Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Colomboscope 2021 සමග ඒකීයත්වයෙන් පෙරට

“මේ, ලොව පුරාම අන්තවාදී ජාතිකවාදයේ වර්ධනයක් දකින්නට ලැබෙන කාලයක්. ගොඩක් වෙලාවට හැමෝම වගේ තම තමන්ගේ උරුමය ලෙස සලකන්නේ ලිඛිත ඉතිහාසයෙනුත් ඈතට යන සිද්ධි දාමයක්,”යි Colomboscope 2021හි නියමු අනුෂ්කා රාජේන්ද්‍රන් පවසන්නේ මේ වසරේ එහි සැමරුම් පාඨය වන, “භාෂාවේ සංක්‍රමණිකත්වය” විස්තර කරමින්. මේ තේමාව, “මූලික අවස්ථාවේ තිබෙන මෙම වැඩසටහන අපි කවුද, සහ ස්වදේශික ලක්ෂණයැ යි අපි හඳුන්වාදෙන්නේ මොනවා ගැනදැ යි ‍නැවත හිතන්න පොළඹවනවා” යි ඇය පැවසුවා. මේ අදහස අද කාලයට පමණක් ගැලපෙන බව දැනුන ද, රාජෙන්ද්‍රන් පෙන්වාදෙන්නේ අද ගෝලීයකරණය ලෙස හඳුන්වන සංකල්පය පවා ඇතිවූයේ සංක්‍රමණිකයන් නිසා බවත්, එය දේශපාලනික සහ ආර්ථික බාධාවන් නිසා සේම යටත්විජිතකරණය සහ එයින් ඇතිකළ ධුරාවලීන් නිසා ද සංකීර්ණත්වයට පැමිණ ඇති බව යි. මෙම සැමරුමේ සැකැස්ම දෙස බලනකල සංක්‍රමණික ඉතිහාසය පුළුල්ව පිළිඹිබුකර ඇති බව පෙනීයන අතර, සංක්‍රමණික ප්‍රජාව, භාෂාව මත පදනම් වූ දේශපාලනය ද එතුළ නියෝජනය වී පවතී.

මුවිඳු බිනෝයි

හත්වැනි වරටත් පැවැත්වෙන Colomboscope වැඩසටහන මෙවසරේ අගෝස්තු මාසයේ දී පැවැත්වෙනවා. මෙය ජනවාරියේ පවත්වන්නට කටයුතු යොදා තිබුණත්, කොවිඩ්-19 හමුවේ පැනවුණු ‍සෞඛ්‍යාරක්ෂක පිළිවෙත්, සහ ගමනාගමන බාධාවන් හේතුවෙන් උත්සවය කල්දැමුණා. රාජේන්ද්‍රන් පවසන්නේ ගෝලීය වසංගතයක් හමුවේ වුව උත්සවය සංවිධානය කරද්දී අන් කණ්ඩායම් සමග සහයෝගීතාව වර්ධනය කරගන්නට ලැබුණු බව යි – “භෞතිකව එකිනෙකා හමුවෙන එක අත්‍යවශ්‍ය නොවුණු අතර, දීර්ඝ කතාබහ සමග කලාකරුවන් සමග අදහස් හුවමාරු කරගැනීමත්, දේශීය සම්බන්ධිකාරකයන් සමග කටයුතු කරන්නට ලැබීමත් සමග දිගුකාලීන සබඳතාවන් පවා වර්ධනය වුණා.” 

මෙම සැමරුමේ දී කලාකරුවන් භාෂාවේ මෙන්ම වැඩසටහනේ ඉතිහාසය, සහ ඉන් ලද අත්දැකීම් ඉදිරිපත් කෙරෙනවා. උදාහරණයක් ලෙස, රාජ්නි පෙරේරා නම් කලාකාරිය තොවිල් සම්ප්‍රදායේ එන විශ්වාසයන් සහ එහි නැගෙනහිර අප්‍රිකානු වත්පිළිවෙත් සමග ඇති සමානතාවන්, අද  නාගරික සමාජය සහ දේශපාලනික පසුබිමට සාපේක්ෂව සාකච්ඡා කරනවා. සිවිල් යුද්ධ සමයේ සිදුවූ සංක්‍රමණ සහ පීඩාවන් සම්බන්ධව කටයුතු කළ විනෝජා ධර්මලිංගම්, ‍යටත්විජිත සමයේ විදේශීය සංක්‍රමණිකයන් නිසා ආහාර සංස්කෘතීන්ට සිදුවූ බලපෑම සහ ප්‍රාදේශීය පරිභෝජනයේ සිදුවූ වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කරන තිසත් තෝරදෙණිය, චිතගොංහි පිහිටි තම නිවසේ පසුබිම හා චිතගොං දේශසීමාවක පිහිටීම නිසා එහි ප්‍රාදේශීය භාෂාවට සිදුව ඇති වෙනස්කම් පෙන්වාදෙන බංග්ලාදේශ ජාතික පලාෂ් භට්ටාචාර්ජී ඇතුළු කලාකරුවන් මීට සහභාගී වෙනවා. ස්පාඤ්ඤ ජාතික අද්‍යතන කලාකාරිනියක, අධ්‍යාපනඥයෙකු, සහ පර්යේෂිකාවක වන ඩෝරා ගාර්ෂියා මෙරට නාට්‍ය ශිල්පීන් සමග එක්ව, තමා බොහෝ කාලයක සිට කරගෙන එන Hearing Voices Cafe ව්‍යාපෘතියට කොළඹ අවන්හලක් ඇතුළත් කරගැනීමට සැලසුම්කර තිබෙනවා. එය උත්සව පරිච්ඡේදය පුරාවටම සංවාද කිරීම, ඇහුම්කන් දීම, චිත්ත පීඩා, අත්දැකීම්, සහ අදහස් බෙදාගැනීම් සඳහා ඉඩ සලසනවා. චලතාවය පොදු තේමාව ලෙස සලකා, කලාකරුවන් සිය දෘෂ්ටි කෝණයන්ගෙන් සහ පුද්ගලික අර්ථකථනයන්ගෙන් යුතුව ඉදිරිපත්කිරීම් සිදුකරනු ලබනවා.

පලාෂ් භට්ටාචාර්ජී

සැමරුම් තේමාව සම්බන්ධව රාජේන්ද්‍රන් තම අදහස් දක්වමින්, “මේ අවස්ථාව විවිධ ක්ෂේත්‍රයන්, විෂයයන්, සහ ඒ සම්බන්ධයෙන් සිදුකෙරුණු පර්යේෂණයන් එක්තැන් කරන තැනක් ලෙස මම දකිනවා,” යි කියනවා. ක්ෂතියට මුහුණදුන් අයගේ වගඋත්තරය පිළිබඳ ඇගේම පර්යේෂණ උපුටා දක්වමින් ඇය පවසන්නේ, “මේ උත්සවය ඇතුළේ අනෙකාට ඇහුම්කන් දීම, කලාවේ කොටසක් ලෙස කවි ලිවීම් සහ පරිවර්තනය කිරීම්, තමන්ගේ අත්දැකීම් කියාපෑම් පිළිබඳ ව්‍යාපෘතීන් සහ වැඩසටහන් කීපයක් ක්‍රියාත්මක වෙනවා.” “Reading in Tongues” කියන්නේ ඒ වගේ එක් ව්‍යාපෘතියක්. එය යටත්විජිත සමයෙන් ආභාෂය ලබන විදියේ පුස්ථකාලයක් නොව, කියවීමේ කාමරයක් බව රාජේන්ද්‍රන් කියයි. “අපි හිතන්නේ කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණයන් ප්‍රාසාංගික මාධ්‍යයකින්, සංගීතය සහ කතාබහ ද යොදාගෙන ඉදිරිපත් කරන්න පුළුවන් අවකාශයක් ගැන.”

රන්ජනී පෙරේරා

Colomboscope කණ්ඩායම වසංගත සමයට අනුරූපව Held Apart, Together (“එක්ව දුරින් සිටිමින්”) නම් අන්තර්ජාල වැඩසටහනක් ද ක්‍රියාත්මක කරයි. “Held Apart, Together කියවීම යි සාමූහිකව හිතීම යි දිගින් දිගටම සිද්ධකිරීම සඳහා අන් කලාකරුවන් වසංගත සමයේ දී කරන්නේ මොනවාදැ යි හොයලා බලන්න, ඒ අය කරන දේ ආවර්ජනය කරන්න, පහුගිය අවුරුද්දෙ අපට මූණ දෙන්න වුණු දේවල්වලට එයාලා එයාලගෙ විදියට හැඩගැහුණෙ කොහොමද බලන්න හදපු මිත්‍රශීලී වැඩසටහනක්” රාජ‍ේන්ද්‍රන් කියයි. Colomboscope හි කලා අධ්‍යක්ෂිකා නතාෂා ගිංවල පවසන්නේ, “මාධ්‍ය කොවිඩ් පුවත්වලින් පමණක් පිරී යද්දි අපිට තේරුණා බහුවිධ සංස්කෘතික ප්‍රජාවන් සමග වසර ගණනාවක් කටයුතු කළ අපට කලාකරුවන්ට නව අදහස්, අත්දැකීම් බෙදාගත හැකි තෝතැන්නක් නිර්මාණය කරන්නට පුළුවන් බව.” 

සිසිලියා විකියුනියා

පොදු අතීත අත්දැකීම්, ප්‍රජා අත්දැකීම්, සංක්‍රමණය පිළිබඳ ගෝලීය සහ සුවිශේෂී සිද්ධීන්, හදවතට සමීපව හා පුළුල්ව ගෙන එන්නට “භාෂාවේ සංක්‍රමණිකත්වය” සමත්වෙයි. මෙම සන්දර්භය තුළ භාෂාව පවුල්, ප්‍රජාවන් සහ පරම්පරාවන් අතර, දේශසීමා හා බාධක තුළ, කථන හා ලේඛන, වෘත්තීමය සහ පෞද්ගලික මතකයන්, අතුරුදහන්ව ගිය භාෂා සහ ප්‍රාදේශීය ව්‍යවහාරයන් යනාදී සෑම ආකාරයක් තුළම සම්බන්ධකය බවට පත්වෙයි. කිසිදු අත්දැකීමක් තනි පුද්ගලයකුට සීමා නොවන අතර, වෙනස් වෙනස් මතයන් සහ අත්දැකීම්, ඒවායේ මායිම් බෙදා වෙන්කිරීම අපහසු කාර්යයක් බවට පත්කරයි.

Colomboscope 2021: “භාෂාවේ සංක්‍රමණිකත්වය” සැමරුම අගෝස්තු 12 සිට 22 දක්වා පැවැත්වෙයි. එයට සහභාගීවන මුල් කලාකරුවන් පසළොස්දෙනා වන්නේ පලාෂ් භට්ටාචාර්ජී, මුවිඳු බිනෝයි, ශෛලේෂ් BR, ඩෝරා ග්‍රාෂියා, අසීස් හසාරා, විජිතරන්, මරියදේවදාස්, පිනාර් ඔරෙන්සි, රූපනීදන් පාකියරාජා, රාජ්නී පෙරේරා, හනුෂා සෝමසුන්දරම්, විනෝජා ධර්මලිංගම්, තිසත් ‍තෝරදෙණිය, සිසීලියා විකූඤා, ඔමාර් වසීම්, සහ බෙලින්ඩා සාවි ය.

Related Articles