698,265 ක භූමි ප්‍රමාණයක් වනවා. යැංසි ගංගාව ටිබෙට් සානුවෙහි සිට නැගෙනහිර චීන මුහුදට ගලා යාම සිදු කරනවා.

ජල පද්ධතිය

alterra.cc (දුර්ග තුන)

ගංගාවේ ඉහළ කොටස සිචුවාන් පළාතේ යිබින් නමැති නගරය හා හුබෙයි පළාතේ Yichang නගරය අතර පිහිටා තිබෙනවා. මෙම ඉහළ කොටස චුවාන් ගංගාව යනුවෙන්ද හඳුන්වනවා. මෙයට හේතුව වන්නේ බොහොමයක් කොටස් ගලා එනු ලබන්නේ සිචුවාන් පළාතේ සිට වීමයි. මෙම කොටසේ සැඟවුණු අන්තරායන් හා ඇලි බොහෝමයක් පිහිටා තිබෙනවා. දුර්ග තුන පිහිටා තිබෙන්නේද මෙම කොටසේය.

මධ්‍ය කොටස ආරම්භ වන්නේ Jiangxi පළාතේ Yichang නගරයේ සිට Jiujiang නමැති නගරය දක්වායි. මේ අවට තැනින් තැන විල් කිහිපයක් පිහිටා තිබෙනවා. මෙහි දී පැරණි Jingzhou නමැති ප්‍රදේශය පසු කර ගලා බසින බැවින් Jingjiang යනුවෙන් අමතනු ලබනවා.

ගංගාවේ පහළ කොටස Jiujiang හා Shanghai අතර පිහිටා තිබෙනවා. යැංසි යන නම මෙම කොටසේ නාමයයි. එයට හේතුව වන්නේ පැරණි Yangzijin Ferry මෙම ප්‍රදේශයේ පිහිටා තිබීමයි.

යැංසි ගංගාව Qutang, Xiling, Wu නමැති දුර්ග පසු කරමින් ගමන් කරනු ලබනවා. එමෙන්ම ෂැංහයි, චොන්කින්, වූහාන්, නෑන්ජින් නමැති ප්‍රධාන නගර හරහා ද ගමන් කරමින් චීනයේ පළාත් නවයක් පමණ හරහා ඇදී යනවා.

අතු ගංගා

hunan.china.org.cn (Dongting විල)

අතු ගංගා 49ක් පමණ තිබෙන බව දැක්වෙන අතරම ඒ අතරින් ප්‍රධාන ඒවා වන්නේ Hanjiang, Yalongjiang, Minjiang, Jialingjiang, Wujiang, Xiangjiang, Yuanjiang හා Ganjiang ය. ෂැන්හයි හි ඉතාමත් ප්‍රසිද්ධ Huangpu නමැති ගංගාවද යැංසි ගංගාවේ අතු ගංගාවකි. යැංසි ගංගාවේ ද්‍රෝණියේ පිහිටි විශාල විල් ලෙස Dongting විල, Poyang විල, Taihu විල, Liangzi විල, Chaohu විල හා Honghu විල දැක්විය හැකියි.

නම් කිරීම

යැංසි යන නාමය පැරණි යැං යන්නෙන් පැමිණි අතරම මෙම නාමය බටහිර පෙදෙස් වල පිරිස් භාවිතා කරනු ලැබුවා. Chang Jiang යන්නෙන් දීර්ඝ ගංගාව යන්න ගම්‍යමාන වන අතරම මෙම නාමය  චීනයේ දී භාවිතා කර තිබෙනවා. මීට අමතරව Da Jiang හෙවත් උතුම් ගංගාව හා Jiang (ගංගාව) යන නම්ද මේ සඳහා භාවිතා කර තිබෙනවා. යැංසි ගංගාව චීනයේ ඉතාමත් වැදගත් ගංගාවක් වන අතරම මෙරට ප්‍රධාන ජලමාර්ගය වන්නේ මෙයයි.

වාරිමාර්ග ව්‍යාපෘති

ultimatescience.org(Three Gorges Dam)

පැරණිතම හා ලොව වේල්ලක් නොමැති වාරිමාර්ග පද්ධතියක් ලෙස Dujiangyan වාරිමාර්ග ව්‍යාපෘතිය දැක්විය හැකියි. මෙය පිහිටා තිබෙන්නේ Chengdu නමැති නගරයට බටහිරට වන්නට Minjiang හිදීය.

1988 වසරේදී Gezhouba නමැති පළමු විශාල වේල්ලේ ඉදිකිරීම් කටයුතු නිම කරනු ලැබුවා. එමඟින් විදුලි බලය උත්පාදනය ආදී කටයුතු සඳහා බලපානු ලැබුවා. 2009 වසරේ නැවතත් Three Gorges Dam හි කටයුතු අවසන් කරනු ලැබුවා. හුබෙයි නමැති පළාතේ Yichang ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙය විශාලම ජල විදුලි ව්‍යාපෘතිය වනවා. ගංවතුර පාලනය කිරීමේ වඩාත් කාර්යක්ෂම වේල්ල වනවා. මෙම වේලි දෙක මඟින් ගංගාවේ මධ්‍යම හා ඉහළ ජල විදුලි බලය උත්පාදනය, ගංවතුර පාලනය, යාත්‍රා කිරීම හා සංචාරක කටයුතු සඳහා සැලකිය යුතු තරමේ සහයෝගයක් දක්වනු ලබනවා.

පාලම්

chinaabout.net(Wuhan යැංසි ගංගා පාලම)

ගංගාව හරහා ඉදිකරන ලද පළමු පාලම වන්නේ වර්ෂ 1957 දී ඉදිකිරීම් අවසන් කොට ගමනාගමනයට විවෘත කරන  ලද Wuhan යැංසි ගංගා පාලමයි. අනතුරුව විශාල පාලම් රාශියක් ප්‍රධාන ගංගාවට මෙන්ම ශාඛා වලටද ඉදිකරනු ලැබුවා.

ප්‍රයෝජන

worldwildlife.org(යැංසි ගංගාවේ මාළු අල්ලන දසුනක්)

යැංසි ගංගාවේ ද්‍රෝණිය චීනයේ ධාන්‍යාගාර වනවා. එහි ධාන්‍ය නිෂ්පාදනය මුළු ජනගහනයෙන් අඩක් පමණ ආවරණය කරනු ලබනවා. හාල් මුළු ප්‍රමාණයෙන් 70% ට පමණ වටිනාකම් කියනවා. මීට අමතරව කපු, බාර්ලි, ඉරිඟු, තිරිඟු හා බෝංචි නිෂ්පාදනයද මෙහි සිදු කරනවා. එමෙන්ම චීනයේ වඩාත් සමෘද්ධිමත් හා ජනාකීර්ණ ප්‍රදේශය වන්නේ මෙම ප්‍රදේශයයි. Shanghai, Nanjing, Wuhan, Chongqing හා Chengdu ආදී වැදගත් කමින් යුත් නගර මෙම ප්‍රදේශයේ පිහිටා තිබෙන අතරම මේවායේ ජනගහනය මිලියනයකට අධික වනවා. එනම් කහ ගඟ මෙන්ම යැංසි ගංගාවද චීන ශිෂ්ටාචාරයේ ආරම්භය සනිටුහන් කරනවා. එමෙන්ම එය දීර්ඝ කාලින ඉතිහාසයකින් හා සමෘද්ධිමත් සංස්කෘතික අවශේෂ වලින් සම්පන්න වනවා.

වසර 2,000 පමණ සිට ප්‍රවාහන කටයුතු සිදු කර තිබෙනවා. එමෙන්ම මෙම ගංගාව චීනයේ ප්‍රධාන යාත්‍රා කිරීමේ ජලමාර්ගය වනවා.

යැංසි ගංගාවේ හා එහි අතු ගංගා වල මසුන් ඇල්ලීමේ කර්මාන්තය සිදු කරන අතර මෙම ප්‍රදේශයේ බොහොමයක් ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වනවා. මත්ස්‍ය විශේෂ දහස් ගණනක් පමණ චීනයේ ගංගා වලින් සොයා ගත හැකි අතරම එයින් බොහොමයක් වාසය කරන්නේ යැංසි ගංගාවේ හා එහි අතු ගංගා වලයි.

කවරයේ පින්තූරය: blog.yangtze-river-cruises.com

Related Articles