Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව සීතලම ගමේ වග තුග

මෙම ලිපිය මඟින් කතා කරන්නේ සීතලම සීතල ගමක් ගැනයි. හැබැයි මේ ගම පිහිටලා තියෙන්නේ ලංකවේ නම් නෙවෙයි. මේ සීතලම ගමේ නම් තමයි “ඔයිමයාකොන්”. ඒ වගේම මේ ගම්මානය පිහිටලා තියෙන්නේ රුසියාවේ.

රුසියාවේ කුමන ප්‍රදේශයකට වන්නට මෙම ගම පිහිටලා තියනවද යන්නත්, මෙහි සාමාන්‍ය සීතල කුමන අගයක් ගන්නවද යන්නත්, මොවුන්ගේ ජීවන රටා වගේම මෙවැනි අධික සීතලක් හේතුවෙන් විඳින්න සිදු වන අපහසුතා ගැනත් මේ ලිපිය මඟින් දැන කියා ගැනීමේ හැකියාවක් තිබෙනවා.

සීතලම ගමේ පිහිටීම

dailymail.co.uk (ඔයිමයාකොන් ගම්මානයේ පිහිටීම)

“ඔයිමයාකොන්” නැතිනම් ලෝකයේ සීතලම ගම උතුරු සයිබීරියාවේ එනම්  රුසියාවට අයත් වෙන ඉතාමත් දුෂ්කර ගමක් කියලයි වාර්තා වෙන්නේ. කඳු වළල්ලකින් වට වුණු නිම්නයක පිහිටලා තිබීම හේතුවෙන් තද සුළගෙන් ආරක්ෂා වෙන බවත් සඳහන් වෙනවා. ගමේ නමේ අර්ථය වන්නේ ‘නොමිදෙන ජලය’ යන්නයි.  ඒ වගේම මෙම ගම ලොව උෂ්ණත්වය අඩුම ස්ථිර මනුෂ්‍ය වාසයක් තිබෙන ස්ථානයද වනවා. ඒ අනුව ඔයිමයාකොන් ගම්මානයේ වාසය කරන ජනගහනය ගැන කතා කිරීමේදී එය 500ක් හෝ 600ක් නොඉක්මවන වන ඉතාමත් අඩු ප්‍රමාණයකුයි එහි පදිංචි වෙලා ඉන්නේ.

මෙම සීතලම ගමට යාම සිදු වන්නේ Yakutsk නගරයේ සිට දින දෙකක් ගමන් කිරීම මඟින්ය. ඒ වගේම මුහුදු මට්ටමේ සිට මීටර් 750ක පමණ උසකින් මෙම ගම්මානය පිහිටා තිබෙනවා.

ඔයිමයාකොන් ගමේ සීතල

dailymail.co.uk ( ගම්මානයේ දසුනක්)

ඔයිමයාකොන් ගම්මානයට Pole of Cold එසේත් නැතිනම් “ශීත ධ්‍රැවය” යන නම භාවිතා කරනවා. මෙහෙම නමක් දීමට හේතුව ලෙස සඳහන් වන්නේ මේ ගම්මානයේ තිබෙන අධික සීතලයි. ඒ වගේම 1924 වසරේදී පමණ මෙයින් වාර්තා වුණ අඩුම උෂ්ණත්වය අංශක 71.2 ලෙස වාර්තා වෙනවා. ඒ වගේම මෙහි වාර්තා වුන අඩුම උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 67.7 ක් වූ බවත් දැක්වෙනවා. ඒ 1993 පෙබරවාරි මාසේ 6 වන දිනයි. දෙසැම්බර් මාසයේ දී පමණ ඔයිමයාකොන් ගම්මානයේ දිවා කාලය පැය 3කට පමණ සීමා වෙනවා. නමුත් ජුනි මාසයක දී පැය 21ක් පමණ වෙන බවත් දැක්වෙනවා. මේ හේතුවෙන් ජුනි, ජුලි හා අගෝස්තු යන මාස වලදී 30c ටත් වඩා අගයකින් යුත් ඉහළ උෂ්ණත්වයන් වාර්තා වුණ අවස්ථාත් තිබුණ බව අන්තර්ජාලය සඳහන් වෙනවා. මීට අමතරව ඔක්තෝම්බර් මාසයේ  අග ඉඳලම මාර්තු මාසය වන තෙක්ම මෙම ගම්මානයේ සෑම දවසකම පාහේ උෂ්ණත්වය 00c ට අඩුයි.

ගම්මානයේ ජීවන රටාව

youtube.com (මාළු විකුණන ස්ථානයක්)

ඔයිමයාකොන් ගම්මානයේ ජීවන රටාව තරමක් වෙනස්. මෙහෙම කියන්න හේතුව වන්නේ අධික සීතල හේතුවෙන් මේ ගම්මානයේ ශාක වගා කිරීම ඇත්තටම අපහසුයි. මොකද මේ ප්‍රදේශයේ ගහක් කොළක් නොවැවෙන තරම්. මේ හේතුවෙන් මොවුන් ආහාරයට ගනු ලබන්නේ මාංශමය අහාර. පිනිමුවන් ගේ මස්, අශ්ව මස්, මාළු වගේම කිරි පානය ද පුරුද්දක් විදිහට සිදු කරනවා. වෛද්‍යවරුන්ගේ මතය වන්නේ මේ තරම් අධික සීතලකට ඔරොත්තු දෙන්න ඔයිමයාකොන් ගම්මානයේ වැසියන්ට හැකි වෙලා තියෙන්නේ මේ විදියට ගන්න ආහාර හින්ද කියලයි.

ඔයිමයාකොන් ගම්මානයේ වැසියන් මුහුණ දෙන අපහසුතා

bizarbin.com( වාහනය මතට හිම පතිත වී තිබෙන අයුරු)

මෙම ගම්මානයේ ගම වැසියන්ට අපහසුකම් වලට වඩා තියෙන්නේ අපහසුතා. මෙහෙම කියන්න හේතුව තමයි එදිනෙදා ජිවිතයේදී  මොවුන් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ තම සීමිත අවශ්‍යතා සපුරා ගැනීම සිදුකිරීම.

ඉතා අධික සීතල හේතුවෙන් බැටරි සහිත උපාංග භාවිතා කිරම ඉතාමත් අපහසුයි. මේ හේතුවෙන් ගම්වාසීන්ට ජංගම දුරකථන භාවිතා කිරීමේ අවස්ථාව අහිමි වෙලා තියෙනවා. ඒ වගේම මෙහි තත්වය කොතරම් අපහසුද කියනවානම් ලිවීම සඳහා අපි භාවිතා පෑන්වල තීන්ත පවා මිදීමක් සිදු වෙනවා. බැටරි වල ආයු කාලයද ඉතාමත් අඩුයි.

මෙම ගම්මානයේ රථවාහන නවතා තැබීමද තරමක් විශේෂ යි. එනම් බොහොමයක් පුද්ගලයන් වාහනයේ එන්ජිම ක්‍රියාත්මකව තිබියදීම ගාල් (park) කරනු ලබනවා. මේ සඳහා හේතුව ලෙස වාර්තා වෙන්නේ පසුදා උදයේ නැවත එන්ජිම ක්‍රියාත්මක කිරීමට නොහැකි වේ යැයි තරමක බියක් දැක්වීම හේතුවෙනි. නමුත් ඇතැමුන් මේ සඳහා විකල්ප ක්‍රම භාවිතා කරනවා. එනම් හීටර් සවි කරන ලද ගරාජයක වාහනය නතර කිරීමයි.

දියුණු තාක්ෂණයත් සමඟ ලොව පුරා භාවිතා වන උපකරණ භාවිතා කිරීමට මෙම ගම්වාසීන්ට ලැබෙන්නේ අඩු අවස්ථාවක්. උණුසුම සපයා ගැනීමට ඔයිමයාකොන් ගම්වාසීන් යොදා ගනු ලබන උපක්‍රමය වන්නේ ගල් අඟුරු පිලිස්සිමයි. ඒ වගේම ගම්මානයේ සියලුම දෙනාගේම අවශ්‍යතා ඉටු කිරීමට තිබෙන්නේ එකම එක වෙළෙඳ සැළකී.

මෙවැනි අධික සීතලක් ගැන කතා කිරීමකදී අවධානයට යොමු වන දෙයක් වන්නේ මොවුන් නිවසයි. සැබවින්ම මොවුන් මෙම සීතලට ඔරොත්තු දිය හැකි ආකාරයේ නිවාස සාදා තිබෙනවා. එමෙන්ම වැසිකිළි පිහිටා තිබෙන්නේ නිවසට තරමක් ඇතට වන්නටයි.

මොවුන් මුහුණ දෙන අපහසුතාව තවත් දෙගුණ තෙගුණ කරන කාරණයක් ලෙස ගමේ කිසිවෙකුගේ මරණයක් දැක්විය හැකියි. එසේ මියගිය පුද්ගලයා මිහදන් කිරීමට අවම දින 3ක් වත් ගත වෙන බව දැක්වෙනවා. එතරම් දින ගණනක් ගත වෙන්නේ ඉතා අධික ලෙස මිදී තිබෙන හිම මෙන්ම පස් හැරීමට සිදු වන නිසයි. නමුත් දැන් මෙය ගම්වාසීන්ට හුරු පුරුදු දෙයකි.

“යකුන්ස්‌ක්‌” කියන්නේ ඔයිමයාකෝන් ගමට ළඟින්ම පිහිටලා තියෙන නගරය. මෙම නගරයේ ජනගහනය 300000 ක් පමණ වන අතරම මෙම නගරය ලොව උෂ්ණත්වය අඩුම නගරයද වෙනවා. නමුත් මේ ලෝකයේ සීතලම නගරයේ පහසුකම් වලින් නම් අඩුවක් නැහැ. ගුවන්තොටුපල, විශ්වවිද්‍යාල, රංග ශාලා, සිනමා ශාලා ආදී හැම දෙයක්ම තියනවා. මේ හේතුවෙන්  ඔයිමයාකෝන් ගමේ ජනතාව මේ නගරයට විනෝද වෙන්න එනවා කියලත් සඳහන් වෙනවා.

මේ ගමේ ජිවන රටාව තරමක් වෙනස් නිසාම සංචාරකයන් ගමට නිරන්තරයෙන් පැමිණෙනවා කියලත් දැක්වෙනවා.

කවරයේ පින්තූරය: everydaytalks.com

Related Articles