Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොරෝනා මරණ ප්‍රමාණය මිලියනයකට ආසන්න වෙයි

පසුගිය මාස 10ක පමණ කාලය තුළ ලොව පුරා පැතිරී ගිය කොරෝනා වසංගතය තවමත් අවසන් වී නැහැ. පසුගිය සතිය තුළ ලොව පුරා කොරෝනා ආසාදිතයන් මිලියන 2කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වුණා. එහි දී ඉන්දියාවෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 5 ඉක්මවා ගියා. අවසන් සතිය තුළ ලොව පුරා කොරෝනා මරණ 36,141ක් වාර්තා වන විට ඉන් මරණ 7000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වුණේ අප අසල්වැසි ඉන්දියාවෙන්. පසුගිය සැප්තැම්බර් 22 වැනිදා වන විට නිකුත්ව තිබුණු කොරෝනා වසංගත දත්තවලට අනුව මිලියන 31කට වැඩි කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වන විට ඉන් 975,471ක් මරණයට පත්ව තිබුණා. මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කරන්නේ සැප්තැම්බර් 22 වැනිදා වන විට වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වුණු රටවල් පිළිබඳව යි.

ඇමරිකා එක්සත් ජනපදය- මරණ 205,471

ඇමරිකා එක්සත් ජනපදයෙන් පළමු කොරෝනා මරණය වාර්තා වුණේ පෙබරවාරි 29 වැනිදා යි. එදා සිට ගෙවුණු දින 206 තුළ එරටින් කොරෝනා මරණ ලක්ෂ 2කට අධික ප්‍රමාණයක් වාර්තා වුණා. පහත දක්වා තිබෙන්නේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වුණු දිනයේ සිට සැප්තැම්බර් 22 වැනිදා දක්වා විවිධ කාල සීමාවල දී එරටින් වාර්තා වුණු කොරෝනා මරණ ප්‍රමාණ යි.

පෙබරවාරි 29 සිට අප්‍රේල් 20 දක්වා- මරණ 43,632

අප්‍රේල් 21 සිට ජූනි 11 දක්වා- මරණ 75,018

ජූනි 12 සිට අගෝස්තු 2 දක්වා- මරණ 40,013

අගෝස්තු 3 සිට සැප්තැම්බර් 22- මරණ 46,808

ඉහත දත්තයන් නිරීක්ෂණය කළ විට පෙනීයන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා මරණ ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වී ගොස් තරමක් වැඩි වී ඇති බව යි. ඉහත මරණ 205,471 අතුරින් වැඩිම මරණ ප්‍රමාණයක් නිව්යෝක් ප්‍රාන්තයෙන් වාර්තා වී තිබුණා. 

පහත දැක්වෙන්නේ පසුගිය සැප්තැම්බර් 22 වැනිදා වන විට වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වී තිබුණු ඇමරිකානු ප්‍රාන්ත 5 යි.

නිව්යෝක්- මරණ 33,184

නිව් ජර්සි- මරණ 16,194

ටෙක්සස්- මරණ 15,361

කැලිෆෝනියා- 15,195

ෆ්ලොරීඩා- 13,421

කොරෝනා නිසා මරණයට පත්වුණු ඇමරිකානුවෙක් (gettyimages)

බ්‍රසීලය- මරණ 138,159

බ්‍රසීලයෙන් පළමු කොරෝනා මරණය වාර්තා වුණේ මාර්තු 17 වැනිදා යි. එදා සිට ගෙවුණු දින 189 තුළ එරටින් කොරෝනා මරණ 138,000කට අධික ප්‍රමාණයක් වාර්තා වුණා. පහත දක්වා ඇත්තේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වුණු දිනයේ සිට සැප්තැම්බර් 22 වැනිදා දක්වා විවිධ කාල සීමාවල දී එරටින් වාර්තා වුණු කොරෝනා මරණ ප්‍රමාණ යි.

මාර්තු 17 සිට මැයි 3 දක්වා- මරණ 7,025

මැයි 4 සිට ජූනි 19 දක්වා- මරණ 42,065

ජූනි 20 සිට අගෝස්තු 6 දක්වා- මරණ 49,554

අගෝස්තු 7 සිට සැප්තැම්බර් 22- මරණ 39,515

ඇමරිකා එක්සත් ජනපදයේ මෙන්ම බ්‍රසීලයේත් කොරෝනා මරණ ප්‍රමාණය ක්‍රමයෙන් අඩුවන බව පෙනී යනවා. කොරෝනා වසංගතය නිසා බ්‍රසීලයෙන් වාර්තා වුණු මරණ 138,159න් 33,984ක් සාඕ පාවුලෝ ජනපදයෙන් වාර්තා වුණා. 

පහත දැක්වෙන්නේ පසුගිය සැප්තැම්බර් 22 වැනිදා වන විට වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වී තිබුණු බ්‍රසීල ජනපද 5 යි.

සාඕ පාවුලෝ- මරණ 33,984

රියෝ ද ජැනයිරෝ- මරණ 17,727

සිආරා- මරණ 8,834

පර්නැම්බිකෝ- 8,016

මිනාස් ජෙරයිස්- 6,727

බ්‍රසීලයේ කොරෝනා වසංගත තත්ත්වය (gettyimages)

ඉන්දියාව- මරණ 90,021

වර්තමානය වන විට කොරෝනා වසංගතය සීඝ්‍රයෙන් පැතිරයන්නේ ඉන්දියාව තුළ යි. දැනට ලක්ෂ 56කට අධික කොරෝනා ආසාදිතයන් ප්‍රමාණයක් එරටින් හමුව තිබෙනවා. එසේම 90,000කට වැඩි පිරිසකට සිය ජීවිතය අහිමි වී තිබෙනවා. ඉන්දියාවෙන් මුල්ම කොරෝනා මරණය වාර්තා වුණේ මාර්තු 12 වැනිදා යි. එදා සිට සැප්තැම්බර් 22 වැනිදා දක්වා විවිධ කාල සීමාවල දී එරටින් වාර්තා වුණු කොරෝනා මරණ ප්‍රමාණ පහත දක්වා තිබෙනවා.

මාර්තු 12 සිට අප්‍රේල් 29 දක්වා- මරණ 1,079

අප්‍රේල් 30 සිට ජූනි 16 දක්වා- මරණ 10,842

ජූනි 17 සිට අගෝස්තු 4 දක්වා- මරණ 27,899

අගෝස්තු 5 සිට සැප්තැම්බර් 22- මරණ 50,201

ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින බව ඉහත දත්තවලට අනුව පැහැදිලි වනවා. මේ දිනවල ඉන්දියාවෙන් විශාල ලෙස ආසාදිතයන් වාර්තා වන නිසා එරට කොරෝනා මරණ ප්‍රමාණය ඉදිරියේ දීත් සීඝ්‍රයෙන් වර්ධනය වීමට තිබෙන ඉඩ වැඩියි.

පහත දැක්වෙන්නේ පසුගිය සැප්තැම්බර් 22 වැනිදා වන විට වැඩිම කොරෝනා මරණ ප්‍රමාණයක් වාර්තා වී තිබුණු ඉන්දියානු  ප්‍රාන්ත 5 යි.

මහාරාෂ්ට්‍ර- මරණ 33,407

තමිල්නාඩු- මරණ 8,947

කර්ණාටක- මරණ 8,228

ආන්ද්‍රා ප්‍රදේශ්- මරණ 5,461

උත්තර් ප්‍රදේශ්- මරණ 5,212

කොරෝනා වසංගතය නිසා අසරණ වී සිටින ඉන්දියානුවන්  (gettyimages)

මෙක්සිකෝව- මරණ 73,697

මෙක්සිකෝවෙන් පළමු කොරෝනා මරණය වාර්තා වුණේ මාර්තු 19 වැනිදා යි. එදා සිට ගෙවුණු දින 187 තුළ එරටින් කොරෝනා මරණ 73,000කට අධික ප්‍රමාණයක් වාර්තා වුණා. පහත දක්වා ඇත්තේ පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වුණු දිනයේ සිට සැප්තැම්බර් 22 වැනිදා දක්වා විවිධ කාල සීමාවල දී එරටින් වාර්තා වුණු කොරෝනා මරණ ප්‍රමාණ යි.

මාර්තු 19 සිට මැයි 4 දක්වා- මරණ 2,154

මැයි 5 සිට ජූනි 20 දක්වා- මරණ 18,240

ජූනි 21 සිට අගෝස්තු 6 දක්වා- මරණ 29,244

අගෝස්තු 7 සිට සැප්තැම්බර් 22- මරණ 24,059

පසුගිය සැප්තැම්බර් 22 වැනිදා වන විට මෙක්සිකෝවෙන් කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 700,580ක් වාර්තා වී තිබුණා. එම ආසාදිතයන් අතුරින් 73,697ක් මරණයට පත්වීම ඉතාමත් භයානක තත්ත්වයක්. වැඩිම කොරෝනා මරණ ප්‍රමාණය වාර්තා වී තිබෙන අනිත් රටවල් තුනේම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය ලක්ෂ 45 ඉක්මවා තිබෙනවා. නමුත් මෙක්සිකෝ රාජ්‍යයෙන් වාර්තා වී තිබෙන සමස්ත ආසාදිතයන් ප්‍රමාණය මිලියනයේ සීමාවටවත් ළඟා වී නැහැ. ඉන් පැහැදිලි වන්නේ එරටින් වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය සීඝ්‍රයෙන් වැඩිවුණොත් සිදුවන මරණ ප්‍රමාණයත් වේගයෙන් ඉහළ යා හැකි බව යි. එම නිසා මෙක්සිකෝවේ සෞඛ්‍ය බලධාරීන්ට ඉදිරි මාස කිහිපය තුළ එරට කොරෝනා තත්ත්වය පාලනය කිරීම සඳහා විශාල වැඩ කොටසක් ඉටු කිරීමට සිදුවනු ඇති. 

මෙක්සිකෝවේ කොරෝනා වසංගත තත්ත්වය (gettyimages)

කවරයේ ඡායාරූපය- කොරෝනා වසංගතය නිසා පීඩා විඳින ඇමරිකානුවන් (gettyimages)

Related Articles