Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Credit Card එකට හරියටම ගැලපෙන Offers ගෙනෙන “Coffer” app එක

Credit Card එකක් පාවිච්චි කරන්න ගත්තාට පස්සේ එහි උපරිම ඵල ප්‍රයෝජන විඳින්නට නම් එය භාවිතයෙන් අපිට ලබා ගත හැකි වාසි ගැන දැන ගැනීම වැදගත් වෙනවා. මේ සඳහා දැනට අපිට තියෙන එකම ක්‍රමය හැම තිස්සේම ෆෝන් එකට බැංකු වලින් එන SMS, බැංකුවල Offers ගැන කියමින් ඊමේල් එකට එන Spam, Facebook එකෙන් නිතර මතුවන දැන්වීම් ආදී ක්‍රම පමණ යි. මේවා කෙතරම් කරදරකාරී ද යත්, වැදගත් SMS එකක් හෝ Email එකක් අපේක්ෂාවෙන් ඉන්නා අවස්ථාවක බැංකුවෙන් Offers ආවාම ඔළුවේ තිබෙන කෙස් ප්‍රමාණය තවත් අඩු වීම විතරයි අපිට ලැබෙන එකම ප්‍රතිඵලය. ඒත් මේ වෙනුවට mobile App එකක් තිබුණා නම් අපිට අවශ්‍ය අවස්ථාවලදී පහසුවෙන්ම ඒවා බලාගන්නට පුළුවන්. 2018 අග භාගය වන විට ශ්‍රී ලංකාවේ භාවිතා වන සක්‍රීය Credit Card සංඛ්‍යාව ලක්ෂ 16 ඉක්මවනවා. එවන් තත්ත්වයක් යටතේ ලංකාවට මෙවන් සේවාවක අවශ්‍යතාව තදින්ම උද්ගත වී පවතිනවා.

මුදල් ගෙවීමට වඩා කාඩ්පත් වලින් ගෙවීම වාසි සහගතයි (gobankingrates.com)

අවුරුද්ද ආරම්භය, වැලන්ටයින්, විශේෂ නිවාඩු දින, සිංහල හින්දු අලුත් අවුරුද්ද, Black Friday, නත්තල් ඇතුළු විශේෂ අවස්ථාවන් හි දී පමණක් නොව ඒ අතරවාරයේ ද අවුරුද්ද පුරා ම Credit මෙන්ම Debit card offers ලැබෙනවා. ඒත් ඔබ සතුව තිබෙන Card එකට මොන Offers, කුමන වෙළඳ ආයතන වලින් ලබා ගැනීමට හැකියාව තිබෙනවා ද යන්න සොයා ගැනීම අපහසු කටයුත්තක්. ඇතැම් බැංකු වලින් SMS මගින් දැනුම් දුන්නත් ඒවා නිතර ලැබීම ඇත්තටම කරදරයක්. මේ නිසා ඒවායේ Notifications off කිරීම සහ ඒවා බලන්නේම නැතිව මකා දැමීම නිරන්තරයෙන් සිදු වෙනවා. එහෙම නැතත්, මොනවා හරි මිලදී ගැනීමක් කරන්නට අවශ්‍ය වුණාම බැංකුවේ වෙබ් අඩවියට පිවිස බැලීම හෝ SMS සියල්ලම කියවන එක කරදරයි. සමහර වට්ටම් ඒ වන විට කල් ඉකුත් වෙලා. ඔබට Credit සහ Debit කාඩ්පත් කිහිපයක් තිබෙනවා නම් සහ ඒවා බැංකු කිහිපයකින් ම තිබෙනවා නම් එය කෙතරම් අවුල් ජාලයක් ද කියන එක ඔබ හොඳින් දන්නවා ඇති. මේ ගැටළුව මඟහරවන්න ලංකාවෙන් ම බිහිවුණු “Coffer” app එක දැන් ඔබට පහසුවෙන් භාවිතා කිරීමේ අවස්ථාව සලසා තිබෙනවා.

App එකට පිවිසීම, අවශ්‍ය බැංකු හා කාඩ්පත් වර්ග තේරීම

මෙම App එකෙහි ඇති විශේෂත්වයක් වන්නේ බැංකුව අනුව පමණක් නොව කාඩ්පත් වර්ගය අනුව ද Filter කරමින් ඔබට අදාල Offers පෙන්වීමයි. App එක ස්ථාපනය කරගෙන විවෘත කළ විට ඔබ සතුව දැනටමත් තිබෙන Google ගිණුමෙන් හෝ Coffer මත නව Account එකක් සැකසීමෙන් පිවිසෙන්නට පුළුවන්. එවිට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු සහ මූල්‍ය ආයතන 20ක් පමණ අතරින් ඔබට අවශ්‍ය ඒවා තෝරාගන්නට අවස්ථාව සලසනවා. අවසානයේ තෝරාගත් බැංකුවලට අදාලව ඔබ සතු කාඩ්පත් වර්ග තෝරන්නට නව පිටුවක් ලැබෙනවා. මෙතැන් පටන් ඔබ App එක විවෘත කරන විට අදාල බැංකුවට හා කාඩ්පත් වර්ගයට අදාල වට්ටම් අවස්ථාවන් ගැන පහසුවෙන්ම දැකගන්නට අවස්ථාව ලැබෙනවා.

Filter කිරීම හා Offer එකක් තුළට පිවිසුණු විට පූර්ණ විස්තරයක් දැකිය හැකි වීම

මෙහි ඇති අනුපිළිවෙල වට්ටම් කල් පිරෙන දිනය අනුව පෙළගස්වා ඇති නිසා ඉක්මණින් අවසන්ව යන ඒවා ඔබට මුලින් දැක ගැනීමට හැකියි. දකුණු පස ඉහළ ඇති Add Filters බොත්තමෙන් තවත් මෙම වට්ටම් අවස්ථා Filter කරමින් වැඩි පහසුවකින් යුතුව හැමදේම බලා ගන්නට හැකියාව තිබෙනවා.

මෙය Download කිරීමට ඇන්ඩ්‍රොයිඩ් සඳහා Play Store හෝ iOS සඳහා App Store වෙතට පිවිසෙන්න.

මෙම Offers වලින් අවශ්‍ය ඒවා Wishlist එකට එකතු කරගන්නටත්, අදාල ආයතන App එක හරහා පහසුවෙන් අමතන්නටත්, ඔබේ මිතුරන් සමග Facebook, WhatsApp, Viber වැනි සමාජ ජාල හරහා Share කරගන්නටත් අවස්ථාව තිබෙනවා.

Coffer ඇතුළු “Extrogene Software” ආයතනයේ අනෙකුත් නිපැයුම් (extrogene.com)

Coffer ගෙන එන Extrogene ආයතනයේ ආරම්භය සිදුවුණේ Lankan Angel Network හරහා ප්‍රාග්ධනය උපයා ගැනීමත් සමග යි. ඉන් අනතුරුව අවුරුදු 4ක් පුරාවට ශ්‍රී ලංකාවේ ඩිජිටල්, ඉ-වානිජ්‍යය සහ දුරකතන සමාගම් ඇතුළු අංශ ගණනාවක් ආවරණය කරමින් ආයතනවලට මෙන්ම ජනතාවට ද පාවිච්චි කරන්නට වටිනා නිෂ්පාදන ඔවුන් බිහිකළා. මෙහි අධ්‍යක්ෂක මණ්ඩලයේ hSenid ආයතනයේ නිර්මාතෘ දිනේෂ් සපරමාදු, CIMB හි ප්‍රධාන විධාක නිලධාරිණී අනර්කලී මුණසිංහ කටයුතු කරන අතර Google සමාගමේ ඉන්දීය ශාඛාවේ කළමනාකාර ප්‍රධානී රාජන් ආනන්දන් ද මෙහි ආයෝජකයෙක් ලෙස එක්වී සිටිනවා.

Coffer සේවාවෙන් බැංකු වලට ද සම්ප්‍රදායික ක්‍රමය වෙනුවට වඩාත් පහසුවෙන් තමන්ගේ පාරිභෝගිකයන්ට වට්ටම් අවස්ථාවන් පෙන්වන්නටත්, ඒවාට ඵලදායීව පාරිභෝගිකයා යොමු කරගන්නටත් හැකි වෙනවා. නුදු‍රේදී ම වට්ටම් හා  දීමනාවන්ට වැඩි කැමැත්තක් දක්වන කාණ්ඩයන් පිළිබඳව සමීක්ෂණ දත්ත ගොඩනගා ගැනීමට ද හැකියාව ලැබෙනු ඇති. SMS, ඊමේල්, ෆේස්බුක්, බැංකු වෙබ් අඩවිය, මුද්‍රිත බෙදාහැරුම් ආදී නානාවිධ ක්‍රම වලින් සෑම පාරිභෝගිකයකුට ම කරදරයක් වෙනවාට වඩා අවශ්‍යතාවය තිබෙන අවස්ථාවේදී, නිසි වාසි ගෙන දෙන්නට මේ හරහා අවස්ථාව උදා වෙනවා.

Coffer ලාංඡනය

ලක්ෂ 16 ක් පමණ Credit Card ශ්‍රී ලංකාව තුළ ගනුදෙනු සඳහා භාවිතා වන අවස්ථාවක Android සහ iOS යන මෙහෙයුම් පද්ධති දෙකටම Coffer සේවාව ලබා දීම තුළින් කාලීන අවශ්‍යතාවක් ඉටුවී තිබෙනවා. ක්‍රෙඩිට් කාඩ් බිල්පත සමග සුවිසල් පොතක් මුද්‍රණය කර එවනවා වෙනුවට බැංකු වලටත් හැම කෙනෙක්ගේම අතේ තිබෙන ස්මාර්ට් ෆෝන් වලට

වට්ටම් අවස්ථාවන් ලබා දෙන්නට හැකියාව ලැබී තිබෙන නිසා පාර්ශව රැසක් මේ සේවාව නිසා එකතු පහදු වී මහත් වාසියක් ලබනවා. ඔබට මේ ගැන වැඩි විස්තර Coffer.lk වෙබ් අඩවියෙන් දැනගන්නට පුළුවන්.

කවරය: medium.com

Related Articles